සමාජ මාධ්‍ය ජාලා නියාමනයට කාලය පැමිණ තිබෙනවා – නිමල් සිරිපාල

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    සමාජ මාධ්‍ය නියාමනය කිරීම සඳහා කාලය එළඹී තිබෙන බව කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පවසනවා.

    හෙතෙම මේ බව සඳහන් කළේ අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත ඇතුළු පනත් කෙටුම්පත් කිහිපයක් සම්බන්ධයෙන් ඊයේ (09දා) පාර්ලිමේන්තුවේ පැවැති විවාදයට එක්වෙමිනි.

    මේ අතර රටේ අවශ්‍යතාව අනුව තෝරාගත් අපරාධ සඳහා හෝ මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බව සඳහන් කළ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා,

    “අද විශේෂයෙන්ම සමාජ මාධ්‍ය ජාල මගින් කරනු ලබන සංස්කෘතික, ජාතික හා සමාජ ව්‍යසන පිළිබඳමීට වඩා අපි සැලකිල්ලක් දක්වන්න ඕන.අද සමාජ මාධ්‍යයේ ටික් ටොක් කියලා එකක් තිබෙනවා. මේ විදියට අද සමාජ මාධ්‍ය ජාලා තුළින් ඇති වෙලා තිබෙන මේ ව්‍යසනය පිළිබඳ, මම කියන්නේ නෑ සමාජ මාධ්‍ය තහනම් කරන්න ඕනී කියලා නමුත් මෙය නියාමනය කිරීම සඳහා වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා කාලය පැමිණ තිබෙනවා.

    ඒ වගේම විශේෂයෙන් අද මත්කුඩු, මත්ද්‍රව්‍ය විශාල වශයෙන් අල්ලනවා. නමුත් එල්ලුම්ගහට ගිය මිනිහෙක්, අවුරුද 20-30ට හිරේට ගිය මිනිහෙක් හොයා ගන්න බෑ. හිරේ ගියත් ඒ පුද්ගලයා හිරේ සිට ඒ ජාවාරම කරනවා. අද සිංගප්පූරුව, මැලේසියාව වැනි රටවල්වල පවා මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට විරුද්ධව මරණ දඬුවම නියම කරනවා. ඇයි මේවට ප්‍රමුඛත්වය ලබාදීලා මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ නැත්තේ. සංවිධානාත්මක අපරාධවලට ඇයි මරණ දඬුවම ක්‍රියාත්මක කරන්නේ නැත්තේ. අපේ රටේ අවශ්‍යතාවන් අනුව තෝරාගත් අපරාධ සඳහා හෝ අපි මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතුයි”


    FB comment walata ridawagena wage
     
    • Haha
    Reactions: hasithayad

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    මරණ දඩුවම දෙන්න කලින් රටේ නීතියේ අදිපත්‍ය ඇති කරන්න එපැයි. නැත්නම් වෙන්නෙ අහින්සක මිනිස්සු අරන් ගිහින් එල්ලන එක.
     

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,399
    113
    සමහර දේවල් වලට නම් එකඟයි ... අනවශ්‍ය දේවල් සෑහෙන්න තියෙනවා සෝෂල් මීඩියා ඇතුලෙ ...
     

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    EJ95WYlXUAAuqb1.jpg
     

    Pan-X

    Well-known member
  • Oct 16, 2011
    1,675
    1,050
    113
    කොළඹ
    බොරු පැල කරන එක නවත්තන්න ඕනෙ. ඇඩ්මින්වරුන්ට වගකීම පවරල නියාමනය කරන්න වෙනව
     
    • Like
    Reactions: N A K A M U R A

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    බොරු පැල කරන එක නවත්තන්න ඕනෙ. ඇඩ්මින්වරුන්ට වගකීම පවරල නියාමනය කරන්න වෙනව
    අනිව..ජෙප්පොන්ට අැඬෙයි
     

    Similar threads