වර්තමාන ලෝකයේ බොහෝ රටවල් සමාජ මාධ්‍ය රටේ නීතිමය රාමුවට නොගැලපෙන අංශ හඳුනාගෙන නියාමනය කර ඇති වාතාවරණයක ශ්‍රිලංකාවේ සමාජ මාධ්‍ය කිසිම නියමනයකින් තොරව තිබීම රටට සහ තරුණ පරපුරට ඉතා හානිකර දායකබව විද්වත් කමිටුවකින් දැනුම්දී තිබේ.
මේ කමිටුවට සියලු ආගම්වල පුජ්‍ය පක්ෂ සහ විද්වත් විශ්ව විද්‍යාල මහාචාර්ය වරුන් දොළොස් දෙනෙකුන්ගෙන් සමන්විතය.
සමීක්ෂණ අනුව දවසේ පැය 24 ක කාලය තුල සමාජ මාධ්‍ය භාවිතය මුලික කොටගෙන වාර්තාව සකසා ඇත.
ඒ අනුව දවසේ පැය 24න් පැයතුනහමාරක ආසන්න අගයකින් සමාජය මාධ්‍ය භාවිතය පැවතීම වෙනත් රටවල අගයට වඩා 6% ක්දකුණු ආසියාවේ ඉදිරියෙන් ලංකාව පවතින බව සඳහන් කර ඇත.සමස්ත අසියාවෙන්ම එය 8 වැනි ස්ථානයයි.
තව දුරටත් දත්ත වාර්තා අනුව සමාජ මාධ්‍ය දේශපාලනික භාවිතයට සහ නොයෙකුත් ඒ ආශ්රිත ප්‍රචාර පින්තූර සංසරණ සඳහා වැඩිම භාවිතයක් ලංකාවේ පවතින බව වාර්තාවේ සඳහන් වේ. අනෙකුත් පුද්ගල පින්තුර හුවමාරුවට ලැබෙන ස්ථානය 3 වෙනි ස්ථානය ෆේස්බුක් සහ ඉන්ස්ටග්‍රෑම් හරහා සිදී වන බව ද සඳහන්ය.
මේ අනුව රටේ බහුතර තරුණ පරපුර, වයස 18 සිට 24 දක්වා සමාජ මාධ්‍ය භාවිතය නිකරුනේ සිදු කරන බව හෙළිවී තිබේ.
තවද වයස 25 සිට 31 දක්වා කාණ්ඩය ද වැඩිපුර සමාජය මාධ්‍ය නිකරුනේ භාවිතය වැඩි බව ද සනාථ වී තිබේ.
දවසේ වැඩක් කල හැකි කාලය මෙලෙස කා දැමීම රටේ සමාජීය ප්‍රශ්නවලට ඍජුව සහ වක්‍රව නොයෙකුත් ආකාරයෙන් දායක වී ඇති බව වසර 7ක දත්ත අනුව පැහැදිලි වී තිබේ.
තවද වෙනත් කෝණයකින් මාධ්‍ය භාවිතය සහ තරුණ ජවය කෑම ප්‍රවාහනය සහ භාණ්ඩ ප්‍රවාහන කටයුතු සඳහා යෙදවීම වැඩිවී ඇතිවී ඇති බවද පෙන්වා දී ඇත.
තරුණ ශ්‍රමය රටේ උන්නතියට යෙදවීමෙන් තොරව මෙවැනි සුළු, ප්‍රාථමික සේවාවලට යෙදවීමෙන් රටේ ශ්‍රම හැකියාව නිසි යෙදවීමට ලක් නොවීමද පෙන්වා දී තිබේ.
මේ සියලු දත්ත වාර්තා සමීක්ෂණ අනුව සමාජ මාධ්‍ය නියාමනය ඉක්මනින් සිදුවිය යුතු කටයුත්තක් බව සියලු පාර්ශවයන්ගේ මතයයි.
රටේ තරුණ ශ්‍රමය කෑම, භාණ්ඩ ප්‍රවාහන මාධ්‍ය හරහා යෙදවීම නියමයත්, මාධ්‍ය හරහා දේශපාලනික කටයුතු තරුණ පරපුරට සිමා පනවා අවම කරවීමටත් ඉදිරියේදී නීති සම්පාධනය වනු ඇත.
විද්වත් මණ්ඩලයේ මේ වාර්තා පාර්ලිමේන්තු පක්ෂ නායකයින්ගේ පැසසුමට ලක් වී ඇති අතර ඉදිරියේ පනතක් ලෙස සම්මත කොටගෙන සියලු පක්ෂවල සහයෙන් නීති සම්පාධනය වනු ඇත.