සමාජ සම්බන්ධතා වලදි දුර්වලයි

Thor2014

Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    ඔව් මුල් වතාවෙදි මට එහෙම තමයි හිතුනෙ..ඇත්තටම මට ඒක breakup උනාම මාර:P සැහැල්ලුවක් දැනුනෙ..නරකක් නෙවෙයි..not compatible..

    Give an another try.. Eka maluwa nemei ne inne..
     
    • Like
    Reactions: Jalz

    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    මම එළකිරියට අලුත්ම කෙනෙක් නෙවෙයි..හැබැයි මේක තමයි හරිහමන් විදියට දාන මුල්ම ත්‍රෙඩ් එක..

    මේකයි..සමාජ සම්බන්ධතා වලදි මිනිස්සු විවිධාකාරයි..සමහරු perfect..සමහරු එහෙම නෑ..

    මාත් එහෙමයි.මට දැන් වයස 29. හැබැයි socialize වෙනවා කියන කාරණයෙදි මම සෑහෙන්න දුර්වලයි ... GF කෙනෙක් නෑ..පවුලෙ අය එක්ක උනත් මම close නෑ..තිබ්බ අවුරුදු 5ක affair එක breakup උනේ 2017දි..ඊට පස්සෙ එකක් පටන්ගන්න මට ලොකු උවමනාවක් උනේත් නෑ..socialize වෙන්න යාළුවො ඇතිකරගන්න එක පැත්තකින් මම ආසයි..හැබැයි mind එකේ එක පැත්තකින් මට ඒ ගැන උනන්දු වෙන්න උවමනාවක් ඇති වෙන්නෙ නෑ..හරියට දෙලොවක් අතර වගේ...

    මේක මගෙ රැකියාවට,අලුත් දෙයක් ඉගෙනගන්න තියෙන අවස්ථා නැති කරනවා..එතකොට ජීවිතේ boring ගතියක් දැනෙනවා..එකතැන පල්වෙනවා වගේ..දාහක් දෙනෙක් අතර උනත් තනිවෙලා ඉන්න පුළුවන් මට..හැබැයි එතකොට මම ගැනම ලොකු කළකිරීමක් ඇතිවෙනවා..කොන් වෙච්ච කෙනෙක් කියන mentality එක හැදෙනවා..

    මේ වගේ තත්වෙකට මුහුණ දීපු අය ඉන්නවද?මේ වගේ දෙයක් handle කරගන්න හැටි කියන්න පුළුවන් නම් ලොකු උදව්වක්..

    SPORTS BEst thing
     
    • Like
    Reactions: Jalz

    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,131
    1,593
    113
    මටත් කිසිම සමාජ සම්බන්දතාවයක් නෑ ජොබ් වලින් අයින් වෙලා තාත්තලාගෙ බිස්නස්වලට ආවම ඔහොම වෙනවා. සල්ලි විතරක් ටිකක් තියෙනවා වෙන මුකුත් නෑ අන්තිමට. කෙල්ලොත් නෑ අන්තිමට බදින්නත් නෑ
     
    • Like
    Reactions: Jalz

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,450
    67,793
    113
    මටත් කිසිම සමාජ සම්බන්දතාවයක් නෑ ජොබ් වලින් අයින් වෙලා තාත්තලාගෙ බිස්නස්වලට ආවම ඔහොම වෙනවා. සල්ලි විතරක් ටිකක් තියෙනවා වෙන මුකුත් නෑ අන්තිමට. කෙල්ලොත් නෑ අන්තිමට බදින්නත් නෑ
    Epa wenne nedda
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,363
    12,629
    113
    Piliyandala
    කල්පනා කරන්න එපා. කවුරුත් නැති තැනක තනි වෙනවට වඩා දුකයි මිනිස්සු ඉන්න තැනක තනි වෙන එක. ඒක දරාගන්න අමාරුයි. හැබැයි පුරුදු උනොත් ආයේ උබට මිනිස්සු දිරවන එකක් නෑ.
     

    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    මටත් කිසිම සමාජ සම්බන්දතාවයක් නෑ ජොබ් වලින් අයින් වෙලා තාත්තලාගෙ බිස්නස්වලට ආවම ඔහොම වෙනවා. සල්ලි විතරක් ටිකක් තියෙනවා වෙන මුකුත් නෑ අන්තිමට. කෙල්ලොත් නෑ අන්තිමට බදින්නත් නෑ
    සල්ලි තියෙනවනම් කෙල්ලො nothing කියන කතාවත් බොරු එතකොට :P .මට proposal ආපු ඒවත් reject කරලා දැම්ම..
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,089
    5,363
    113
    මුලින් ලේසි විදිහට පටන් අරගන්න පස්සෙ ටික ටික හොදට කරන්න. elakiriye ම තව පොරකට මම ඕක කිවුව ලගදි. දැන් ඌට stress එක ටිකක් හොදයි.





    පන්සිල් මලුව මහරහතුන් වැඩි මග ඔස්සේ channel එහෙමත් බලන්න

    https://www.youtube.com/channel/UCpDut3Dcy8W2P-m2ugufwdg
     

    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    මේ වගේ තත්වෙකට මුහුණ දීපු අය ඉන්නවද?මේ වගේ දෙයක් handle කරගන්න හැටි කියන්න පුළුවන් නම් ලොකු උදව්වක්..

    ජීවිතේ අරමුණක්/passion එකක් නැති අවුලක් වගේ පෙන්නේ ...එහෙම දෙයක් නැතුව බැහැ...එකක් හොයාගන්න වෙනවා ......
    • වෙන career එකකට interest එකක් තියෙනවනම්, බලන්න skills ටිකක් හදාගෙන jump එකක් දාන්න
    • business එකක් කරන්න වගේ ආසාවක් තියෙනවම් පොඩියට ඒ වගේ දෙයක් පටන් ගන්න
    • තව පොඩ්ඩක් දුරට ඉගෙන ගන්න ආසාවක් තියෙනවනම්, apply කරන්න. ලංකාවේ හරි පිටරටක හරි...
    • hobbies 2ක් 3ක් හොයාගන්න ...Traveling , Gaming, Body building මොකක් හරි කමක් නැහැ හොයාගෙන ඒකට පොඩි කාලයක් හැම week එකේම දෙන්න
    • කියවන්න පුරුදු වෙන්න ..මාසෙට එක පොතක් හරි කියවන්න. Non-fiction ඒවානම් ගොඩක් හොදයි.
     

    Jalz

    Well-known member
  • Feb 18, 2020
    275
    468
    63
    ජීවිතේ අරමුණක්/passion එකක් නැති අවුලක් වගේ පෙන්නේ ...එහෙම දෙයක් නැතුව බැහැ...එකක් හොයාගන්න වෙනවා ......
    • වෙන career එකකට interest එකක් තියෙනවනම්, බලන්න skills ටිකක් හදාගෙන jump එකක් දාන්න
    • business එකක් කරන්න වගේ ආසාවක් තියෙනවම් පොඩියට ඒ වගේ දෙයක් පටන් ගන්න
    • තව පොඩ්ඩක් දුරට ඉගෙන ගන්න ආසාවක් තියෙනවනම්, apply කරන්න. ලංකාවේ හරි පිටරටක හරි...
    • hobbies 2ක් 3ක් හොයාගන්න ...Traveling , Gaming, Body building මොකක් හරි කමක් නැහැ හොයාගෙන ඒකට පොඩි කාලයක් හැම week එකේම දෙන්න
    • කියවන්න පුරුදු වෙන්න ..මාසෙට එක පොතක් හරි කියවන්න. Non-fiction ඒවානම් ගොඩක් හොදයි.

    ඇත්තටම passion එකක් නෑ..නිකන් ලිස්සලා යන life එකක් තියෙන්නෙ..ඔයා කියල තියෙන දේවල් ඔක්කොම නැතත් සමහර දේවල් ටික ටික කරන්න පටන්ගෙන තියෙන්නෙ..ඇත්තටම passion එක නැතිඋනාම ජීවිතේ නීරසයි.:yes:
     
    • Like
    Reactions: jayalathjayath

    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    එකෙක් මගේ බයික් එක ගෙනිහිල්ලා තාම නෑ. උබට යාලුවෝ හිටියා කියල වෙච්ච සුගතියක් කියපන්. උබට ප්‍රශ්නේ කාලේ ගෙවාගන්න විදිහක් නෑ, ඒ හින්දා අනන් මනන් විකාර හිත හිත කාලේ ගෙවනවා. මටනම් එකම අවුල එක තැනක ඉන්න බෑ කාලයක්, එක්සෑම් දවස් වල එහෙම පිස්සු වගේ. එහෙම වෙලාවට තනියෙන් හරි ට්‍රැවල් කරනවා(මේ එහෙම ගියපු ගමනක්.) හොදම දේ ස්පොර්ට් ක්ලබ් එකකට, ජිම් එකට, පන්සලේ ඇක්ටිව් සමිතියකට සෙට් වෙන එක. පස්සේ තේරෙයි නිදහසේ ඉන්න එක හොදයි කියලා :P
     
    • Haha
    Reactions: Jalz and 333sajith

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    467
    83
    නෑ ඒවගෙ පාවිච්චියක් නෑ මචං..ඉදලා හිටලා යාළුවෙක් දෙන්නෙක් ඩිනර් වලට වගේ සෙට් වෙනවා..හැබැයි කාලෙකට සැරයක්...
    oka thamai awula nathnam math uba wage thamai habai arakkuwalata pinsidda wenna apayata giyath yaluwo set wenawa :lol:
     

    Bachi Nirosh

    Well-known member
  • Jan 20, 2017
    564
    289
    63
    ඔයාගේ ලක්ෂණ අනුව ඔයාත් ඉන්ට්‍රොවර්ට් කෙනෙක්. ඒක හුගක් සතුටු වෙන්න ඕන දෙයක්. ඒත් බලමු ඔයාට සරලවම කරන්න පුළුවන් දේවල් ටිකක්.

    අංක 1, මෙහෙම මයින්ඩ්‍ සෙට් එකක් තියෙන අයට ඉන්නෙ ඔයා විතරක් නෙවේ සහෝ. ඒ නිසා මුලින්ම ඔයා ඒ ගැන හිතල සතුටු වෙන්න.

    අංක 2, ඔයා ඉන්න විදිහ ඇත්තටම හොඳයි. වැඩිය මිනිස්සු ඇසුරු කරන්න ගියපුවහම අදකාලේ කරදර හුගක් වැඩියි. නමුතු හැකි පමණ මිනිස්සුන් එක්ක සුහදව ඉන්න. උදව් කරන්න. හැබැයි කරේ දාගන්න එපා.

    අංක 3, ඔයා ඔයා ගැන හිතන කාලය වැඩි කරන්න. හොබී ටයිප් දෙයක් කරන්න..
    3.1 තනියම ඇවිදින්න යන්න. රෙකමන්ඩ් කරනවා මිනිස්සු නැති පරිසරයක හෑන්ඩ්ස්ෆ්‍රී එකෙන් සින්දු අහමින් යෑම.
    3.2 කායවර්ධනය (ජිම් යන්න අකමැතිනං මේ මං වගේ ගෙදර දවසකට වෙලාවක් දාගෙන එක්සසයිස් ට්කක් කරන්න. ඕනිනං ඔන්ලයින් කෝචින් එකකට බැඳෙන්න. ගෙදර හරි ජිම් හරි ඕන තැනක මේ වැඩේ පුළුවන්)
    3.3 තව පුළුවන් රූපලාවණ්‍ය ගැන වැඩි අවධානයක් දීම. මැරෙනකං ලස්සනට ඉන්න එපැයි.
    3.4 කෑම බීම ජාති හදන්න. මේක⁣ට මාර විදිහට ස්ට්‍රෙස් අඩු වෙනවා.
    3.5 ඉංග්‍රීසි සිනමා සිංහල උපසිරැසිය එක්ක බලල වචන ඉගෙන ගන්න. දවසට දහයක් වගේ තිබ්බම ඇති

    අංක 4, පුළුවන් තරම් මෝටිවේෂනල් වීඩියෝස් ඇන්ඩ් කොමඩි වීඩියෝස් බලන්න.

    අංක 5, විශ්වාසවන්ත සීමිත යලුවෝ කිහිපදෙනෙක් හදාගන්න. හැබැයි ඒකට හුගක් කාලයක් යනවා. (මටත් අවුරුදු නවයක් වගේ ගියා. එහෙම අය තුන් දෙනෙක් වගේ හදාගත්තා කාල සීමා තුනක. හැබැයි තුන්දෙනාට තුන්දෙනා අඳුනන්නෙ නැහැ. බො⁣ක්කෙන්ම සපෝට් ජාතියෙ අය)

    අංක 5, මුහුණුපොත භාවිත කරනවා නම් අර්ථවත් දේකට යොදාගන්න. දැනුම ලබා ගන්න වගේ.

    අංක 6, ඔයාගේ වයසත් එක්ක ඔයා කැමති කෙනෙක් තෝර⁣ගන්න වෙනවා ජීවන සහකාරයා ලෙසට. කවුරු උණත් කමක් නෑ තමන්ව සතුටින් තියන්න පුළුවන් කියල හිතන කෙනෙක්ව. සමාජෙ සතුටුකරන්න කියල හොයන කෙනෙක් ගැන නෙමේ මම කියන්නෙ. එහෙම අය හොයන්නත් එපා. සමාජය ඔයාව සතුටින් තියන්නේ නැහැ.

    අංක 7, අලුත් ඇඩ්වෙන්චර් එකක නිරත වෙන්න. (හොල්මන් බැලීම, කඳු නැගීම, බය හිතෙන දෙයකට ස්ටිමියුලේෂන් මුහුණ දීමක් වගේ දෙයක්. ඒකෙන් ඔයාගෙ මනසේ ක්‍රියාකාරීත්වය ඉහල දානවා)


    තනියම ඉන්න එක අමාරුයි තමා. හුරු උණාම තියෙන සැනසීම සෝෂල් අයට ගන්න බෑ. වැඩි ප්‍රසිද්ධිය නං කොහොමත් හොඳ නැහැ. මම නං පුද්ගලිකව ආස නැහැ ඒකට. රස්සාවෙ හැටියට ඒක නවත්තගන්නත් බෑ හැබැයි. උත්සහ කරන්න සමාජෙ දිහා උඩින් බලන්න. අද ලංකාවෙ මිනිස් සමාජෙ ඉන්නෙ විස පිරුණු දෙපාවුන්. සමාජෙට පිවිසෙන්න එපා. හොඳට සමාජෙ දිහා බැලුවොත් තේරෙයි මිනිස්සු ගැන. පුද්ගලයෝ ගත්තම පර්සනැලිටියෙන් හය්ය වැඩි සමාජෙ එක්ක ඉනන කෙනාටද නැත්තං තනියම ඉන්න කෙනාටද කියලා. යාලුවො, හැදුනුම්‍කම්, නැතිඋණාම අසරණ වෙන පර්සනැලිටි එකක් ඇති කරගන්නවට වඩා කට්ට කාගෙන තනියම ගේම් ගහන අය තමයි සමාජේ රැඳෙන්නෙ. එයාලගෙ කෝ(ර්) එක බිඳිිිිිින්න කාටවත් බෑ. ඒ නිසා තමන්ගෙ වර්තමාන පර්සනැලි⁣ටිය පොසිටිව් විදිහට දකින්න. හැමෝටම හැමදේම බෑ. තමන්ට මොනවහරි බැරිනං ඒ ගැන අනික් අය එක්ක සසඳලා කාලෙ නාස්තිකරගන්න එපා. තමන්ව සසඳන්න හැකි තමන්ගෙම අතීතය එක්ක විතරයි. වෙයන් නෙලුමක් වැව්මඩ ගොහොරුවෙන් පල දරා වැව් ජලය මතුපිටට විත් ජලයේ නොගෑවී ජලයේ වෙසෙන.

    ජය!

    Ps- from the life experiences and achievements.