සමාධිය නැති තැන ජීවිතය කුමට ද??
සමාධිය නැති තැන ජීවිතය කුමට ද?
දිනක් බුදු රජාණන් වහන්සේ ඒ සේනාධිනායකයාගේ නිවෙසේ දන් වළඳා දහම් දෙසූ හ. ඒ දහම් ඇසූ සීහා බුදු හිමියන් පිළිබඳ සැදැහැයෙන් පිබිදුණා ය; පැවිදි වූවා ය.
සත්වසරක් පුරා ඒ සීහා මෙහෙණින් වහන්සේ භාවනාවේ යෙදුණහ. එහෙත් ඇයගේ සිතට සමාධියක් ළං නො විණි. සිත විවිධ අරමුණු ඔස්සේ දිවුයේ ය. කාම අරමුණවලින් ම සිත පීඩිත විය. අසුබ දෙය ඇයට සුබ ලෙස පෙනිණි. රූප, ශබ්ද ආදි අරමුණු ඇයට සුබ ලෙස පෙනිණි. සමාධියෙන් තොර ජීවිතයෙන් ඇති පලය කුමක් දැ යි ඇය සිතුවා ය. දැඩි කලකිරීමකින් සිත පිරිණි.
දිවි නසාගැනීමට සිතූ ඇය රැහැනක් ගෙන ගසකට නැඟුණා ය. රැහැන අත්තක බැඳ අනෙක් කොන ගෙලෙහි බැඳගත්තා ය. අත්තෙන් බිමට පනින්නට පෙර යළි සුපුරුදු පරිදි විදසුන් භාවනා කෙරෙහි සිත යොමු කළාය. වහා සන්සන් වූ, නිරවුල් වූ සිත සමාධිගත වූයේ, ඇයගේ ප්‍රඥාව මුහුකුරා ගියේ, ඕ ක්ෂණයකින් රහත් බව ලැබුවා ය; නිර්වාණය අවබෝධ කළා ය.
ඉන් පසු ඒ සීහා රහත් මෙහෙණින් වහන්සේ සිය උදානය මෙසේ පළ කළහ:
“කාම රාගයෙන් පීඩිත වූ සිත
සමාධියක් වෙත නැත ආවේ
නුවණින් තොරවයි මෙනෙහි කළේ මා
අසුබය සුබ ලෙසට යි දුටුවේ
රාග සිතට මම වසඟ ව සිටියෙමි
සිතේ ශාන්තිය දුරු වැ ගියේ
සත් වසරක් තුළ බවුන් වැඩූවත්
කෙලෙසුන් සිත් නැත පහ වැ ගියේ
මා ගත වැහැරිණි, සිතැ දුක ඉතිරිණි
සුදුමැලි විය මා සිරුර අනේ
රෑ හෝ දහවල හෝ මම නොලදිමි
සැපයක්, සතුටක් ගෙවුණු දිනේ
සමාධියක් නැහැ, සැනසිල්ලක් නැහැ,
ගිහි දිවියට නම් යන්නේ නෑ
ඊට වඩා හොඳ දෙයක් තිබේ මට
ඒ ගෙල වැල ලා මිය යෑම යි
ගසකට නැග, අත්තක කඹ පට බැඳ
තොණ්ඩුව හොඳ හැටි යොදා ගෙලේ
එය දැමුයෙමි, ඒ මොහොතෙ ම මා සිත
නිවුණා නෑලී සසර දැලේ.”

source