සමාධි අවසන් ගමන් යයි
පසුගිය වෙසක් පොහෝ දිනයට පෙර දින පිළියන්දල මහජන බැංකුව අසළදී පොලිස් නිලධාරීන් ගමන් ගත් වාහනයක් පාතාල වෙඩි ප්‍රහාරයකට ලක්වූ සිදුවීම නිසා අද වනවිට දෙවන ජීවිතය බිලිගෙන තිබේ.ඒ අහක සිට වෙඩි වැදුණ 11 හැවිරිදි සමාධි දැරියයි.
පාතාල නායක මධුෂ්ගේ කල්ලිය පොලිසිය රවටමින් බොරු ඔත්තුකරුවෙකු යොදවා කාර්යශූර මත්ද්‍රව්‍ය වැටලීම් පොලිස් නිලධාරී රංගජීව ඇතුළු පිරිස වටේ යවා ඔවුන් ගමන්ගත් වාහනයට පිළියන්දලදී වෙඩි තබද්දී සමාධි, සංදීප හා සෙනුරි එකම පවුලේ තිදෙනා අම්මාගේ අතේ එල්ලී ඒ අසළ ඔවුනට අයත් වෙළෙඳසැල ආසන්නයේ සිට ඇත්තේ වෙසක් සැරසිලි සඳහා අවශ්‍ය දේ මිලට ගන්නට තම පියා හමුවීමේ වුවමනාවෙනි.වෙසක් දිනය වෙනුවෙන් නිවස සරසන්න අවශ්‍ය කලමණා ගන්නට ඔවුන් පියා එනතුරු එහි රැඳී සිටියේ එදින පියා කොළඹ ගොස් සවස ත්‍රීරෝද රථයෙන් එන බව දන්වා තිබූ නිසාය.රාත්‍රී 8 පසුවී හරියටම පියා එන අවස්ථාවේම මේ අසරණ අහිංසක දරුවන් වෙත මාරයා නොදැනීම ළඟාවනු ඇති බව දැන සිටියේ නැත.
පියා රැගත් ත්‍රිරෝද රථය සිය වෙළෙඳසල අසල නවත්වන තුරු සිටින්නට ඉවසිල්ලක් නැතිව තිදෙනාම එකපොකුරට පියා දෙසට දිව ගිය ව වාර්තා විය.එසැණින්ම කාටත් සිතා ගත නොහැකි ලෙස වෙඩි වරුසාවක් හාත් පස සිසාරා ගිය අතර පියා පිළිගන්න ගිය දරුවෝ තිදෙනා මවගේත් පියාගේත් දෑස ඉදිරිපිටම ලේ විලක් මැද ඇද වැටුණ බව කියැවේ.සමාධිගේ පියා පැමිණි ත්‍රිරෝද රථයේ රියැදුරුට ද වෙඩි වැදී තිබිණ.පාතාල ප්‍රහාරය නිසා මෝටර් රථ තුනකට වෙඩි වැදී තවත් වෑන් රථයකට හානි සිදුවූ අතර එක් මෝටර් රථයක පැමිණි තිදෙනකුට ද වෙඩි වැදී තිබුනි.වෙළෙඳසලක් අසල සිටි දරුවන් තිදෙනා අයියා සහ නංගිලා දෙන්නෙකි.අද මෙම සිද්ධිය නිසා මියගිය 11 හැවිරිදි සමාධි පතිරණ බොරැල්ල රත්නාවලී බාලිකා විදුහලේ ඉගෙනුම ලබමින් සිටියාය.
කොළඹ තර්ස්ටන් විදුහලේ ඉගෙනුම ලබන 17 හැවිරිදි සංදීප රුක්ෂාන් හා මඩපාත කනිෂ්ඨ විද්‍යාලයේ ඉගෙනුම ලබන අට හැවිරිදි සෙනුරි පතිරණ ඇගේ සොයුරා හා සොයුරියද මින් තුවාල ලැබූහ. පොලිස් කොස්තාපල් (4946) අබේවික්‍රම මහතා මෙම සිද්ධියෙන් මියගියේය. ත්‍රිරෝද රථ රියැදුරු නුවන් තරංග මහතා ද තුවාල ලබා ඇති අතර මේ සිව්දෙනාම කළුබෝවිල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබති. වෙලේසුදා සිරගත කරන්නට මුල්වූ නඩුවද දැමූ මත්කුඩු ජාවාරම්කරුවන්ට හිසරදයක් ලෙස කටයුතු කළ පොලිස් පරීක්ෂන රංගජීව මහතා මින් බරපතල තුවාල ලද අතර තවමත් ඔහුට කොතෙක් කලක් ජීවිතය ඉතිරිව තිබේදැයි කියන්නට තවමත් නොහැකි බව රෝහල් ආරංචි හෙළි කර තිබේ.
” වෙසක් සැරසිළි මිලට ගන්න තම පියා මඟ එනතුරු බලා සිට වෙඩි උණ්ඩයට ගොදුරු වූ ‘පිළියන්දල සමාධි’ “ මියයයි

Last edited:

.