සමාවෙයං අලි පැටියෝ..!

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,886
    9,657
    113
    sad9cd.gif
     
    rochel1977

    Well-known member
  • May 15, 2006
    11,466
    2,673
    113
    AKL, NZ and Kandy

    එදා බේරාගත්තු අලි පැටියා හොඳින් ඉන්නවලු. ඉක්මනටම අම්මා ලඟට යවනවලු

    image_1464885898-f64c51c53b.jpg

    064d1d99-2527-40c3-9158-1c472d879ccf.jpg

    8651f5a6-b3f4-4dc0-b07e-3aac29502b23.jpg

    3c208393-aca8-4a05-9043-23fddfa57c45.jpg

    f64f5133-11c3-4ae8-85d3-aafaa4fa45f3.jpg

    Last edited:

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0

    එදා බේරාගත්තු අලි පැටියා හොඳින් ඉන්නවලු. ඉක්මනටම අම්මා ලඟට යවනවලු

    එදා බේරාගත්තු අලි පැටියා හොඳින් ඉන්නවලු. :yes::yes: ඉක්මනටම අම්මා ලඟට යවනවලු :no::no::no: :(:angry:

    හම්බන්තොට වරාය පරිශ්‍රයේ දෙවන ආධියරේ ඉදිකිරීම් කෙරෙන මාර්ගයක ජලය බැසයාම සදහා බැස යාම සදහා තනා තිබු කුඩා වලකට වැටි සිටියදී බේරාගත් මාස තුනක් පමණ වයස අලි පැටවාගේ සෞඛ්‍ය තත්වය යහපත් බවයි උඩවලව ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍ය විජිත පෙරේරා පවසා සිටියේ .

    ‘අලි පැටියා මේ වනවිට හොදට කිරි බොනවා , කකුලේ අබාදයක් තිබුනා ඒකත් බොහෝදුරට සුව වෙලා තියෙනවා .නමුත් අපට තවම විශ්වාසයක් නා මෙයාව අපහු එයාගේ අම්මට සම්බන්ද කරන්න පුළුවන් වෙයිද කියලා මොකද මේ අලිපටියා මවට මුනගස්වන්න ගත කාලයත් වැඩියි මොකද තාම අලිපටියා සම්පුර්ණයෙන්ම සුව නැති නිසා ඒ නිසා බොහෝදුරට අලි පැටියා අතුරු සෙවනේ රදවාගන්න සිද්ද වෙන බවත් එහිදී අතුරු සෙවනට ලැබෙන අනෙක් අලිපටවුන් සේම මෙම අලිපැටියා ද පුනුරුත්ථාපනය විය යුතු බව' පශු වෛද්‍ය විජිත පෙරේරා පවසයි .

    අලි පැටියෙකු අවුරුදු පහක් පමණ උඩවලව අතුරු සෙවනේ පුනුරුත්ථාපනය වෙනවා අපිට විස්වාසයක් ඇතිවුනාට පස්සේ මෙයට තනියම කැලෙට ගිහින් ජීවත්වෙන්න පුළුවන් කියලා පුනුරුත්ථාපන පැටවුන්ගෙන්ම කණ්ඩායමක් හදලා කණ්ඩායම විදියට අලිපටවූ නිදහස් කරන බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

    මේ තත්වය යටතේ මේ අලිපටියා රැක බලාගෙන අවුරුදු පහක් පමණ කාලයක් පුනුරුත්තාපන ක්‍රියාවලිකට ලක් කරලා කාලෙට යවන්න සැලසුම් කර තිබෙන බවයි පශු වෛද්‍ය විජිත පෙරේරා පවසා සිටියේ .

    ඉඩම් කළමනාකරණයේ තිබෙන ගැටළුවක් නිසා සතුන්ට ඔහුන්ගේ වාසස්ථාන අහිමි වන බවත් මේ කළමනා කරණයේදී මිනිස්සු වෙනුවෙන් සංවර්ධනය කල යුතු ඉඩම් මොනවද සතුන් වෙනුවෙන් කළමනාකරනය කල යුතු ඉඩම් මොනවාද කියලා හදුනා නොගත් නිසා මෙවැනි ප්‍රශ්න ඇතිවන බවයි පශු වෛද්‍ය විජිත පෙරේරා වැඩිදුරටත් කියා සිටියේ.

    Lanka news web
     
    Last edited:

    patiencefox

    Well-known member
  • Dec 23, 2011
    2,821
    564
    113
    Hole
    ඔය වලවල් වල යකඩ දැල් නැද්ද බන් :baffled::baffled: හොරු ගලවන් ගිහිල්ලද :dull:

    ගොන් හරක් හෙනම ගහපිය..ඔය වගේ අනාරක්ෂිතව තියෙන කොට සත්තුන්ට වගේම මිනිසුන්ටත් හානියක් වෙන්න පුළුවන් කියල හිතන්න බැහැ..
    ඔව් ඉත්න් එහෙම හිතන්න පුළුවන් උන් ඉන්නවා එංගලන්තේ...
    බල්ලෝ.!!!
     
    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0
    හම්බන්තොට වරායේ දෙවන අදියරට අයත් මාර්ගයක අනාරක්ෂිත කාණුවකට වැටි සිටියදී බේරා ගත් මාස තුනක් පමණ වයසැති අලි පැටවා මිය ගොස් තිබේ.

    පසුගිය මැයි මස 29 වනදා වරාය සේවකයන්ගේ ද සහයෝගය ඇතිව වනජීවී නිලධාරීන් විසින් බේරා ගනු ලැබූ අලි පැටවා උඩවලව ඇත් අතුරු සෙවන වෙත රැගෙන යෑමට කටයුතු කොට තිබුණේ තුවාලවලට ප්‍රතිකාර ලබා දීම සඳහායි.

    අලි පැටවා සම්බන්ධයෙන් කළ විමසීමකදී උඩවලව ඇත් අතුරු සෙවනේ නිලධාරියෙක්‌ කියා සිටියේ පසුගිය 17 වනදා සිට ඇත් අතුරු සෙවනේ පශු වෛද්‍ය නිලධාරියකු නොමැති වීම නිසා අලි පැටවාට නිසි ප්‍රතිකාර ලබා දීමට නොහැකි වූ බවයි . :angry::angry::angry:

    උඩවලව ඇත් අතුරු සෙවනේ සේවය කරන එකම පශු වෛද්‍යවරයා විදේශ ගත වීම සඳහා නිවාඩු ලබා ගෙන ඇති අතර ඔහු වෙනුවට වැඩ බැලීම යොදවා සිටි පශු වෛද්‍යවරයා වනජීවී අමාත්‍යංශය විසින් වෙනත් ප්‍රදේශයක සිටින අලියකුට ප්‍රතිකාර කිරීම සඳහා යොමු කර ඇති බවයි රාහුල් සමන්ත හෙට්ටිආරච්චි බීබීසී සංදේශයට හම්බන්තොට සිට වාර්තා කළේ.

    සඳුදා (20) උදෑසන අලි පැටවාගේ අසාධ්‍ය තත්වය පිළිබඳ වනජීවී දෙපාර්තමේන්තුවට දන්වා යැවූ බවත් ඊට ප්‍රතිචාරයක් නොලැබුණු බැවින් අඟහරුවාදා (21) ඇඹිලිපිටිය පශු වෛද්‍ය කාර්යාලයේ නිලධාරියකු රැගෙනවිත් අලි පැටවාට ප්‍රතිකාර ලබා දීමට කටයුතු කලත් අලි පැටවාගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වූ බවයි ඉහත කී නිලධාරියා වැඩි දුරටත් කියා සිටියේ.

    මේ වන විට උඩවලව ඇත් අතුරු සෙවනේ අධිකරණ නියෝග මත අලි පැටවුන් 14 දෙනෙකු රඳවා සිටින බවත් තවත් පුනුරුත්තාපනය වන අලි පැටවුන් 45 දෙනකු සිටින බවත් ඔහු පැවසීය.

    ශ්‍රී ලංකාවේ වනජීවී දෙපාර්තමේන්තුවට සිටින්නේ පශු වෛද්‍යවරුන් නව දෙනකු පමණක් බව සමස්ත ලංකා පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් පශු වෛද්‍ය සුහද ජයවර්ධන කියා සිටියි.

    :(:(:(:(

    BBC Sinhala
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    අයියෝ...........................:(:(:(:(:(:(:(
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    ශ්‍රී ලංකාවේ වනජීවී දෙපාර්තමේන්තුවට සිටින්නේ පශු වෛද්‍යවරුන් නව දෙනකු පමණක් බව සමස්ත ලංකා පශු වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම් පශු වෛද්‍ය සුහද ජයවර්ධන කියා සිටියි.