අපරාධ රැසක් හොයන්න උදව් කරපු කොරා සුනඛයා අවසන් ගමන් ගිය හැටි
හැටන් පොලිස් කොට්ඨාශ සුනඛ අංශයේ වසර 03 වැඩි කාලයක් රාජකාරී කළ කොරා සුනඛයා මිය ගොස් ඇත්තේ පිලිකාවක් හේතුවෙන් බව පශ්චාද් මරණ පරික්ෂණයේදි අනාවරණය වී තිබේ.
කොරා සුනඛයාගේ පශ්චාත් මරණ පරික්ෂණය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ වෛද්‍යවරුන් විසින් සිදු කෙරුණු අතර කොරා සුනඛයා හැටන් පොලිස් කොට්ඨාශ සුනඛ අංශයේ වසර 03 ට වැඩි කාලයක් සේවය කරමින් සිටියදි මහනුවර අස්ගිරිය නිල සුනඛ මුලස්තානයේ පුහුණුවක් සඳහා කොරාව රැගෙන ගිය අවස්ථාවේ ඉකුත් 29 වෙනිදා කොරා සුනඛයා මිය ගොස් තිබුණි.
කොරා සුනඛයා හැටන් පොලිස් කොට්ඨාශයේ සිදු වු අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට සහ ශ්‍රිපාද වන්දනාවේ මත්ද්‍රව්‍ය රැගෙන ආ වන්දනාකරුවන් රැසක් නිතියේ රැහැනට කොටු කර ගැනිමට කොරා සුනඛයා සමත් විය.
කොරා සුනඛයාගේ අවසන් කටයුතු හැටන් පොලිස් නිලධාරින්ගේ ගෞරවය මැද්දේ හැටන් පොලිස් අධිකාරි රවින්ද්‍ර අඹේපිටිය ,සහකාර පොලිස් අධිකාරි දසනායක යන මහතුන්ගේ ප්‍රධානත්වයෙන් අද (31) පස්වරුවේ ආගමික වතාවන් පවත්වා හැටන් පොලිසියේදි සිදු කෙරිණ.
බෙල්ජියම් මැරනුන් වර්ගයට අයත් මෙම කෝරා සුනඛයාගේ වයස අවුරුදු 8 වන අතර, එම සුනඛයා පැලියගොඩ, අම්පාර , මඩකලපුව,බණ්ඩාරවෙල යන ස්ථානවල සහ අවසන් වරට හැටන් පොලිස් කොට්ඨාශයේ රාජකාරිය සිදු කර ඇත.



