සමුගැනීමේ සාදය . . . . . . !
සමුගැනීමේ සාදය . . . . . . !
ලිව්වේ දුකා on Saturday, December 26, 2009 Labels: දුකට ලියූ කවි / Comments: (23)
දෙදාස් හය ජූනි විසි හය . . . . අළුත් කන්තෝරුව
ලේසි නෑ ඔතන බං . . . .ඔළුව උස්සන්න නම්
සුද්දෝ විතරක් ම නම් . . . . කමක් නෑ අපේ අය
කමක් නෑ මගේ මිතු . . . . යාපායියා නොබලාද
. . . . . .
හදේ දැල්වෙන ගින්න . . . කමිසයෙන් වසාගෙන
මැඩ්ලින් ගසන පා . . . . වෙර දරා කෙලින් කර
රිසෙප්ෂන් බ්‍රෙනෙල්ඩගෙ . . . . තඩි පස්ස නොබලාම
ඇතුලටම ගිය සඳට . . . . සිනා පිරි කටවල්නෙ
. . . . . . .
ආ මල්ලි කොහොමැයි . . . . සුභ උදෑසනක් උඹට
අපි මේ උඹ එනකම්ම . . . . මග බලාගෙන හිටියා
අරුණයියගේ වචන . . . . . සියොලඟම ගල් කලා
බුර බුරා නැගුනු ගිනි . . . . .අළු සමඟ සේදුනා
. . . . . . .
එදා සිට මෙදා තෙක් . . . . නුඹ මගේ සෝයුරෙකි
නුඹ මගේ බොස් වුවත් . . . . ගුරුතුමෙකි, පියතුමෙකි
අනේ අරුණයියා මේ වැඩේ දන්නෑ නේ . . . . කලින් කරලත් නෑ නේ
හරි මචං සුළු දෙයක් . . . . මෙහෙම මෙහෙමයි මෙහෙම මෙහෙමයි
අද රෑට මේක මම . . . . ගොඩ දාලා තියන්නම්
උඹ කලින් ගියානම් . . . . . සුදු පුතා බලන් ඇති
. . . . . . .
මචං ඔයාගේ හිසරුදාව . . . . . අඩු නැද්ද මොකෝ දැං
නෝනගේ කැස්සට . . . . . බෙහෙත් ගත්තොත් මොකද
පුතාගේ උන ගතිය . . . . .මෙන්න මෙතනින් බලවන්න
රාජකාරී ප්‍රශ්න, ගෙදර ප්‍රශ්න . . . . පුද්ගලික ප්‍රශ්න පොදු ප්‍රශ්න
මගේ විතරක් නම් මොකෝ . . . . හැමෝගෙම ප්‍රශ්න වැල්
නමුත් අරුණයියා ලඟ . . . . . හැම එකටම බේත් ඇත
. . . . . .
අරුණයියා අස්වෙනවා . . . . . කැන්ගරු දේසෙට යනවා
අනේ අනුරාධයියා . . . . . . මගෙ කකුල් හිරි වැටුනා
ඉන්න පොඩ්ඩක් ඔහොම . . . . කාරෙක අයිනට දැම්මා
මැටි පූසා ෆෙයා වෙල් . . . . . පාටියක් ගැන හිතුවා
උඹ වරෙන් විසි හතර . . . . හතයි තිහ - පැනොරාමා
. . . . . .
වෙව්ලන ඇඟිලි තුඩු . . . . . සුභ පැතුම් පත ලීවා
හදවතේ කඳුළු බිඳු . . . . . නෙත් දෙකේ බොඳ වූවා
ෆෙයා වෙල් පාටියෙදි . . . . ගල් වෙච්ච කඳුළු බිඳු
ගෙදර විත් නිල් පෑනේ . . . . තුඩ මතින් ඉකි බින්ද
. . . . . . . .
පළමු වෙනිදයින් පසුව . . . . නුඹ නොමැති ඔෆීසිය
නුඹේ මනුසත් කම . . . . . . දෝර ගැලු අඩවිය
ගිනි නිවන නුඹෙ සිනා . . . . මල් පිපුනු සහරාව
මොන හිතින් පා තියම්ද . . . . සිත මගේ කෑ ගසයි . . . . !!!

Last edited: