සමූහ දූෂකයන්ට වෙඩි

Inquisitor

Active member
  • Nov 5, 2008
    228
    69
    28
    Off Kandy
    BadBlueGenius; අර පොඩි ගෑනුලමයව දුෂණය උන වෙලාවේ කොන්ඩයව ආයුද පෙන්නන්න ගෙනිච්චනන් මොකද වෙන්නේ ? said:
    කව්ද බං ඒකට අන්තිමට අහුවුනේ. කොණ්ඩගේ අයියද?

    නිකමට හිතපන්කෝ ඒ අහිංසක මලක් වගේ පොඩි ළමයට මොනවා හිතෙන්න ඇද්ද අමානුෂික විදිහට දූෂණය කරලා හුස්ම හිර කරලා මරලා දාන වෙලාවේ.

    කව්රුත් වින්දිතයාගේ මානව හිමිකම් ගැන කතා කරන්නේ නැහැනේ බං. ඔක්කොටම ප්‍රශ්නේ තියන්නේ අපරාධකාරයාගේ මානව හිමිකම ගැන විතරයි.

    අනික පුනරුත්ථාපනය කරලා සමාජගත කරන්න පුළුවන් ටික දෙනයි. අනිත් එවුන් නැවතත් අපරාධ ක්‍රියාවලියට යොමු වෙලා සමාජයට හානි කරනවා. සමහර විට උන් ළමා කාලයේ දෙමාපියන්ගේ බිඳ වැටුණු පවුල් ජීවිත නිසා ආදරය හා ආරක්ෂාව නොලැබීම, නොසලකා හැරීම, අපචාර හා ලිංගික හිංසන වලට ලක්වීම, කෘරත්වයට භාජනය වීම වගේ දේවල් නිසා සමාජයත් සමග වෛරයෙන් ඉන්නවා වෙන්න පුළුවන්. මේ ප්‍රශ්නය දිහා සමාජ විද්‍යාත්මකව බැලුවොත් ඒ බව හොඳින් පැහැදිලි වෙනවා.

    මුන්ට වෙඩි තියන එක ශිෂ්ට ලෝකයේ විසඳුමක් නෙමෙයි තමයි. නමුත් මේක සමාජ ක්‍රියාවලියේම කොටසක් නිසා පැන නැගුනු දෙයක්. ඒ ගැටළු වල මූලාශ්‍රයට විසඳුමක් නොදී ප්‍රතිපලයට විසඳුමක් දෙන්න කෙටි ක්‍රම වලට යන එකත් හරි වැඩක් නෙමේ තමයි.

    ඒ වුනත් බං, වින්දිතයට රටේ අධිකරණ ක්‍රියාවලියේදී සාධාරණයක් නොවෙන කොට මිනිස්සු කෙටි ක්‍රම හොයනවා.

    ඉතාමත් හොඳ විග්‍රහයක්. මේ වගේ අපරාධකරුවන් සම්බන්ධයෙන් දැඩි දඬුවම් දීම ඔබ අනුමත කරනවා යයි සිතමි. මෙවැනි සිදුවීම් වලක්වා ගැනීමෙහිලා සමාජයක් වශයෙන් අප සහ රට පාලනය කරන ඇත්තන්, නීතිය, අධිකරණය යන ආයතන ගත යුතු ක්‍රියා මාර්ග ගැන පොඩ්ඩක් කතා කරනවා නම් .... ඔබට ස්තූතියි.
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මේව වලට මොනා හරි කිව්වොත් රැඩිකල් පොන්නය කියල අහගන්න වෙන නිසා දැක්කේ නෑ වගේ ඉන්න ඕනේ ...

    උබ මොන රැඩිකල් ද යකු උබ දාන්න හැම රිප්ලයි එකක්ම අනිත් වුන්ව අවුස්සන්න ආතල් එකට දාන්නේ කියලා හිතෙන්නේ :oo::oo::rofl::rofl:

    කියන්න තියෙනදේ කියල දාපන්.

    පොලිසියට නඩුඅහල තීන්දුවත් දෙන්න අවස්ථාව දෙනව නම් උසාවි වහලදාන්න පුලුවන්. පොලිසිය ලඟම ආදාහනාගාරයකුත් හැදුවනම් තව පහසුයි. හැමදාම හවස 4ට එදා දවසෙ විත්තිකාරයො සෙට් එකට වෙඩිතියල දානව.

    මම නම් කැමතියි ඔය සිස්ටම් එකට. වාහනවැරදි වගේ ඒවට පාරෙදිම වෙඩි තිබ්බනම් ඒවත් ඉවරයි:lol:

    එකට මු නැට්ටේ ඉදන් අග වෙනකම්ම් තෝන්තු වෙලා ඉන්න අපත ඩයල් එකක්
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,739
    1
    57,963
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පසුගිය සතියේදී ඉන්දියාවේ හයිදරාබාද්හිදී තරුණ පශු වෛද්‍යවරියක දූෂණය කර ඝාතනය කළ බවට සැක කෙරුණු පුද්ගලයන් සිව් දෙනෙකු ඉන්දීය පොලිසිය වෙඩි තබා ඝාතනය කර තිබේ.

    අදාළ සැකකරුවන් පොලිස් අත්අඩංගුවේ පසුවූ අතර සිකුරාදා (දෙසැ: 06) පෙරවරුවේ ඔවුන් අපරාධය සිදුවූ ස්ථානය වෙත රැගෙන යනු ලැබිණි.

    ඉන්දීය පොලිසිය බීබීසී තෙලුගු සේවයට පැවසුවේ, සැකකරුවන් පොලිස් නිලධාරීන්ගේ ගිනි අවි පැහැරගෙන පළා යාමට තැත් කළ අවස්ථාවේදී ඔවුන්ට වෙඩි තැබූ බවය.

    ඝාතනයට ලක්වූ 27 හැවිරිදි පශු වෛද්‍යවරියගේ පුළුස්සා දමන ලද මළ සිරුර පසුගිය බ්‍රහස්පතින්දා හමු වූ අතර ඒ සම්බන්ධයෙන් පොලිසිය නිසි පියවර නොගත් බව පවසමින් දැඩි විරෝධතා පැවැත්විණි.

    සැකකරුවන් ඝාතනය කෙරුණු බවට පුවත් පළ වීමෙන් පසුව, අදාළ පශු වෛද්‍යවරියගේ මව බීබීසී පුවත් සේවයට පැවසුවේ, "සාධාරණය ඉටු වුණා," යනුවෙනි.

    මේ අතර, පශු වෛද්‍යවරියගේ අසල්වාසීන් රතිඤ්ඤා පත්තු කරමින් සතුට පළ කළ අතර, පොලිසියට ආචාර පුද කරමින් දහස් ගණනක් ජනතාව වීදි බැස තිබිණි.

    සයිබරාබාද් පොලිස් කොමසාරිස් වී.සී සජ්ජනර් බීබීසී තෙලුගු සේවයට පැවසුවේ, අපරාධය සිදු වූ ආකාරය පළිබඳ දැන ගැනීම සඳහා සදහා අදාළ සැකකරුවන් ඝාතනය සිදුවූ ස්ථානය වෙත රැගෙන යනු ලැබූ බවය.

    ඔවුන් නිලධාරීන්ගේ ගිනි අවි පැහැරගෙන පළා යාමට උත්සහ කළ අවස්ථාවේ පොලිසිය ඔවුන්ට වෙඩි තැබූ බව පොලිස් කොමසාරිස්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

    එහිදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ද තුවාල ලබා තිබිණි.

    පශු වෛද්‍යවරිය දූෂණය කර ඝාතනය කිරීමෙන් පසු ඉන්දීය පොලිසිය දැඩි විවේචනයට ලක්විය. විශේෂයෙන් ඝාතනය සිදුවී පැය දෙකක් ගත වන තුරුත් පොලිසිය ක්‍රියාත්මක නොවූ බවට වෛද්‍යවරියගේ පවුලේ සාමාජිකයෝ චෝදනා කළහ.

    බීබීසී තෙලුගු සේවයේ දීප්ති බතිනි පශු වෛද්‍යවරිය පදිංචි වී සිටි නිවසට ළඟා වන විට අසල් වැසියන් වීදි බැස රතිඤ්ඤා පත්තු කරමින්, රස කැවිලි බෙදමින් සතුටු වනු දැකගත හැකි විය.

    "මට ඒක වචනයෙන් විස්තර කරන්න බැහැ. මට සතුටක් දැනෙනවා ඒත් මගේ දුව ආයෙත් එන්නෙ නැති බව මතක් වෙද්දි ලොකු දුකක් ඇති වෙනවා," යනුවෙන් ඝාතනයට ලක්වූ පශු වෛද්‍යවරියගේ මව පැවසීය.

    "මගේ දුවගේ ආත්මයට සැනසීමක් ලැබුණා දැන්. සාධාරණය ඉෂ්ට වුණා. මම හිතුවෙ නෑ සාධාරණය ඉෂ්ට වෙයි කියලා. මගේ දුවට වෙච්ච දේ වෙන කිසි ම ගැහැණු දරුවෙකුට නොවිය යුතුයි."

    මව වැඩිදුරටත් පැවසුවේ, ලිංගික අපයෝජන සහ දූෂණ සම්බන්ධයෙන් පවතින නීති තවත් දැඩි කළ යුතු බවය.

    "දඬුවම් දැඩි කළොත් කාන්තාවක් දිහා බලන්නත් පිරිමි බය වෙනවා."

    ඝාතනයට ලක්වූ පශු වෛද්‍යවරියගේ සොහොයුරිය පැවසුවේ, පොලිසිය ක්‍රියා කළ ආකාරය "ඉතා අනපේක්ෂිත" බවය.

    "අධිකරණය යුක්තිය ඉටු කරයි කියල මම විශ්වාසයෙන් හිටියේ. මේ දෙයින් මගේ සහෝදරිය ආයෙත් එන්නේ නෑ. ඒත් ඒක ලොකු සහනයක්. පොලිසිය කළ දේ නිසා මෙවැනි දේවල් කරන්න කලින් මිනිස්සු දෙවරක් හිතයි," ඇය පැවසීය.

    [පොලිසිය සැකකරුවන් සම්බන්ධයෙන් ක්‍රියා කළ ආකාරය පිළිබඳව වාර්තා වීමත් සමග සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙක් ප්‍රශංසාත්මක අදහස් පළ විය.

    ට්විටර් සහ ෆේස්බුක් ඔස්සේ අදහස් දක්වා තිබූ වැඩි පිරිසක් පොලිසියට ප්‍රශංසා කරමින් "ඔවුන් සාධාරණය ඉටු කළ" බව පවසා තිබිණි.

    BBC
    [/SIZE]


    බලන් යනකොට කසුන්පුක්D යි topkollek කියන උන් දෙන්නා විතරයි අර සක්කිලියො ටික මැරුණ ඵකට දුක් වෙලා තියෙන්නේ..[/SIZE]

    මට ඔය වගේ දේවල් වලට දුකක්වත් සතුටක්වත් දැනෙන්නෙ නෑ. මම කිව්වෙ උඹලගෙ සතුට ලේ දකින එක කියල. උඹලට එහෙම මානසිකත්වයක් ලබාඋපන්හැටි වීම ගැන මට වමනෙ යන හැඟීමක් එන්නෙ
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,739
    1
    57,963
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබ මොන රැඩිකල් ද යකු උබ දාන්න හැම රිප්ලයි එකක්ම අනිත් වුන්ව අවුස්සන්න ආතල් එකට දාන්නේ කියලා හිතෙන්නේ :oo::oo::rofl::rofl:



    එකට මු නැට්ටේ ඉදන් අග වෙනකම්ම් තෝන්තු වෙලා ඉන්න අපත ඩයල් එකක්

    මේ අනික් එකා. බුදුහාමුදුරුවන්ගෙ කටින්ම ධර්මය ඇහුවත් සෝවාන් වෙන්න මොලයක් නැති ඩයල් එක:dull:
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මේ අනික් එකා. බුදුහාමුදුරුවන්ගෙ කටින්ම ධර්මය ඇහුවත් සෝවාන් වෙන්න මොලයක් නැති ඩයල් එක:dull:

    වෙන්න ඇති එකේනේ අපි තාම සසරේ කරකවෙන්නේ :yes::yes:

    ඔන්ලියින් උම්බා ගහලා ගොන් කම ප්‍රදර්ශනය කරන්න කලින් රටේ තොටේ ඇවිදලා පොලවේ පය ගහලා ජිවත් වෙන්න බලපන් , එතොට හුගක් ලෙඩවල් ඉබේ හොද වෙයි