සමේ_රෝග_මතුකරන_පෝෂණ_උෟනතා
අනිසි ආහාර රටාව හෝ වෙනත් හේතූන් නිසා සිරුරේ පෝෂණ උෟනතා මතුවිය හැකියි. පෝෂණ උෟනතා නිසා සමේ ඇතිවන වෙනස්කම් පිළිබඳ ඔබ දන්නවාද?

යකඩ උෟනතා
ශරීරයේ ඇතිවන යකඩ උෟනතා හේතුවෙන් මෙවැනි ලක්‍ෂණ මතුවිය හැකිය.
• මුඛය දෙපස පැළීම.
• දිව පැළීම.
• දිව දැවිල්ල ඇතිවීම.
• තොල් පැළීම.
• සම වියළීම හා කැසීම.
• සම සුදුමැලි වීම.
• නියපොතු කැඩීයෑම.
• කොණ්ඩය ගැලවී යෑම.
මෙවැනි ලක්‍ෂණ සමෙන් මතුවන්නේ යකඩ උෟනතාව නිසයි. වැඩෙන වියේ දරුවන්ට මෙම උෟනතා ඇතිවිට වර්ධනය අඩාල වෙයි. කුසේ සිටින දරුවාගේ වර්ධනය අඩාල වීමෙන් ගර්භණී මවකට එය බලපානු ලබයි.
විටමින් බී
විටමින් බී. උෟනතා පවතින විටද සමේ විවිධ වෙනස්කම් හා දුර්වලතා මතුවෙයි. සමේ දීපප්තිමත් නිරෝගී පෙනුම වියැකී යමින් වියළි ස්වභාවයක් ගෙන දෙන්නේ ද මේ හේතුවෙනි. හිසකෙස් වර්ධනය බාලවීම හා හිසකෙස් ගැලවී යෑම එහි තවත් ලක්‍ෂණයකි. තොල් පැළීම, ඉදිමීම හා සමේ තැනින් තැන ගැටිති ඇතිවීමද සිදුවිය හැකිය. කුඩා හෝ යොවුන් අවධිය කියා වයසේ වෙනසක් නැත. සමබල ආහාර වේලක් නොගන්නේ නම් මෙවැනි උෟනතා ඇතිවීම වැළැක්විය නොහැකියි.
විටමින් සී
විදුරුමසින් රුධිරය ගලායෑම සමේ තුවාල ඇති වූ විට සුව වීමට කල් ගතවීම හා සම තුනී වීමද විටමින් සී. උෟනතාව නිසා සමේ ඇතිවන වෙනස්කම්ය. වියපත්ව ඇති සමට ප්‍රාණවත් බවක් ලබා දෙමින් සම පැහැපත් කිරීමට විටමින් සී උපකාරී වෙයි. මේ හේතුවෙන් විටමින් සී උෟනතාව නිසා සම රැලි ගැන්වෙයි.
සින්ක් නමැති ඛනිජ උෟනතාව ඇතිවීම නිසා හිසකෙස් හැලීයෑම, මුඛය වටා තුවාල ඇතිවීම මෙන්ම ගුද මාර්ගය වටාද තුවාල ඇතිවිය හැකිය.
විටමින් ඒ
මෙයද සමට අත්‍යවශ්‍යම පෝෂ්‍ය සංඝටකයකි. සමේ වියළි ගැටිති ඇතිවීම මුඛය දෙපස පැළීයෑම හා සමේ ඉරිතැළීම් ඇතිවීමටද විටමින් ඒ උෟනතාව බලපෑම් කරයි.
ප්‍රෝටීන
විටමින් වර්ගවලට අමතරව ප්‍රෝටීනද ඔබට අත්‍යවශ්‍යම පෝෂණයකි. ශරීරය කෘශවීම, ඇස් ඇතුළට ගිලුණු ස්වභාවයක් ගැනීම වැනි දුර්වලතා ඇතිවෙයි.
අත්‍යවශ්‍ය මේදය
ඇතැම් හිතකර මේද වර්ග සිරුරේ වර්ධනයට අත්‍යවශ්‍ය සාධකයකි. මෙම මේදවල උෟනතා හේතුවෙන් සමේ වියළි බවක් ඇතිවී ශරීරය තුළද විවිධ රෝග ඇතිවීමට හේතු සාධක ඇති කරයි.
ඉහත සඳහන් කරන ලද විටමින් හා වෙනත් පෝෂණ ද්‍රව්‍යවල ශරීරයේ පවතින උෟනතාව මැනිය නොහැකියි. වෙනත් රෝගයකට ප්‍රතිකාර ගැනීමට ගිය විට මෙවැනි පෝෂණ උෟනතා හඳුනා ගන්නා අවස්ථා ඇත. ඉහත පෝෂණ උෟනතා එකින් එක වෙන්ව ගැනීම අපහසු වුවද කලින් සඳහන් කළ සමේ ඇතිවන බොහෝ පොදු දුර්වලතා හඳුනා ගත හැකිය. පෝෂණ උෟනතා ඇතිවූ විට මෙන්ම අධි පෝෂණ තත්ත්වයේදී ද සමට හානි විය හැකිය. අද වන විට අනිසි ආහාර රටාව මෙම පෝෂණ උෟනතාවට බලපා ඇත
සමේ රෝග මතුකරන පෝෂණ උෟනතා

rep +7
+7