සයිටම් ෆේල් වුණේ ආයතනයේ වරදින්

waligamaya

Well-known member
  • සයිටම් ෆේල් වුණේ ආයතනයේ වරදින්

    coldig3164864120059473_4584789_10072016_fug_cmy_0.jpg


    * ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට පැවැරී ඇති කාර්යය භාර්යය ගැන සඳහන් කළොත්

    ශ්‍රී ලංකා වෛද්‍ය සභාව පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත ආයතනයක්. එහි කටයුතු සිදුකරන්නේ වෛද්‍ය ආඥා පනතේ 105 වන පරිච්ඡේදය අනුවයි. ඒ අනුව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට පොදු ජනතාවගේ සෞඛ්‍ය ප්‍රමුඛ ජනජීවිතයේ යහපැවැත්ම සුරක්ෂිත කිරීමේ කාර්යය භාරය පැවැරී තියෙනවා.

    * මෙම කාර්යය භාරය ඉටුකිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මැදිහත් වන්නේ කුමන ආකාරයෙන්ද?

    රටේ බටහිර වෛද්‍ය අධ්‍යාපනයේ නිසි ප්‍රමිතිය පවත්වා ගැනීමේ නීතිමය බලය පැවරී ඇති ආයතනය ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෛද්‍යවරුන් ලියාපදිංචි කිරීම සිදුකරනවා. ඒ වගේම එසේ ලියාපදිංචි වන වෛද්‍යවරුන්ට අවශ්‍ය අධ්‍යාපනික සුදුසුකම් ප්‍රදානය කරනු ලබන සෑම ආයතනයකම ප්‍රමිතීන් නිර්ණය කිරීමත් සිදුකරනවා.

    * වෛද්‍ය අධ්‍යාපනය ලබාදෙන ආයතනවල ප්‍රමිතිය තීරණය කිරීමේදී වෛද්‍ය සභාව අවධානය යොමුකරන අංශ ගැන සඳහන් කළොත්

    පවත්වාගෙන යන පාඨමාලාව, විභාග ඉගෙනුම් කටයුතු කරන ආචාර්යය මණ්ඩලය, තාක්ෂණික උපකරණ නේවාසික පහසුකම්, සපයනු ලබන පුහුණුව ආදී සෑම අංශයක් ගැනම මෙහිදී අවධානය යොමු කරනවා.

    * මාලබේ පුද්ගලික විශ්වවිද්‍යාලය (SAITM) මගින් පිරිනමන වෛද්‍ය උපාධි සඳහා වෛද්‍ය සභාව වෘත්තීය භාවය ලබා නොදීමට බලපෑ කරුණු ගැන කිවුවොත්.

    රජයේ හෝ පුද්ගලික වෛද්‍ය උපාධිය හදාරණ සිසුන්ට රෝග පිළිබඳ දැනුම ලබා ගැනීමත්, ප්‍රතිකර්ම ගැන ප්‍රායෝගිකව නිසි පුහුණුව ලබා ගැනීමත් අනිවාර්යය වෙනවා. නමුත් ඔබ ඔය සඳහන් කරන SAITM ආයතනයේ එය නිසි පරිදි සිදුවන්නේ නෑ. එකී උපාධි හදාරණ වෛද්‍ය සිසුන් වෙනුවෙන් ප්‍රායෝගික පුහුණුව ලබාදීමට නිසි ප්‍රමිතියෙන් යුතු රෝහලක් හා සම්බන්ධ වී නෑ. මේ නිසා ඔවුන්ව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන්න හැකියාවක් නෑ.

    * SAITM ආයතනයේ වෛද්‍ය සිසුන් නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ ‍රෝහලේ ප්‍රායෝගික පුහුණුව ලබා ගන්නවා නේද?

    ඔවුන් ඔය කියන පුද්ගලික රෝහලේ ප්‍රායෝගික පුහුණුව ලැබුවේ නෑ කියා මම කියන්නේ නෑ. නමුත් එහිදී ඔවුන්ට මම පෙර සඳහන් කළ ප්‍රමිතීන්ට අනුව නිසි පුහුණුව නොලැබුණු බවයි මම කියන්නේ.

    * ඔබ කුමන පදනමක සිටද ඔවුන් ලැබූ ප්‍රායෝගික පුහුණුව නිසි ප්‍රමිතියෙන් තොරයි කියන්නේ.

    මාලබේ SITAM පෞද්ගලික විද්‍යාලය වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහලේ ලියාපදිංචිය සඳහා අවශ්‍ය සියලු සුදුසුකම් සපුරා ඇති බව වෛද්‍ය සභාවට දැනුම් දුන්නා. ඒ අනුව එම රෝහල පරීක්ෂාකර බැලීමට වෛද්‍ය සභාව තීරණය කළා. ඒ පිළිබඳ අප කල් ඇතිව ආදාළ ආයතනයට දැන්නුවා. ඉන් අනතුරුව 2015 ජුනි මස 13, 14, 15 යන දින තුනේ දස දෙනෙකුගෙන් යුතු පරීක්ෂණ කණ්ඩායමක් ආයතනයට ගොස් අවශ්‍ය පරීක්ෂා කිරීම් හා සොයා බැලීම් සිදු කළා.

    එහිදී වැටහී ගිය කරුණු අනුව මෙම රෝහලේ වෛද්‍ය සිසුන්ට රෝග ඥානය හෙවත් රෝග පිළිබඳ දැනුම ලබා ගැනීමට හා අවශ්‍ය ප්‍රතිකර්ම හැදෑරීමට අවස්ථාව හිමිවන්නේ ඉතා සීමිත රෝගීන් සංඛ්‍යාවක් සම්බන්ධයෙන් බව අපට පැහැදිලි වුණා. විශේෂයෙන් අප රටේ දක්නට ලැබෙන විවිධ රෝග ව්‍යාධි බොහොමයක් අතරින් මෙම වෛද්‍ය සිසුන්ට අවස්ථාව හිමිවනුයේ රෝග කිහිපයකින් පෙළෙන රෝගීන් සංඛ්‍යාවක් මගින් ප්‍රායෝගික පුහුණුව ලබන්නට පමණයි. මෙය බරපතළ අඩුපාඩුවක් බවයි වෛද්‍ය සභාවේ නිගමනය වූයේ. මේ හේතුව නිසයි මෙම පුහුණුව නිසි ප්‍රමිති‍යෙන් තොර බවට වෛද්‍ය සභාව තීරණය කළේ.

    * ඔබ දකින ආකාරයට SMITM වෛද්‍ය සිසුන්ට ප්‍රධාන ලෙස ප්‍රායෝගිකව හදාරන්නට හෝ ප්‍රතිකාර කරන්නට නොලැබෙන රෝග ව්‍යාධි හා විශේෂ අවස්ථා මොනවාද?

    ‍ඔබ ඇහුවේ ඉතා වැදගත් ප්‍රශ්නයක්. මට මේ ගැන දීර්ඝ විස්තරයක් කරන්න පුළුවන්. මෙම රෝහලට හදිසි රිය අනතුරු හා වෙනත් ආපදාවන්ට ගොදුරුවූ රෝගීන් පැමිණීම ඉතා අඩුයි. ඒ වගේම ගර්භණී තත්ත්වයේ සිටින හදිසි අවශ්‍යතා වලින් පෙළෙන රෝගීන්ද මෙම රෝහලට පැමිණෙන්නේ කලාතුරකින්. හදිසි ශෛල්‍යකර්ම සඳහා භාජනය කළයුතු රෝගීන්, ක්ෂණිකව ප්‍රතිකාර ලබා දිය යුතු විවිධ රෝගවලින් පෙළෙන වැඩිහිටියන්, ළමුන් හා කුඩා දරුවන්ද මෙම රෝහලේ දකින්න ලැබෙන්නේ ඉතා අඩුවෙන්.

    ප්‍රතිකාර පැත්ත වගේම වෛද්‍යවරයෙකු ප්‍රගුණ කළ යුතු අධිකරණ වෛද්‍ය විද්‍යාව ගැන හැදෑරීමට ද මෙම රෝහලේදී හැකියාවක් නෑ. ශාරීරික ගැටුම් හේතුවෙන් අධික රුධිර වහනයකින් යුතු රෝගීන්ද සාමාන්‍යයෙන් ප්‍රතිකාර සඳහා මෙම රෝහලට ඇතුළත්වන බව දකින්න නැහැ. එසේම පශ්චාත් මරණ පරීක්ෂණ ගැන ප්‍රායෝගික පුහුණුවක් ලබා ගැනීම SAITM හි වෛද්‍ය සිසුන්ට අවස්ථාවක් නැහැ. මහජන සෞඛ්‍ය සංරක්ෂණය හා පාරිසරික සෞඛ්‍ය සංසිද්ධි ගැන හදාරන්නට මේ සිසුන්ට අවස්ථාවක් හෝ පහසුකමක් නෑ.

    මේ කරුණු අනුව මේ වෛද්‍ය සිසුන්ට සිදුව ඇත්තේ ගොඩබිම සිට පීනන්න ඉගෙන ගන්නවා වගේ වැඩක්. මෙවැනි පිරිසකට වෘත්තීයමය භාවයක් ලබාදීමට කිසිසේත් හැකියාවක් නෑ.

    * ඔබ ඔය සඳහන් කළ පරීක්ෂණ කණ්ඩායමට ඇතුළත් වූ සාමාජිකයන් කවුද?

    අප රටේ වෛද්‍ය විද්‍යා ක්ෂේත්‍රයේ විවිධ අංශ පිළිබඳ ප්‍රාමාණික විශේෂඥයන් දස දෙනෙක් ඒ කණ්ඩායමට ඇතුළත් වුණා.

    * අප රටේ පුද්ගලික වෛද්‍ය විද්‍යාල‍ මගින් වෛද්‍යවරුන් බිහිවීම ගැන රජයේ වෛද්‍ය නිලධාරීන් දක්වන විරෝධය නේද ඔබේ ඔය මතයට බලපෑ ප්‍රධාන හේතුව

    ඒක එහෙම කියන්න පුළුවන්කමක් නෑ. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ලෙස අපිට ඇත්තේ මෙරට ජනතාවට ගුණාත්මක වෛද්‍ය සේවයක් ලබාදීම වෙනුවෙන් සුදුසුකම් ඇති වෛද්‍යවරුන් බිහිකිරීමේ අරමුණයි.

    * ශ්‍රී ලංකා වෛද්‍ය සභාව හා ඔබ, මේ පිළිබඳ කිසියම් සංවිධානයක බලපෑමට නතුවෙලා කියලා කිවුවොත්?

    අපි මේ තීරණය ගත්තේ එතන අධ්‍යාපනය ලබන දරුවන්ගේ මවුපියන්ගේ තරාතිරම බලලා නොවෙයි. වෛද්‍ය සභාවේ 556 වැනි සමස්ත සභාවාරයේදී ඒකමතිකවයි. වෛද්‍ය සංගමයට හෝ මට කිසිවෙකුගේ හෝ ඔය කියන කිසිම සංවිධානයක බලපෑමක් එල්ල වෙලා නෑ. එහෙම බලපෑම් ආවා කියලා අපි ඉන්න නිවැරදි ස්ථාවරය වෙනස් කරන්න කිසිවිටකත් සූදානම් නෑ.

    * ඔබ සංගමය ඔය ඉන්න ස්ථාවරය විදේශ රටවල වෛද්‍ය උපාධිය හදාරා පැමිණෙන අයට බලපාන්නේ නෑ නේද?

    වෛද්‍ය උපාධිය විදේශ රටවල හැදෑරීම දීර්ඝ කාලයක පටන් සිදුවන දෙයක්. මේවන විට ලෝකයේ වෛද්‍ය විද්‍යාල දෙසීයක් විතර අපි පිළිඅරන් තියෙනවා. මූලික වශයෙන් පිළිගැනීමේදී මේ සඳහා අපි අයදුම්පත්‍රයක් ලබා දෙනවා. වෛද්‍ය විද්‍යාලයට අනුබද්ධිතව රෝහල් තියෙනවාද? එහි දෛනිකව ප්‍රතිකාර ලබන රෝගීන් කොපමණද ආදී වශයෙන් විමසීමක් කරනවා.

    ඒ වෛද්‍ය විද්‍යාලයක් ගැන අපට කුමන හෝ සැකයක් ඇතිවුවහොත් අපේ කණ්ඩායමක් ඒ වෛද්‍ය විද්‍යාල පරීක්ෂා කරන්න යනවා. එසේ පරීක්ෂා කරලා අපට එකඟ වෙන්න පුළුවන් ප්‍රමිතියක් එහි තියෙනවා නම් අපි සහතිකයක් නිකුත් කරනවා. සාමාන්‍යයෙන් අවුරුදු 05ක විතර කාලයකට එය වලංගුයි. ලෝකයේ කොයි විශ්වවිද්‍යාලයේ වෛද්‍ය උපාධිය ගත්තත් අපේ වෛද්‍ය සභාව පවත්වන විභාගයෙන් සමත් වෙන්න ඕනෑ.

    එහෙම එන සමහර වෛද්‍ය උපාධිධාරින් අපි පවත්වන අනුකූලතා විභාගය සමත් වෙන්න බැරුව විසි තිස් වතාව ලියනවා ඒකයි ඇත්ත.

    *නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල හා SAITM ආයතනය ආරම්භ කරලා දැන් වසර ගණනාවක් ගතවෙලා. ඔබ ආයතනය එදා මේ තත්ත්වය පාලකයන්ට දැන්වුයේ නැද්ද?

    මම මේ තනතුරට පත්වුණේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කාලයේදී . මේ තත්ත්වය ගැන එදා මම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට ඉතාමත් පුද්ගලිකව ලිඛිතව දැනුම් දුන්නා. විශේෂයෙන් මේ අර්බුදය නිසා රටතුළ ඇතිවිය හැකි තත්ත්වය ගැන එහි සඳහන් කොට තිබුණා. නමුත් එතුමා ඒක බලල උසස් අධ්‍යාපන අමාත්‍ය එස්. බී. දිසානායක ඇමතිතුමාට දුන්නා. එදා ඒකෙ තිබුණු පුද්ගලිකභාවය නැතිවුණා මිසක් වෙන කිසි දෙයක් සිදුවුයේ නෑ.

    * ඔබ මේ ගැටලුව සම්බන්ධව වර්තමාන රජයේ බලධාරීන් සමඟ සාකච්ඡා කළේ නැද්ද?

    2015 අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ 04 වැනිදා සෞඛ්‍ය අමාත්‍යවරයාට නිලවශයෙන් වෛද්‍ය සභාවේ නිර්දේශ දැනුම් දුන්නා. දින සියයේ ආණ්ඩුව කාලේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හමුවුණා. එහිදී එතුමා කිවුවේ “ආ ඕක ඔහොම ඒගොල්ලෝ ගියාවේ. උපාධි ගත්තාවේ. ඊට පස්සේ අපි අවුරුද්දක් විතර රජයේ රෝහල්වලට දාලා පුහුණු කරලා පත්වීම් දෙමු” කියලයි නමුත් රජය හෝ සෞඛ්‍ය ඇමතිතුමා තවම ඒකට යොමුවෙලා නෑ. ඒක රජයේ වගකීමක්.

    * ඔහොම කිවුවට වෛද්‍ය නිලධාරී සංගම් පුද්ගලික වෛද්‍ය සිසුන්ට රජයේ රෝහල්වල ප්‍රායෝගික පුහුණුවදීමට විරුද්ධයිනේද?

    ඒක ක්‍රමානුකූලව කෙරුවොත් අමාරු නෑ. නමුත් ඒ සඳහා තවම රජය යොමුවෙලා නෑ.

    * SAITM ආයතනයේ අධ්‍යාපනය ලබන්නට තමන්ගේ කාලය ධනය කැප කළ අපේ රටේ දූ දරුවන්ට සාධාරණයක් ඉටු කරන්න දිය හැකි විසදුම් ගැන කිවුවොත්.

    අප රටේ පූර්වාදර්ශයක් තියෙනවා රාගම වෛද්‍ය විද්‍යාලය හා සම්බන්ධ සිද්ධිය . ඒකට ඉස්සර කිවුවේ North Colombo Medical College කියලා ඒක රජයට පවරාගෙන කැලණි විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය බවට පත්කළා. මේකටත් එක විකල්පයක් තමයි රජයට පවරා ගැනීම. ඒකත් කරන්න අමාරුනම් තියෙන්නේ නිසි ප්‍රමිතියකට ප්‍රායෝගික පුහුණුව ලැබීමට අවකාශ සැලසීමයි. ඒ වගේම දැනට උපාධිය අවසන් කර ඇති පිරිස අනිවාර්යෙන්ම තමන්ගේ ඌනතා සපුරා ගැනීමට කටයුතු කරන්න ඕනෑ. ස්වාධීන විභාගයකට පෙනී සිටි සමත් වීමත් අනිවාර්යයි.

    * දැන් මේ සිද්ධිය අධිකරණයට පවා යොමුවුණු කාරණයක්. ඒ අනුව මේ සම්බන්ධව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ඉදිරි කටයුතු මොනවාද?

    SAITM එකේ උපාධි ගත්තු අය කියන්නේ අපට රජය පිළිගත්තු වලංගු උපාධියක් තියෙනවා. රජය පිළිගත්තු ඒවා පිළිනොගෙන ඉන්න වෛද්‍ය සභාවට බෑ. වෛද්‍ය සභාවට වහාම අපිට වෛද්‍ය සේවයට එකතු වෙන්න ඉඩ දෙන්න කියන එකනේ.

    වෛද්‍ය ක්ෂේත්‍රයේ විශේෂඥ දැනුම සපිරි දස දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් අදාළ ස්ථානය පරීක්ෂා කරලා ලබා දුන්න වාර්තාව පිළිනොගෙන ගරු අධිකරණය නීතිඥ මහත්වරුන්ගේ තර්ක මත වලංගුභාවය ලබා දෙන්න කියලා තීරණය කළත් මම ලබා දෙන්නේ නෑ. මට පස්සේ මෙතනට එන කෙනා දේවි කියලත් මම විශ්වාස කරන්නේ නෑ. මේ රටේ සිවිල් නීති කඩකිරීමේ තැනට අපිව කොටු කරන්නයි මේ හදන්නේ. ගරු අධිකරණය මේ ගැන වඩාත් අවධානය යොමු කරලා අපි ඉදිරිපත් කරපු වාර්තාව අනුව මේ ඌනතා සපුරා ගන්න තැනට කටයුතු කරාවි කියලා මම විශ්වාස කරනවා.

    * SAITM ආයතනය උපාධි කඩයක් කියලා ඇතැම් වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ අය හඳුන්වනවා. මෙය ඔබ දකින්නේ කොහොමද?

    ඔබ ඔය ප්‍රශ්නය අහපු නිසා මම කියන්නම් . අද කොතනකදීවත් මේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය වෙනුවෙන් පෙනී සිටින කවුරු හෝ කියනවද අවුරුද්දකට මේ ආයතනය ලබන ලාභය කොච්චරද කියලා.

    මේ රටේ මාධ්‍යවේදීන් දන්නෙත් නැතිව ඇති. සමහරවිට ඔය ඉගෙන ගන්න දරුවන්ගේ මවුපියන් දන්නෙත් නැතිව ඇති. 2014 අවුරුද්දේ විතරක් SAITM ආයතනය ලැබු ලාභය රුපියල් මිලියන 1265ක්. මෙතරම් ලාභයක් ලබන මේ ආයතනයට බැරිද මේ රටේ අසරණ රෝගීන් වෙනුවෙන් නොමිලේ ප්‍රතිකාර කරන්න. එහෙම කරලා ඔය රෝහල රෝගීන් වැඩි ප්‍රමාණයක් යන එන තැනක් කරන්න. මේ කරුණු අනුව පැහැදිලිනේ මේක සක්විති ගනයේ ආයෝජනයක් කියලා. මම අහන්නේ රටේ අධ්‍යාපනය මෙතරම් ධනවාදයට නතු කරන්න පුළුවන්ද?


    උපුටා ගැනීම
    http://www.dinamina.lk/?q=2016/07/11/19080
     
    Last edited:

    waligamaya

    Well-known member

  • "2014 අවුරුද්දේ විතරක් SAITM ආයතනය ලැබු ලාභය රුපියල් මිලියන 1265ක්".


    කට්ටිය මත පළකරනවා වෛද්ද්ද්‍යා විද්‍යාලයකට ආයෝජනය කරන්න මිනිස්සු කැමති නෑලු:eek::eek:
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    ඔක රජයට පවරගෙන රුපියල් කොටියකට MBBS දුන්නොත් මොකද වෙන්නේ..? :confused::confused:
    හෑබෑයී අවම S3 නෙමේ, B 3ක් වත් වෙන්න ඔනේ.

    ලාබය රටටනේ, රට ගෑන හිතලනේ ඩොකාල ස්ට්‍රයික් කරන්නේ.


    පිටරට හිගන වල උපදි මෙහේ පිලිගන්න බෑ..
    වම දකුණ මරු වෙන උන්ට දඩුවම් දේන්න ඔනේ.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    SAITM ආයතනය උපාධි කඩයක් කියලා ඇතැම් වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ අය හඳුන්වනවා. මෙය ඔබ දකින්නේ කොහොමද?

    ඔබ ඔය ප්‍රශ්නය අහපු නිසා මම කියන්නම් . අද කොතනකදීවත් මේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය වෙනුවෙන් පෙනී සිටින කවුරු හෝ කියනවද අවුරුද්දකට මේ ආයතනය ලබන ලාභය කොච්චරද කියලා.

    මේ රටේ මාධ්‍යවේදීන් දන්නෙත් නැතිව ඇති. සමහරවිට ඔය ඉගෙන ගන්න දරුවන්ගේ මවුපියන් දන්නෙත් නැතිව ඇති. 2014 අවුරුද්දේ විතරක් SAITM ආයතනය ලැබු ලාභය රුපියල් මිලියන 1265ක්. මෙතරම් ලාභයක් ලබන මේ ආයතනයට බැරිද මේ රටේ අසරණ රෝගීන් වෙනුවෙන් නොමිලේ ප්‍රතිකාර කරන්න. එහෙම කරලා ඔය රෝහල රෝගීන් වැඩි ප්‍රමාණයක් යන එන තැනක් කරන්න. මේ කරුණු අනුව පැහැදිලිනේ මේක සක්විති ගනයේ ආයෝජනයක් කියලා. මම අහන්නේ රටේ අධ්‍යාපනය මෙතරම් ධනවාදයට නතු කරන්න පුළුවන්ද?
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය කියන පරීක්ෂණ මංඩලය එන දවස් වලදී රෝහලේ ඇදන් පිරෙව්වෙ කොහොමද කියල ඒකට සම්බන්ධ වෙච්ච මගේ රෝගියෙක් ම කිව්වා.
    කිසිම රෝගයක් නැතුව ඇවිත් ඇඩිමිට් වෙන්න කියල කිව්වලු. සත පහක් චර්ජ් කලෙත් නෑලු. උදේ ගිහින් දවස ඇදට වෙලා ආවලු. කන්න බොන්න එහෙම දීල ඇදන් වලට වෙලා ඉන්න කිව්වලු.
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,741
    12,768
    113
    ඔය කියන පරීක්ෂණ මංඩලය එන දවස් වලදී රෝහලේ ඇදන් පිරෙව්වෙ කොහොමද කියල ඒකට සම්බන්ධ වෙච්ච මගේ රෝගියෙක් ම කිව්වා.
    කිසිම රෝගයක් නැතුව ඇවිත් ඇඩිමිට් වෙන්න කියල කිව්වලු. සත පහක් චර්ජ් කලෙත් නෑලු. උදේ ගිහින් දවස ඇදට වෙලා ආවලු. කන්න බොන්න එහෙම දීල ඇදන් වලට වෙලා ඉන්න කිව්වලු.
    :lol::lol::lol:
     

    waligamaya

    Well-known member
  • ඔය කියන පරීක්ෂණ මංඩලය එන දවස් වලදී රෝහලේ ඇදන් පිරෙව්වෙ කොහොමද කියල ඒකට සම්බන්ධ වෙච්ච මගේ රෝගියෙක් ම කිව්වා.
    කිසිම රෝගයක් නැතුව ඇවිත් ඇඩිමිට් වෙන්න කියල කිව්වලු. සත පහක් චර්ජ් කලෙත් නෑලු. උදේ ගිහින් දවස ඇදට වෙලා ආවලු. කන්න බොන්න එහෙම දීල ඇදන් වලට වෙලා ඉන්න කිව්වලු.

    මම මේවගේ දේවල් ගැන කතාකරන්න් කැමති නැ. මොකද දෙපැත්තේම අය මේක තම තමන්ගේ පුද්ගලිඅත්වය මත තමයි කතා කරන්නේ. අන්තිමට ගමේ ගැනු වැටවල් වලට, කොල්ලෝ මැච් වලට කරන රණ්ඩු වගේ තමයි වෙන්නේ.
     

    waligamaya

    Well-known member
  • යුරෝපයේ මිනිස්සු සටන් කරලා නිදහස් අද්ද්යාපන අයිතීන් දිනා ගනිද්දී අපි තියන දේ මිලකරන්න් යනවා.

    අනික ලංකාවේ අද්ද්යපනයට තියන ඉල්ලුම වුකුර්ති ඉලුමක්. මිස ජතිඅක අවශ්ශතාවයට නෙවෙයි. මොකද මෙහඒ හිතන්නේ දොස්තර, පෙරකදෝරු, ඉංජිනේරු තමයි පොරවල්. ඔන්න් ඕක නිසා තමයි මේ අර්බුද. අපි ඉගෙන ගන්නේ දැනුමට ආසාවේ නෙවෙයි. මේක තමයි මුලික්ම් අර්බුදය. මේවට ව්සදුම් මේ පවතිං ආර්ථික දේශපාලනික නරවලේන්නම් හොයන්න් බැ
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    ඔක පටන්ගත්තේ අද එයේ නේමේනේ..
    අවුරුදු ගනක් ඉගෙන ගත්ත අයට මොකද කරන්නේ?

    මේ රටේ නියපොත්තේන් කඩන්න තියන මගුල් හෑමදාම චා කරගන්නවා.
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,301
    896
    113
    Thama math hoyanooo....
    ඔක පටන්ගත්තේ අද එයේ නේමේනේ..
    අවුරුදු ගනක් ඉගෙන ගත්ත අයට මොකද කරන්නේ?

    මේ රටේ නියපොත්තේන් කඩන්න තියන මගුල් හෑමදාම චා කරගන්නවා.

    option 1) Dr. Nevil F should refund the cost + estimated oppertunity cost for the time
    option 2) identify the gaps and extend the course to fulfil that on the expense of university without charging the students.
     

    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    * SAITM ආයතනය උපාධි කඩයක් කියලා ඇතැම් වෛද්‍ය ක්ෂේත්‍රයට සම්බන්ධ අය හඳුන්වනවා. මෙය ඔබ දකින්නේ කොහොමද?

    ඔබ ඔය ප්‍රශ්නය අහපු නිසා මම කියන්නම් . අද කොතනකදීවත් මේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලය වෙනුවෙන් පෙනී සිටින කවුරු හෝ කියනවද අවුරුද්දකට මේ ආයතනය ලබන ලාභය කොච්චරද කියලා.

    මේ රටේ මාධ්‍යවේදීන් දන්නෙත් නැතිව ඇති. සමහරවිට ඔය ඉගෙන ගන්න දරුවන්ගේ මවුපියන් දන්නෙත් නැතිව ඇති. 2014 අවුරුද්දේ විතරක් SAITM ආයතනය ලැබු ලාභය රුපියල් මිලියන 1265ක්. මෙතරම් ලාභයක් ලබන මේ ආයතනයට බැරිද මේ රටේ අසරණ රෝගීන් වෙනුවෙන් නොමිලේ ප්‍රතිකාර කරන්න. එහෙම කරලා ඔය රෝහල රෝගීන් වැඩි ප්‍රමාණයක් යන එන තැනක් කරන්න. මේ කරුණු අනුව පැහැදිලිනේ මේක සක්විති ගනයේ ආයෝජනයක් කියලා. මම අහන්නේ රටේ අධ්‍යාපනය මෙතරම් ධනවාදයට නතු කරන්න පුළුවන්ද?
     

    Gamane

    Well-known member
  • Apr 1, 2009
    1,284
    126
    63
    In general, I'm in favor for private universities. That's how we can develop a better education system through competition. However, there must be an accepted quality in terms of standard.

    It is a fact that in our higher education system, the best education is provided in Medicine and then Engineering. So, my personnel view is that, bring the private education to compete with the local education system.
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නෙවිල්ගෙ කඩේ අන්තිම කාලෙ තමා යන්නෙ, හොරට උපාධිය විකුනල සල්ලි හොයපු කාලෙ අවසානයි.:)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔක පටන්ගත්තේ අද එයේ නේමේනේ..
    අවුරුදු ගනක් ඉගෙන ගත්ත අයට මොකද කරන්නේ?

    මේ රටේ නියපොත්තේන් කඩන්න තියන මගුල් හෑමදාම චා කරගන්නවා.
    ඔක නිත්යානුකුල ආයතනය්ක් නෙමේ,පැවති කිසිම රජයකින් ඔකට නිත්යානුකූල පිලිගැනීමක් දීල නැ,එහෙම හොර ආයතනයක් පවත්වාගෙන යාමත් වැරදියි එහෙම තැනකින් සේවය ලබාගැනීමත් වැරදියි, ඔකට ඇතුලත් උන අයට දෙයියන්ගෙ පිහිටතමා.
     

    amd2100

    Active member
  • Mar 26, 2008
    774
    152
    43
    Meka maha vihiluwak. Ape lankawe salli wena ratakata deela egena gannawata me moda harak ta terenne na.kochara ape rate salli pitaratawal walata yanawada kiyala. oya saitm eken egena ganneth ape reate lamai salli deela. e gollo bangladesh, russia or china giyama ape ayata mara satuti. puduam gon harak enne. egena ganna eka kohoma kalath egena gananwa. anika oya ape tax walin egena gena ape university eken yana maha loku doctorsla ehenam kisima strike ekek nokara lankawe wada karanna one. okkoma nikam education eka labila podi deyak labune nati unama strike karana ekata normal free education eken ugannwane? asarana minissu kochara ennawada. stike dawas walata oya maha lokuwata saitm ekata ke gahana ekekwath tamun egena gatte ape tax walin kiyala amatakai. Okama SLIIT ekath una. ko dan ekekwath ke gahanne na. oka tamai kuhaka kama kiyanne.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Meka maha vihiluwak. Ape lankawe salli wena ratakata deela egena gannawata me moda harak ta terenne na.kochara ape rate salli pitaratawal walata yanawada kiyala. oya saitm eken egena ganneth ape reate lamai salli deela. e gollo bangladesh, russia or china giyama ape ayata mara satuti. puduam gon harak enne. egena ganna eka kohoma kalath egena gananwa. anika oya ape tax walin egena gena ape university eken yana maha loku doctorsla ehenam kisima strike ekek nokara lankawe wada karanna one. okkoma nikam education eka labila podi deyak labune nati unama strike karana ekata normal free education eken ugannwane? asarana minissu kochara ennawada. stike dawas walata oya maha lokuwata saitm ekata ke gahana ekekwath tamun egena gatte ape tax walin kiyala amatakai. Okama SLIIT ekath una. ko dan ekekwath ke gahanne na. oka tamai kuhaka kama kiyanne.

    අදාළ පහසුකම් ටික හදාගෙන ප්‍රමිතිය තියාගත්ත නං ඕකට අනුමැතිය නොදී ඉන්න හේතුවක් නෑ නේ. අපේ රටේ සල්ලි පිටරට යනව කියල ප්‍රමිතිය නැතත් කමක් නෑ සල්ලි ඉතුරුයි කියල වැඩේ දිගටම කරගෙන යන්න දුන්නම හරි ද ? :oo:
     

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    ලාබ නොලැබීමේ අරමුණ මත ස්ථාපිත උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය විනාශ කළ මහාචාර්ය කාලෝ ෆොන්සේකා දැන් මාලාබේ වෛද්‍ය විද්‍යාලය විනාශය කිරීමට තම දත් මුවහත් කරමින් සිටී.

    එදා ත්‍රීමාවිතානලා සමග උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සටන් කළ සටන් සගයෝ අද පොල් ගස් මුදුනේ සිට පොල් කඩන්නේ අනෙක් කිසිවෙකුට ගෙඩියක් හෝ ඉතිරි නොකරමිනි. ( වෛද්‍ය උප සංස්කෘතියට අනුව පොල් කැඩීම යනු පෞද්ගලික වෛද්‍ය සේවයේ නිරත වීම ය.)
    එදා වෛද්‍ය සිසු ක්‍රියාකාරී කමිටුවේ කටයුතු කළ සටන්කාමී රජයේ වෛද්‍යවරයෙකු අද මාලාබේ වෛද්‍ය විද්‍යාලයේ පරිපාලන ප්‍රධානියෙකි.

    ෆැසිස්ට්වාදී පෙරටුගාමීන් සමග තරඟයට සටන් පාඨ ඩැහැ ගැනීමේ බොළඳ සටනක නිරත වී සිටින ජවිපෙ අද මාලාබේ වෛද්‍ය විද්‍යාලය රජයට පවරා ගැනීමේ සටන් පාඨයෙන් ඔබ්බට ගොස් එය අහෝසි කරන ලෙසට හඬ තලති. එහි ප්‍රචාරක වාසිය සඳහා වෙනුරගේ මව අදටත් යොදා ගැනීම මහා ඛේදවාචකයකි. වෙනුර මෙන්ම වෙනුරගේ අහිංසක අම්මා ද තම පෞද්ගලික වෛද්‍ය විද්‍යාල අහෝසි කිරීමේ සටනට යොදා ගන්නා විට ජවිපෙ හිටපු නායකයන්ගේ දූ දරුවෝ විදේශ රටවල අපූරුවට අධ්‍යාපනය හදාරති. උපතිස්ස ගමනායක ගේ දියණිය බ්‍රිතාන්‍ය යේ වෛද්‍ය විද්‍යාලයක අධ්‍යාපනය හදාරා එහි වෛද්‍යවරියක් වශයෙන් සේවය කරන්නී ය. වෛද්‍ය උපාධිය ලබා ගැනීමෙන් පසුව වුවද ඇය ‘මාතෘ භූමියේ‘ සේවයට පැමිණෙන්නේ නැත. සෝමවංශ අමරසිංහගේ පුත්‍ර රත්නය අධ්‍යාපනය ලබා ජීවත් වන්නේ ද මහා බ්‍රිතාන්‍යයේ ය. යාන්තම් පියාගේ මළ ගමට පමණක් පැමිණ යලි බ්‍රිතාන්‍ය බලා යන්නට ගියේ ය.



    මාලාබේ වෛද්‍ය විද්‍යාලයට උපාධි පිරිනැමීමේ බලතල ලබා දුන්නේ වසර 2012 දී ය. එනම් කාලෝගේ මහ රජා රජකම් කළ වනචර දශකයේ ය. එම උපාධිය ගැසට් කර ඇති ආකාරයට මාලාබේ සිසුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ලියා පදිංචි කළ යුතු අතර ඔවුන් රජයේ සෞඛ්‍ය සේවයට ඇතුලත් කර ගත යුතුය. මෙම ගැසට් නිවේදනය පිලිබඳ ප්‍රශ්න ඇති බව පැහැදිලි ය. එහෙත් මේ සම්බන්ධයෙන් කාලෝ ෆොන්සේකාගේ වෛද්‍ය සභාව හෝ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එදා හීන් කෙඳිරියක් නැඟුවා මිස දැඩි විරෝධතාවයක් ගොනුකෙළේ නැත.



    කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයක් ආරම්භ කෙළේ වසර 2009 දී ය. ආරම්භයේ දී එහි ඉගෙනුම ලැබුවේ හමුදාවේ කෙඩෙට් නිලධාරීන් බැවින් ‘දේශප්‍රේමී‘ කාලෝ ෆොන්සේකලාට, පාදෙණියලාට එහි ප්‍රමිතිය පිලිබඳ කිසිදු ප්‍රශ්නයක් නොවීය. ඉන් වසර දෙකකට පසුව එම වෛද්‍ය පීඨය සාමාන්‍ය සිසුන් සඳහා මුදල් අයකර වෛද්‍ය උපාධි ලබා දෙන පීඨයක් බවට පරිවර්ථනය කෙළේය. මේ වන විට එහි විදේශ සිසුන් ද මුදල් ගෙවා අධ්‍යාපනය ලබයි. මෙම පරිවර්ථනය පිලිබඳ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තුළ විරෝධයක් මතු වූ අතර ඒ පිලිබඳව ගෝඨාභය රාජපක්ෂට දැන ගන්නට ලැබිණ. ගෝඨාභය රාජපක්ෂ දුරකථනයෙන් අනුරුද්ධ පාදෙණිය අමතා “ප්‍රශ්න තිබෙනවාද?“ යි තර්ජනාත්මකව ප්‍රශ්න කෙළේය. “කිසිම ප්‍රශ්නයක් නැහැ සර්“ කියා පිළිතුරු දුන් පාදෙණියට ඒ මොහොතේ සුළු දිය පහ වු බව ඔහුගේම ‘සටන්‘ සගයෝ... :shocked::shocked::shocked::D:D:D


    MR,GR wage minissu inna ona me rata diunu karanna nan.

     

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,897
    17,124
    113
    Kottawa
    ඔය කියන පරීක්ෂණ මංඩලය එන දවස් වලදී රෝහලේ ඇදන් පිරෙව්වෙ කොහොමද කියල ඒකට සම්බන්ධ වෙච්ච මගේ රෝගියෙක් ම කිව්වා.
    කිසිම රෝගයක් නැතුව ඇවිත් ඇඩිමිට් වෙන්න කියල කිව්වලු. සත පහක් චර්ජ් කලෙත් නෑලු. උදේ ගිහින් දවස ඇදට වෙලා ආවලු. කන්න බොන්න එහෙම දීල ඇදන් වලට වෙලා ඉන්න කිව්වලු.

    :shocked::shocked::rofl::rofl::baffled::baffled: