ජවිපෙ නායකයා සයිටම් ආණ්ඩුවට ගැනීම නොව එය අහෝසිම කර දැමිය යුතු යැයි කියා සටන් පාඨයක් ගෙනැවිත් දන්නා සියළු වෙර දමා ඒ වෙනුවෙන් ඊයේ (12) කොළඹ හයිඩ් පිටියේ රැලියක් පැවැත්වීය.
අහෝ ඛේදයන්ගෙත් ඛේදයකි..! රැස්වීමට උපරිම සහභාගී වූයේ 250 කට අඩු පිරිසකි.
මෙයින් පෙනී යන්නේ ‘උසස් අධ්‍යාපනය රජයේ පමණක් විය යුතුයි‘ යන ජනතා විමුක්ති පෙරමුණ, පෙරටුගාමීන් ඇතුළු නියැන්ඩතාල් වම්මුන්ගේ දඩයම් යුගයේ මතය දැන් යල් පැන ගිය එකක් බව ජනතාව තේරුම් ගෙන තිබෙන බවයි.
මෙහිදී ජවිපෙ නායකයා කී කතා ඇසූ විට බඩ අල්ලාගෙන හිනා වීමට හැකිය. තේ වත්තක වැඩ කරන කම්කරුවෙකුගේ දරුවෙකුට ලක්ෂ සීයක් එකසිය දහයක් දී දොස්තර කෙනෙක් විය හැකි දැයි ඔහු ප්‍රශ්න කෙළේය. කවුරුන් හෝ සයිටම් තිබෙන නිසා රජයේ වෛද්‍ය විද්‍යාල වසා දමනවා යයි ජවිපෙ නායකයාට කියා තිබුනා නම් ඔහු එසේ කීවාට කම් නැත. වසර 25 කට අධික කාලයක් තිස්සේ රට ගිනි තබා ඇති එවැනි අමු බේගල් ඊයේ දිනයේත් හයිඩ් පිටියෙන් ඇසිණ. නමුත් ඒවා අසන්නට ජනතාව පැමිණ සිටියේ නැත.