සයින් කොස් ටෑන්

Rochel

Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    පොර ටෝක් දුන්නට තාම හුජ්ජ අසහනකාර ගැටයෙක්නේ
     
    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    ඉස්සෙල්ල කියන්ඩ ඕන මම උසස් පෙළ ගණිතයට එච්චර දක්ෂයෙක් නෙමේ..
    ඒ වුණාට සාමාන්‍ය පෙළ ගණිතයට මට D එකක් තියෙනව :cool:
    කොහොමහරි අමාරුවෙන් හරි උසස් පෙළ ගණිතය තේරුම් ගන්ඩ ආසයි..

    උදා- සාමාන්‍ය පෙළ අපිට සයින් කොස් ටෑන් ඉගැන්නුවෙ සෘජු කෝණික ත්‍රිකෝණයක් අරගෙනනෙ..

    එතකොට අංශක 0 ඉඳං 90ට එනකං විතරයි සයින් කොස් ටෑන් අගයන් තියෙන්නෙ..
    ඒත් ඒලෙවල් වලදි ඕනම අංශක ගාණකට සයින් කොස් ටෑන් අගයන් තියෙනව :)
    0-360ට එනකං...

    ඒ වුණාට අපිට මහා කෝණික ත්‍රිකෝණයක් අරං සම්මුඛ පාද බද්ධ පාද බෙදල ඒ අගයන් ගන්ඩ බෑ
    අංශක 90ට වඩා ගන්ඩනං මහා කෝණික ත්‍රිකෝණයක් ගන්ඩ වෙනවනෙ..

    බලං යනකොට මෙතන ඇත්තටම තියෙන්නෙ ඛණ්ඩාංක තලයක්
    සම්මුඛ පාද බද්ධ පාද කර්ණය නෙමේ... :lol:
    Y අක්ෂය, X අක්ෂය තමා මෙතනදි සලකන්නෙ..

    තව දෙයක් තමා මාපාංක. ඕලෙවල් වල මාපාංකයක් ගැන කියන්නෙ නෑනෙ..

    මම 2015 සිට 2017 දක්වා ශයි තුනම කලා. මටත් වැඩිය මැත බෑ... මම දන්න විදිහට කියන්නම්. වැරද්දක් තියේනම් කියන්න.

    ප්‍රලම්භ ප්‍රක්ශේපන.

    ප්‍රලම්භ ප්‍රක්ශේපන කියන්නෙ මෙහෙම දෙයක්. හිතන්නකො X,Y තලය තියනව. මූල ලක්ශයේ ඉඳන් x අක්ශයට යම් ආනතියකට රේඛාවක් අඳිනව. ඒ රේකාවෙන් y අක්ශය මත වහගන්න ටික y අක්ශය මත ප්‍රලම්භ ප්‍රක්ශේපනය කියනව. x අක්ශය මත වැහෙන ටික xය මත ප්‍රලම්භ ප්‍රක්ශේපනය කියනව.

    Picture Link

    open

    Sin වල අර්ත දැක්වීම.

    අපි චූටිකාලෙ ඉඳන් අහල තියෙන්නෙ සම්මුඛ පාදය බෙදීම කර්න පාදය කියල. ඒත් හරිම අර්ත දැක්වීම තමයි වයි අක්ශය මත ප්‍රලම්භ රේඛාවේ දිග. එතකොට චූටි කාලෙ කියපු එක වැරදිද??? නෑ.... ඒකත් හරි. මෙතෙන්ට ත්‍රිකෝනයක් රින්ගෝල තියෙන්නෙ අපිට යම් තැනකට ත්‍රිකෝනමිතිය දාගන්න, ලෝකය ත්‍රිකෝනමිතිකව දකින්න ලේසි වෙන්න. චූටි කාලෙ ඕක කිව්වනම් මම මැත්ස් කරන එකකුත් නෑ.:lol: තාම අවුල් වගේනම් පහල රූපෙ බලන්නකො.

    ඔය විදිහට cos කියන්නෙ x අක්ශය මත ප්‍රලම්භ ප්‍රක්ශේපනය බෙදීම රේඛාවේ දිග. Tan කියන්නෙ y අක්ශය මත ප්‍රලම්භ ප්‍රක්ශේපනයේ දිග බෙදීම x අක්ශය මත ප්‍රලම්භ ප්‍රක්ශේපනයේ දිග.

    අන්ශක 0 ඉඳන් 360 දක්වා යද්දි ඔය දිගවල් සුපුරුදු පරිදි +/- සලකා ගත්තාම තමා අර All Sain Thomas Collage සීන් එක එහෙම එන්නෙ.

    මේක තෙරුනාද කියන්නකො. නොතේරුන දෙයක් තියේනම් අහන්න.
    මාපාන්ක පස්සෙ කියන්නම්....
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428

    ‍තේරුණා +17, ප්‍රලම්භ ප්‍රක්ෂේපන කියල ජාතියක් අටවගත්තෙ මොකද දන්නෙ නෑ
    දැං මාපාංක ගැන කියන්ඩ :cool:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    gif.latex

    මේක කොහොමද සුළු කරන්නෙ (සුළු කරනවට ඉංග්‍රීසියෙන් කියන්නෙ මොකක්ද)

    gif.latex
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මේ අනුරාද බොරුව දාන්නේ :yes: දන්නේ නෑ වගේ අපෙන් අහන්නේ

    ඉස්සෙල්ල සුළු දේවල් ටිකක් දැම්මෙ..
    ලොකු දේවල් පසුවට
    මටත් දෙයක් ඉගෙනගන්ඩ පුලුවන් උඹලගෙන් ;)
     
    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ප්‍රලම්භ ප්‍රක්ෂේපන ගහල සයින් කොස් ටෑන් හොයන්ඩ හේතුව මොකක්ද?
    ඔන්න සෘජුකෝණික ත්‍රිකෝණයක්නං ප්‍රායෝගිකයි. මොකද බිල්ඩිමක උසක් හරි මනින්ඩ පුලුවන්..
    ඇත්තටම දන්නෙ නැති නිසයි අහන්නෙ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    |x+2| = 5
    mapanka kalla +, - dekama wenda puluhan
    eka handa...+ weddi x+2=5......x=3
    - weddi -x-2=5..........x=-7

    මාපාංක සීන් එක එන්නෙ දිශාව අත හැරල අගය විතරක් ගත්තම නේද..
    තව මම අහල තියෙනව අංශක මෙච්චර ගාණක් කැරකුණාම (360+30) අගය අංශක 30යි කියල. ඒකත් මාපාංකද :confused: