සයින් කොස් ටෑන්

kadda

Well-known member
  • Jun 16, 2007
    614
    412
    63
    සයින් කොස් ටෑන්

    මේ ළඟකදී මායි චතුරයයි මදූෂයයි සෙට් වුනා. අපි සෙට් වෙනවා කියන්නේ ප්ලේන්ටියක් ගහගෙන ඒකේ පෝඟෝගෙන මාරි බිස්කට් කන එකට හරිය ..

    අපි සෙට් වුනාම කතා කරන්නේ ලොකු ලොකු දේවල්. එම් සී සී ගිවිසුම රටට හිතකරද?, බදු සංශෝධනය උද්ධමනයට ඇති කරන බලපෑම, ස්විස් තානාපති කාර්යාලයේ සිද්ධියේ ඇත්ත නැත්ත වගේ ඒවා. තනිකරම වියත් මගක් නෙවෙයි වියත් මගවල් ගොඩාරියක්...

    ඔන්න චතුරයා එක පාරටම ප්ලේන්ටි උගුරක් බීලා කියපි, “මචං බලපං අපි ඉස්කෝලෙදි ඉගෙනගත්ත ඒවා මෙලෝ වැඩකට නෑ. බොරුවට කාලේ කෑවා විතරයි. අයියෝ සල්ලි.” කියලා.

    කොහෙද මූට ප්ලේන්ටි හදලා දෙන්න අපේ අම්මට පුලුවන් උනාට මොලේ දියකරලා දෙන්න බෑනේ. මූත් කට ඇරියොත් අර චතුරයා වගේමයි. නෑ නෑ ඒ චතුර නෙවෙයි. අර සේනාරත්න. ඔව් එයා වගේමයි.

    අපි ඉගෙනගත්ත වැදගත් දේවල් මේ විදිහට පාච්චල් කරනකොට මම හරිම සංවේදී වෙනවා. ඇඟේ ලේ රත් වෙනවා. ඒත් මම ඉවසුවා.

    “මචං එහෙම කියන්න එපා. අපි දන්නේම නැතිව ඒවා පාවිච්චි වෙනවා. සමහරක් ඒවා පාචිච්චි වෙන්නේ ලොකු ලොකු වැඩවලට. මම නං ඕවා දන්නවා ඉතිම්. කොහෙද තොපි අපි වගේ රටේ තොටේ කරක් ගහන උන්යැ... දැන් උඹලට මතකද සයින් කොස් ටෑන් සක බක සබ ....?”

    “කියලා වැඩක් නෑ. ඒ දවස්වල ගණන් හැදුවට දැන් පාවිච්චියක් නෑනේ බං. චතුරයා කියන්නා වගේ තනිකරම කාලේ කෑමක්.” මදූෂයා කට ඇරපි.

    මුගේ අම්මලා මොනවා නැතත් මූට නම නම් හරියටම දාලා තියෙනවා. හැබැයි තේරුම ගන්න නම විසන්ධි කරන්න ඕනි. මද + උස = මදූෂ, ආන් එහෙමයි උගේ නම හැදෙන්නේ.

    මේ විකාර කතා තවත් අහන් ඉඳලා අපේ අධ්‍යාපන ක්‍රමයට ගරහන්න දෙන්න බෑ.

    “මචං, මාත් ඉස්සර හිතන් හිටියේ එහෙම තමයි. ඒවා භාවිතා වෙන්නේ විවිධ සෙක්ටර් වල. උදාහරණයක් විදිහට සයින් කියන එක බෑන්කිං ඇන්ඩ් ෆයිනෑන්ස් සෙක්ටර් එකේ. කොස් සහ ටෑන් දෙකම මාකටින් වල මූලික ප්‍රභේද.”

    අරුන් දෙන්නා කොර. කොහෙද මේවා නිරීක්ෂණය කරන්න හැමෝටම බෑ. ඒකට සියුම් ඇහැක් තියෙන්න ඕනි. මම කතාව ආයේ පටන් ගත්තා.

    “දවසක් මම බැංකුවට ගියා අකවුන්ට් එකක් අරින්න. සුදු ලස්සන නංගි කෙනෙක් මට කොලයක් දීලා කියනවා සයින් හියර් සර්, සයින් දෙයාර් සර් කියලා. අඩෝ එතකොට තමයි මාත් දන්නේ සයින් කියන්නේ බැංකුවල වැදගත් යමක් කියලා. මං ඒත් නොදන්න බව පෙන්නුවේ නෑ. මං ඇහුවා සයින් කියන්නේ සක නේද කියලා. මං හිතන්නේ එයාලා විතරක් දැනන් හිටපු දෙයක් මම දැනගත්තේ කොහොමද කියලා බැංකුවේ ස්ටාෆ් එකම පුදුම වුනා. කොටින්ම මාව මැනේජර් මහත්තයාටත් අඳුන්නලා දුන්නා ඕයි....”

    චතුරයයි මදූෂයයි බර කල්පනාවක. මං හිතන්නේ මගේ මොලේ ගැන පුදුම හිතෙන්න ඇති. ඉරිසියාත් ඇති ඉතිම් උනුත් මනුස්සයෝනේ.

    “කොස් කියන එක ඇවිල්ලා මචං දේශීය භාණ්ඩ මාකට් කරනකොට භාවිතා වෙන මාකටින් ස්ට්‍රැටජි එකක්. සීන් එක මට මීටර් උනේ අම්මා එක්ක පොලේ ගියපු වෙලාවේ. පොරක් කෑ ගහනවා කොස් 30යි කොස් 60 යි, කොස් 30 යි කොස් 60යි කියලා. අඩෝ අපි ඉගෙනගත්ත ඒවායින් කවුරු හරි වැඩක් ගද්දි කාටද ආඩම්බර. මම ගිහින් කිව්වා මාමේ, අපි මේ සීන් එක දන්නේ නෑනේ. මීට පස්සේ පොලේ එද්දි ලඝු පොතත් අරන් එන්නං කියලා.

    පොර ඇස් කරකවලා බැලුවා මේම .... කොහොමද දන්නවද ? මේම... මං හිතන්නේ පොර බය වුනා මං සීන් එක දැනගත්ත නිසා. මෑන් කියනවා ඒ මගුලක් මම දන්නේ නෑ මහත්තයා කොස් පොඩි මල්ල 30 යි ලොකු මල්ල 60 යි කියලා. පොරගේ ගොරකා මදි මචං මාව තම්බන්න. ඒ වෙද්දි මට සීන් එක මීටර් වෙලා ඉවරයි. කොස් කියන්නේ ගණන් වලදි ඉගැන්නුවට වැදගත් මාකටින් සංකල්පයක්.”

    උගුරත් වේලිලා හින්දා ගැහුවා ප්ලේන්ටි උගුරක්. මුන් දෙන්නා කතා නෑ. මදූෂයා බොරුවට ප්ලේන්ටියේ ගිලිච්ච මාරි කෑල්ලක් හොයනවා වගේ ඉන්නවා. පව් ඉතින්. යාලුවෝ උනත් මුන්ට මං ගැන ඉරිසියා හිතෙන එක සාමාන්‍යයි.

    “එතකොට මචං ටෑන්? “ චතුරයා අහපි.

    “ඕක තමයි මට විසඳගන්න බැරිව තිබ්බේ. මේ ළඟදී තමයි සීන් එක තේරුනේ ස්ටාර් ක්‍රිකට් චැනල් එකේ මැච් එකක් බලද්දී. “

    “අඩෝ ටෑන් ක්‍රිකට් වලට සම්බන්ධද?” මදූෂයාට ඉවසිල්ලක් නෑ.

    “නෑ බං. ටෑන් කියන්නේ ජාත්යනන්තර වෙළඳාමේ මාකටින් සංකල්පයක්. කොටින්ම ඇඩ් මැද්දේ මැච් එක යද්දි බලහන් ටෑන් කියලා දොඩම් බීම එකක් තියෙනවා කියලා උඹලාට පෙනෙයි. “

    “අම්මපා කියාන් ... “ මදූෂයාගේ ඇස් දෙක එලියට ඇවිත් සහෝදරවරුනි විස්මයට...

    “යකෝ බොරුනම් දැන් දාහන් ටී වී එක මම පෙන්නන්න.”

    “එතකොට මචං සබ කියන්නේ සම්මුඛ සහ බද්ධ කියන එක නෙවෙයිද? “ චතුරයා අහනවා.

    අනේ මුන් වගේ හරක් මගෙත් යාලුවෝ වුනානේ.

    “ඒවා මචං හැමෝටම තේරෙන් නෑ. අපිට සීන් එක උගන්නන්නේ වහලා. සබ කියන්නේ සන්නිවේදනය හා බන්ධුතාවය. තව ප්‍රශ්ණ තියේද? “

    මම තව ප්ලේන්ටි උගුරක් ගැහුවා. මදූෂයාට ප්ලේන්ටිය ඉස්මොල්ලේ ගියා. චතුරයා පිටට ගහනවා. මුන් දෙන්නා අමුතු විදිහට මන් දිහා බලනවා. මම කකුලක් පිට කකුලක් දාගත්තා.

    අමතක කරන්න එපා. යාලුවෝ උනත් මනුස්සයෝය. ඉරිසියා හිතෙන ඒවා වැඩිය කියන්න එපා. ඇස්වහ කටවහ වදින්න බලනවා.
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,867
    1
    60,752
    113
    Mother Earth
    අන්තිමට දෙන්නම වට වෙලා චතුරට පුකේ අරින්න ගත්තා.