සයිලන්ser

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
රයිෆලයකින් හෝ පිස්තෝලයකින් හෝ රිවෝල්වරයකින් හෝ වෙඩිල්ලක් තැබීමේදී පිටවන හඬ, සහ යන්තමින් හෝ පිටවන දුම,අවම කරගත හැකිනම්, රහසිගතව යම් වෙඩි තැබීමක් කිරීමට හැකිවනවා. එවිට අවට පරිසරයේ සිටින අය දන්නේ නැහැ වෙඩි තැබීමක් සිදුවුණ බව. විශේෂයෙන් හඬ බොහෝ දුරට ඇසීම සිදුවන්නේ, රාත්‍රී කාලයේදී අප අවට පරිසරය බොහෝ දුරට නිහඬ නිසයි. ඒ නිසා සයිලන්සර් යොදා වෙඩි තැබීම බහුලව සිදුවන්නේ රාත්‍රී කාලයේදීයි. එමෙන්ම දිවා කාලයේදී වෙඩි තබන විට දුම පිටවනු පෙනුනොත් වෙඩි තැබීම හෙළි වන්නට ඉඩ තිබෙනවා. සයිලන්සරයක් තිබේනම් වෙඩි හඬ 90% ක් පමණ හා දුම සම්පූර්ණයෙන් නැති කර වෙඩි තැබිය හැකියි. සයිලන්සර් යොදාගෙන වෙඩි තැබීම් සිදු කරන්නේ ආරක්ෂක හමුදා, විශේෂ පුහුණු පොලිස් ත්‍රස්ත මර්දන කණ්ඩායම්, ආදිය විසිනුයි. නමුත් ත්‍රස්තවාදීන් අතේ මෙන්ම හොරුන් මංකොල්ල කරුවන් (ලංකාවෙනම් මේ දෙවර්ගය අතේ තිබුනා කියලා අසා නැත) අතේද හඬ අවම කිරීමේ කොටස සහිත පිස්තෝල තිබෙනවා. අපේ රටේදී රජයෙන් බලපත්‍රයක් ගෙන පිස්තෝලයක් මිලදී ගතහැකි නමුත් සයිලන්සර සඳහා අවසර දෙන්නේ නැහැ. නමුත් අප අවට පරිසරයේ ඇති යම් යම් දේවල් යොදවා ක්ෂණිකව සයිලන්සර් නිපදවා ගතහැකියි. ඒවායින් 80% කට වඩා හොඳ ප්‍රතිපල ගත හැකියි. නමුත් එය කරන ආකාරයනම් කවදාවත් මා කියන්නේ නැහැ.

ඉහත රූපයෙන් ඔබට පෙන්වා ඇත්තේ පිස්තෝලයකට සයිලන්සරයක් සවිකර ඇති ආකාරයයි. එය සිලින්ඩරාකාර වස්තුවක් බවත්, පිස්තෝලයේ බටයේ අග්ගිස්සට සවිකර ඇති බවත්, පිස්තෝලයේ බටයට වඩා ටිකක් මහත බවත් පෙනෙනවා නේද? මේ උපකරණය සාදා තිබෙන්නේ ලෝහ, පදම් කල ඝන රබර්, ප්ලාස්ටික්, යන දේවල සංකලනයකින්. ඔබ බොහෝවිට දන්නවා ඇති වාහනවල සයිලන්සරයේ ඇති කුටීර සහිත කොටස. බාස් උන්නැහේලා මේ කොටසට කියන්නේ ‘ගෙඩිය’ කියලයි. පහත දැක්වෙන්නේ ඒ වාහන සයිලන්සරයක අදාළ කොටසේ රූප සටහනක්.

මේ රූපයේ දක්වා ඇති සයිලන්සරයේදී හඬ මෙන්ම දුම අඩු කිරීම සිදු කෙරෙනවා. ඒ සඳහා යොදාගෙන ඇති උපක්‍රමය වන්නේ, ලෝහ පයිප්ප කොටස් කීපයක්, එවැනිම ලෝහ කුටීරයක් තුල, සම්පූර්ණයෙන් මුද්රාකොට දුම ඇතුළුවීමට හා පිටවීමට පමණක් ඉඩතබා සැකසීමයි. දුම සහ හඬ මෙසේ වක්‍ර මාර්ග දිගේ ගියත්, වෙඩි උණ්ඩයකට එසේ යා නොහැකි බව ඔබට අමුතුවෙන් කිවයුතු නැහැ. ඒ නිසා මේ න්‍යායම වෙනත් ක්‍රමවේදයකින් තුවක්කු සයිලන්සරයක් තුලදී සිදුවෙනවා. අපි මුලින්ම බලමු සාමාන්‍යයෙන් පිස්තෝල සයිලන්සරයක් පිටතින් පෙනෙන ආකාරය.

පෙනුමෙන් මෙය ඉතා සරල උපකරණයක් වුනත් එහි ඇතුලත සැකැස්ම තරමක් සංකීර්ණයි. එමෙන්ම මෙයින් සිදුවන සේවය අති විශාලයි. සාක්කුවේ දාගෙන යාහැකි ප්‍රමාණයේ සයිලන්සර් වල සිට අඩියක් පමණ දිග සහ විවිධ මහත ප්‍රමාණයන්ගෙන් යුත් සයිලන්සර්ද තිබෙනවා. එසේ විවිධ ප්‍රමාණවලින් ඇත්තේ විවිධ රයිෆල්, පිස්තෝල, රිවෝල්වර් වල බටය විවිධ මහත (කැලිබර්) ප්‍රමාණයන්ගෙන් නිපදවා ඇති නිසයි. එමෙන්ම සයිලන්සරයේ දිග වැඩිවූ තරමට, (ඇතුලත ඇති හඬ අඩු කිරීමේ කොටස් වැඩිවූ තරමට) එයින් උසස් ප්‍රතිපල ලබාගත හැකියි. නමුත් සයිලන්සරයක් සවිකළ පසු අවාසිද තිබෙනවා. බටයේ දිග වැඩි වීම නිසා විශේෂයෙන් පිස්තෝල, රිවෝල්වර, ආදිය සඟවා ගැනීමට අපහසුවීම. වෙඩි තබන ස්ථානයට ගොස් සයිලන්සරය සවිකිරීමේදී කාගේ හෝ නිරීක්ෂණයට ලක්වීමට ඉඩ තිබීම, වෙඩි තැබූ පසු නැවත සඟවා ගැනීම සඳහා සයිලන්සරය ගැලවීමට සිදුවීම, එවැනි අවාසි ලෙස දැක්විය හැකියි. සයිලන්සරයක් සවි කල පසු පිස්තෝලයක දිග වැඩිවී ඇති අයුරු මේ පින්තූරයෙන් පෙනෙනවා.

16c71qh.jpg


පිස්තෝල වලට මෙන්ම රයිෆල් වලටද සයිලන්සර් සවි කල හැකියි. ඒ.කේ.47 වර්ගයේ (ටී 56 අවියේ මුල්ම නිපැයුම) රයිෆලයකට සයිලන්සරයක් සවිකර වෙඩි තබන අයුරු මේ සමග දක්වනවා.

2l9iqgk.jpg


සයිලන්සරය පිලිබඳ ඉතා සංකීර්ණ විස්තර ගොඩක් තිබෙනවා. එතින් අත්‍යවශ්‍යම කරුණු පමණයි විස්තර කරන්නේ. එහෙම නොකලොත්, ඒ කියන්නේ න්‍යායාත්මක කරුණු වැඩි කලොත්, ලිපිය නීරස වෙනවා. අපි දැන් බලමු සයිලන්සරයක ඇතුලත සාදා තිබෙන්නේ කෙසේද කියා.
iwks5j.gif


ඔබට පැහැදිලිව පෙනෙනවා ඇති, වෙඩි උණ්ඩයට ගමන් කිරීමට ඉඩ තබා, ලෝහ සහ රබර් මිශ්‍රිත ඝන මුදු රාශියක්, සමාන පරතරයකට අනුව සවි කර ඇති ආකාරය. එයින් කුටීර රාශියල් සැකසී තිබෙනවා. හඬ සහ දුම අඩුවන්නේ ඒවා ආධාරයෙන්. අපි දැන්, සයිලන්සරයක් ගලවා එහි ඇතුලත බලමු.
i27l3o.gif


2hqzbkl.jpg

මේ රූපයෙන් ඔබට පෙනෙනවා ඇති අර මා කලින් සඳහන් කල මුදු. මේවා නිසා තමයි වෙඩි හඬ 90% කටත් වඩා අඩු වන්නේ. එමෙන්ම දුම සම්පූර්ණයෙන් නැතිවන්නේ. මා හිතනවා මේ විස්තරය ප්‍රමාණවත් කියා ඔබට ගිනි අවි සයිලන්සරයක් පිලිබඳ සාමාන්‍ය අවබෝධයක් ලබාගැනීමට.

b3ners.jpg


මෙය කියවන, ශ්‍රී ලංකාවේ කොළඹ, කොලොන්නාව, කටුනායක, වැනි නගර වල ජීවත්වන අයගෙන්, කීප දෙනෙක් හෝ දකින්නට ඇති, පසුගිය කාලයේ එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන්, ඔවුන්ගේ ගුවන් යානා යොදවා, රාත්‍රී කාලයේදී, ඉහත සඳහන් නගර ආශ්‍රිතව එල්ල කල ප්‍රහාර වලදී, ගුවන් යානා නාශක තුවක්කු වලින් අපේ ආරක්ෂක හමුදා, බිම සිට, ප්‍රති ප්‍රහාර එල්ල කල ආකාරය. එහිදී මල් වෙඩි වගේ එලි රාශියක්, ගුවනට යොමුවනු ඔබ දකින්නට ඇති. ඒ උණ්ඩ, .50 සහ 12.7 වැනි විශාල කැලිබර් වල තුවක්කු වලින් එල්ල කල ප්‍රහාර. එම උණ්ඩ ට්‍රේසර් පමණක් නොවේ. ඒ.පී.අයි.ටී. උන්ඩද එම ප්‍රහාර වලදී එල්ල කෙරුනා. මට අවශ්‍ය වුනේ ට්‍රේසර් උණ්ඩයද එවැනි එළියක් ( ටී 56 ට්‍රේසර් පතරොමක එලිය එතරම්ම ප්‍රබල නැහැ.) සහිත බව කීමටයි.

2v9u0yb.jpg


ට්‍රේසර් පතරොමකින් කරන්නේ, යුද භටයකු ලෙස, මම රාත්‍රී කාලයේදී දකින ඉලක්කයක්, මගේ අනෙක් සගයන්ටත්, මට වඩා ඈතින් සිටින අයටත්, පෙන්වාදීමයි. යුද බිමේදී මෙසේ කිරීමෙන්, මා සිටින තැන අනාවරණය වේදැයි ඔබ අසා තිබුනා. එයට යම් ඉඩක් තිබුනත්, ට්‍රේසර් පතරොම දකින විටම මගේ සගයන්ද, එතනටම වෙඩි තබන නිසා, මගේ අවදානම අඩු වෙනවා. අනෙක් කාරණය නම් ටී 56 ට්‍රේසර් පතරොමක පසුපස දැල්වෙන එලිය එතම් ප්‍රබල නැහැ.

ට්‍රේසර් පතාරොමේ ආලෝකය ලබාගැනීම සඳහා, එහි බුලට් කොටසේ විශේෂ වෙඩි බෙහෙත් මිශ්‍රණයක් ඇතුලත් කර තිබෙනවා. ඒ නිසා, බුලට් එක ඉලක්කයට ලඟාවනතුරු ආලෝකය දැල්වී පවතිනවා. එය රෝස පැහැයට හුරු රතු පැහැයක එළියක්. පහත පින්තූරයෙන් ඒ සැකැස්ම පෙන්වාදී තිබෙනවා.


උපුටා ගැනීමකි
රෙපක් බම්පුවක් දාලම යමු



තුවක්කු ගන්න පුලුවන් කාටද?

ඕනෑම කෙනෙකුට නෙවෙයි, රජය මගින් පිළිගත් සාධක තිබෙනවා. සෑම විටම අති විශාල මුදලක් එහා මෙහා ගෙනයන පුද්ගලයකු වීම. එය මුදලින්ම ගෙනයාමට පිළිගත හැකි සාක්ෂි ඉදිරිපත් කලයුතුයි. අති විශාල දේපලක් පරිහරණය කිරීම. ඔන්න ඔය වගේ හේතු අනුව තුවක්කුවක් හෝ පිස්තෝලයක් සඳහා බලපත්‍රයක් ගත හැකියි.
දැනට වලංගු ක්‍රමය වන්නේ, තම පෞද්ගලික ආරක්ෂාව සඳහා තුවක්කු බලපත්‍රයක් ඉල්ලා, තම ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් මගින් දිස්ත්‍රික් ලේකම් වෙත ලිඛිත ඉල්ලීමක් කිරීමයි. මේ සඳහා පනවා ඇති කොන්දේසි පිළිබඳව අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් විමසා බලන්න. රජයෙන් ලබා දෙන්නේ බලපත්‍රය පමණයි. ඉන්පසු පුවත්පත් දැන්වීම් මගින් සොයා බැලිය යුතුයි විකිණීමට ඇති තුවක්කු පිළිබඳව. සමහරවිට බලයලත් වෙළෙඳුන් සිටින්නට පුළුවන්.
 
Last edited:

H@suri

Member
Sep 17, 2006
2,518
349
0
වියට්නාමයේ
දඩබ්බරයා;13662525 said:
Machan pistal ekakata balapathrayak ganna oona sudusu kam saha eka karanne kohamada kiyala mata tikak kiyapanko uba dannawanam.....nice post thanx....

මචන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහින් තමා ඒ බලපත්‍රය ගන්න ඕන ඊට පස්සෙ බලපත්‍ර තියන තුවක්කු විකුනන තැනකින් ගන්න ඕනේ