සිංහල සිනමා සංගීත ක්ෂේත්‍රයේ අමරණීය ගීත රැසක සංගීත නිමැවුම්කරු 'සරත් දසනායක' ශිල්පියාණන්ගේ 16 වන ගුණ සමරුව

නොවැම්බර් 17 වැනිදා පස්වරු 4.00ට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී සමරු උත්සවයක් පැවැත්වේ. මෙහිදී ඒතුමාගේ සංගීත නිර්මාණ හා සියලු ජීව දත්ත තොරතුරු ඇතුළු සවිස්තරාත්මක ග්‍රන්ථයක් ‘සරත් දසනායක සංගීත මෙහෙවර : සිනමාව - ටෙලි නාට්‍ය - සරළ ගී හා ළමා ගී’ නමින් එළිදැක්වේ.
සමරු දේශනය මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් සිදු කිරීමට නියමිත අතර ‘සංගීතවේදී සරත් දසනායක සිනමා ගී නිර්මාණ රූපාවලිය’ ප්‍රදර්ශනය කිරීමට ද කටයුතු යොදා ඇත. සරත් දසනායක යනු මෙරට වැඩිම චිත්‍රපට ගණනක සංගීත අධ්‍යක්ෂණය කළ සංගීත අධ්‍යක්ෂවරයා වෙයි.
තවත් දශක ගණනාවකට නොමියෙන සිනමා ගී නිර්මාණ සිය ගණනක නිර්මාණ ශිල්පියා සිහිකරන ඒදිනට හැකිනම් ඔබත් යන්න. නිර්මාණ රස විඳින්න. මේ පිළිබඳ උනන්දු අනෙක් අයවත් දැනුම්වත් කරන්න.