<<<< සරසවි කුරුටු ගී >>>>

rangathusith

Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    මොර‍ටුව සරසවිය


    හන්තානට පායන සඳ අපිට නැතී
    කොළඹ වගේ හැඩ පොශ් බඩු අපිට නැතී
    ජපුර වගේ එකට තුනක් අපිට නැතී
    බීලා ගත්තු ආතල් නම් එමට ඇතී
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    සරසවි ආ ටිකිරි මැණිකේට...




    ගතට හිර ඩෙනිම් නුඔ වෙත නොඒවා

    දිගට ඇදිසාය කෙටිවී නොපැලේවා

    රෝස තොල් පැහැය ඒ ලෙස තිබේවා

    දිගට තිබෙන කොණ්ඩය කෙටි නොවේවා
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    විරසුරිය නේවාසිකාගාරෙ 28 කාමරේ දොරේ...




    මල් පිපිච්ච පෙති පිරිච්ච

    මිදුල පුරා මල් වැටිච්ච

    පාග යන්න දුක හිතිච්ච

    අතීතයක් ඇත ගෙවිච්ච
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    කය නම් අසාරය
    ලව් නම් භයංකාරය
    කිය්යු කිම සාරය
    පෙනෙයි රංජිත්ගෙන් දිවා රැය


    (මාකස් ප්‍රනාන්දු ශාලාව - කාමර අංක 72)
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    කලකිනි පඤ්ඤා ලෙක්චර්ස් එන්නේ
    දුකකිනි ලෙක්චර්ස් ෆලෝ කරනේ
    කරත්තෙනුයි ඔහු ගමන් කරන්නේ
    අව් වැසි කිසිවක් නෑ සලකන්නේ

    ඇල් වතුරෙන් ජීවිතය ගෙවන්නේ
    කරත්තෙ බැඳලයි ලෙක්චර්ස් එන්නේ
    ගොනාට තණකොල චොක්ලට් දෙන්නේ
    මෙහෙමයි පඤ්ඤගෙ කාලෙ ගෙවෙන්නේ

    දින සති ක්‍රමයෙන් ගෙවිලා යන්නේ
    පඤ්ඤා කරත්තෙන් බිමට වැටෙන්නේ
    ඔහු නෑ කොයි කවුරුත් රුස්සන්නේ
    ලයිබරියේමයි ඔහු මිය යන්නේ


    (ප්‍රධාන පොත්ගුල 01 මහල - පේරා වි.වි)
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    වාසිටියේ පච ගස බිම වැටීයන්
    කැන්ටින් එක කරන නෝනා මැරීයන්
    ගුනේ අයියගෙ දෙසුම අදවත් ඉවර වෙයන්
    බූට් දුන්න කෙල්ලම මට ලැබීයන්


    (ප්‍රධාන පුස්තකාලයේ 04 මහලේ බිත්තියකිනි - පේරා වි.වි)
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    ගුණෙ අයියා පැමිනෙන්නේ
    බුත්සරන අරගන්නේ
    හොඳින් කියවන්නේ
    අපට නිදි දෙව්දුව ලඟා වන්නේ

    නින්ද නොයන අය හොඳහැටි අහගන්න
    ගුණෙ අයියගෙ දේශනයට පැමිනෙන්න
    අසුනක් අරා හිඳ දෙසුමට කන් දෙන්න
    නිදි දෙව්දුව උරයි තොල්පෙති සැනිකින්න



    (ප්‍රධාන පොත්ගුල 05 මහල - පේරා වි.වි)
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    අනේ මීනුවන්
    ඔබේ දෙසුමන්
    මගේ දෙනුවන්
    කරයි අඩවන්


    (ප්‍රධාන පුස්තකාලය - කැලනිය වි.වි)
     

    rangathusith

    Well-known member
  • Apr 23, 2011
    3,030
    771
    113
    බංකරේ..
    බඩ මැදින් කලිසම ඇඳගෙන
    තට්ටේ තෙල් තවරාගෙන
    ‍ව්‍යාකරණ පොත අරගෙන
    විජේ අයියා එයි විගසින

    තට්ටයා ව්‍යාකරණ කරයි
    කෙල්ලෝ කොල්ලෝ ජොලියෙ කතා කරයි
    උන්ගේ කෑකෝ ගැසීම් අස්සේ
    තට්ටයා ව්‍යාකරණ කරයි

    'තට්' ධාතුවට 'ට' යන්න
    ආදේශ වීමෙන් හා
    'යා' ප්‍රත්‍ය එකතු වීමෙන්
    'තට්ටයා' පදය සෑදෙන බවත්
    ඔහු අපට උගන්වයි


    (ප්‍රධාන කලාගාරයේ මේසයකිනි - පේරා වි.වි)



    උපුටා ගැනීම : වසන්ත කේ දිසානායක (පේරා.වි.වි - සිංහල අංශය) - විශ්ව විද්‍යාලයීය භාෂා ව්‍යවහාරය 1995
    මන් ගත්තේ මෙතනින්..http://srimahasen.blogspot.ca
     

    lakshithalcr

    Well-known member
  • May 31, 2007
    7,705
    312
    83
    35
    රත්නපුර
    ගණදුර කැටිවුන හදවත් කුටියේ
    බලා හිඳින්නෙමි තනිය දරා
    ගණදුර දුරලන සඳරැල්ලක් වී
    මගේ ලොවට ඔබ වඩින තුරා

    meka tamai mata lassanama
    patta mchan
    thawa dapan