සරසවි සිසුන්ට හමුදා පුහුණුව

westminster

Member
Dec 4, 2010
145
41
0
සරසවි සිසුන්ට හමුදා පුහුණුව

විශ්වවිද්‍යාල ප‍්‍රවේශයට පෙර හමුදා කඳවුරක සති තුනක පුහුණුවක්

2011 ජනවාරි 05 වෙනි බදාදා, 19:11 Sri Lanka Mirror Editor



11-01-05--s_b.gif

විශ්වවිද්‍යාල වරම් ලබන සිසුන්, සරසවියට වෙත ඇතුළත් කර ගැනීමට පෙර මෙරට හමුදා කඳවුරු තුළ දී සති තුනක පුහුණුවක් ලබාදීමට අපේක්ෂා කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක පවසයි.
ඔහු මේ පිළිබඳ අදහස් දැක්වූයේ අද (05) පස්වරුවේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිසානායක මහතා පැවසුවේ නායකත්ව ගුණාංග වර්ධනය කිරීමේ අරමුණින් එම සිසුන්ට අදාළ පුහුණුව ලබාදෙන බවයි.

තවද, ලබන වසරේ දී උසස් පෙළ සිසුන්ට ඉංග‍්‍රීසි ප‍්‍රශ්න පත‍්‍රය සඳහා පෙනී සිටීම අනිවාර්ය කරන බව ද, එලෙස ඉංග‍්‍රීසි ප‍්‍රශ්න පත‍්‍රයට පෙනී සිටින සිසුන් ඒ සඳහා ලබා ගන්නා ලකුණු ප‍්‍රමාණය ලකුණු බිංදුවක් වුව ද එය ගැටලූවක් නොවන බවත්, එම ප‍්‍රශ්න පත‍්‍රය අනිවාර්ය කරන්නේ උසස් අධ්‍යාපනය අරමුණු කරගෙන බවත්, අමාත්‍යවරයා පැවසීය.

මේ අතර දැනට රට පුරා පවතින මාසයේ, සති දෙකේ යනාදී වූ ඩිප්ලෝමා සහතික පත් ප‍්‍රදානය කිරීමේ පාඨමාලා වැළැක්වීම සම්බන්ධයෙන් නීති රීති ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන එන බව ද ඔහු සඳහන් කළේය.
20110105200233.png

20110105200332.png


 
Last edited:
  • Like
Reactions: humanoid

westminster

Member
Dec 4, 2010
145
41
0
ඔය ‍රැකියා නැති කලා අංශයේ තරුන තරුනියන් හමුදා නිල වලට සහ පොලිස් නිලවලට දාන එක හොඳයි
 

wug

Member
Oct 27, 2009
565
17
0
Sri Lanka
Aka hoda wadak machan
ATakota campus wala enna ayyala hamuda puhunuwak aragana ana mallilata rag danna baya wai
 

susitha87

Well-known member
  • May 21, 2009
    2,678
    363
    83
    kandy
    මටනම් හිතෙන්නෙ මෙක හොද වැඩක් කියල..පිටරටවලත් හමුදා පුහුනුවක් තියනවනෙ..ඒත් මෙව පිලිවෙලට කෙරේයිද කියල තමා හිතන්න ඔනි..
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113

    හමුදා පුහුණුවක් කියන්නෙ මෙතන තුවක්කු අරන් වෙඩි තියන එක නෙමෙයි වෙන්න ඕනෙ. ඔය කියන්නෙ කැඩෙට් පුහුණුවක් වගේ දෙයක්. එහෙම දෙයක් කරන එක හොඳයි කියලයි මාත් හිතන්නෙ.
     

    blackcord

    Member
    Oct 2, 2009
    2,172
    217
    0
    අශ්වයට අං දුන්නා වගෙ වෙයිද....?

    සරසවි සිසුන්ට හමුදා පුහුණුව දුන්නා වගෙයි


    කියලා අනාගතෙ කියයි පොඩි එවුන්...
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    it's a great move. now that would put an end to JVP terrorist bastards brainwashing the freshers.:yes::yes::yes::yes: