සරසවි සිසුන්ට හමුදා පුහුණුව
විශ්වවිද්‍යාල ප්‍රවේශයට පෙර හමුදා කඳවුරක සති තුනක පුහුණුවක්
2011 ජනවාරි 05 වෙනි බදාදා, 19:11 Sri Lanka Mirror Editor
විශ්වවිද්‍යාල වරම් ලබන සිසුන්, සරසවියට වෙත ඇතුළත් කර ගැනීමට පෙර මෙරට හමුදා කඳවුරු තුළ දී සති තුනක පුහුණුවක් ලබාදීමට අපේක්ෂා කරන බව උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක පවසයි.
ඔහු මේ පිළිබඳ අදහස් දැක්වූයේ අද (05) පස්වරුවේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිසානායක මහතා පැවසුවේ නායකත්ව ගුණාංග වර්ධනය කිරීමේ අරමුණින් එම සිසුන්ට අදාළ පුහුණුව ලබාදෙන බවයි.
තවද, ලබන වසරේ දී උසස් පෙළ සිසුන්ට ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රය සඳහා පෙනී සිටීම අනිවාර්ය කරන බව ද, එලෙස ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයට පෙනී සිටින සිසුන් ඒ සඳහා ලබා ගන්නා ලකුණු ප්‍රමාණය ලකුණු බිංදුවක් වුව ද එය ගැටලූවක් නොවන බවත්, එම ප්‍රශ්න පත්‍රය අනිවාර්ය කරන්නේ උසස් අධ්‍යාපනය අරමුණු කරගෙන බවත්, අමාත්‍යවරයා පැවසීය.
මේ අතර දැනට රට පුරා පවතින මාසයේ, සති දෙකේ යනාදී වූ ඩිප්ලෝමා සහතික පත් ප්රදානය කිරීමේ පාඨමාලා වැළැක්වීම සම්බන්ධයෙන් නීති රීති ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන එන බව ද ඔහු සඳහන් කළේය.

Last edited: