සර්පයන් හා සටන් වදින අපි!

obama2

Member
Apr 18, 2012
424
30
0
සර්පයන් හා සටන් වදින අපි!

සර්පයන් හා සටන් වදින අපි!

Posted: 11:59 pm, February 28, 2014
1620848_1449833725250382_738084638_n1-685x320.jpg



කේ.කේ සමන් කුමාර නම් ලේඛකයා ලේඛකයෙකු වශයෙන් භෟතිස්ම ලබන්නේ ඔහු ගේ සර්පයෙකු හා සටන් වැද නම් කතා සංග්‍රහයත් සමගය. එවක් පටන් කේ.කේ ලේඛකයෙකු වශයෙන් සිය උප්පැන්නයේ නම වෙනස් කර සර්පයා යැයි නම් ලබයි. එකී සර්පයා සමග අසූව දශකයේ දේශපාලනය කළ අය අතර දීප්ති කුමාර ගුණරත්න ද අයෙකු විය. ඒ මිතු දමට අදට වසර තිහකට ආසන්නය. මේ කාලය තුළ සර්පයා සමග ආශ්‍රය කළ පුද්ගලයන් ගේ ජීවන හා දේශපාලන භාවිතය මතින් ලංකාවේ සාහිත්‍ය සහ දේශපාලනය නව හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළේය. ඒ අනුව බලන කළ සර්පයෙකු හා සටන් වැද යනු පැරණි පොතක් නැවත මුද්‍රණය වීමකි. මේ සර්පයා ගේ පුනරාගමයේ මෙවර ඇති අති සුවිශේෂීතාවය කුමක් ද? මෙවර යළි මුද්‍රණය වන සර්පයෙකු හා සටන් වැද නම් ග්‍රන්ථයේ පෙරවදන ලියන්නේ දීප්ති කුමාර ගුණරත්නය. පිටු හතලිස් හතක් පුරා දීප්ති විසින් ගොඩනගන වියමන තුළින් ලංකාවේ සාහිත්‍යකරුවන් ගේ ජීවන හා දේශපාලන භාවිතය ප්‍රශ්ණ කරනු ලබයි.


2014 මාර්තු මස 06 වන දින එළි දක්වන සර්පයෙකු හා සටන් වැද නැවත මුද්‍රණයේ කලඑළි මංගල්‍යෙය් දී ව්‍යහභිචාරය ගැන පවත්වන දේශන මාලාව විසින් ලංකාවේ සාහිත්‍ය හා දේශපාලනය වෙනස් මානයක් කරා ගෙන යන්නට සංවිධායකයින් දරන උත්සහ කුමක් ද යන්න අප නොදන්නා අතර ව්‍යවභිචාරය හා සාහිත්‍යකරුවා ගේ ජීවිතය අතර ඇති අනවරත සහසම්බන්ධය ගැන මනා වැටහීමක් ලබා ගන්නට දීප්ති ගේ පෙරවදන උපකාර වනු ඇති බව අපට සහතිකය.
සර්පයා අසූව දශකයේ පටන් වසර තිහකක් තුළ කලින් කලට හැව අරිමින් විවිධාකාරයෙන් රූපාන්තරනයට ලක්වන විටත් අඛණ්ඩව සහ ඒකමානීයව ධනවාදයට එරෙහිව නාගරික විප්ලවාදී දේශපාලන ව්‍යපාරයක් වෙනුවෙන් දීප්ති ගත් අපමණ වෙහෙස තුළින් ලද අත්දැකීම් සමුදාය ඇසුරින් පැරණි මිතුදමට ගරු කිරීමක් ලෙස ලියන ලද පෙරවදන අපට දේශපාලනය සහ සාහිත්‍ය ගැන හිතන්නට වන මානයක් විවර කර දී ඇත. මේ කර්ත්‍යවය වෙනුවෙන් දීප්ති ගත් වෙහෙස නිසා ඔහු කායික වශයෙන් යම් බෙලහීනතාවයකට පත් වුවද ඔහුගේ වෙහෙස සමාජයට වැදගත් නිසා අප ඒ ගැන අහිංසක ලෙස ආඩම්බරය.


ලෝකයේ විවිධ ජාතික භාෂාවන්ට ප්‍රමිතින් නිර්මාණය කරනු ලැබුවේ අධිරාජ්‍යවාදීන්ය. මේ ගැන පොතක්ම අර්ජුන පරාක්‍රම නම් පඩිවරයා ලියා ඇත. මෙම කරුණ ගැනම ඩෙරිඩා සහ ගයාත්‍රි ස්පිවැක් ද ලියා ඇත. මෙවන් පසුබිමක් යටතේ භාෂාවට ප්‍රමිතියක් ඇතැයි කියන ප්‍රාදේශිය ෆැසිස්ටි ගුරුවරුන් ගේ ආඩපාලි ගැන අප පුදුම වියයුතු නැත. ලුලා නැති වලට කණයා පණ්ඩිතයාලු.
ඉතිං මාර්තු 06 වන දින මහජන පුස්තකාලයට සර්පයා සමග යළි සර්පයෙකු හා සටන් වැද නම් ග්‍රන්ථය දීප්ති ගේ පෙරවදන සමග යළි කියවන අන්දම දැන ගන්නට ඔබත් යන්න!