සර්පයින් සම්බන්ධ වැදගත් වන කරුණු කීපයක්...
ජනවාරි මාසයේ පටන් ගත් ශ්‍රී ලංකාවේ සර්පයින් ගැන ලියවුනු ලිපි පෙළ අවසන් කරන්න කාලය ඇවිත්. එහෙනම් අද අවසන් පෝස්ට් එකෙන් කියන්න යන්නේ සර්ප විෂ, දෂ්ඨ කිරිම ඇතුලු කරුණු කීපයක්.
සර්ප විෂ
සර්ප විෂ යනු අපේ කෙළ නිපදවන ඛේඨ ග්‍රන්ථි වැනිම විකසනය වූ ඛේට ග්‍රන්ථියකින් නිපදවෙන ප්‍රෝටීන් ද්‍රාවණයකි. එහි අන්තර් ගත වන්නේ ජලය, ප්‍රෝටියෝලිටික එන්සයිම, විවිධ එන්සයිම හා ස්නායු විෂ ඇතුලත්ය. විෂකුරු සර්පයෙකුගේ කළල අවස්ථාවේ සිටම විෂ ඇත. මෙය කහ හෝ දුඹුරු පැහැති ජලයට වඩා ඝනත්වයෙන් වැඩි ද්‍රවණයකි. විෂෙහි ක්‍රියාකාරීත්වය රඳා පවතින්නේ එහි අඩංගු විවිධ එන්සයිම අනුවය. මෙවැනි එන්සයිම 30ක් පමණ සර්ප විෂෙහි අන්තර්ගත බව සොයාගෙන ඇත.
මෙම එන්සයිම ක්‍රියාකාරිත්වය අනුව කොටස් කිරීමේදී ප්‍රධාන කාණ්ඩ 3ක් යටතේ හඳුනාගත හැක.
1 හයලුරොනිඩේස් (Hyaluronidase)
විෂ ශරීරය පුරා පැතිරෙන්නේ මෙම එන්සයිම නිසාය
2 පොස්පොලිපේස් (Phospholipase)
සෛල වල සිවිය මෙම එන්සයිම නිසා විනාශවේ.
3 ප්‍රෝටිනේස් (Protease)
දෂඨ කළ ස්ථානය කුණු වීම හා ලේ ගැලීම මෙම එන්සයිම නිසා සිදුවේ.
සර්ප විෂ ක්‍රියා කාරිත්වය අනුව ප්‍රධාන කොටස් දෙකකි. එනම්
1. ස්නායුක විෂ (Neurotoxin)
මෙම විෂ කෙලින්ම බල පාන්නේ ස්නායු පද්ධතියටයි.
2. සෛල වලට බලපාන විෂ (Cytotoxin)
මෙම විෂ සෛල විනාශ කරයි.
සර්පයෙකු දෂ්ඨ කිරීමක් යනු කුමක්ද?
එනම් සපා කෑමකි. මෙහි වෙනත් සතෙකු සපාකෑමෙන් වෙනස් වන්නේ විෂ ග්‍රන්ථියේ ඇති විෂ සපා කන අවස්ථාවේ ශරීරයට ඇතුළු වීමයි.
රූපයේ ආකාරයට සර්පයාගේ විෂ දළ (Fangs) පිහිටා ඇත. සර්පයා සපා කන අවස්ථාවේ විෂ ග්‍රන්ථියේ (venom gland) වල ඇති සිදුරෙන් විෂ ශරීරයට එන්නත් වේ. ඇතැම් සර්පයින්ගේ විෂ දළ පිහිටා ඇත්තේ මුඛයේ තරමක් ඇතුලතිනි. එවන් සර්ප දෂ්ඨයකදී ඇතැම් විට විෂ දළ නොවැදී තිබීමටද පුළුවන. මෙසේ ඇතුළු වන විෂ රුධිරය හා මුසුව ශරීරය පුරා ගමන් කරයි.
එවිට ඇතිවන රෝග ලක්ෂණ හා අවදානම
1 ස්නායු පද්ධතියට
මෙය බහුලව සිදුවන්නේ ඉලැපිඩේ කුලයට අයත් සර්ප විෂ නිසාය. නිදිමත ස්වභාවය, ඇස් බාගෙට වැසී තිබීම, ඇස් ඇරීමට අපහසු බව, බොඳවූ හෝ ද්විත්ව වූ රූප පෙනීම, ශ්වසනයට හා ගිලිමට ඇති අපහසු බව මෙහි ප්‍රධාන රෝග ලක්ෂණ වේ.
2 හෘදය හා රුධිර පද්ධතියට
දෂ්ඨ කළ ස්ථානයෙන් අධික ලෙස රුධිරය ගලා යාම, සම රත් පැහැ ගැනීම (අභ්‍යන්තර රුධිර වහනය නිසා) අක්ෂි පටල යටින් රුධිරය ගැලීම, විදුරු මස් වලින් ලේ ගැලීම, රුධිරය සමග වමනය පිටවීම සිදුවේ. රුධිර පිඪනය පහල යෑම නිසා රෝගියා කම්පනයට ලක්වේ. රුධිර සෛල විනාශ විම සිදුවේ. මෙම ලක්ෂණ වලට ප්‍රධාන ලෙස බලපාන්නේ පොළොං විෂයි.
3 මුත්‍රා පද්ධතියට
වකුගඩු වලට සිදුවන හානි නිසා මුත්‍රා පිටවීම අඩුවේ. මේ හේතුවෙන් ශරීරයේ යූරියා ප්‍රමාණය ඉහල යාමෙන් රෝගීවේ. වකුගඩු වලට රුධිර සැපයුම අඩුවීම නිසාද, වකුගඩු වලදී රුධිර සෛල විනාශ වීම නිසාද වකුගඩු වලට හානි සිදුවේ.
සර්ප දෂ්ඨයකදී අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග.
සර්ප දෂ්ඨයකට ලක්වූ රෝගියා තුල අධික ලෙස මරණ බිය ඇතිවේ. එම නිසා එය අනිසි බියක් බව පෙන්වා දිය යුතුය. දැන් සර්ප දෂ්ඨයකට අවශ්‍ය ප්‍රථිකාර සෑම රොහලකම වාගේ ඇති බවත් නිසි ප්‍රථිකාරයෙන් සුව කිරීම අපහසු නොවන බවත් රොගියාට පෙන්වාදී බිය නැති කළ යුතුය.
දෂ්ඨ කළ තුවාලය පිරිසිදු ජලයෙන් සෝදා දෑමීම කළ හැක. නමුත් සේදීමේදී ඇතිල්ලීමක් නොකළ යුතුය. ඉන්පසු වෙනත් විෂ බීජ ඇතුල්වීම වැලැක්වීමට තුවාලය පිරිසිදු රෙදි කඩකින් ආවරණය කරන්න.
තුවාලය අතක හෝ පාදයක ඇති විට ලේ ගමනාගමනය වලක්වන ලෙස තිරිංගයක් (පටියකින් ගැට ගසා ලේ ගමනා ගමනය අඩාල කිරීම) පෙර සිදු කලත් එයින් ඇතිවන අතුරු හානි නිසා දැන් එය අනුමත නොකරයි.
දෂ්ඨ කළ ස්ථානය අධික ලෙස ඉදිමෙන නිසා ඒ ආශ්‍රිතව ඇති වලලු, මුදු වැනි දේ ඉවත් කරන්න.
රෝගියා වෙහෙසට පත් නොකර නොසොල්වා, ඇවිදීමට නොදී ඔසවාගෙන රෝහල කරා ගෙනයෑම.
රෝගියාට පානය කිරීමට දියර වර්ග හැකි තරම් ලබා දෙන්න.
කිසිදු ඖෂධයක් දීමෙන් වලකින්න. විශේෂයෙන් ඇසිප්‍රින් (Aspirin) දීමෙන් වලකින්න.
රෝගියාට මධ්‍යසාර පානය කිරිමට දීමෙන් වලකින්න.
* වඩාත්ම වැදගත් වන්නේ හැකි තරම් ඉක්මනින් රෝහලක් කරා ගෙන යන්න. දෂ්ඨයෙන් පැයක් පමණ ඇතුලත ප්‍රථිකාර සඳහා යොමු කරන්න හැකිනම් එය වෛද්‍යවරුන්ට පහසුවක් වනු ඇත.
දෂ්ඨ කළ සර්පයා හඳුනාගත්තේ නම් එය වෛද්‍යවරයාට පවසන්න.