සර්පයෙක් දෂ්ඨ කළොත් මොකද කරන්නේ ???
පහුගිය දවසක අපේ Campus එකේ මල්ලී කෙනෙක් ලියපු පොළඟෙක් දෂ්ඨ කරලා පොඩි ගැහැණු ළමයෙක් මියගිය කතාවක් "සුදු නෙළුම කෝ...." කියලා මම publish කළ කට්ටියට මතක ඇති. ඒක ඇත්ත කතාවක්. ඒකත් එක්කම අපේ හිතවත් ටිකක් හිනාවෙන්න ඇවිත් යන්න බ්ලොග් එක ලියන අභීත අයියාත් නයෙක් සහ පොළඟෙක් ගැන නයෙක් ඇරියා කට්ටියට මතක ඇති. ඒ post එකේම සර්පයෙක් දෂ්ඨ කළාම කරන ප්‍රතිකාර ගැන ලියලා තිබුණා.
ඉතින් මමත් ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාවේ ප්‍රථමාධාරකරුවෙක් විදිහට වැඩ කරන නිසා අපිට උගන්වලා තියෙන මේ වෙන කොට නිවැරදි කියලා පිළිගන්න සර්පයෙක් දෂ්ඨ කලාම කරන ප්‍රතිකාර ගැන ඔයාලා දැනුවත් කරන්නයි මේ සූදානම.
මේ වෙන කොට නිවැරදි කියලා භාවිතා කරලා තියෙන්නේ ප්‍රථමාධාර කියන විෂය නිරන්තරයෙන්ම වගේ අලුත් වෙන විෂයක් නිසා. ඉස්සර කරපු සමහර ප්‍රතිකාර මේ වෙනකොට අහිතකරයි කියලා බැහැර කරලා පවා තියෙන නිසා. හරි අපි ආයි කතාවට එමු.
මුලින්ම අපි ලංකාවේ සර්පයෝ ගැන කෙටියෙන් දැනගමු. ශ්‍රී ලංකාවේ මේ වෙනකොට ඉන්න විවිධ සර්පයෝ වර්ග 93 ක් විතර හඳුනාගෙන තියෙනවා. ඒ සර්පයන්ගෙන් වැඩි දෙනෙක් දෂ්ඨ කරන්නේ නැහැ. සමහර සර්පයන් දෂ්ඨ කළත් එච්චර විෂක් නැහැ. විෂ සහිත දෂ්ඨ කිරීමක් වුනත් මාරාන්තික වෙන්නේ නැහැ.
ඒක නිසා ශ්‍රී ලංකාවේ සිද්ධ වෙන සර්ප දෂ්ඨ කිරීම්වලින් හුඟක් අය මරණයට පත්වෙන්නේ ඒ වෙලාවේ ඇතිවන අධික බය එහෙමත් නැත්නම කම්පනය නිසා.
ලංකාවේ මේ වෙනකොට හඳුනා ගෙන තියෙන උග්‍ර විෂ සහිත කට්ටිය තමා මෙයාලා
තිත් පොළඟා [FONT="][Russell’s Viper][/FONT]
තෙල් කරවලා [FONT="][Common Krait][/FONT]
වැලි පොළඟා [[FONT="]Saw Scaled Viper][/FONT]
මූදු කරවලා[FONT="] [Sri Lankan Krait][/FONT]
කුණකටුවා[FONT="] [Humped Nosed Viper][/FONT]
මෙයාලා සෙට් එකෙනුත් මාරාන්තික විෂ සහිත වෙන්නේ මෙයාලා විතරයි
නාගයා
තිත් පොළඟා
තෙල් කරවලා
වැලි පොළඟා
මූදු කරවලා
සර්පයෙක් දෂ්ඨ කළා කියලා දැනගත්තම ප්‍රථමාධාරකරුවෙක් විදිහට ඒ ස්ථානයට ළඟා වෙන්න කලින් තමන්ගේ ආරක්ෂාව ගැන මුලින් හිතන්න ඕනේ. මොකද දෂ්ඨ කරපු සර්පයා ඒ අවට ඒ වෙද්දිත් ඉන්න පුළුවන් නිසා. එහෙම සැළකිලිමත් වුනේ නැත්නම් ඊළඟට මට සර්පයෙක් දෂ්ඨ කළෝ කියලා කෑ ගහන්න වෙන්නේ ප්‍රථමාධාර දෙන්න ආපු ප්රථමාධාරකාරයාට
පරිස්සමෙන් සර්පයා දෂ්ඨ කරපු මනුස්සයා ගාවට ගියා කියමුකෝ. ඊට පස්සේ හැකි ඉක්මනින් ඒ මනුස්සයාව ආරක්ෂාකාරී ස්ථානයකට අරන් යන්නත් වග බලා ගන්න ඕනේ. ඒක එයාට වගේම ප්රථමාධාරකාරයාටත් හොඳයි. මොකද අර සර්පයාගෙන් නැවත දෂ්ඨ කිරීමක් වුණත් වෙන්න පුළුවන් නිසා.
සාමාන්‍යයෙන් සර්පයෙක් දෂ්ඨ කරපු මනුස්සයෙක්ගේ මේ වගේ ලක්ෂණ දැකගන්න පුළුවන්
එතකොට දැන් මොනවද කරන ප්‍රතිකාර. මෙන්න මේවා තමා කරන්න ඕනේ ප්‍රථමාධාර ටික
ඒ වගේම පුළුවන්කමක් තියෙනවා නම් විතරක් දෂ්ඨ කරපු සර්පයා පණ පිටින් හරි මරලා හරි රෝහලට ගෙනියන එක හොඳයි. ඒකෙන් සර්ප විෂ මොකක්ද කියලා හරියට හඳුනාගන්න පුළුවන් වෙන නිසා ඒක ප්‍රතිකාර කරන්න පහසුවක් වෙනවා වෛද්‍යවරුන්ට. හැබැයි සර්පයා අල්ලන්න ගිහින් අනිත් අයත් දෂ්ඨ කරගන්නවා එහෙම නෙමෙයි.
ඒ වගේමයි සර්පයෙක් දෂ්ඨ කළාම ඉස්සර කරපු ඒ වගේම ගමේ ගොඩේ කරපු මේ වගේ ප්‍රතිකාර තියෙනවා. ඒවා නම් කරන්න හොඳම නැහැ. ඒවායින් ලොකු හානියක් රෝගියාට වෙන්න පුළුවන්
මේවා තමා සාමාන්‍ය අවබෝධය පිණිස දැනගන්න ඕනේ ඒවා. කෝකටත් හැමෝම වගේ ප්‍රථමාධාර ගැන සුළු හරි අවබෝධයකින් ඉන්න එක වටිනවා. මොකද සමහර වෙලාවට මිනිස්සුන්ගේ ජීවිත අනතුරකදී පහසුවෙන් බේරාගන්න පුළුවන් වුණත් ප්‍රථමාධාර නොදන්නකම නිසා ඒ ජීවිත නැති වෙන්නත් පුළුවන්. ඒකට හොඳම උදාහරණය තමා 2004 දී ලංකාවට සුනාමි ව්‍යසනය ආපු වෙලාව
ඉතින් ඒක නිසා පුළුවන් නම් ප්‍රථමාධාර පාඨමාලාවක් හඳුන්වන්. මේ වෙද්දී ලංකාවේ ක්‍රියාත්මක වෙන ප්‍රථමාධාර සේවා 3 ක් තියෙනවා. ඒව තමා
ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාව
රතු කුරුස සංවිධානය
සෞඛ්‍ය දාන ව්‍යාපාරය
Source:-Click Here

- සර්පයෙක් දෂ්ඨ කරපු සළකුණු හෝ සීරීමක්
- ඔක්කාරය, වමනය හෝ පාචනය
- හිසරදය
- පෙනෙන රූප බොඳවෙලා පෙනෙන එක
- ඇස් පිහාටු මලානික වීම, එල්ලා හැලීම
- ශ්වසන අපහසුතා
- නිදිමත ස්වභාවය, කරකැවිල්ල, ක්ලාන්තය
- ගිලීම හෝ කතා කිරීම අපහසු වීම.
- පපුවේ සහ උදරයේ වේදනාව හෝ තද ස්වභාවය
- ශ්වසනය දුර්වල වීම හෝ නතරවීම.
එතකොට දැන් මොනවද කරන ප්‍රතිකාර. මෙන්න මේවා තමා කරන්න ඕනේ ප්‍රථමාධාර ටික
- මානසිකව සනසන්න, බිය දුරුකරන්න.
- තුවාලකරු නිශ්චල කරන්න.
- ඇවිදීමට ඉඩ නොදෙන්න.
- දෂ්ඨ කළ ස්ථානය සබන් දමා මෘදු ලෙස හෝදන්න.
- තෙත තුවායකින් පිසදමන්න.
- වේදනාව සමනය වීමට පැරසිටමෝල් පෙති 2 ක් බීමට දෙන්න.
- වහාම රෝහලට ගෙන යන්න.
ඒ වගේම පුළුවන්කමක් තියෙනවා නම් විතරක් දෂ්ඨ කරපු සර්පයා පණ පිටින් හරි මරලා හරි රෝහලට ගෙනියන එක හොඳයි. ඒකෙන් සර්ප විෂ මොකක්ද කියලා හරියට හඳුනාගන්න පුළුවන් වෙන නිසා ඒක ප්‍රතිකාර කරන්න පහසුවක් වෙනවා වෛද්‍යවරුන්ට. හැබැයි සර්පයා අල්ලන්න ගිහින් අනිත් අයත් දෂ්ඨ කරගන්නවා එහෙම නෙමෙයි.
ඒ වගේමයි සර්පයෙක් දෂ්ඨ කළාම ඉස්සර කරපු ඒ වගේම ගමේ ගොඩේ කරපු මේ වගේ ප්‍රතිකාර තියෙනවා. ඒවා නම් කරන්න හොඳම නැහැ. ඒවායින් ලොකු හානියක් රෝගියාට වෙන්න පුළුවන්
- තුවාලය කපා විෂ ඉරීම.
- පීඩන තිරිංග දැමීම.
- තෙල් නස්න දියර නාසයට වත් කිරීම.
- මධ්‍යසාර බීමට දීම.
- තැඹිලි වතුර, කුරුම්බා වතුර හෝ පළතුරු යුෂ බීමට දීම.
- ඇස්ප්‍රීන් බීමට දීම.
- අධික ලෙස කලබල වීම වගේම රෝගියා කලබල කිරීම.
මේවා තමා සාමාන්‍ය අවබෝධය පිණිස දැනගන්න ඕනේ ඒවා. කෝකටත් හැමෝම වගේ ප්‍රථමාධාර ගැන සුළු හරි අවබෝධයකින් ඉන්න එක වටිනවා. මොකද සමහර වෙලාවට මිනිස්සුන්ගේ ජීවිත අනතුරකදී පහසුවෙන් බේරාගන්න පුළුවන් වුණත් ප්‍රථමාධාර නොදන්නකම නිසා ඒ ජීවිත නැති වෙන්නත් පුළුවන්. ඒකට හොඳම උදාහරණය තමා 2004 දී ලංකාවට සුනාමි ව්‍යසනය ආපු වෙලාව
ඉතින් ඒක නිසා පුළුවන් නම් ප්‍රථමාධාර පාඨමාලාවක් හඳුන්වන්. මේ වෙද්දී ලංකාවේ ක්‍රියාත්මක වෙන ප්‍රථමාධාර සේවා 3 ක් තියෙනවා. ඒව තමා
ශාන්ත ජෝන් ගිලන් රථ හමුදාව
රතු කුරුස සංවිධානය
සෞඛ්‍ය දාන ව්‍යාපාරය
Source:-Click Here

niyamayi machan.