Questions සර්පයෝ මරන්න ම ඕනෙද?

JohnSnow

Well-known member
  • Mar 17, 2017
    8,736
    13,298
    113
    Annotation 2020-07-08 215254.jpg
     

    AVES

    Well-known member
  • Mar 3, 2018
    1,258
    1,732
    113
    SKY
    මාත් ඔය protect our snakes ගෲප් එකේ ඉන්නවා. ඒකෙ දාන පෝස්ට් දැකලා දැකලාම දැන් සර්පයෙක් දැක්කොත් අඩුගානෙ විස එකෙක්ද නිර්විස එකෙක්ද කියලා හරි අඳුරගන්න පුලුවන්. සෑහෙන්න ඇක්ටිව් ගෲප් එකක්, සර්පයෙකගෙ පොටෝ එකක් දාපු ගමන් ගොඩක් වෙලාවට විනාඩි 5ක්, 10ක් ඇතුලත කවුද කියලා කියනවා මෙම්බර්ස්ලා.

    ලංකාවෙ මරණීය අනතුරක් කරන්න පුලුවන් තරම් උග්‍ර විස සර්පයො ජාති ඉන්නෙ 4යි.
    1.නයා
    2.තිත් පොළඟා
    3.තෙල් කරවලා (මග මරුවා)
    4.මුදු කරවලා

    ඊට අමතරව මුහුදු සර්පයෝ සේරම වගේ උග්‍ර විස උන්. ඒත් උන් ඉන්නෙ වෙරලෙයි, මුහුදෙයි විතරයි.

    අනිත් සේරම උන් මධ්‍යස්ත (තුරිත) විස, සුලු විස, නිර්විස සර්පයෝ. හරි මෙතඩ් එකට වැඩිය කලබල නොකර ඔය ඕන සර්පයෙක් අල්ලන්න පුලුවන් ( ගට් එකත් ඕනෙ හැබැයි :yes:). ඒත් තිත් පොලොංගු එහෙම නම් ටිකක් අමාරු කාරයො, ඉක්මනට තද වෙනවා අනිත් උන් වගේ නෙමේ. මං නම් අඟලෙ pvc බටේක කොනකට පොඩි ගෝනියක් ගැට ගහලා රෙඩි පිට තියන් ඉන්නෙ. මං දන්න ලේසිම විදිය ඒක. තව මෙගා බෝතල් වලට එහෙමත් පුලුවන් පොඩි පොඩි එවුන් අල්ලන්න.

    දැන් සර්පයො කෑවම ඉස්පිරිතාලෙට සර්පයව අරන් එන එක අත්‍යවශ්‍ය නෑ. රෝග ලක්ශණ බලලා ට්‍රීට්මන්ට් කරන්නෙ. ඒත් කාපු එකාව අඳුරගත්තනම් ලේසි.

    ඔය සේරම අර ගෲප් එකෙන් ඉගෙන ගත්තෙ. වටින ගෲප් එකක්.