සර්වඥ ධාතුද එහෙම නැත්නම් ඌරූ ඇටද?

roboman

Active member
  • Feb 7, 2011
    260
    55
    28
    සර්වඥ ධාතුද එහෙම නැත්නම් ඌරූ ඇටද?

    මහා බ්‍රිතාන්‍ය හෙලි කල කපිලවස්තු ධාතු මගඩිය



    මේ දිනවල 1898 Alexander Cunningham විසින් සොයාගත් පිප්‍රහ්වා කපිලවස්තු සර්වඥ ධාතු බවට ලංකාවේ මාධ්‍යඔස්සේ පතුරුවා හරිමින් සර්වඥ ධාතු පෙන්වනු ලැබේ. Alexander Cunningham කිසිම දිනක සර්වඥ ධාතු සොයා ගත් බවට මහා බ්‍රිතාන්‍යයේ කිසිම පුරාවිද්‍යා පොතක හෝ Cunningham ගේ ජීවිත කතාව ගැන ලියවුනු කිසිම පොතක සදහන් කරන්නේ නැත. Cunningham බ්‍රිතාන්‍ය ජාතිකයෙකි. Cunningham සර්වඥ ධාතු සොයාගත් බව මහා බ්‍රිතාන්‍ය වත් දන්නේ නැත. ඔහු සොයා ගත් දෙය ගැන නොදන්නා අභිරසක් බ්‍රිතාන්‍යට නැත. ඔහු සාංචිය කැනීම් බිම අසල සරිපුත්තස සහ මහමොගලන්ස නමින් ලියවුනු ඇට කැබලි සහිත මංජුසා 2 ක් සොයා ගත් අතර ඒවා සැරියුත් මුගලන් රහතන් වහන්සේලාගේ බව විස්වාස කළේය. මීට අමතරව ඔහු සාංචි වල සිට කි.මී 10ක් ඈතින් තිබී මෙම රහතන්වහන්සේලාගේ තවත් ධාතු සොයා ගත් බව දැක්වේ. සාරිපුත්තස ලියා තිබුණු මංජුසාවේ අගලකට වඩා කෙටි වූ එක්‌ අස්ථි කැබැල්ලක්ද, මහමොගලන්ස ලිවූ මංජුසාවේ අගල් භාගයකට වඩා කුඩාවූ අස්ථි කැබලි 2 කක් ද වීය.මේ පිළිබද විස්තරයක් ඔහු ගේ Bhilsa Topes පොතේ ඇත්තේය. Alexander Cunningham මියයන්නේ 1893 නොවැම්බර් මාසයේය. 1893 මියගිය කෙනෙකු 1898 දී ධාතු සොයාගන්නේ කෙලෙසද? එසේ නම් Cunningham ගේ අවතාරය විය යුතුය. එහෙත් මේ දිනවල ලංකාවට ඒවා ඇත්තේ 1970 ගණන් වලK. M. Srivastava නම් ඉන්දියානු ජාතිකයකු සොයා ගත්, දැනට දිල්ලි කෞතුකාගාරයේ තැන්පත් කර ඇති ධාතු බව ඉන්දියාවේ 20/08/2012 දින පළවූ The Hindu පුවත් පත සනාත කර තිබේ.
     
    • Like
    Reactions: pcud

    roboman

    Active member
  • Feb 7, 2011
    260
    55
    28
    ඉන්දියාවේ 1898 දී සොයාගත් සර්වඥ ධාතු තිබු පෙට්ටිය කල්කටා කෞතුකාගාරයේ අද පවතී. මෙහි වූ ධාතු බෞද්ධ රටවල් වෙත එම යුගයේ බෙදා දෙන ලදී.


    කපිලවස්තුවෙන් සර්වඥ ධාතු සොයාගත් බවට අවස්ථා 3 කදී නිවේදනයවේ. 1898 දී සගරවා වලින් Alois Fuhrer ද. පිප්‍රහ්වා වලින් එම අවුරුද්දේ එම මාසයේම W.CPeppe විසින්ද 1972 දී Sirinivasta විසින් නැවත පිප්‍රහ්වා වලින්ද යන අවස්ථා තුනය, මේ අවස්ථා සම්බන්දයෙන් බ්‍රිතාන්‍ය විසින් හෙළිදරව් කරන ලද දෑ මෙසේ දක්වමි.


    පහත සදහන් ලිපිය සැකසෙන්නේ මහත් ආන්දෝලනයට ලක්වුණු පිප්‍රහ්වා කපිලවස්තු සර්වඥ ධාතු ගැන 2006 වසරේ දී එංගලන්තයේ Harewood House හි ''clear the air'' නමැති සම්මන්ත්‍රණයේදී ඉදිරිපත් වුණු වාර්තා සහ www.piprahwa.org.uk ඇසුරිනි.
    1898 ජනවාරියේදී ඊසානදිග Basti දිස්ත්‍රික්කයේ Birdpur Estate හි පාලකවරයා වන W . C, Peppe මහතා නිවේදනයක් නිකුත් කරන්නේ ආභරණ සහ ධාතු සහිත මංජුසා පිප්‍රහ්වා අසල ස්තුපයක තිබී සොයාගත් බවකි. මෙහි දී සොයාගත් එක් මංජුසාවක ලිපියක් කොටා ඇති අතර එම ලිපියේ දැක්වෙන්නේ සර්වඥ ධාතු බවය. එමෙන්ම මෙම ලිපියේ බුදුන්වහන්සේගේ ශාක්‍ය වංශික නෑයන් ගැන සඳහන් වන බැවින් කපිලවස්තුවේ බුදු හිමිගේ නෑයන් විසින් බුද්ධ පරිනිර්වාණයෙන් පසු කරවන්නට ඇති බවට විශ්වාස කරන ලදී. ඉන් පසු වසරේ 1899 දී ඉන්දියාව පාලනය කල බ්‍රිතාන්‍ය රජය මගින් මේවා සියම් රජට ලබාදුන් බවත් සියම් රජ විසින් ඉන් කොටසක් බුරුමයේ සහ ලංකාවේ සන්ඝයාවහසේලාට ප්‍රධානය කරන ලදී.


    මෙම සර්වඥ ධාතුන් සොයා ගැනීම ගැන අනාවරණය කරන්නේ 1898 ජනවාරි 20 වන දින අතර එයට පෙර සර්වඥ ධාතු සොයා නොතිබුණි.
    මෙම කාලයේදී ලුම්බිණි සෙල්ලිපිය සහ එම පුද බිම සොයා ගත් Anton Alois Fuhrer ඉන්දු නේපාල් බෝඩරයේ සිට සැතපුම් කිහිපයක් එහායින් වූ සගරවා වල කැනීම් කටයුතු කරමින් සිටියේය. මෙම පිප්‍රහ්වා සර්වඥ ධාතු සොයාගත් බවට Peppe නිවේදනයක් නිකුත් කර සති 2 කකට පසු බුරුම ආණ්ඩුව මගින් Fuhrer ගේ ස්වාමියා වන ඊසාන දිග පළාතේ ආණ්ඩුකාරවරයාට ලිපියක් යවමින් අනාවරණය කරන්නේ Fuhrer විසින් 1896 සිට 1898 දක්වා කාලය තුල හොර බුද්ධ ධාතු ගනු දෙනුවක් U Ma භික්ෂුව සමග කර ඇති බවය. මෙහි දී මතක තබා ගත යුතු දෙය නම් බුද්ධ ධාතු හමු වන්නේ 1898 දීය, එහෙත් Fuhrer බුරුමයේ U Ma භික්ෂුවට 1896 බුද්ධ ධාතු යැවුයේ කෙලෙසද යන්නය. දැන් U Ma භික්ෂුව සහ Alois Fuhrer අතර බුද්ධ ධාතු ගනු දෙනු සිදු වූ කාලයේ සිදු කල ලිපි ගන දෙනු විස්තර බලමු .
    1896 සැප්තැම්බර් 22, - ශ්‍රාවස්ති වලින් හමුවූ සර්වඥ ධාතු U Ma හිමිට එවීම සඳහා කටයුතු කරන බව මෙම ලිපියෙන් Alois Fuhrer සඳහන් කරනු ලැබේ .
    (ශ්‍රාවස්ති වලින් කැනීම් වලදී සර්වඥ ධාතු හමුවී නැත.)

    1896 නොවැම්බර් 19 - තමා විසින් ඊයේ බුදුන්ගේ ධාතු එවූ බවත් ඒවා කපිලවස්තුවේ ශාක්‍යවංශික නෑදෑයන් විසින් කරන ලද ස්තුපයක තිබී සොයා ගත් බවත් දැක්වේ . මෙම ධාතු සොයා ගත්තේ 1896 දී තමන් විසින් බව Fuhrer එම ලිපියේ සදහන් කරයි. මෙම ධාතු සොයාගත්තේ බුදුන්ගේ කපිලවස්තු නෑදෑයන් විසින් බුදුන්ගේ ආදාහනයෙන් පසු එම ධාතු නිදන් කරන ලද ස්තුපයක තිබීය. මෙම ධාතු එවන්නේ එම ධාතු හමුවූ පැණි ගලින් (soap stone) සාදන ලද මංජුසාව සමග බව එහි දැක්වේ. මෙසමගම එම ස්ථානයේ තිබී සොයාගත් පැරණි ලිපියද මේ සමග එවන බවත් එහි පරිවර්තනයක්ද U Ma භික්ෂුව සදහා පිළියෙළ කරනු ලබන බව Fuhrer මෙම ලිපියේ සදහන් කරයි. (එහෙත්1898 වන විටත් බුදුන්ගේ ධාතු සොයා තිබුනේ නැත. මෙයද Fuhrer ගේ මුසාවකි. මෙම ලිපිය U Ma භික්ෂුවට යවන්නේ පිප්‍රහ්වා හි බුදුන්ගේ ධාතු සොයා ගන්නට වසර 1 සහ මාස 2ක කාලයකට පෙරය. ඉන් වසර 1 සහ මාස 2ක් ගියතැන ඉහත ලියුමේ සදහන් ආකාරයටම Peppe විසින් පිප්‍රහ්වා ස්තුපයේ තිබී බුදුන්ගේ ධාතු පැණි ගලින් (soap stone) සාදන ලද මංජුසාවතිබී සොයා ගැනීමත් එම මංජුසාවේ කපිලවස්තුවේ නෑදෑයන් ගැන සදහන්ව තිබීමත්
    ආශ්චර්ය ජනක සිදුවීමක් නොවේද?
    1897, මාර්තු 6,- මෙම ලිපියේ දැක්වෙන්නේ U Ma විසින් ඉන්දියාවට පැමිණීමට අදහස් කර ඇති බැවින් එසේ පැමිණෙන තෙක් බුදුන්ගේ ධාතු තමා සන්තකයේ තබා ගන්න බව Fuhrer විසින් ලියා තැබීමයි
    1897 ජුනි 23 - මෙහිදී Fuhrer සදහන් කරන්නේ වටිනා බුද්ධ ධාතුවක් U Ma වෙත එවන බවය.

    1897 අගෝස්තු 29 -මෙයින් Fuhrer සදහන් කරන්නේ සැබෑ බුද්ධ දන්ත ධාතුවක් සමග තවත් බුදුන් ගේ ධාතු එවන බවය.


    1897 සැප්තැම්බර් 21- Fuhrer විසින් U Ma භික්ෂුවට බුදුන්වහන්සේ ගේ හකු ධාතුවක් යවනු ලබන අතර එය කපිල වස්තුවේ ස්තුපයේ තිබී සොයා ගත් බවත් එය සුද්ධෝදන රජු ජීවත් වූ ස්ථානය බවත් Fuhrer කියනු ලැබේ. මෙය සත්‍ය ධාතුවක් බවත් ඒ ගැන සැකයක් තබා ගත යුතු නැති බවත්. අනෙක් ධාතුත් ළඟදීම එවන බවත්ය.
    1897 සැප්තැම්බර් 30- Fuhrer අසෝක රජගේ ලිපියක් කියා හොර ශිලා ලිපියක් ලියා යවයි. තව ටික කලකින් ගෞතම ශාක්‍ය මුනිගේ ධාතුද එවන බවද එහි ලියයි.

    1897, දෙසැම්බර් 13 - Fuhrer මෙහිදී සදහන් කරන්නේ U Ma විසින් ඔහුට එවන ලද රිදී පෙට්ටිය නැවත එවන බවත් ඒ සමග තවත් ගෞතම බුදුන්ගේ ධාතු එවන බවත්ය. තමා දැන් සිටින්නේ නේපාලයේ කපිලවස්තුහි Tarai වල බවත් තව දුරටත් මෙම ලිපියේ සදහන් කරයි. මේ තාක් ධාතු සහිත මන්ජුසාවන් 3 ක් සොයා ගත් බවත් ඒවායේ බුදුන්ගේ නියපොතු, කෙස් , සහ ඇට තිබුණු බවත් සදහන් කරයි. මෙම සියලු වටිනා ධාතු මාර්තු අග මාසයේ එවන බවත් ලියා ඇත.
    Alois Fuhrer විසින් තමා රවටන ලද බව U Ma භික්ෂුව විසින් අවබෝධ කරගන්නා අතර එම භික්ෂුව විසින් මේ බව දන්වා විදුලී පණිවිඩයක් එවනු ලබයි. මේ අතර බුරුම රජයද මේ සදහා මැදිහත් වන අතර Fuhrer ගේ මෙම වංචාව දන්වා Fuhrer ගේ ස්වාමියා වන ඊසාන දිග පළාතේ ආණ්ඩුකාරවරයාට ලිපියක් එවනු ලබයි. මෙම බුරුම රජයේ ලිපිය සහ U Ma ගේ විදුලි පණිවිඩය ලැබී සති 2 ක කට පසුව නැවතත් Fuherer විසින් U Ma ට 1898 පෙබරවාරි 16 දින ලිපියක් යවයි. මේ වනවිට W.C. Peppe කපිලවස්තු පිප්‍රහ්වා බුදුන්ගේ ධාතු සොයා ගත් බවට ප්‍රකාශ කර සති 3 කි .

    1898 පෙබරවාරි 16 - මේ ලිපිය Fuhrer ලියන්නේ කපිලවස්තු කෑම්ප් එකේ (Sagarwa) සිටය. මා විසින් මෑතකදී එවන ලද බුද්ධ දන්ත ධාතුව ගැන අබෞද්ධයන් සැක පහල කිරීම පුදුමයක් නොවේ . එය සාමාන්‍ය මිනිසෙකුගේ දතකට වඩා වෙනස් බව ඇත්තකි . (මෙය අශ්ව දතක් බව පෙනේ ). එහෙත් ඔබ දන්නා පරිදී බුදුන් සාමාන්‍ය කෙනෙකු නොවේ. ඔබේ ලිය කියවිලි වල සදහන් වන පරිදී බුදුන් ගේ උස අඩි 27 කි . ඒ නිසා බුදුන්ගේ දත් සාමාන්‍ය මිනිසුන්ගේ හැඩයම නොවිය හැකිය. මේ දත සොයා ගත් පෙදෙස දැන් කැලයකින් වැසී ඇත. මෙම දත සමග තිබී මා විසින් සොයා ගත් පැරණි ශිලා ලේඛනයේ කොපියක්ද එවන්නෙමි. මෙහි ශිලා ලේඛනයේ සදහන් කර ඇත්තේ ඔබට එවූ එම බුදුන්ගේ දත උපගුප්තගේ තෑග්ගක් බවය. උපගුප්ත අසෝක රජගේ ගුරුවරයා බව ඔබ දනී . අසෝක කි .පු . 250 දී සිටි ඉන්දියාවේ අධිරාජ්‍යයාය. අසෝක අධිරාජයාගේ කාලයේ මෙම දත බුදුන්ගේ ධාතුවක් ලෙස විශ්වාස කරන ලදී . මගේ අදහස නම් මෙය බුදුන්ගේ සත්‍ය දතක් බවය .


    මෙසේ Fuhrer ගේ වංචාවන් එළිදරව් වන්නට පෙර Fuhrer විසින් ඔහුගේ Progress Report එකේ ලියා දක්වන්නේ කපිලවස්තුවේ සගරවා හි තිබී ධාතු සහිත මන්ජුසාවක් සහ මහානාම (එනම් සුද්දෝධන රජුගෙන් පසු රජකමට පත්වුණු ) විසින් කරන ලද ස්තුපයක්ද ඔහු විසින් සොයා ගත බවය. මෙම මංජුසාවේ ශාක්‍ය වංශිකයන් 17 දෙනෙකු ගේ නම් කොටා ඇති බව දක්වන ඔහු එම 17 දෙනාගේ නම් ද ලැයිස්තුගත කරන ලදී . මෙම මංජුසාවේ ලියා ඇති අකුරු අසෝක රජුට පෙර ලියනලද අක්ෂර බවටද කරුණු ඉදිරි පත් කරන ලදී.
    එහෙත් Fuhrer විසින් Ma භික්ෂුවට කරන ලද වංචාව බුරුම රජයේ මැදිහත් වීමත් සමග එළිදරව් වෙද්දී ඉහත සදහන් Progress Report එකේ වාර්තාවන්ද , ගල උඩ බළලා පැහැරුවාක්සේ සියල්ල එළිදරව් වන්නේ මේ වංචාව සම්බන්දයෙන් පරීක්ෂණ පැවැත් වීමත් සමගය .

    Fuhrer ගේ මෙම වංචාව සොයා බැලීම සදහා V.A. Smith මහතාව ලක්නව් කෞතුකාගාරයේ Fuhrer ගේ කාර්යාලයට පත් කරනු ලැබේ . Smith මහතා පරීක්ෂණ වාර්තාවේ සදහන් කරන්නේ නේපාලයේ ශාක්‍ය වරුන් ගැන සදහන් වන මංජුසාවේ කොටා ඇති ලේඛනය ලජ්ජා නැති හොර ලිපියක් බවය . මේ එලිදරව්වත් සමගම Fuhrer වහාම රැකියාවෙන් අස්වනු ලැබේ . ඊලග වසරේ 1899 දේ Dr Hoey සහ Wadell, Fuhrer මෙම ධාතු සොයා ගත නේපාලයේ Tarai වල සංචාරය කරන අතර මෙම දෙපල පවසා ඇත්තේ Fuhrer මහා පරිමානයේ බොරු කියා ඇති බවය . ඔවුන්ගේ අදහස පුද්ගලයකු (Fuhrer) විසින් ඉතා අශෝභන ලෙස තක්කඩි නිර්මාණයක් මෙහි කර ඇති බවය . ඉහත සදහන් Fuhrer නම් තක්කඩිකම් කර ඇති තැනැත්තා අන් කවුරුන් හෝ නොව නේපාලයේ බුදුන් උපන්නා බවට ලියවුන සෙල්ලිපිය ඇතුළු නේපාල පුදබිම සොයා ගත් තැනැත්තා බව හොදින් මතක තබා ගන්න . බුරුම රජය මැදිහත් නොවුනානම් අදටත් කපිලවස්තු සරගවා සර්වඥ ධාතු වලට වැදුම් පිදුම් කරන්නේය. එහෙත් අදටත් පොත පත නොකියන බොහෝ දෙනා මේ ශාකයන් ගැන ලියා ඇති ලිපිය බොරුවක් බවත් Fuhrer විසින්ම ලියන ලද්දක් බවට නඩු විභාගයේදී ඔප්පු වී ඇති බවත් නොදනිති.
    මේ අනුව 1898 දී පළමු වරට සගර්වා සහ පිප්‍රහවා වලින් සර්වඥ ධාතු සොයා ගන්නේය . මෙම සොයා ගැනීම් 2 කම සිදුවන්නේ එකම මාසයක් ඇතුළතය . මෙම සොයා ගැනීම් කල දෙදෙනාම පවසා ඇත්තේ අසෝක කාලයට පෙර ලියවුනු අක්ෂර සහිත ධාතු මංජුසා කපිලවස්තුවෙන් සොයා ගත් බවය . මෙම ස්ථාන 2 කේම මංජුසා වල තිබී සොයා ගන්නා ලද දේ මීට පෙර හෝ ඉන්පසුද සොයා ගෙන නැත්තේය . බුරුම රජයට පින්සිදුවන්නට සගර්වා හි වංචාව එලිවන්නේය. පිප්‍රහ්වා ධාතු සොයාගත් Peppe සහ සගරවා ධාතු සොයා ගත් Fuhrer නිරන්තරයෙන් ගන දෙනු කල බව ලිපි ලේඛන වලින් හෙළි වී ඇත්තේය.
    දැන් අපේ අවධානය යොමුවන්නේ කපිලවස්තුවේ පිප්‍රහ්වා සර්වඥ ධාතු (1898 සොයාගත්) ගැනය .
    මෙම පිප්‍රහ්වා ධාතු සොයාගත් බවට නිවේදන නිකුත් කරන කාලයේ සියමයේ ඔටුන්න හිමි කුමරු , ජිනවරවංස ඉන්දියාවේ සංචාරය කරමින් සිටියේය . මෙම කාලයේ ඔහු මහණවී සිටියේය . (සැම පිරිමියෙක්ම ටිකකලකට හෝ මහනවීම සියමයේ සිරිතකි ). පිප්‍රහ්වාහි මෙම සර්වඥ ධාතු සොයා ගත් බව දැනගත් සියමේ රජකුමරු එම සර්වඥ ධාතු සියම් රටට ගෙනයාම සදහා තම අදහස ඉදිරිපත් කළේය. රජකුමරු ගේ ඉල්ලීම සලකා බැලූ අචාර්ය Hoye මහතා ඉන්දියානු රජය විසින් තම හොදහිත අසල වැසි බෞද්ධ රටවල් වෙත පෙන්වා එම ඉල්ලීමට ඉඩදිය යුතු බව පැවසීය. එහෙත් ඊසානදිග පළාත් ආණ්ඩුවේ වැඩ බලන ලේකම් V.A.Smith මහතා පවසන ලද්දේ බෞද්ධ ලෝකයා විසින් මේගැන බලවත් උනන්දුවක් දැක්විය හැකි බවත් , සියලු බෞද්ධ රටවල් මෙම ධාතු බෙදා ගැනීම සදහා කැමැත්ත පල කරනු ඇති බවය.

    1904 දී නැගෙනහිර පුරාවිද්‍යා කැනීම් කවයේ කටයුතු භාර පාලකවරයාවන වන ආචාර්ය Theodor Bloch ලියා දක්වන්නේ පිප්‍රහ්වා වලින් සොයාගත් ශාකයන් විසින් තැන්පත් කල බවට කියන ධාතු සම්බන්දයෙන් සැකයක් පවතින බවය . එම පිප්‍රහ්ව පෙදෙසේ තිබී සොයාගත් සියම් රජුට දුන් ධාතු තමා විසින් කල්කටාවෙදී දුටු බවත් ඒවා මගේ දැනුම අනුව නම් මිනිස් ඇට කැබලි නොවන බවය. ආචාර්ය Bolch කල්කටා ඉන්දියන් කෞතුකාගාරයේ, පුරාවිද්‍යා අංශය භාර අධ්‍යක්ෂක තනතුරද මෙම යුගයේ හෙබවීය . මෙම බලවත් චෝදනා ආචාර්ය Hoey ඉදිරිපත් කරන්නේ පුරාවිද්‍යා පිළිබද ඔහු ගේ පෞද්ගලික අත්දැකීම් මත පිහිටා පමණක් නොව එම කෞතුකාගාරයේ සත්ව විද්‍යාඥවරගේ දැනුමද අනුවය . මෙම කල්කටා කෞතුකාගාරය එම යුගයේ ආසියාවේ තිබුණු ශ්‍රේෂ්ටම කෞතුකාගාරය ලෙස සැලකීය .
    පිප්‍රහ්වා සොයා ගැනීම් වලින් Peppe විසින් දතක් තමා සන්තකයේ රදවා තබා ගත් අතර මෙම දත Charles Allen මහතා ලන්ඩන් වල Natural History කෞතුකාගාරය වෙත පරීක්ෂණයක් සදහා රැගෙන ගියේය . මෙම කෞතුකාගාරයේ පාෂාණිධාතු විද්‍යාඥයින් (palaeontologists) සනාත කර ඇත්තේ එය රකුගේ ඇබරුම් දතක් බවය . මෙම පිප්‍රහ්වා ධාතු තායිලන්තයේ Wat Saket පන්සලේද, රැන්ගුන් හි Shwe Dagon දාගැබේද, ලංකාවේ අනුරාධපුරයේද , ජපානයේ Nittaiji පන්සලේද , තැන්පත් කර ඇති බැවින් බෞද්ධ ජනයා සියවසකට අධික කාලයක් තිස්සේ පැරණි ඌරකු ගේ ඇට කැබලි වලට වදිනවා විය හැකිය.
    ධාතු තිබු භාජනය සම්බන්දන්ධයෙන්ද ඉදිරිපත් වන්නේ පරස් පර විරෝධී අදහස්ය. Peppe පවසා ඇත්තේ කරඩුව මැටියෙන් පිරී තිබුණු බවත් එහි ඔබ්බවා පබළු , ක්‍රිස්ටල් , රන් ආභරණ, තරු යන්නදියද තිබුණු බවය. Pioneer පුවත් පතට ධාතු සොයාගත් මුල් දිනවලදී ප්‍රකාශ නිකුත් කරන Peppe පවසා තිබුනේ ආභරණ සහ ධාතු අඩංගු මංජුසා ඉතා හොදින් ආරක්ෂා වී තිබු බවය. පසුව ඔහු විසින්ම පවසා ඇත්තේ මෑතකදී කල ඒවාද විය හැකි බවය . Smith සහ Fuhrer, Peppe ගේ මෙම සොයාගැනීම් බලන්ට ගිය අතර ඒවා කුඩා පෙට්ටගමක දිරා ගිය ලී පෙට්ටියක තිබුණු බව මෙම දෙදනා පවසන ලදී . සියමයට මෙම ධාතු භාර දී ඇත්තේද මේ දිරාගිය ලී ද්‍රව්‍යත් සමගය .

    ලේඛනයක් සහිත 1898 සොයාගත් පිප්‍රහ්වා මංජුසාව කල්කටා කෞතුක ගාරයේ ඇත්තේය . මෙහි ඇති අකුරු ඉතා නොසැලකිල්ලෙන් ලියා ඇති අතර සමහර අක්ෂර ලිවීමේ දෝෂ වලින් යුක්තය . මෙහි මෙතෙක් ඒ ගැන ලියවුන කිසිම වාර්තාවක සදහන් වී නොමැති අක්ෂර කිහිපයක් එහි පියනේ ඇත්තේය . මෙම ලිපියේ ඇත්තේ සකියානම් වචනය මිස සකියා වචනය නොවේ . එහෙත් මේවා පිටපත් කිරීමේදී අවසන් අකුරු දෙක ඉවත් කර තිබේ. කියානම් යන වචනය මේ අනුව සාක්ය කියා ගෙන ශාකය වරුන් ලියා ඇති බවට ගෙන තිබේ.


    Asoka and the Buddha relics නමින් එදවස සිටි Rhys David නම් පාලි භාෂා විශේසඥ සහ පුරාවිද්‍යාගවේෂකවරයා JRAS (UK) සගරාවේ Peppe කපිලවස්තුවේ පිප්රහ්වා වලින් සොයා ගත් සර්වඥ dhaathu ගැන ලියා ඇත්තේ මෙලෙසය .

    ඉතා පරිස්සමින් Peppe විසින් කැනීම් කර ඇති බැවින් එයින් ස්තීරවන්නේ පිප්‍රහ්වා ස්තුපය Peppe විසින් විවුර්ත කර බලන්නට පෙර වෙන කිසිවකු හෝ එය විවුර්ත කර නැති බවය . මෙහි ඇති හොර ලිපියේ තර්කය, සිතා ගත නොහැකි තරම්ය. මෙම පිප්‍රහ්වා ස්තුපය සහ එහි නටබුන් අදහස් කරන දේ මෙය නොවේනම් මේවා මොනවාද ? මේවා සැකය , සැබවින්ම සැක සහිතය . මේවා විශ්වාස කල නොහැකි ඒවා බවට කිසිම සැකයක් නැත

    Piprahwaa හි ධාතු සමග හමුවූ ආභරණ සියලල්ලම වගේ Peppe විසින් ලබාදුන් බව V. A. Smith මහතා ඉන්දියන් රජයට සහතික කර තිබේ . මෙම භාරදුන් ආභරණ අතර ව්‍යාජ ඒවා කිහිපයක් පමණක් Peppe විසින් රදවා තබාගත් බව Smith විසින් ‘The Piprahwa Stupa’ නම් ලිපියේ JRAS සගරාවේ සදහන් කර තිබේ . එහෙත් Peppe විසින් ලැබුණු වටිනා ආභරණ වලින් තමා සන්තකයේ තුනෙන් එකක් තබා ගෙන තිබේ. එනම් කැබලි 360 පමණය. Sagarwa වලින් හමුවූ ආභරණ වලට හෝ සොයාගත් දේවලට සිදුවුයේ කුමක්ද යන්න දැන ගැනීමට කිසිම සාක්ෂියක් අද නැත . (බුදුන් වහන්සේගේ ධාතු සොයා ගත්තා යයි කියමින් ජනතාවගේ අවධානය වෙන අතකට යොමු කර මේ අය කරඇත්තේ වටිනා භාණ්ඩ කොල්ල කෑමය. Peppe සමග එකතුවී Smith ද ආභරණ මංකොල්ල කෑවා විය හැක .).


    1962 දී නේපාල බලධාරීන් විසින් ඉන්දියාවේ ඊසානදිග පුරාවිද්‍යා කවයේ කටයුතු භාර Debala Mitra මහත්මිය නේපාලයේ Tarai හි වන්දනා ගමන් කටයුතු වැඩි දියුණු කිරීමේ අදහසින් එම භුමියේ ගවේෂණ කටයුතු සදහා ආරාධනා කළේය. නමුත් Mitra ගේ වාර්තාව 1969 දී එලිදැක්වෙන්නේ Tarai ගැන බොහෝ විවේචන ඇතිවය. එහෙත් නේපාලය එම සොයාගැනීම් වාර්තාව ප්‍රසිද්ධ කිරීම ප්‍රතික්ෂේප කළේය. 1971 දී පලකල Mitra ගේ ‘Buddhist Monument’ නම් පොතේ කපිලවස්තු නම් ශීර්ෂයට ඇමුණුමක් (appendix ) එකතු කරමින් සදහන් කර ඇත්තේ




     

    roboman

    Active member
  • Feb 7, 2011
    260
    55
    28
    1898 ලේඛනය (Peppe සර්වඥ ධාතු හොයාගත් මංජුසාවේ ලියා ඇති ලේඛනය.) පිප්‍රහ්වා යනු කපිලවස්තු බවට විශ්වාස කිරීමට ඉඩ සලසන බවය . පිප්‍රහ්වා පුදබිමේ කැනීම් කටයුතු වඩාත් තීව්ර කළහොත් කපිලවස්තු බවට හෙළිදරව් කර ගැනීම සදහා අවැසි වන සීල් හමුවන බවය . එසේ හමුවුවහොත් කපිලවස්තු යනු පිප්‍රහ්වා ද නැත්නම් වෙන තැනක් ද යයි හෙළි කර ගත හැකිවන බවය .


    ඉහත සදහන් Delba Mitra ගේ ඊසාන දිග පුරාවිද්‍යා කවයේ පුරාවිද්‍යාඥයකු වන K . M . Srivastava අප්‍රමාදව ප්‍රකාශ කර ඇත්තේ 1898 දී Peppe විසින් පිප්‍රහ්වා කැනීම් කල ස්ථානයේ ඊට පහලින් තමා කැනීම් කල බවත් එහි දී ඔහු මුල් යුගයේ මැටි ස්ථුපයක් සොයා ගත් බවය . ඒ අනුව ඔහු ඇට කැබලි සහිත මන්ජුසාවන් , කපිලවස්තු කියා ලියවුනු සීල් ද සොයා ගත් බවත් සදහන් කර සිටියේය . Srivastava ට අනුව Peppe කිසිම වගවිභාගයක් නැතිව 1898 කැනීම් කර ඇත්තේය . එමනිසා 1898 Peppe සොයා ගෙන ඇත්තේ සැබෑ සර්වඥ ධාතු නොවය. 1898 සොයාගත් මංජුසාවේ ලියා ඇති ලිපියේ පෙන්නුම් කර ඇත්තේ වඩා පහලින් තමා විසින් සොයා ගත් සර්වඥ ධාතු ගැන වියයුතු බව ඔහු පවසා ඇත්තේය. එහෙත් මෙම මංජුසා මත කිසිම දෙයක් ලියා නොතිබුණි. මීට පෙර මෙහි කැනීම් කල Peppe ට හෝ P. C. Mukherji ට කවදාවත් කපිලවස්තු නම ගැසූ සීල් හමුවී නොමැත. එයද Srivastava ගේ අද වනතුරුත් ස්වාධීන පරීක්ෂණයකින් ඔප්පු කර නැති වංචාවකි . අපි අද රටපුරා රැගෙන ගොසින් වදින්නේ ඉන්දියාවෙන් ගෙනා මේ Srivastawa සොයා ගනු ලැබූ ධාතු වලටය .

    K. M. Srivastava ගේ මෙම ප්‍රකාශ සම්බන්දයෙන් ඉතා දැඩි විවේචනයන් එල්ල කරන විශිෂ්ට පුරාවිද්‍යාඥයකු සහ ඉතිහාඥයකු වන Herbert Hartel මහතා පවසාසිටියේ Srivastava සොයා ගත්තේ බුදුන්ගේ ධාතු බව ස්ථීර ලෙස සනාත කරන්නට සාධක නැති බවය. Srivastava ගේ මෙම තර්ක නොබිදිය හැකි තර්කයක් නොවන බවය එනම් බිදිය හැකි තර්කයක් බවය . එනිසා Hartel මහතා පවසා ඇත්තේ මේ වැදගත් කාරනාව සම්බන්දයෙන් විද්‍යාත්මකව සොයා බලා පමා නොවී විද්‍යාත්මක නිවැරදි කිරීමක් කලයුතු බවය .


    ඉන්දියාවේ කෞතුකාගාරයේ Sirivastava ගේ උපදෙස් මත පිප්‍රහ්වා ස්තුපයේ අනුරුවක් තබා ඇති අතර එය සැබෑ පිප්‍රහ්වා ස්තුපයට වඩා හාත්පසින් වෙනස්ය.
    පිප්‍රහ්වා වංචාව සම්බන්ධයෙන් ලන්ඩන්හි සම්මන්ත්‍රනයේදී වාර්තා ඉදිරිපත් කල Phelps මහතා විසින් 1994 ඉන්දියාවේ දිල්ලි කෞතුකාගාරය නැරබීමට ගිය අතර එහි දී කෞතුකාගාරයේ බෞද්ධ පුරාවස්තු භාර අධිකාරිවරයා වන E . Dawson මහතා ගෙන් 1898 දී Peppe විසින් සොයාගෙන පසුව සියමට භාර දුන් පිප්‍රහ්වා ධාතු ගැන විමසනු ලැබුවත් Dawson හෝ එහි නිලධාරීන් කිසිවකු ඒ සම්බන්දයෙන් කිසිවක් දැන සිට නොමැත. මෙම සාකච්චාවේදී Phelps විසින් Srivastawa විසින් 1972 සොයා ගත් ධාතු වල සත්‍ය අසත්‍යතාවය සොයා බැලීම සදහා පසු කලක රජීව් ගාන්ධි මහතා කොමිසමක් පත් කල බව පවසා සිටියේය. එම තොරතුර තමාට කීවේ නේපාලයේ මුල්පෙළේ පුරාවිද්‍යාඥයෙකු වන Krishna Rijal බවත් තව දුරටත් Phelps කියා සිටියේය. එම කොමිෂන් වාර්තාවේ දී කුමක් හෙළිදරව් වුයේද යයි Phelps ඇසූ පැනයට කෞතුකාගාරයේ එක්‌ නිලධාරියෙක් පවසා ඇත්තේ එම කොමිෂන් සභාවේ සාමාජිකයෙක් වූ මහාචාර්වරයෙක් එම කොම්ෂන් වාර්තාවේ එය බොරුවක් බව සනාත කර ඇති බවත් එය බුදුන්ගේ ධාතු නොවන බවත්ය. මෙම ප්‍රකාශය නිකුත් වීමත් සමග කෞතුකාගාරයේ එහි සිටි සියලුම නිලධාරීන් මවිතයට පත්ව තිබේ . අද අපි මේ දිනවල වදින්නේ මේ ධාතු වලටය. මේ දක්වා ඉන්දියාව මෙම වාර්තාව හෝ මෙම සර්වඥ ධාතු සම්බන්දයෙන් ස්වාධීන පරීක්ෂාවක වාර්තාවක් ඉදිරිපත් කර නොමැත. අද ලෝකයේ බොහෝ විද්වතුන් මේ දක්වාම බොරු කියා මිනිසුන් ලවා මෙම සර්වඥ ධාතුන් වැන්දවීම සම්බන්දයෙන් ඉන්දියාවට දෝෂාරෝපණ එල්ල කරමින් පවතී. බොහෝ දෙනා දන්නේ සොයා ගත දේ ගැන පමණි. එහෙත් මේවායේ සත්‍ය අසත්‍ය බව සෙවීමට ස්වාධීන පරීක්ෂණ පැවැත්වූ බව හෝ එහි වාර්තා ප්‍රතිපල හෝ දන්නේ නැත. සොයා ගනු ලැබූ දෙය සත්‍ය යයි සිතමින් ජීවත් වෙති. ඉන්දියාන්නුවන් වැඩිපුරම හින්දු ජාතිකයන්ය. බුදුන්වහන්සේ ගැන හැගීමක් ඔවුන්ට නැත. මෑතකදී අඩි 18 ක් උස මිනිසකු ගේ ඇට සැකිල්ලක් සොයා ගත්තා කියමින් ලොවක් මුලා කරන්නට තැත් කලේද මෙම ඉන්දියාවමය.

    සර්වඥධාතුකියාබෞද්ධයන්ටඌරුඇටවදින්නටසැලැස්සු Peppe හොයාගන්නටබැරිලෙඩක්සැදීකතාකරගන්නටවත්බැරිවවසර 7 පමණකාලයක්අසීමිතලෙසවිඳවාමියගියේය. මිනිසුන්ටවදින්නටසැබෑසර්වඥධාතුසොයාදුන්නානම්එසේවෙනවාද? කරපුඅකුසලයදිට්ටධම්මවේදනීයකර්මයක්ලෙසපඩිසන් දුන්නේඑසේය. Siriniwasta විසින් 1972 සොයාගත්සර්වඥධාතුබොරුවක්ලෙසවිද්වතුන්කියද්දීඒවානැසුනාක්සිටඒවාටවන්දවන්නටඉඩසැලසුගාන්ධිපවුලටවුයේමොකක්ද? සහාසිකයන්අතින්ඝාතනයවීමය. මොරාජ්දේශායිටඅගමැතිතනතුරත්නැතිවිය.
    අලුත් අලුත් දේ සොයා ගත්තා කියමින් ලෝකයා රැවටීම ඉන්දියාවේ විලාසිතාවකි. පිරටින් එන ඕනෑම දෙයක් සොයා නොබලා මහා ඉහලින් භාර ගැනීම ලංකාවේ විලාසිතාවකි. එම විලාසිතාවට ගොදුරුවූ ලංකාවේ අයට කිවහැක්කේ ඉන්දියාවෙන් සොයා ගත් ධාතු සම්බන්ධයෙන් බොහෝ ආන්දෝලන පැන නැගී ඇති අතර ඒ සම්බන්ධයෙන් වාර්තා ගණනාවක් ජාත්‍යන්තරයේ පවතී. එහෙත් ලංකාවේ තිබු ධාතු සම්බන්ධයෙන් එවැන්නක් ලියවුනු බවට සාක්කි නැති බවය.





    පළවැනි(01) රුපයේඇත්තේ 1898 පිප්රහ්වාස්තුපයේතිබීසොයාගනුලබනමන්ජුසාය . මෙම photos රැගෙනඇත්තේ 1898 දීය.


    දේවැනි(02)රුපයේඇත්තේ 1898 පිප්රහ්වාස්තුපයේලිපියක්සහිතවසොයාගනුලබනමන්ජුසාවය. මෙම photos රැගෙනඇත්තේ 1898 දීය.


    මෙහිතුන්වන(03)රුපයෙන්පෙන්වන්නේඑමමංජුසාවේ 'කි' සහ 'ති ' යනඅකුරුනොසැලකිල්ලෙන්ලියාඇතිආකාරයය. 04 වෙනිසටහනේඇත්තේඑමඅකුරුනිවැරදිවලියනආකාරයය.


    පස්වැනි(05) රුපයේඇත්තේ Sirinastawa කෞතුකාගාරයේතබාඇතිපිප්රහ්වාස්තුපයේආකෘතියයි. හයවැනිරුපයේඇත්තේපිප්රහ්වාස්තුපයේසැබෑරුපයයි

     

    roboman

    Active member
  • Feb 7, 2011
    260
    55
    28
    Tooth-relic-of-Buddha-387x600.jpg

    මේ දන්ත ධාතුව මිනිස් දතක් වෙන්න බෑ.ඒක විශාලයි
     

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113
    Tooth-relic-of-Buddha-387x600.jpg

    මේ දන්ත ධාතුව මිනිස් දතක් වෙන්න බෑ.ඒක විශාලයි

    ඔය දත නෙවේ බං කොපුව ඕක ඇතුලේ තමයි ධන්ත ධාතුන් වහන්සේ වැඩ ඉන්නේ
     
    • Like
    Reactions: RAT 16F88

    janiranga

    Junior member
  • Aug 1, 2012
    445
    17
    18
    yako oka minihekge ekak nemei oka ape budu hamuduruwange sri dhathun vahanse..
    mulu lokeme pili ganna mulu lokayak vedum pidum karana me uthum vasthun heladakina uba buddayekda.. anika yako oka oyataram lokuwata penne oka zoom karala gatta 4to 1k hinda. topi mona jatiyaka ekekda kiyala man danne ne hebei oya vage balu katha kiyana topi vage ekeknam vadapu tope demapiyantath hena gahanava...
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    Tooth-relic-of-Buddha-387x600.jpg

    මේ දන්ත ධාතුව මිනිස් දතක් වෙන්න බෑ.ඒක විශාලයි

    මචන් මම දන්න විදිහට මෙකේ ඔය සුදුපාටින් පේන කොටස නෙමෙයි ධාතූන් වහන්සේ. ඒක මංජුසාවක්., ඒක ඇතුලෙයි දලදා වහන්සේ වැඩ ඉන්නේ

    නොදන්න මගුල් කියලා කට වරද්ද ගන්න එපා..
    දලදා වතුරෙන් සුදු ආන්ඩුවේ ආන්ඩුකාරයොත් ආන්ඩු මට්ටු කලා වගේම..දලදා මාලිගාව විනාශකරන්න උත්සහ කරපු, එතෙක් වසර 30ක් යෙහෙන් වැජබුන වේලුපිල්ලේ පරිභාහරන් කියන බල්ලත් සතෙක් වගේ මැරුම් කෑවා
     
    Last edited:
    • Like
    Reactions: RAT 16F88

    roboman

    Active member
  • Feb 7, 2011
    260
    55
    28
    ඔය දත නෙවේ බං කොපුව ඕක ඇතුලේ තමයි ධන්ත ධාතුන් වහන්සේ වැඩ ඉන්නේ
    ඒක බොරු කතාවක්.එහෙමනම් වීදුරු කොපුවක් හදන්න පුලුවන්නේ එලියට පේන්න.මේක ලොකු බොරුවක්.දන්ත ධාතුවේ ෆෝටෝ එකක්වත් ජීවිතේට දාලා නෑ.කවුරුත් දන්ත ධාතුව දැකලා නෑ වගේ.දකින්න දෙයක් නෑ වගේ.
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    Tooth-relic-of-Buddha-387x600.jpg

    මේ දන්ත ධාතුව මිනිස් දතක් වෙන්න බෑ.ඒක විශාලයි

    booruwoo... :angry: oya thiyenne dantha dathu thenpath karala thiyana ath dala walin karala thiyana manjusawak..oka athule thama dantha dathu weda wesenne..
     

    roboman

    Active member
  • Feb 7, 2011
    260
    55
    28
    yako oka minihekge ekak nemei oka ape budu hamuduruwange sri dhathun vahanse..
    mulu lokeme pili ganna mulu lokayak vedum pidum karana me uthum vasthun heladakina uba buddayekda.. anika yako oka oyataram lokuwata penne oka zoom karala gatta 4to 1k hinda. topi mona jatiyaka ekekda kiyala man danne ne hebei oya vage balu katha kiyana topi vage ekeknam vadapu tope demapiyantath hena gahanava...
    හපොයි මිනිස් දත් ඔය වගේ නෑ.ඕක දත් මුලක්වත් වෙන්න බෑ.දතේ මුලකුත් ඕකට වඩා වෙනස්.
     

    roboman

    Active member
  • Feb 7, 2011
    260
    55
    28
    booruwoo... :angry: oya thiyenne dantha dathu thenpath karala thiyana ath dala walin karala thiyana manjusawak..oka athule thama dantha dathu weda wesenne..
    අපි කවුරුත් දන්ත ධාතුවේ ෆොටෝ එකක් දැකලවත් තියෙනවද?මට හිතෙන්නෙ මොකක් හරි මගඩියක් යනවා.
     

    janiranga

    Junior member
  • Aug 1, 2012
    445
    17
    18
    toi mai oka nedekkata dekapu kattiya dekala eti. anika oka viduruwak etule dala tibbath okata katavak kiyanna onenem ubala vage kalakanni kiyanava tamai..
    oya vidihata seka karanavanam ubata ube ammavath seka karapan. mokada uba dekke nene ube den inna taththamada vede kare kiyala. puluwannam ube ammagen ahapan video 1k tyenavada kiyala............
     

    roboman

    Active member
  • Feb 7, 2011
    260
    55
    28
    toi mai oka nedekkata dekapu kattiya dekala eti. anika oka viduruwak etule dala tibbath okata katavak kiyanna onenem ubala vage kalakanni kiyanava tamai..
    oya vidihata seka karanavanam ubata ube ammavath seka karapan. mokada uba dekke nene ube den inna taththamada vede kare kiyala. puluwannam ube ammagen ahapan video 1k tyenavada kiyala............
    ඔව් තොපි වගේ හොර මගඩි කාරයෝ ඉන්නවා කියලා දන්න නිසා තමයි බුදු හාමුදුරුවොත් අන්තිම මොහොතේ " මහනෙනි සැක කරව්" කියලා දේශනා කලේ.ඕන කුප්පමේනියාවක්
    අනේ සාදූ කියලා පිලිගන්න හත් පොලේ මොඩයො ඇති වෙනවා කියලා බුදුන් වහන්සේ දැන ගන්න ඇති.
     

    ColoR

    Active member
  • Apr 23, 2011
    467
    113
    43
    Tooth-relic-of-Buddha-387x600.jpg

    මේ දන්ත ධාතුව මිනිස් දතක් වෙන්න බෑ.ඒක විශාලයි

    :frown: නොදන්න දේවල් කියලා උබේ දැනුම අපට ප්‍රදර්ෂණය කරන්න එපා...

    හොද දෙයක් කරනකොට එකට වැරදි අඩුපාඩු හොයන එවුන් ඔනි තරම් ඉන්නවා. සර්වඥ ධාතු බොරුවක් නම් ඉංදියාව නිකන් බලං ඉන්නේ නැ...
     

    ColoR

    Active member
  • Apr 23, 2011
    467
    113
    43
    රත්තරං;13375551 said:
    මචන් මම දන්න විදිහට මෙකේ ඔය සුදුපාටින් පේන කොටස නෙමෙයි ධාතූන් වහන්සේ. ඒක මංජුසාවක්., ඒක ඇතුලෙයි දලදා වහන්සේ වැඩ ඉන්නේ

    නොදන්න මගුල් කියලා කට වරද්ද ගන්න එපා..
    දලදා වතුරෙන් සුදු ආන්ඩුවේ ආන්ඩුකාරයොත් ආන්ඩු මට්ටු කලා වගේම..දලදා මාලිගාව විනාශකරන්න උත්සහ කරපු, එතෙක් වසර 30ක් යෙහෙන් වැජබුන වේලුපිල්ලේ පරිභාහරන් කියන බල්ලත් සතෙක් වගේ මැරුම් කෑවා

    :yes::yes:
     

    roboman

    Active member
  • Feb 7, 2011
    260
    55
    28
    ඔය කොපුව ඇතුලේ ඇති එකක් නෑ බන්. මොකක් හරි මගඩියක් වගේ.එහෙම නැත්නම් ෆොටො එකක්වත් ගන්න බැරිද හොඳ HD කැමරාවකින්.