සරුංගලයක් සමග දැරියක් අහසට ඇදී යයි

NRTG

Well-known member
  • Oct 19, 2019
    41,167
    198,746
    113
    Colombo, Sri Lanka
    සරුංගල් උත්සවයක් අතර වාරයේදී එයට සහභාගිවූ කුඩා දැරියක් ඇය යවමින් සිටි සරුංගලයත් සමග අහසට ඇදී යාමේ පුවතක් තායිවානයෙන් වාර්තා වනවා. විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ මෙම දැරිය අඩි 100ක් පමණ ඉහළ අහසට ඇදී ගොස් තිබෙන බවයි.
    නම හෙළි නොකළ මෙම දැරිය ඊයේ දිනයේදී තායිවානයේ, හින්චු නගරයේ පිහිටි නන්ලියාවෝ වරායේ පැවති සරුංගල් උළෙලකට සහභාගී වෙමින් සිටියදී මෙම සිදුවීමට මුහුණ පා තිබෙනවා.
    එකවර ඇතිවූ සුළං තත්ත්වයක් සමග සරුංගලයේ පිටුපස කොටස අල්ලාගෙන සිටි මෙම දැරිය අහසට ඇදී ගොස් තිබෙන අතර ඇය අවස්ථා කිහිපයකදී ඉහළ අහසටත් යලි පොළොව දෙසටත් ඇදී එන අයුරු කිසියම් පුද්ගලයෙක් විසින් වීඩියෝ ගත කොට තිබෙනවා. කෙසේ වුවත් එම දැරිය පොළොව මතට පතිත වීමට පෙර අසල සිටි පුද්ගලයින් විසින් බේරා ගෙන ඇත.




    video.....
    https://video.dailymail.co.uk/previ...356965735/636x382_MP4_2372351998356965735.mp4
     
    Last edited:

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,371
    13,690
    113
    හැමිනේශන්
    :lol: :lol: යක්කෝ.. ඌ උඩ යන හැටි බලහන්කො.. ලංකාවෙ පොඩි එකෙක්ට ඕක වුනානම් ඌ බිමට ආපු ගමන් අම්මගෙන් ගුටි පූජාවක් හම්බවෙනවා කියන දේ අහන්නෑ කියල
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,358
    30,156
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    paw yako.... :lol: podiun baya karanna epa bn. un loku wenakotath a baya arinna baalu
    බයකරේ නැත්තං ඌ කන්නේ නෑ බං. කෝටුකිතයි වගේ ළමයි හදලා බෑ මෙහේ මුන් මරාගන්න මරාගැනිල්ලට