මේකට තව කෑල්ලක් එකතු කරන්නම්.
පුද්ගලිකව මට තිබුන ලොකුම හිසරදයක් තමා පොඩි කාලෙ ඉදන්ම ඇයි ලංකාවෙ අපිට වෙන රටවල සංචාරය කරන්න බැරි කියන එක. ටික දෙනෙක් විතරක් කැමති විදියට ගිහින් එනව උන් වෙන රටවල ජීවත් වෙනව. ඉතින් මගෙ ප්‍රධාන අරමුනක් උනේ ඔන්න ඔය කියන දේට විසදුමක් ලබා ගන්න. ඒක කරගන්න මම ස්ට්‍රැටජි එකක් ගැහුව ඒකට අනුව වැඩ කරා අද ඒකෙ ප්‍රතිපල බුක්ති විදිනව වෙනත් රටක ජීවත් වෙන ගමන්. තාම ලංකාවෙ පාස්පෝට් එක තියෙන්නෙ, ඒක වෙනස් කරගන්න ටික කාලයක් යනව තව. එතකොට මේ කියන මගෙ මූලිකම ආශාව මම ලබා ගෙන තියෙනව. මම මේක ටයිප් කරන්න හේතුව ටිකකට කලින් මගෙ අතර ඇමරිකන් පාස්පෝට් එකක් ලැබුන මගෙ ලගම කෙනෙක්ගෙන්. අපි සෑහෙන්න මේ දේ ගැන කතා කරලත් තියනව මම ආව තැන ඉදන් දේවල් ලබා ගන්න මම කාල තියන කට්ට සහ එයාට ඒ දේවල් නිකන්ම ලැබිල තියන එක ගැන. ඉතින් අද වෙනකොට උබල ඔය එලොන් මස්ක්ගෙ අප්පගෙ පතල් කර්මාන්තෙ ගැන කියවන්නෙ නැතුව තමන්ට දේවල් ලගා කරගන්න අවශ්‍ය විදියට යන්න හදාගනින් ප්ලෑන් එකක්. ඒකට වැඩ කරපන්. මට දැන් වයස 31 වෙන්න එන්නෙ තාම මම ලංකාවෙ පාස්පෝට් එකෙන් යන්න ඔනෙ. . හරි පාරෙ ගියාට තව යන්න තියනව මටත්. ඉතින් උබලටත් පුලුවන් අද ඉදන් ඔලුව පාවිච්චි කරන්න පටන් අරන් උබලට ඔනෙ තැනට යන්න පාර හදාගන්න. දවසෙන් වෙන්නෙ නෑ අවුරුදු ගනන් යන දේවල් මේවා.
නිකමට බලපන් Microsoft ලොක්කා මොකෙක්ද කියල සහ ඒ වගේ දැන් අලුත් ගෙනරේශන් එකෙ එනව සෙට් එකක් ඉන්දියාවෙන්/3rd world එන උන්. උන් ඔය වගේ යම් කිසි අරමුනක් තියන් වැඩ කරල තමා එහෙම ගිහින් තියෙන්නෙ. ඉතින් ධනපති විරෝදී අඩු කුලේ ජෙප්පෙක් නොවී අදම තමන් හැදෙන්න පටන් ගන්න.