සල්ලි ඕනෙද. එන්න එහෙනම්

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    151808587_243975270737191_8051661300927801566_n.jpg



    ජීවිතේ කවදාහරි දැනිලා හියෙනවද මුළු ජීවිත කාලයක්ම යන්න ආසාවෙන් බලාගෙන හිටිය තැනකට යන්න ලැබුනම හිතට දැනෙන සතුට? අපිට එහෙම ආසාවක් ඉෂ්ඨ උනාම එච්චර සතුටක් දැනෙන්නෙ ඇයි? ගොඩක් වෙලාවට අපිට ඒ සතුට දැනෙන්නේ අපි ඇස් දෙකෙන් දැකපු දේ නිසා. ඒ ඇරෙන්න ඒ දේ අපිට අයිති කරගන්න පුළුවන් උන නිසාවත්, හැමදාම ලග තියාගන්න පුළුවන්කමක් ලැබුන නිසාවත් නෙමෙයි. අන්තිමට බැළුවම අපි සතුටු වෙලා තියෙන්නේ අපේ මොලේට ලැබුන සංඥාවක් නිසා. මොලයට සංඥාවක් ලබා දෙනවා කියන එක අපිට අපේ හිතෙන් කරන්න පුළුවන් දෙයක්. ඉතින් අපිට ඇයි බැරි අර අපි ආසාවෙන් බලාගෙන ඉදලා ලැබුන දේ නිසා ඇතිවුන සංඥාව අපේ හිතෙන් අනිත් වෙලාවටත් මොලේට දෙන්න? කිසිම හේතුවක් නැතුව ඒ වගේ සංඥාවක් දෙන්න බෑ කියලා හිතෙනවනම් ඒකට හේතුවක් හදාගන්න. අර කලින් කිව්වා වගේ ගෙදර අරගෙන යන්නත් බැරි, අයිති වෙන්නෙත් නැති, ඒ වෙලාවට විතරක් ඇහැට දැකපු දෙයක් නිසා සතුටු වෙන්න පුළුවන් උනානම්, අපිට ඊටත් වඩා වැඩියෙන් සතුටු වෙන්න පුළුවන් අපිට හුස්ම ගන්න පිරිසිදු වාතය තියෙන එකට. හුස්ම ගන්න වාරයක් ගානෙ ජීවිතේ දැනෙන ලොකුම සතුට වගේ සතුටු වෙන්න පුළුවන්.

    අපි අහලා තියෙන ලද දෙයින් සතුටු වෙනවා කියන එක උනත් මිනිස්සු අල්ලගෙන තියෙන්නෙ Negative පැත්තෙන්. ලද දෙයින් සතුටු වෙනවා කිව්වම ගොඩක් අය හිතන්නේ දෙයක් නොලැබී ගියාම තියෙන දේ හොදයි කියලා හිත හදා ගන්න එකට. අපිට ලැබෙන දේ ගැන සතුටු වෙන්න අනිත් මිනිස්සුන්ට ඒ දේ නොලැබී තියෙන්න ඕනෙ කියලා නීතියක් නෑ. හැබැයි ගොඩ දෙනෙක් පුරුදු වෙලා තියෙන්නේ අපිට දේයක් ලැබුනම අපි ඒ දේ නොලැබුන අනිත් මිනිස්සුන්ට වඩා වාසනාවන්තයි කියලා හිතලා සතුටු වෙන්න. එහෙම නැතුව අපිටත් තියෙන අනිත් හැමෝටමත් තියෙන දේවල් ගැන හිතලා ජීවිතේ හැම තප්පරේම Happy එකේ ඉන්න. අපි හැමෝටම අඩුවක් නැතුව ඒ හැමදේම ලබා දෙනවට හුස්ම ගන්න වාරයක් ගානෙ විශ්වයට ස්තූති කරන අතරේ පුළුවන් උපරිම විදිහට සතුටින් ඉන්න. දවස ගානෙ කරන කියන දේවල් හැමදෙයක්ම හිතනවටත් වඩා හොදින් වෙයි.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,636
    21,241
    113
    තව ටික කාලෙකින් හුස්ම ගන්නත් සල්ලි දෙන්න වෙයි... :(
     

    Dotex

    Well-known member
  • Oct 4, 2015
    838
    1,033
    93
    Down South
    Dan uta 150,000K Mokatada Salli nathuwa Jiwath wenna Miniha Dannawanan?
    ඒක තමයි උ නොකිය කියන්නේ සල්ලි නැතුව සතුටින් හොද ජිවිතයක් ගෙවන්න බෑ කියල :angry::angry::lol::lol: