මට මේ මාතෘකාව ගැන ගොඩක් අත් දැකීම් තියෙනෙව. මොකද මම මෙතන ඉන්න ගොඩක් දෙනෙක්ට වඩා වැඩිමල් හින්ද (මට තේරෙන විදියට ).
මේ සම්බන්ධව මගේ අදහස මෙහෙමයි.
1. මුල් කතාව සම්පූර්නයෙන්ම හරි. මොකද ආදරයට වහල් වෙලා විතරක් කසාද බැන්දොත් ඒකෙන් ඉස්සරහට ප්‍රශ්න ඇති වෙනව. අපි කැමති වුනත් අකැමති වුනත් ජීවත් වෙන්න යම්කිසි ආර්ථික පදනමක් තියෙන්න ඕන. ඒක හින්ද ආදරය කරන ගමන් දෙන්න හිතන්න ඕන බැන්දට ඒ පදනම ඇති කර ගන්නේ කොහොමද කියල. ඒක ක්‍රම 2 කට වෙන්න පුලුවන්. එකක් තමයි මේ ත්‍රෙඩ් එකේ මුලින් කිව්ව වගේ දෙන්නගෙන් එක්කෙනෙක්ට මව් පිය උරුමයෙන් වත් කම (මම සල්ලි කියන වචනය පාවිච්චි කරන්නේ නෑ) තියෙන එක. අනික තමයි දෙන්නම හෝ එක්කෙනෙක් professional/trade හැකියාවකින් යම්කිසි වෘත්තියක යෙදෙන එක. ගොඩක් දෙනෙක් වැටෙන්නෙ 2 වන කොටසට. මොකද ගොඩක් අයට මව් පිය උරුමයෙන් වත් කම ලැබෙන්නෙ නෑ. ඒක හින්ද ඉගෙනීම ඉතා වැදගත්.
2. ඊ ළඟ කරුණ තමයි, අර ගලපාත මහත්තය කිව්ව වගේ දෙන්නට උත්සාහයෙන් මුදල් උපයන්න පුලුවන් වට පිටාවක් සමාජය තුල තියෙනෙවද කියන එක. මෙතනදි මතුවෙන තව දෙයක් තමයි තමන් මුදල් උපයන ක්‍රමය තමන්ගෙ හෘද සාක්ෂියට එකඟද කියන එක. අවාසනවකට අද රටේ ගොඩක් අය මුදල් හොයන්නෙ අයථා ක්‍රම වලින් (ඒ කියන්නෙ කොමිස්, වංචා කිරීම්, නීති විරෝධී වැඩ, කුඩු බිස්නස් වගේ ඒවා). මේ පසුබිම මත අවංක අය පීඩනයට පත් වෙනව. මේක මට වුන පුද්ගලික අත්දැකීමක් ලංකාවෙදි. හෘද සාකෂියට අනුව වැඩ කරන්න ගිහින් මගෙ ජීවිතයට පවා තර්ජන එල්ල වුනා. ඒක හින්ද මට රට හැරල ඕස්ට්‍රේලියාවට ආව. මෙහේ තමන්ගෙ හැකියාවට අනුව වැඩ කරල ජීවත් වෙන්න පුලුවන්.
3. දෙන්නක් එකතු වෙනකොට (ඒ කියන්නෙ බඳින කොට ) තියෙන්න ඕන වැදගත් දේවල් තමයි අදහස්, ගති පැවතුම්, සමාජයීය ආකල්ප, තරාතිරම (ඒ කියන්නේ කුල බේදය නෙමෙයි ) වල තියෙන ගැලපීම. වත් කම සහ හැකියාව අතින් දෙන්න ගොඩක් වෙනස් වෙන්න නම් හොඳම නැහැ (පුද්ගලික අත් දැකීම ). එහෙම වුනොත් වත්කම (ඒ කියන්නෙ සල්ලි ) වැඩි එක්කෙනාගෙන් අනිත් එක්කෙනාට යම් යම් අවස්ථා වලදි කෙනහිලි කම් වෙන්න පුලුවන්. සමහර විට ඒ ප්‍රශ්න දුර දිග යන්නත් පුලුවන්.
එම නිසා මගේ අදහස තමයි, දෙන්නට දෙන්න හොඳ අවබෝධයෙන් ප්‍රායෝගික සහ ගැලපෙන ජීවනෝපායක් සැලසුම් කර ගෙන කසාද බඳින එක.