සල්ලි දීලා!

MAHAADENAmutta

Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    සල්ලි දීලා *** #@%$ **** ## ඇතුලට වගෙන් පුතා!
    1
    2
    3
    4
    5
    10
    11


    තිය තිය බලන් නැතිව


    giphy.gif

    සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න
    අල්ලි දෙකක් වත් දුර බැහැ අඩිය තියන්න
    ඇඟට හිරට මහල කොටට ඇඳල බලන්න
    අඳින්න මිනි ගවුම අඳින්න
    අඳින්න මිනි ගවුම අඳින්න

    ලීලී මාගෙ නෝන එයා මෙහෙම කියන්නෙ
    දැන් රටේ තොටේ කවුරුත් මිනි ගවුම් අඳින්නෙ
    මම කොහොමද සාරි ඇඳන් මහ මග යන්නෙ
    මටත් ගවුමක් ඔනෙ ඔව් මිනි ගවුමක් ඕනෙ

    මිනි ගවුමක් මොටද දැන්ම ඔයා සොයන්නෙ
    ඇයිද ලිලී මගෙ පපුවට ගින්දර දෙන්නෙ
    මිනි ගවුම් අඳින්නේ මැරුණට පසුනෙ දෙවියනේ
    මෙහෙම කිවුව ගමන් නෝනා
    මගෙ ඇඟට ගොඩවුනේ

    සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න…

    අපේ නෝනගෙ වැඩ පුදුමයි මට දැන් සිහිවෙනවා
    මැරුණෙ නැතුවම නෝන මිනි ගවුම් සොයනව
    බෑ කියන්නටත් ලෝබයි අඬ අඬ ඉල්ලනවා
    මිනි පෙට්ටි කඩෙන් මිනි ගවුමක් මෙ මං ඉල්ලුවා

    මිනි ගවුමක් සමග මිනි පෙට්ටියකුත් දුන්නා
    කාර් එකකුත් ලැබුණා ඒකෙම මමත් ගොඩ උනා
    ගේ ළඟටම එන්නා වට පිට සෙනග පිරෙන්නා
    එය දුටු මගෙ නෝනා මරහඬ දීගෙන පැන්නා

    සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න…

    මොකද දෙවියනේ ඔයාට වෙලා තියෙන්නේ
    මිනි පෙට්ටි මොටද ඇයි අද
    අපෙ කවුරුද මැරුණෙ
    එය ඇසුණු මගේ ඇඟේ මාලු ග‍ඟේ නටන්නෙ
    අපේ නෝනට මම මේ විදියට උත්තර දුන්නෙ

    මිනිගවුමක් දෙන්නෙ මිනි පෙට්ටියක් ගත්තම
    ගත්ත නිසයි ලිලී මම ගෙනාව දෙකම
    මිනි ගවුම කිව්වෙ කොට්ට උරය
    වගෙ කොට ගවුම
    නෝන කිව්ව එහෙම මට තේරුණ
    කරපු ගොන්කම

    සල්ලි දීල ගවුම මැහුවෙ ඇඳගෙන යන්න
    අල්ලි දෙකක් වත් දුර බැහැ අඩිය තියන්න
    ඇඟට හිරට මහල කොටට ඇඳල බලන්න
    අඳින්න මිනි ගවුම අඳින්න
    අඳින්න මිනි ගවුම අඳින්න
    අඳින්න මිනි ගවුම අඳින්න
     
    Last edited:
    • Like
    Reactions: DangerMan119

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මුත්තා මලක්වත් ඇද්දද? නැත්තං ගුලියක්වත් කෑවද..?:P
    අභ්‍යාවකාෂීය හැඟීමක් දැනුනා නිකන්..:rofl:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ඇන්ටන් ජෝන්.අයියෝ ආතල් මිනිස්සු

    ඔය සින්දුව මම මුලින්ම ඇහුවේ 2011 වගේ කාලේ.මම උ. පේ පළමු වසරේ.එදා ඔය සින්දුව කිය කිය පන්තියේ ඩාන්ස් එකක් දාපු එකාව ජීවිතේට අමතක වෙන්නේ නෑ.හම්මෝ ඌ දීපු ආතල් එකක් :love::love: