දැන් කාලෙ හැමෝමත් එහෙම නෑ බං. අපිත් Class ඉවර වෙලා කෙලින්ම Bus Stand එකට තමයි ගියේ. එතනට වෙලා Bus එක පිටත් වෙනකං එතන ඉන්න කෙල්ලො දිහා බලාගෙන ඉඳලා බස් එක පිටත් වෙද්දී බස් එකේ එල්ලිලා ගෙදර ගියා.

මට අම්මා ක්ලාස් යද්දි දවල්ට කන්න බත් එකක් බැඳලා දීලා, බස් එකේ යන්න සල්ලි දීලා ඊට අමතරව Milo, Short Eats වගේ ගන්න රු. 200 ක් 300 ක් වගේ විතරයි Pocket Money විදිහට දුන්නේ. මං ඒ සල්ලි ටිකත් ගෙදර යන ගමන් හැමදාම ATM Machine එකක් ගාවට ගිහින් මගේ Bank Account එකට Deposit කරා. කෙල්ලොන්ගෙ attention එක ගන්න දඟලන සෙට් එක විතරයි ඔහොම තව කොල්ලො සෙට් එකක් එක්ක එකතු වෙලා හෙන අමුතු විදියට රඟන්නේ. එහෙම ලොකුවට සල්ලි තියෙන කට්ටියත් නෙමෙයි බං ඔය. ඒත් කමක් නෑ. ඒක ඒගොල්ලොන්ගෙ ආසාවනේ. මොනව උනත් උන් සෙට් එක අපිට වඩා ආතල් එකේ ඉන්නවා.