අති දීර්ඝ වූ මේ අනමතග්ග සංසාරය පුරාවටම අප පැමිණියේ නොයෙකුත් බැඳීම් වල පැටළිගෙනය. විවිධ වූ පුද්ගලයන් කෙරෙහි ස්නේහය, ආදරය, රාගය ආදී කෙලෙස් වලින් සිත් පුරවාගෙනය. හුදෙකලා වීමක් කෙදිනකවත් සිතට අත්දකින්නට නොහැකි විය. මව, පියා, සහෝදර සහෝදරියන්, ස්වාමි පුරුෂයන්, භාර්යාවන්, ආදරවන්තයන්, මිතුරන් ආදීන්ගෙන් වට වී ගෙනය. ඔවුන් නිසා සිත් තුළ ජනිත වූ අපමණ කෙලෙස් සමුදායක අතරමං වී ගෙනය.
නමුදු ඒ එකඳු බැඳීමක්වත් අද අපට මතක සේයාවක් වත් නැත. ඒ පුද්ගලයන් අද කොහේ සිටිනවාද කියාවත් දන්නේ නැත. නමුත් ඔවුන් නිසා සිදු කරගත් කර්ම වල විපාකයන් අදද, මේ මොහොතේද ගෙවා දමමින් සිටින්නෙමු.
මේ මොහොතේ සිදු කරන්නේද නොයෙකුත් බැඳීම් වලින් සිත ගැටගසාගෙන කෙලෙස් අවුළුවා ගැනීමක්ය. අප ඇලෙන්නේ, ගැටෙන්නේ බාහිර පුද්ගලයන්ට කියා අප සිතුවද, ඔවුන් නිසා අප සතුටට, දුකට පත් වනවා යැයි කියා සිතුවද ඇත්ත වශයෙන්ම සිදුවන්නේ අපේ සිතින් සිතිවිලි ඇතිවී නැතී යාමක් පමණි. ඒ සංඥා, වේදනාවන්ට අනුව අප ඒවා උපාදාන කරන ප්‍රමාණය අනුව සිත තුළ කෙලෙස් ජනිත වේ.
අප යමක් කෙරෙහි ඇති කර ගන්නා සංඥාව මත අපට එය ප්‍රිය හෝ අප්‍රිය වස්තුවක් බවට පත් වේ. ඒ අනුව වේදනාවන් ජනිත වේ. සිතිවිලි ජනිත වේ. නැවත නැවත ඒම වේදනාවන්ම උපාදානය කරමින් දිගින් දිගට කෙලෙස් ජනිත වේ. සංඥාව යනු තනිකරම මුලාවකි. එය අපේ සිතේ ස්වභාවය අනුව නිරන්තරයෙන් වෙනස් වේ. අනිත්‍යට යයි. නිත්‍ය වශයෙන්, ආත්මීය වශයෙන් නොපවති. අද හොද දෙය හෙට හොඳ නැත. අද ප්‍රිය දෙය හෙට අප්‍රිය වේ. මෙය සිතේ ස්වභාවයයි.
ස්පර්ශය යනු එකම දෙයකි. නමුත් අප ප්‍රිය කරන කෙනකුගෙන් එම ස්පර්ශය ලැබුණු විට අප සිත තුළ සුඛ වේදනාවක් ජනිත වේ. ආදරය , රාගය ජනිත වේ. ඇලීම ඇතිවේ. උපාදානය ප්‍රබල වේ. නමුත් අප්‍රිය කරන කෙනකුගෙන් නම් එම ස්පර්ශය ලැබුණේ සිත තුළ ජනිත වන්නේ දුක් වේදනාවකි. ගැටීමකි. පිළිකුලකි. ප්‍රතික්ෂේප කිරීමකි. එසේ නම් එය පැවතියේ ස්පර්ශය තුළ නොව අපේ සිත තුළය. අපේ සිත තුළ ඇතිවූ සංඥාව මත ඉපදුණු වේදනා ස්කන්ධයට අනුව අප ඒ ස්පර්ශයට ඇලුම් කිරීම හෝ ගැටීම ඇති වේ.
මෙය අවබෝධ නොවන්නේ සිතේ පවතින මෝඩකම නිසාවෙනි. එය අවබෝධ කරගන්නා විට සිත තුළ සංඥව කෙරෙහි, වේදනාව කෙරෙහි, සංස්කාර කෙරෙහි ආදී පංචස්කන්ධ ධර්මයන් කෙරෙහිම පවතින මුලාව ගිලිහී යයි.තමන්ගේම පංචස්කන්ධ ධර්ම උපාදාන කරමින්, ඒවාට ඇලෙමින්, ගැටෙමින් සංසාරය පුරා දුක් විඳිමින් පැමිණි මුලාව අවබෝධ වේ. තවත් මේවා කෙරෙහි මුලාවෙන් බැඳී සිටියොත් ඉදිරියට සිදුවන්නේත් එයමය. ඇලීම් බැඳීම් වලින් තොර හුදෙකලා සිතක පවතින නිරාමිස සුවය අත්දකින්නට නම් ඒවායින් මිදෙන්නටම අවශ්‍ය වේ. නොයෙකුත් සංස්කාර කෙරෙහි ඇලෙමින්, ගැටෙමින් සිටිමින් එම සුවය අත්දකින්නට නොහැකි වේ. නොයෙකුත් සංස්කාර සිතින් පටලවාගනිමින් සිටින සිතකත්, ඒවායින් මිදුණු සිතකත් ඇති වෙනස අහසට පොළොව මෙනි.
මේ දීර්ඝ සංසාරය පුරා විදින ලද අනන්ත දුක් පිළිබඳ මෙනෙහි කරමින්, යළි උපතක් ප්‍රාර්ථනා නොකරන්නට අප සිත මෙහෙයවිය යුතුය. බුදු කෙනකුන් පහළ වන්නේ සත්වයන් සසර දුකින් මුදවාලීමටය. දුක නම් මේ සසරේ ඉපිද ඉපිද මැරෙමින් යළි යළි දිගින් දිගට ගමන් කිරීමය.
අපට සංසාරය පුරා මවක් පියෙක් නොවුණ කෙනකුන් නැත. ආදර නොකරපු කෙනකුන් නැත.
නමුත් බුදු කෙනකුන් අපට හමුවන්නේ ඉතා දුර්ලබවය. උන් වහන්සේගේ ධර්මය හමුවන්නේ ඉතාමත් දුර්ලබවය. එහි ඇති දුර්ලබ භාවය උපමාවකින් වත් කියන්නට නොහැකය. උතුම් මිනිසත් භාවයක් ලබාගෙන, බුද්ධ ශාසනයක හිමිකාරිත්වය දරන්නට, ශ්‍රි සද්ධර්මය ඇසුරු කරන්නට ලැබීම, මාර්ග ඵල නිවන් සුව අත්දකින කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය ලැබීම අති දුර්ලබය.
ආදර, රාගය, ආදීය අප සිත් තුළ පහළ නොවුණු මොහොතක් මේ සංසාරය පුරා නොමැත. ඒවායින් මිදුණු සිතක් ලබා ගැනීම පමණක් මේ සංසාරයේ අපට අත්දකින්නට නොහැකි විය. එතෙකින්ම මේ සසරේ නිමාවක් නොමැතිව අපට ගමන් කරන්නට සිදුවිය.
අපේ පරම ඒකායන අධිෂ්ඨානය විය යුත්තේ මෙතෙක් අත්නොදැකපු ඒ උතුම් නිකෙලෙස් සිතක හිමිකාරිත්වය ලබාගැනීමට වීර්යය වැඩීමය.
මෝහයෙන් යටවී සිටියහොත් තව තවත් ප්‍රමාදයට වැටීම පමණක් සිදුවේ. අද ඔබ අතපසු කරන එක තත්පරයක ප්‍රමාදය, සසරේ කල්ප ගණනක ප්‍රමාදයක් ඔබට අත් කර දිය හැක.
ධර්මය පවතිනුයේ තව ඉතාමත් ස්වල්ප කාලයකි. ඒ ආලෝකය නිවී යාමට ඉතා ආසන්නය. ඒ එළිය පවතින මොහොතේත් ඔබ අඳුරේ අත්පත ගාන්නට ප්‍රිය කරන්නේ නම්, යළි ඔබට කෙදිනකවත් ආලෝකයක් හමු නොවන්නට ඉඩ ඇත.
කෙලෙස් දුකේම ගැලී ඉන්නට සිදුවනු ඇත. අප්‍රමාදීව වහ වහා සසරින් එතෙර වන මාර්ගය වෙත සිත යොමු කරමින් සදාකාලික සුවයක් අත් දකින්නට ඔබ සිත් තුළ පහන් සිතිවිලි පහළ වේවා..
එම සිතිවිල්ලම ඔබට ආලෝකයක් වේවා..!!!!

දැන් මනුස්සයෙක්ට කැලෙකට වදිලවත් බණක් භාවනාවක් කරගෙන ඉන්න විදිහක් නෑනේ. කැලේත් කපනවනේ.
.. එදාට ඔය හරක් මයින කතා විශ්වාසෙකුත් නැති වෙයි.