ඔබගේ මීලඟ භවය "ප්‍රාණී කී ටැග්" එකක් වූවොත්!
චීනයේ කීටැග් තුළ දමා විකුණන පණ තියෙන සතුන්ගේ මිළ (2021දී) ඩොළර් දෙකකටත් අඩුයි. ප්‍රමාදී බව නිසාම මීලඟ භවයකදී ඔබට, මට කී ටැග් කවරයක් තුළ පණ ගැහෙන කුඩා සත්ත්වයෙක් වෙන්නට සිදු වුවහොත් ඔබ මම අද ලබන නිදහස, ආශ්වාදය, සතුට, සැප, කුසල් වඩන්නට ඇති හැකියාව, මේ කිසිවක් අපට හමු නොවේවි. සල්ලි කොළයක් වෙනුවෙන් ප්ලාස්ටික් කවරයක් ඇතුළේ සිර වී පණ අදිමින් ඔහේ මියදෙන්නට සිදුවේවි. එදාට අපට මේ විපත කළ වෙළඳමහතාට මෙත් වඩන්න නම් සිතෙන එකක් නෑ. අතීත අකුසල් සංස්කාරයක් නිසාවෙන් මේ ප්‍රතිඵලය ලැබෙන්න ඇතැයි තේරුම් යන එකකුත් නෑ. තේරුම් ගන්න තරම් ප්‍රඥාවක් තියෙන එකකුත් නෑ. මැරෙනා තුරුම වෛරයට, කම්පාවට, ද්වේශයට, දුකට අදාළ සිතුවිලි පොදි ගසාගෙන, තවත් මහා දුරක් සසර දිගු කරගෙනම අපිට මැරෙන්නට වේවි. මේවා දැකීමෙන් එම වෙළඳ මහතුන් කෙරෙහි ද්වේශයෙන් ඇති කර ගන්න එපා. මේ කුඩා සත්ත්වයන්ටත්, වෙළඳමහතුන්ටත් මෙත් වඩනා අතරතුර සසරේ භයානකකම තේරුම් කරගන්නට නුවණ වඩවා ගන්න. නොදැනුවත් ව හෝ සිදුවෙන්නා වූ කුඩා පවකින්, වරදකින් පවා ඈත් වන්න. අප්‍රමාදීව නිවණ අප සැමට අවබෝධ වේවා!