සසර _සැරි_සරන_තෙක්_ඔබ_මගේ...
අන්තර් ජංජාලේ සැරිසරන කොට ඇස ගැටිච්ච පොඩි වීඩීයෝ එකක්... ඔයාලත් එක්ක බෙදා හදා ගන්න හිතුනා.
ලස්සනම සිංදුවක්... සිංදුව පටන් ගන්න කලියෙන් සන්නස්ගල ලස්සන විස්තරයක් කරනවා... අහලා බලන්නකෝ...
ඔබෙ දෙතොල් පෙති ලිහී පිපුනු හසරැල් විලේ
හද දියව ගලා යයි රැලි ලමින් සැලි සැලී
මෙවන් සුව පෙර නොවිදි තුන් සිතම සලිත වේ
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ
හිරු නිවී මුහුදු තෙර රාත්‍රිය එලඹිලා
තරු කඩා වැටෙන විට අහස් ගග කලඹලා මට
බලා ඉන්න බෑ ඔබෙ නුවන් පෙනෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ
නා ගසක් දළු දමා වසන්තය එලඹිලා
මද පවන් රැලි වැදී සැලෙනවිට කැලඹිලා
මට බලා ඉන්න බෑ ඔබෙ දෙතොල් පෙනෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ
යුග ගණන් පැමිණි මග පැටලිලා වැරදිලා
ඔබ මගෙන් වෙන්ව ගිය ලකුණු ඇති මාවතේ
මට බලා ඉන්න බෑ පෙර ඇසුර හැගෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ
අහස්‌තල පොලෝතල ඔබට මට පොදුවෙලා
හදවතින් එක්‌වුනත් ගතින් දෙදෙනෙක් වෙලා
මට බලා ඉන්න බෑ සියොලගම තැවෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ
ලස්සනම සිංදුවක්... සිංදුව පටන් ගන්න කලියෙන් සන්නස්ගල ලස්සන විස්තරයක් කරනවා... අහලා බලන්නකෝ...
ඔබෙ දෙතොල් පෙති ලිහී පිපුනු හසරැල් විලේ
හද දියව ගලා යයි රැලි ලමින් සැලි සැලී
මෙවන් සුව පෙර නොවිදි තුන් සිතම සලිත වේ
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ
හිරු නිවී මුහුදු තෙර රාත්‍රිය එලඹිලා
තරු කඩා වැටෙන විට අහස් ගග කලඹලා මට
බලා ඉන්න බෑ ඔබෙ නුවන් පෙනෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ
නා ගසක් දළු දමා වසන්තය එලඹිලා
මද පවන් රැලි වැදී සැලෙනවිට කැලඹිලා
මට බලා ඉන්න බෑ ඔබෙ දෙතොල් පෙනෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ
යුග ගණන් පැමිණි මග පැටලිලා වැරදිලා
ඔබ මගෙන් වෙන්ව ගිය ලකුණු ඇති මාවතේ
මට බලා ඉන්න බෑ පෙර ඇසුර හැගෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ
අහස්‌තල පොලෝතල ඔබට මට පොදුවෙලා
හදවතින් එක්‌වුනත් ගතින් දෙදෙනෙක් වෙලා
මට බලා ඉන්න බෑ සියොලගම තැවෙනවා
සසර සැරි සරන තෙක් ඔබ මගේ ඔබ මගේ


