සහජීවනය සමඟ බැඳුණු සිංහල වාරීතාක්‍ෂණයේ ම
කලක පටන් රජරට පෙදෙස්හි වකුගඩු රෝගයක් පැතිර යයි. එය මේ වන විට තව තවත් උග්‍ර අතට හැරෙමින් පවතී.
මේ සම්බන්ධයෙන් මෙතෙක් කෙරී ඇති බටහිර වෛද්‍ය විද්‍යාත්මක අධ්‍යයනයන් හා මේ වකවානුව තුළ මේ පෙදෙස්වල උපන් (උපදින) මිනිසුන් ගේ සුවිශේෂී කර්මයක් ද මේ රෝගය හට ගැනීමට බලපෑවේ ය යන්න මොහොතකට අමතක කරමු.
මේ ලිපියේ අරමුණ වන්නේ මේ රෝගයට හේතු සහ එය නිවාරණය පිළිබඳව මේ ප්‍රදේශයේ පැවැති අපේ පැරැණි වාරි පද්ධතිය ඔස්සේ ඉතා සැකෙවින් විමසීම ය. දැනට මේ රෝගය පැතිර ඇත්තේ ප්‍රධාන වශයෙන් එම වාරි (ප්‍රධාන වශයෙන් කුඩා වැව් පද්ධති) පද්ධති පැවතුණු ප්‍රදේශයේ වන අතර රෝගය පැතිරීම පටන්ගෙන ඇත්තේ දළ වශයෙන් ගත් කල එම වැව් පද්ධති නූතන සංවර්ධන ව්‍යාපෘති (මහවැලි ආදි) මගින් වැනසී ගිය කාලයේ සිට ය.
වර්තමානයේ මේ රෝගය පැතිර ඇති ප්‍රදේශවලින් ඉහළට එනම් උතුරු පෙදෙස්වල පැරැණි වාරි පද්ධති එතරම් වැනසී නැති අතර වකුගඩු රෝග ද මෙතරම් බරපතළ ව එහි නැත. සාමාන්‍යයෙන් රජරට සහ ඊට ඉහළ උතුරුකරයේ භූගත ජලය කිවුල සහිත ය. එනම් ඒවායේ ලවණ ගතිය වැඩි ය. මිනිස් පරිහරණය සඳහා භාවිත වූ මේ ජලයේ එම ලවණ ගතිය අඩු වන පරිදි සැකසූ ක්‍රමවේද සහිත ව්‍යුහ රාශියක් එම වාරි-ජල පද්ධතිය තුළ පැහැදිලිව දැකිය හැකි ය. කුඩා වැව් පද්ධති මේ පද්ධතියේ ප්‍රධානතම කොටස විය. භූමියේ පිහිටි ගල බේසමක ආකාරයට වක ගැසුණු ස්ථානවල වැව් පද්ධති එනම් එල්ලංගා සකස් කෙරිණි. මේ වැව්වලට ඊට ඉහත්තාවේ ඇති ජලය එකතු වේ. මෙසේ එකතු වන්නේ එකවර ම නො වේ. ජලය පෝටා වැටි, කුළු වැව් ආදියේ මුලින් ම රැඳේ. අනතුරුව ජලයේ රොන් මඩ ආදිය ඒවායේ තැන්පත් වූ පසු ඒවායින් පිටාර යන ජලය වැව්වලට එකතු වේ. මෙපමණක් නො ව භූගත ජලය ද (ඉහත්තාවේ) පහළ වැව්වලට එකතු වේ. වැවේ දී ද ජලයේ රොන්මඩ ආදිය තැන්පත් වන අතර මේ කුඩා වැව්වලින් බොහෝ විට ජලය කුඹුරුවලට පිට කෙරුණේ කැට සොරොව් මගිනි.
කැට සොරොව්වෙන් පිට වන්නේ වැවේ ඉහළ මට්ටමේ ජලය ය. ඒ නිසා ද ඒවායේ රොන්මඩ ආදී ලවණ කාරක ද්‍රව්‍ය ඉතා අඩු ය. මීට අමතරව වැව් බැම්ම හරහා කාන්දු වන ජලය නැවත භූගත (පහළ) ජලයට එකතු වන්නේ කට්ටකාඩුව නමැති වැව් බැම්ම පහළ ඇති විශේෂ ව්‍යුහයක් හරහා ය. තෙත ගතිය සහිත මේ කොටසේ ජලයේ ලවණ සක්‍රීය අවශෝෂණය මගින් උරා ගන්නා පැළෑටි වර්ග තිබී ඇත.
අනුරාධපුර ප්‍රදේශයේ සිටි අයිවර් නමැති සුදු ජාතික ඒජන්තවරයා ගේ වාර්තාවලට අනුව (එක දාස් අට සිය අවසාන කොටසේ) වැව් බැම්මෙන් පහළ කුඹුරු යායේ පහළ ප්‍රදේශයේ ද කට්ටකාඩු නමැති ව්‍යුහ තිබී ඇත. මේ අනුව සොරොව්වෙන් පිට වන ජලය කුඹුරුවලට ගොස් අවසානයේ පහළ පිහිටි කට්ටකාඩුව හරහා ගොස් භූගත ජලයට මුදාහැරෙනවා විය යුතු ය. වැව් බැම්මෙන් කාන්දු වන ජලය ඊට යාබදව ඇති කට්ටකාඩුව හරහා ගොස් භූගත ජලයට එකතු වේ. දැනුදු හොරොව්වෙන් පිට වී කුඹුරු හරහා ගොස් ජලය පිට වන ඇළට කියන්නේ කිවුල් ඇළ කියා ය. ඒ අනුව එහි ලවණතාව අධික බව පැහැදිලි ය. මේ අනුව වැවකින් පහළ භූගත ජලයේ ලවණ ගතිය අඩු විය යුතු ය.
මේ කුඩා වැව් බැමි සාදා ඇත්තේ මුළුමනින් ම ජලවහනය නවතාලන අරමුණින් නම් නො වේ. ඒවා එක්තරා ආකාරයක ජල පෙරණයක් ලෙස ද භාවිත වී ඇත් දැයි සිතේ. විශේෂයෙන් මේ බැමිවල හරස්කඩ ව්‍යුහය පිළිබඳව සැලකූ විට එහි වැලි ගතිය වැඩි සහ මැටි ගතිය වැඩි වශයෙන් පස් ස්ථර දකිත හැකි ය. මෙමගින් බැම්ම තුළ ජල වහන රේඛා හැකි පමණ සිරස් කරගෙන එමගින් බැම්මේ ශක්තිය වැඩි කර ගැනීම බලාපොරොත්තු වූවා සේ ම ජලය යම් ආකාරයක පෙරීමකට ද භාජන කෙරුණි ද යන්න ද සොයා බැලිය යුතු ය.
ඉතින් මිනිසුන් (වැව් ගම්මානවල) භාවිත කරන්නේ බොහෝ විට වැව පහළ ඇති භූගත ජලය (ළිං ආදිය මගින්) නිසා ඔවුනට ලැබෙන්නේ ලවණ ගතිය අඩු ජලය ය. මේ අනුව පැරැණි වැව් පද්ධති යනු ප්‍රදේශයේ කිවුල් ජලය පිරිපහදුවක් ද යන්න පිළිබඳව අප විමසිය යුතු ය. රජරට ප්‍රදේශයේ කුඩා වැව් දහස් ගණනක් පිහිටා ඇති ආකාරය දෙස බැලූ විට එය මනා ජල පෙරණයක් වැනි ය.
විශාල වැව්වලින් සොරොව් හරහා ජලය පිට කෙරුණේ බිසෝකොටු මගිනි. බිසෝ කොටුවක ප්‍රධාන කාර්යභාරය වන්නේ ගැඹුරු වැවේ ජලයේ පීඩනය නිසා ඇති වන සැඩ ගතිය (වේගය) බාල කොට බැම්ම හරහා පිට කෙරුම ය. බොහෝ විට මෙසේ පිට වන ජලය බැම්ම හරහා වන සොරොව්ව තුළ ගමන් ගන්නේ ගලා යන පරිදි ය. (එනම් පීඩනයක් සහිත ව නො වේ). මෙසේ සොරොව්වෙන් වෑස්සෙන ජලය ඇළ මාර්ග ඔස්සේ සෙමින් ගලා යයි. අනතුරුව ඇතැම් විට කුඩා වැව් ද පෝෂණය කරයි. මේ සියලු අවස්ථාවල දී ජලයේ ගතිකත්වයකට වඩා ඇත්තේ ස්ථිතිකත්වයකි.
යෝධ ඇළ යනු ද එක්තරා ආකාරයක දිගු වැවකි. එහි ඇත්තේ ද ප්‍රධාන වශයෙන් ස්ථිතික ජලය ය. මේ ස්ථිතික ජල පද්ධති සැම විට ම එහි ඇති රොන් මඩ ආදී දෑ තැන්පත් කර ගැනීමට උත්සාහ ගනී. නූතන ඉංජිනේරු සම්ප්රදායේ ඇත්තේ බොහෝ විට ගතික ජලය ය. එහි දී ජලය වේගයෙන් ඇළ මාර්ග ඔස්සේ ඒවා ද සෝදාගෙන ගලා යයි. ජලයේ ලවණ ගතිය තවත් වැඩි වේ. දැන් අරමුණ වන්නේ ජලය අදාළ භෝගය සහිත ප්‍රදේශයට (එම මූල පද්ධතියට) හැකි පමණ වේගයෙන් ලබා දීම ය. වෙන කිසිවක් මෙහි දී සැලකෙන්නේ නැත.