සහජීවන නිවුස් - update

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සහජීවන නිවුස් - update

    හමුදා කැළෑ ඇඳුම් සමඟ 5ක් අත්අඩංගුවට

    බේරුවල පොදු වෙළඳපල සහ අවට සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පුද්ගලයන් පස්දෙනෙකු සමඟ යුද හමුදා කැළෑ ඇඳුම් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

    කැමා බැනියම් 6ක්, දිග කලිසම් 2ක්, ටී ෂර්ට් 6ක්, කොට කලිසම් 6ක් සහ කුඩා කලිසම් 24ක් සොයාගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

    පොලිස් විශේෂ කාර්ය බලකායේ අලුත්ගම කඳවුරේ නිලධාරීන් සහ බේරුවල පොලිසිය එක්ව කළ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් පුද්ගලයන් පස්දෙනා අතර අනන්‍යතාවය සනාථ කරගත නොහැකි වූ පුද්ගලයන් තිදෙනෙකුද සිටින බව පොලිසිය කියයි.

    අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බේරුවල පොලිසියට බාර දී ඇත.
     
    Last edited:
    • Like
    Reactions: 2osama

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අයිඑස් ගජමිතුරු කෝටිපති ව්‍යාපාරිකයකු මාබෝලෙන් අල්ලයි

    අයිඑස් ත්‍රස්තවාදී සංවිධානය සමග සම්බන්ධකම් පැවැත්වූ බව කියන වත්තල මාබෝලේ ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරිකයෙකු බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් ඊයේ (15) සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

    සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා මාබෝල ප්‍රදේශයේ මහල් තුනකින් යුත් සුවිසල් නිවෙසක සහ ඒ අසල පිහිටි තවත් සුඛෝපභෝගී නිවෙසක හිමිකරුවකු බවත් ඔහුගේ බිරියන් දෙදෙනා සහ දරුවන් මෙම නිවාසවල පදිංචිව සිටින බවත් නිවාස දෙකේම ඉහළ මහල්වල පිහිනුම් තටාක තිබෙන බවත් පොලිසිය කියයි.

    ජර්මනියේ නිෂ්පාදිත මෙතෙක් හඳුනා නොගත් වර්ගයක පිස්තෝලයක් සහ උණ්ඩ තොගයක්ද සැකකරු ළඟ තිබී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

    මොහු සතුව ගමන් බලපත්‍ර දෙකක් තිබූ අතර වැඩිදුර පරීක්‍ෂණ සඳහා ඒවා පොලිස් බාරයට ගෙන ඇත.

    මෙම විදෙස් ගමන් බලපත්‍ර දෙක උපයෝගී කරගනිමින් සැකකරු විදෙස් රටවල් ගණනකට ගොස් ඇති අතර එසේ ගිය විදේශයන් අතර ඩුබායි රටද ඇතුළත් වන බව පොලිසිය සඳහන් කරයි.

    දකුණේ ප්‍රබල පාතාල කල්ලි නායකයකු ලෙස සැලකෙන මාකඳුරේ මධුෂ් සහ කංජිපානි ඉම්රාන් සමග සැකකරු සමීප සම්බන්ධතා කාලයක සිට පවත්වාගෙන ගොස් ඇති බවට තොරතුරු හෙළි වී ඇතැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කීය.

    මාකඳුරේ මධුෂ් සහ කංජිපානි ඉම්රාන් ඩුබායි රාජ්‍යයේ සිටි කාලයේ සැකකරු එම රටට ගිය අවස්ථාවල ඔවුන්ගේ නිවාසවල නවාතැන්ගෙන සිටි ඇති බවද පොලිසිය පැවසීය.

    මෙම පාතාල නායකයන් දෙදෙනා සමග සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා සමීප සම්බන්ධකම් පැවැත්වූයේ කුමන අරමුණකින්ද යන්න ගැන සොයා ගැනීමට ද පොලිසිය පුළුල් පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

    2009 වසරේදී වත්තල ප්‍රදේශයේ ත්‍රිරෝද රථයක් පදවා ජීවිකාව ගෙන ගොස් ඇති මේ පුද්ගලයා මේ වන විට නැව් භාණ්ඩ ප්‍රවාහන (කාගෝ) ආයතනයක හිමිකරුවකු බවත් ආණමඩුව ප්‍රදේශයේ කන්ටේනර් අංගණයක්ද පවත්වාගෙන යන බවත් පොලිස් පරීක්‍ෂණවලින් හෙළි වී ඇත.

    ත්‍රිරෝද රථ රියැදුරකු ලෙස ජීවිකාව ඇරඹූ මොහු වසර කීපයකින් කෝටිපති ව්‍යාපාරිකයකු බවට පත්වූයේ කෙසේද යන්න හෙළිකර ගැනීම සඳහා පොලිසිය පුළුල් පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

    බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලැබුණු තොරතුරු අනුව බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් මොහු අත්අඩංගුවට ගනු ලැබීය.

    පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්. ආර්. ලතීෆ් මහතාගේ මෙහෙයවීම යටතේ එම බළකායේ නිලධාරීන් කණ්ඩායමක්ද මෙම වැටලීමට හවුල් වී ඇත.
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ත්‍රස්තයින් පුහුණුවීම් කළ ස්ථාන 7 ක් සොයා ගනී

    පාස්කු ඉරිදා ප්‍රහාරයේ ත්‍රස්තයින් පුහුණුවීම් සහ වැඩමුළු පැවැත් වූ ස්ථාන 7ක තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.

    වනාතවිල්ලුව, හම්බන්තොට, නුවරඑළිය, නුවර අලුත්පොල, මල්වාන, කාත්තන්කුඩි හා වාලච්චේන ප්‍රදේශවල එම ස්ථාන පිහිටා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    පාස්කු ප්‍රහාරයේ ත්‍රස්තයන් නැවතී සිටි නිවාස 17 ක තොරතුරු හෙළිවෙයි

    පාස්කු ඉරිදා සිදු වූ ප්‍රහාරයට වගකිව යුතු ත්‍රස්තයන් නවාතැන් ගෙන සිටි ආරක්ෂිත නිවාස 17 පිළිබඳ තොරතුරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ වන විට සොයාගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවැසීය.

    කටුවාපිටිය, සරක්කමුල්ල, ශාන්ත අන්තෝනි පාර, කොළඹ, ටෙම්පල් පාර ගල්කිස්ස, වනාතවිල්ලුව, එඩේරමුල්ල, මයුර පෙදෙස කොළඹ 3, සයිදන්මරු, කලගෙඩිහේන, මල්වාන, කොච්චිකඩේ, දලුවකොටුව, වාලච්චේන, හෙට්ටිපොල, කටුපොත, නින්දූර් හා සමන්තුරේ ප්‍රදේශවලින් එම නිවාස සොයා ගත් බව පොලිස් අධිකාරීවරයා කීය.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බෝම්බ වෑන්රියේ ආසන සැකසීමට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට

    කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය අසළ නවතා තිබී ආරක්ෂක අංශ විසින් පුපුරවාහරින ලද බෝම්බ සවිකළ වෑන් රථය මිලදී ගැනීමට හා ආසන සකස් කිරීමට සම්බන්ධ වූ පුද්ගලයා කාන්තන්කුඩි ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

    එම සැකකරු දුටු බව කියන පුද්ගලයන් සිව්දෙනෙකු ලබාදුන් ප්‍රකාශ මත, අපරාධ විමර්ෂණ කොට්ඨාසයේ පොලිස් නිලධාරියකු විසින් අඳින ලද ඔහුගේ රුව සහිත සිතුවම් ඔස්සේ සැකකරු හඳුනාගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

    මරාගෙන මැරෙන බෝම්බකරු සමග සම්බන්ධකම් පැවැත් වූ බව කියන මෙම සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍යව සිටි සැකකරුවකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

    සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුගේ රුව සහිත සිතුවම් 4 ක් 13දා මාධ්‍ය වෙත මුදාහැර තිබිණි.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ෂැංග්‍රිලා බෝම්බකරුගේ මාතලේ ඉඩම සභාවට පවරගන්නැයි ඉල්ලීමක්

    කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ බෝම්බය ප්‍රහාරය එල්ල කළ ත්‍රස්තවාදියාට අයත් බව කියන මාතලේ හතමුණගාල ප්‍රදේශයේ පිහිටි අක්කර 22 හමාරක ඉඩම රාජසන්තක කිරීමේදි එය මාතලේ ප්‍රාදේශීය සභාවට පවරා ගන්නා ලෙස කළ යෝජනාවක් මාතලේ ප්‍රාදේශීය සභා රැස්වීමේදී ඒකමතිකව සභා සම්මත විය.

    සභාපති කපිල බණ්ඩාර හේන්දෙණිය මහතාගේ ප්‍රධානත්වයෙන් මාතලේ පලාපත්වල පිහිටි සභා රැස්විම් ශාලාවේදී මෙම රැස්වීම පැවැත්විණි.

    මෙම යෝජනාව සභාවට ඉදිරිපත් කළ මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා කියා සිටියේ දැනට ගම්මිරිස් වගා කර ඇති මෙම ඉඩම සභා බල ප්‍රදේශයේ කසළ ප්‍රතිචක්‍රීකරණය සඳහා යොදා ගත හැකි බවත් ඒ සඳහා මෙම ඉඩම යොදා ගැනීමට කටයුතු කළ හැකි බවත්ය.

    පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් මේ සඳහා සිය එකඟත්වය පළ කළ අතර සභාපති කපිල බණ්ඩාර හේන්දෙනිය මහතා පැවසුවේ දිසාපතිවරයා හරහා නඩු කටයුතු නිමවීමෙන් පසු ඉල්ලීමක් සිදු කරන බවයි.

    පසුගිය දිනවල මෙම ඉඩම පරීක්ෂා කළ නමුත් ආරක්ෂක අංශයට කිසිවක් සොයා ගත නොහැකි විය.

    මිය ගිය ඉන්ෂාෆ් අහම් නැමති සැකකරු මීට මාස 6කට පෙර මෙම ඉඩම මිලදි ගෙන ඇති බවද අනාවරණය විය.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හාමුගේ ගොන් කතාවක්


    ‘සමාජ මාධ්‍ය රටටම තහනම් කළේ නැහැ’


    ෆේස්බුක්, වට්ස් ඇප්, වයිබර්, යූටියුබ් වැනි සමාජ මාධ්‍ය ජාලා මුළුමණින් රටටම තහනම් කිරීමට රජය කිසිසේත් කටයුතු නොකළ බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කැබිනට් මණ්ඩලයේදී සඳහන් කළේය.

    කිසියම් සිද්ධියක් මතුවුවහොත් අදාළ බල ප්‍රදේශයට පමණක් බලපැවැත්වෙන පරිදි සමාජ මාධ්‍ය තාවකාලිකව අවහිර කිරීමට රජය තීරණය කළද මුළු රටේම සමාජ මාධ්‍ය අවහිර කිරීමට තීරණය නොකළ බව ද අගමැතිවරයා ප්‍රකාශ කළේය.

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවේ අරලියගහ මන්දිරයේදි පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ඇමතිවරුන් මතු කළ කරුණු හමුවේය.

    මුළු රටට බලපාන ලෙස සමාජ මාධ්‍ය අවහිර කළද විකල්ප මාර්ග ඔස්සේ සමාජ මාධ්‍ය වෙත සම්බන්ධ වන සංඛ්‍යාව ඉහළ ගොස් ඇතැයි තමන්ට ද වාර්තා වූ බව අගමැතිවරයා ඇමති මණ්ඩලයට දැනුම් දුන්නේය.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරුට පිං පැමිණවීමට ආ පූජකවරයෙකු අත්අඩංගුවට


    කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලය තුළදී බෝම්බය පුපුරවාගත් වැල්ලම්පිටිය තඹ කම්හලේ හිමිකරු මොහොමඩ් ඊබ්‍රාහීම් ඉන්සාෆ් අහමඩ් නැමැත්තාට පිං පැමිණවීම සඳහා පැමිණි බවට සැකකරන පූජකවරයකු ඇතුළු පුද්ගලයන් පස් දෙනෙකු කොල්ලුපිටියේ පිහිටි බෝම්බකරුගේ බිරිඳගේ නිවසේදී අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලිසිය කියයි.

    ඔවුන් පැමිණ තිබූ ත්‍රී රෝද රථයක් මෙන්ම නිවස තුළ තිබී ඩ්‍රෝන කැමරාවක් ද පොලිසිය බාරයට ගෙන තිබේ.

    සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ බෝම්බ පිපිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ සිටින බෝම්බකරුගේ බිරිඳගේ නිවසට සැකකටයුතු කිහිපදෙනෙකු පැමිණ සිටින බවට කොල්ලුපිටිය පොලිසියට ලද තොරතුරක් අනුව මොවුන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

    එම පුද්ගලයන් අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීමේදී ආගම දේශනා කිරීම සඳහා පැමිණි බව ප්‍රකාශ කළද පූජකවරයා ඇතුළු පිරිස පැමිණයේ මරාගෙන මැරෙන බෝම්බය පුපුරුවා ගත් මොහොමඩ් ඊබ්‍රාහීම් ඉන්සාෆ් අහමඩ් නැමැත්තාට පිං ලබා දීමට දැයි සොයා සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බව පොලිස් නිලධාරියකු පැවැසීය.

    අත්අඩංගුවට ගත් පූජකවරයා කොටහේන ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් අනෙක් පිරිස මාලිගාවත්තේ පදිංචිකරුවන් බවත් පොලිසිය කියයි.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කාත්තන්කුඩි පල්ලිය අසළ කලපුවෙන් ආයුධ මතුවෙයි


    මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ මුස්ලිම් පල්ලියක් ඉදිරිපිට කලපුවේ තිබි ටි 56 ගිනි අවියක් ඇතුළු ආයුධ රැසක් අල්ලා ගැනීමට යුද හමුදාව සමත් වී තිබේ.

    යුද හමුදාවට ලැබුණු ඔත්තුවක් අනුව කුරැක්කල්මඩම් යුද හමුදා කඳවුරේ 11 වැනි සිංහ රෙජිමේන්තුවේ නිළධාරින් පැමිණ කලපුවේ සඟවා තිබු මෙම භාණ්ඩ සොයා ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් භාණ්ඩ අතර ටී 56 ගිනි අවියක්, ටී 56 උණ්ඩ බහාලන හතරක්, කඩු හතරක්, පිහි තුනක්, එම් 16 උණ්ඩ බහලනයක්, දුරදක්නයක්, ටී 56 උණ්ඩ 136 ක් සොයා ගැණිනි.

    ශ්‍රී ලංකා යුද හමුදාවේ කුරුක්කල්මඩම් කඳවුරේ අණදෙන නිළධාරි මේජර්වරයා ඇතුළු හමුදා නිළධාරීන් මෙම වැටලීම සිදුකර ඇත.

    පසුව මෙම උපකරණ සියල්ල හමුදාව විසින් කාත්තන්කුඩි පොලිසියට බාරදෙන ලදී.



    AOhXdmD.jpg


    po07pV6.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කොච්චිකඩේ බෝම්බකරුගේ - මව්පියන්ගේ ඩීඑන්ඒ සැසදෙයි

    කොළඹ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානය තුළ සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරය එල්ල කළ අලව්දීන් අහමඩ් මුආත් නමැත්තාගේ ඩීඑන්ඒ වාර්තා ඔහුගේ දෙමාපියන්ගේ ඩීඑන්ඒ සමඟ සැසදෙන බවට අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා අද (14) කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය ඉදිරියේ වාර්තාවක් මගින් දැනුම් දී තිබේ.

    එසේම මරණකරුගේ හිස කොටස තම පුත‍්‍රයාගේ බවට අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේදී තමන් හඳුනාගත් බව අලව්දීන් අහමඩ් මුආත් නැමැත්තාගේ දෙමාපියන් කොළඹ ප‍්‍රධාන මහෙස්ත‍්‍රාත්වරිය ඉදිරියේ අද ප‍්‍රකාශ කළහ.

    මෙම සිද්ධියට අදාළ මහේස්ත‍්‍රාත් මරණ පරීක්ෂණය අද අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය විය.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    තඹ කම්හලේ සේවකයන්ට ඇප ලැබීම ගැන විශ්‍රාමික පොලිස් නිලධාරියාගේ සම්බන්ධකම් සොයයි​

    වැල්ලම්පිටියේ තඹ කර්මාන්ත ශාලාවේ සේවකයන් නව දෙනාට ඇප ලබා ගැනීම සඳහා අවශ්‍ය වටපිටාව සැකසීමට මුස්ලිම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකුගෙන් යම් බලපෑමක් එල්ල වී ඇතැයි ද සොයා බලන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.

    තඹ කම්හලේ හිමිකරු වූ මොහොමඩ් ඊබ්‍රාහිම් ඉන්සාෆ් අහමඩ් නැමැත්තා ඉකුත් 21 වැනි දින සිදු වූ පිපිරවීමේ මරාගෙන මැරෙන බෝම්බකරු ලෙස ක්‍රියා කළ තැනැත්තාය.

    එම සිදුවීමට පසු දින එම සේවකයන් නව දෙනා අත්අඩංගුවට ගෙන එදිනම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඉකුත් 6 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූ බව පොලිසිය කියයි.

    මෙම නඩුව එදිනම නැවත කැඳවනු ලැබූ අවස්ථාවේ සැකකරුවන් නව දෙනා ඇප මත මුදා හැරීමට අධිකරණය නියෝග කෙරෙණි.

    මෙම සැකකරුවන් පිරිසට ඇප ලබා ගත හැකිවන පරිදි එම වාර්තා සැකසීමට පෙර විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් ස්ථානාධිපතිවරයා යම් විමසීමක් හෝ බලපෑමක් සිදු කළේ ද යන්න සොයා බලන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.

    වැල්ලම්පිටිය ස්ථානාධිපතිවරයාගේ දුරකතන ඇමතුම් සම්බන්ධයෙන් විශ්ලේෂන වාර්තාවක් ලබා ගෙන ඉදිරි විමර්ශන සිදුකරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා පැවැසීය.

    සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ තඹ කම්හලේ සේවකයින්ගෙන් ලබාගත් ප්‍රකාශ ද ඉතාමත් දුර්වල තත්ත්වයක තිබෙන බවට එම ප්‍රකාශ සටහන් පරීක්ෂා කිරීමේදී පැහැදිලි වන බවද එම නිලධාරියා කීය.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,540
    22,223
    113
    Gotland
    හමුදා කැළෑ ඇඳුම් සමඟ 5ක් අත්අඩංගුවට


    බේරුවල පොදු වෙළඳපල සහ අවට සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පුද්ගලයන් පස්දෙනෙකු සමඟ යුද හමුදා කැළෑ ඇඳුම් අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි.

    කැමා බැනියම් 6ක්, දිග කලිසම් 2ක්, ටී ෂර්ට් 6ක්, කොට කලිසම් 6ක් සහ කුඩා කලිසම් 24ක් සොයාගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

    පොලිස් විශේෂ කාර්ය බලකායේ අලුත්ගම කඳවුරේ නිලධාරීන් සහ බේරුවල පොලිසිය එක්ව කළ මෙහෙයුමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇත.

    අත්අඩංගුවට ගත් පුද්ගලයන් පස්දෙනා අතර අනන්‍යතාවය සනාථ කරගත නොහැකි වූ පුද්ගලයන් තිදෙනෙකුද සිටින බව පොලිසිය කියයි.

    අත්අඩංගුවට ගත් පුද්ගලයන් සහ භාණ්ඩ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා බේරුවල පොලිසියට බාර දී ඇත.




    දත් පොන්නයා දැනටම බේරුවල පොලිසියට කළුතර asp ට හිටු කියල කෝල් කරනවා ඇති
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලාංකික තිදෙනෙක් සිරියාවේ අයිඑස් ත්‍රස්ත පුහුණුවක

    සිරියාවේ අයි.එස්. ත්‍රස්තවාදීන් සමඟ පුහුණුව ලබන ශ්‍රී ලාංකිකයන් තිදෙනකු විසින් මෙරටට එවන ලද රුපියල් ලක්‍ෂ 40කට අධික මුදලක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇතැයි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තනූජා ජයතුංග මහත්මියට ඊයේ (15) දැනුම් දුන්නේය.

    අයි.එස් ත්‍රස්ත සංවිධානයට එක්වීම සඳහා සිරියාවට ගිය ප්‍රථම ශ්‍රී ලාංකිකයන් ලෙස තොරතුරු අනාවරණය වන මොහොමඞ් මුහුසිත් ඉෂාක් අහමඞ් සහ ඔහුගේ සහෝදරයා වන සර්පාස් නිලාම් යන දෙදෙනා සහ තවත් ශ්‍රී ලාංකිකයකු වන මොහොමඞ් අරුෂ් මොහොමඞ් සුහයිර් නමැත්තා විසින් මෙම මුදල් මෙරටට එවා ඇති බවත් ලැබුණු තොරතුරකට අනුව සිදුකළ පරීක්‍ෂාවක දී එම මුදලින් කොටසක් දෙහිවල ප්‍රදේශයේ නිවසක තිබී සොයාගනු ලැබූ බවත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැන්වීය.

    මොහොමඞ් මුහුසිත් ඉෂාක් අහමඞ් නමැත්තාගේ මවුපියන් ගල්කිස්සේ ශ්‍රීමත් බාරොන් ජයතිලක මාවතේ නිවෙසට මෙම මුදල්වලින් කොටසක් එවා ඇති බවත් ඒ සම්බන්ධයෙන් ඔහුගේ පියා තම කොට්ඨාසය වෙත පැමිණීල්ලක් ඉදිරිපත් කළ බවත් වැඩිදුරටත් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය කියා සිටියේය.

    සිරියාවේ අයි.එස්.අයි.එස්. සංවිධානයේ සිටින තම පුත්‍රයා වන මොහොමඞ් මුහුසිත් ඉෂාක් අහමඞ්ගේ දියණියක වන අස්මා සමග මෙරටට පැමිණෙන තැනැත්තකු විසින් පාර්සලයක් ගෙනවිත් දෙනු ඇති බවට සිරියාවේ සිටින තිදෙනාගෙන් තවත් අයකු වන මොහොමඞ් අරුෂ් මොහොමඞ් සුහසිර් නමැත්තාගේ 2018 සැප්තැම්බර් මාසයේ දිනක තමාට වට්ස්අප් මගින් දුරකතන ඇමතුමක් ලබා දුන් බව තමා දැනුම් දෙන තුරු එම පාර්සලය සුරක්ෂිතව නිවසේ තබා ගන්නා ලෙස ඔහු ප්‍රකාශ කළ බව ද මොහොමඞ් මුහුසිත් ඉෂාක් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයට පවසා තිබිණි.

    මෙම වට්ස්අප් දුරකතන ඇමතුම ලැබී දින කිහිපයකට පසුව මුහුණ සම්පූර්ණයෙන් වසාගත් මුස්ලිම් කාන්තාවක් තම නිවසට පැමිණ සිරියාවේ අයිඑස්අයිඑස් සංවිධානයේ සිටින මොහොමඞ් අරුෂ් මොහොමඞ් සුහයිර්ට දෙන ලෙස පවසා පාර්සලයක් තම දියණියට ලබා දුන් බවත් තම දියණිය එය පරීක්ෂා නොකර නිදන කාමරයේ අල්මාරියේ තැබූ බවත් පැමිණිලිකරු සඳහන් කර තිබිණි.

    ඉන්පසු තවත් දින හතකට පමණ පසුව සම්පූර්ණයෙන්ම මුහුණ ආවරණය කරගත් පුද්ගලයකු තම නිවසට පැමිණ මොහොමඞ් අරුෂ් මොහොමඞ් සුහයිර්ට දෙන ලෙස පවසා තවත් පාර්සලයක් ලබා දුන් බවත් එයද අනෙක් පාර්සලය තැබූ ස්ථානයේම තැබූ බවත් ඔහු සිය පැමිණිල්ලේ සඳහන් කර තිබිණි.

    පසුව මොහොමඞ් අරුෂ් මොහොමඞ් සුහයිර් නමැත්තා තමාට දුරකතන ඇමතුමක් ලබා දී එම පාර්සල්වල ඇති මුදල් ඇමරිකානු ඩොලර්වලට මාරුකර තමා දැනුම් දෙන තුරු නිවසේ ආරක්ෂිතව තබා ගන්නා ලෙස ප්‍රකාශ කළ බව ද පසුව තමා එම පාර්සල් දෙකේ ඇති මුදල් පරීක්‍ෂකා කිරීමේ දී එහි රුපියල් ලක්‍ෂ 40කට අධික මුදලක් තිබූ බව ද එම මුදල් වැල්ලවත්ත ප්‍රදේශයේ විදේශ මුදල් හුවමාරු කරනු ලබන ස්ථාන තුනකට ගෙනගොස් ඇමෙරිකානු ඩොලර්වලට මාරුකර නිවසේ නිදන කාමරයේ අල්මාරියේ සුරක්‍ෂිතව තැබූ බව ද පැමිණිකරු වැඩිදුරටත් සඳහන් කර තිබිණි.

    ඒ අනුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මේ තැනැත්තාගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව අදාල මුදල් බාරයට ගෙන අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ මෙම ඇමරිකානු ඩොලර් 23,500 මුදල නීත්‍යානුකූල මුදල් නෝට්ටුදැයි යන්න පරීක්‍ෂා කර බැලීමට මහ බැංකුවට නියෝගයක් ලබා දෙන ලෙසයි.

    ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය එම මුදල් නීත්‍යානුකූල ඇමෙරිකානු ඩොලර් නෝට්ටුදැයි යන්න සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් සිදුකර වාර්තාවක් ලබාදෙන ලෙස මහ බැංකුවේ මූල්‍ය කළමනාකරුට නියෝගයක් නිකුත් කළේය.
     

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    හාමුගේ ගොන් කතාවක්





    කිසියම් සිද්ධියක් මතුවුවහොත් අදාළ බල ප්‍රදේශයට පමණක් බලපැවැත්වෙන පරිදි සමාජ මාධ්‍ය තාවකාලිකව අවහිර කිරීමට රජය තීරණය කළද මුළු රටේම සමාජ මාධ්‍ය අවහිර කිරීමට තීරණය නොකළ බව ද අගමැතිවරයා ප්‍රකාශ කළේය.




    .

    නලුවෙකු නොව මොලය ක්:sorry: