සහන පිරුණු අය වැයක්
This is my 1000 Post
ආර්ථික වර්ධන වේගය සියයට 8%
රජයේ මුළු ණය ප්‍රමාණය 75%
ඒකපුද්ගල ආදායම ඇ.ඩො 32000
රාජ්‍ය ආයෝජන 6.5%
අය වැය හිඟය 6.2%
උද්ධමනය 7%
මෙරට අයවැය ඉතිහාසයේ සමාජ, ආර්ථික යටිතල පහසුකම් නංවාලීමට වෙන් කළ වැඩිම මුදල ලෙස වාර්තා තබමින්, ලක්වැසි සැමට සවිමත් ආර්ථික තත්ත්වයක් ළඟාකැරදීමේ තිර අධිෂ්ඨානය සහිත සංවර්ධනාත්මක අයවැයක් මුදල් ඇමැතිවරයාද වන ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.
ඉලක්කම් හරඹවලට නොගොස් රටේ ආර්ථික වර්ධනයේ සැබෑ ප්රතිලාභ සමස්ත රටවැසියන්ට සමානව හිමිකරදීමේ “මහින්ද චින්තන”, සහ “මහින්ද චින්තන ඉදිරි දැක්මේ” අරමුණු තව තවත් පුළුල්ව ක්‍රියාත්මක කිරීමට මෙවර අයවැයෙන් ජනාධිපතිවරයා බලාපොරොත්තු වේ. අයවැයක් සකස් කිරීමට ප්‍රථම ඒ පිළිබඳ ව ජන කණ්ඩායම් වැඩිම ගණනකගේ අදහස් හා යෝජනා පෞද්ගලිකවම විමැසූ අවස්ථව මෙය ලෙස වාර්තා වේ.
රුකුල් දෙන සර්ව සහභාගීත්වයක් සහිත වර්ධනයක් Inclusive Growth ඇති කිරීම තේමා කොට ගත් වසර 2012 සඳහා වන අයවැය සකස් කිරීමට පෙර සමාජයේ සෑම හවුල්කරුවකුගේම අදහස් පෞද්ගලිකවම ලබා ගැනීමට ජනාධිපතිවරයා පියවර ගනු ලැබීම සුවිශේෂී කරුණ වේ.
විශේෂයෙන් වෘත්තිය සමිති, වෙළෙඳ හා වාණිජ මණ්ඩල ස්වයං රැකියාලාභීන්ගේ සම්මේලන, රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේ සේවක පිරිස්, කාන්තා හා ළමා කටයුතු පිළිබඳ මෙන්ම මහා සංඝරත්නය ප්රමුඛ සර්ව ආගමික නායකයින්ගේ අදහස් යෝජනා ද මෙවර අයවැය සකස් කිරීමට පෙර විමසා බලා තිබේ.
මේ රටේ ජනගහනයෙන් සැලකිය යුතු කොටසකට මූලික භෞතික සමාජමය හා මූල්‍යමය යටිතල පහසුකම් නිසි පරිදි නොලැබෙන තත්ත්වයෙන් මිදී ජනතාවට සමාජ හා ආර්ථික යටිතල පහසුකම් සමාන ලෙස භුක්ති විඳීමේ අවස්ථා පුළුල් කරන යෝජනා මෙවර අයවැයෙන් එළිදක්වනු ලැබේ.
එමෙන්ම සෑම ජනතීරුවකම සක්‍රීය දායකත්වයක් රටේ ආර්ථික දියුණුවට ලබා ගැනීමට මුල්වන යෝජනා මෙවර ඉදිරිපත් වනු ඇත.
දරිද්‍රතාවය, විරැකියාව, උද්ධමනය, අයවැය පරතරය වැනි දේ පහළ මට්ටමකට රැගෙන ඒමට මෙවර අයවැය යෝජනා ඉවහල් වනු ඇත. රටේ මංමාවත්, බලශක්ති, විදුලිබල, ජල සම්පාදන, වාරිමාර්ග සනීපාරක්ෂක සේවා, වරාය, ගුවන් සේවා, ප්‍රවාහන , විදුලි සංදේශ, තැපැල් තොරතුරු තාක්ෂණ, අංශ වේගවත් හා සියලු දෙනාගේ සහභාගීත්වයක් සහිතව පරිවර්තන යුගයකට රැගෙන යෑමට මෙවර 2011 - 2014 කාලපරිච්ඡේදය ඉලක්ක කළ අයවැය යෝජනාවලින් බලාපොරොත්තුව බව රාජය අවධාරණය කරයි.
ඊට අමතරව, සෞඛ්‍ය, අධ්‍යාපන, නිවාස හා නාගරිකකරණය , සමාජ සුබසාධන වැනි සමාජ යටිතල පහසුකම් නැංවීමට ද අයවැයෙන් වැඩි මුදලක් වෙන් කරන බව රජ පවසයි. රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් හා විධිමත් පෞද්ගලික අංශයේ සේවක වැටුප් මෙන්ම අවිධිමත් පෞද්ගලික අංශයේ වැටුප් යනාදී සියලු ජන තීරුවල ආදායම් ඉහළ නංවාලමින්, ජීවන වියදම් පහළ දමන යෝජනා අද ඉදිරිපත් කැරේ.
නව තාක්ෂණික හා පර්යේෂණ සොයා ගැනීම්වලට ආර්ථික වශයෙන් ක්‍රියාත්මක වීමට ඉඩකඩ සලසාදීම හා නාස්තිකාර අනවශ්‍ය රාජ්‍ය වියදම් පාලනයට මුල්වන යෝජනා මෙවර ගෙන එනු ඇත.
ශ්‍රම ඵලදායිතාවය, කාර්යක්ෂමතාව, සංවිධානාත්මක බව හා නව අවස්ථා දිනා ගැනීමට මෙරට සුළු හා මධ්‍ය පරිමාණ මැදි පරිමාණ හා මහා පරිමාණ ව්යවසාවකයාට, කර්මාන්තකරුවාට වැඩි පහසුකම් හා දිරි දීම් මෙවර අය වැයෙන් ගෙන එනු ලැබේ.
අපනයන ආදායම් ඉහළ නංවා ගැනීමටත්, ආනයන වියදම් පාලනය කර ගැනීමටත්, කෘෂිකාර්මික කර්මාන්ත හා සේවා යන අංශ තුනේ ඉහළ දායකත්වයක් සමස්ත ආර්ථිකයේ දියුණුවට එක් කිරීමට මේ සිව් අවුරුදු කාලසීමාව ඉලක්ක කළ අයවැයෙන් යෝජනා කරන බව ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ය.
අයවැය හිඟය දේශීය අරමුදල් අඩු වශයෙනුත් විදේශීය අරමුදල් වැඩි වශයෙනුත් ලබා ගෙන පියවීමට රජය පියවර ගන්නා අතර, වසර 2012 අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සීයයට 6.2 මට්ටමේ තබා ගැනීමට ඉලක්ක කොට ඇතැයි ද ඇමැතිවරයා කීය.