සහන පිරුණු අය වැයක්

DjSunimal

Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    සහන පිරුණු අය වැයක්

    This is my 1000 Post

    ආර්ථික වර්ධන වේගය සියයට 8%

    රජයේ මුළු ණය ප්‍රමාණය 75%

    ඒකපුද්ගල ආදායම ඇ.ඩො 32000

    රාජ්‍ය ආයෝජන 6.5%

    අය වැය හිඟය 6.2%

    උද්ධමනය 7%

    Sri_Lankan_President_Mahinda_Rajapaksa_presents_budget_2011_proposals.jpg

    මෙරට අයවැය ඉතිහාසයේ සමාජ, ආර්ථික යටිතල පහසුකම් නංවාලීමට වෙන් කළ වැඩිම මුදල ලෙස වාර්තා තබමින්, ලක්වැසි සැමට සවිමත් ආර්ථික තත්ත්වයක් ළඟාකැරදීමේ තිර අධිෂ්ඨානය සහිත සංවර්ධනාත්මක අයවැයක් මුදල් ඇමැතිවරයාද වන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් අද (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.

    ඉලක්කම් හරඹවලට නොගොස් රටේ ආර්ථික වර්ධනයේ සැබෑ ප්‍රතිලාභ සමස්ත රටවැසියන්ට සමානව හිමිකරදීමේ “මහින්ද චින්තන”, සහ “මහින්ද චින්තන ඉදිරි දැක්මේ” අරමුණු තව තවත් පුළුල්ව ක්‍රියාත්මක කිරීමට මෙවර අයවැයෙන් ජනාධිපතිවරයා බලාපොරොත්තු වේ. අයවැයක් සකස් කිරීමට ප්‍රථම ඒ පිළිබඳ ව ජන කණ්ඩායම් වැඩිම ගණනකගේ අදහස් හා යෝජනා පෞද්ගලිකවම විමැසූ අවස්ථව මෙය ලෙස වාර්තා වේ.

    රුකුල් දෙන සර්ව සහභාගීත්වයක් සහිත වර්ධනයක් Inclusive Growth ඇති කිරීම තේමා කොට ගත් වසර 2012 සඳහා වන අයවැය සකස් කිරීමට පෙර සමාජයේ සෑම හවුල්කරුවකුගේම අදහස් පෞද්ගලිකවම ලබා ගැනීමට ජනාධිපතිවරයා පියවර ගනු ලැබීම සුවිශේෂී කරුණ වේ.

    විශේෂයෙන් වෘත්තිය සමිති, වෙළෙඳ හා වාණිජ මණ්ඩල ස්වයං රැකියාලාභීන්ගේ සම්මේලන, රාජ්‍ය හා පෞද්ගලික දෙඅංශයේ සේවක පිරිස්, කාන්තා හා ළමා කටයුතු පිළිබඳ මෙන්ම මහා සංඝරත්නය ප්‍රමුඛ සර්ව ආගමික නායකයින්ගේ අදහස් යෝජනා ද මෙවර අයවැය සකස් කිරීමට පෙර විමසා බලා තිබේ.

    මේ රටේ ජනගහනයෙන් සැලකිය යුතු කොටසකට මූලික භෞතික සමාජමය හා මූල්‍යමය යටිතල පහසුකම් නිසි පරිදි නොලැබෙන තත්ත්වයෙන් මිදී ජනතාවට සමාජ හා ආර්ථික යටිතල පහසුකම් සමාන ලෙස භුක්ති විඳීමේ අවස්ථා පුළුල් කරන යෝජනා මෙවර අයවැයෙන් එළිදක්වනු ලැබේ.

    එමෙන්ම සෑම ජනතීරුවකම සක්‍රීය දායකත්වයක් රටේ ආර්ථික දියුණුවට ලබා ගැනීමට මුල්වන යෝජනා මෙවර ඉදිරිපත් වනු ඇත.

    දරිද්‍රතාවය, විරැකියාව, උද්ධමනය, අයවැය පරතරය වැනි දේ පහළ මට්ටමකට රැගෙන ඒමට මෙවර අයවැය යෝජනා ඉවහල් වනු ඇත. රටේ මංමාවත්, බලශක්ති, විදුලිබල, ජල සම්පාදන, වාරිමාර්ග සනීපාරක්ෂක සේවා, වරාය, ගුවන් සේවා, ප්‍රවාහන , විදුලි සංදේශ, තැපැල් තොරතුරු තාක්‍ෂණ, අංශ වේගවත් හා සියලු දෙනාගේ සහභාගීත්වයක් සහිතව පරිවර්තන යුගයකට රැගෙන යෑමට මෙවර 2011 - 2014 කාලපරිච්ඡේදය ඉලක්ක කළ අයවැය යෝජනාවලින් බලාපොරොත්තුව බව රාජය අවධාරණය කරයි.

    ඊට අමතරව, සෞඛ්‍ය, අධ්‍යාපන, නිවාස හා නාගරිකකරණය , සමාජ සුබසාධන වැනි සමාජ යටිතල පහසුකම් නැංවීමට ද අයවැයෙන් වැඩි මුදලක් වෙන් කරන බව රජ පවසයි. රාජ්‍ය අංශයේ සේවකයන්ගේ වැටුප් හා විධිමත් පෞද්ගලික අංශයේ සේවක වැටුප් මෙන්ම අවිධිමත් පෞද්ගලික අංශයේ වැටුප් යනාදී සියලු ජන තීරුවල ආදායම් ඉහළ නංවාලමින්, ජීවන වියදම් පහළ දමන යෝජනා අද ඉදිරිපත් කැරේ.

    නව තාක්‍ෂණික හා පර්යේෂණ සොයා ගැනීම්වලට ආර්ථික වශයෙන් ක්‍රියාත්මක වීමට ඉඩකඩ සලසාදීම හා නාස්තිකාර අනවශ්‍ය රාජ්‍ය වියදම් පාලනයට මුල්වන යෝජනා මෙවර ගෙන එනු ඇත.

    ශ්‍රම ඵලදායිතාවය, කාර්යක්‍ෂමතාව, සංවිධානාත්මක බව හා නව අවස්ථා දිනා ගැනීමට මෙරට සුළු හා මධ්‍ය පරිමාණ මැදි පරිමාණ හා මහා පරිමාණ ව්‍යවසාවකයාට, කර්මාන්තකරුවාට වැඩි පහසුකම් හා දිරි දීම් මෙවර අය වැයෙන් ගෙන එනු ලැබේ.

    අපනයන ආදායම් ඉහළ නංවා ගැනීමටත්, ආනයන වියදම් පාලනය කර ගැනීමටත්, කෘෂිකාර්මික කර්මාන්ත හා සේවා යන අංශ තුනේ ඉහළ දායකත්වයක් සමස්ත ආර්ථිකයේ දියුණුවට එක් කිරීමට මේ සිව් අවුරුදු කාලසීමාව ඉලක්ක කළ අයවැයෙන් යෝජනා කරන බව ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්‍ෂ මහතා ප්‍රකාශ කළේ ය.

    අයවැය හිඟය දේශීය අරමුදල් අඩු වශයෙනුත් විදේශීය අරමුදල් වැඩි වශයෙනුත් ලබා ගෙන පියවීමට රජය පියවර ගන්නා අතර, වසර 2012 අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සීයයට 6.2 මට්ටමේ තබා ගැනීමට ඉලක්ක කොට ඇතැයි ද ඇමැතිවරයා කීය.
     

    DjSunimal

    Well-known member
  • Jun 23, 2011
    3,888
    346
    83
    පුක තමයි!
    පෙට්ට්‍රෝල් 137

    uba bonne petrolda? rajaya sahana denne samanaya janathawata poduwe.
    car eke yanna petrol gahanna bari nam bus eke pala. nathnam wadi pura padi hari transport dena job ekakata pala.
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    ube adayamai ඒකපුද්ගල ආදායම ඇ.ඩො 32000 samanada? :shocked: :P
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    uba bonne petrolda? rajaya sahana denne samanaya janathawata poduwe.
    car eke yanna petrol gahanna bari nam bus eke pala. nathnam wadi pura padi hari transport dena job ekakata pala.

    Bus gastu eita wada wadi ne gon harako...
    Car wala, Bike wala yanne samanya janathawa tama!
     

    bathalaya

    Well-known member
  • Jan 9, 2010
    4,143
    431
    83
    ඇයි එන්නද?
    uba bonne petrolda? rajaya sahana denne samanaya janathawata poduwe.
    car eke yanna petrol gahanna bari nam bus eke pala. nathnam wadi pura padi hari transport dena job ekakata pala.

    Bike වල 3 Wheel වල යන්නෙ සාමාන්‍ය දුප්පත් මිනිස්සු නෙමෙයිද මී හරකො:growl:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    mahindage kalin aya weya walinut loku loku sahana dunna neda ban? issella ewa dila passe mewa denna kiyamu, polu tiyaganna eka hoda nane machan :P:P
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    000203DF.gif



    සාමාන්‍ය ජනතාවට බොරු ඉලක්කම් හරඹ පෙන්නා රට අගාධයට ඇද දමන හොර රජ ඇතුලු ආණ්ඩුවේ ආයුෂ කෙටි වේවා!
     
    • Like
    Reactions: gcj

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    000203DF.gif



    සාමාන්‍ය ජනතාවට බොරු ඉලක්කම් හරඹ පෙන්නා රට අගාධයට ඇද දමන හොර රජ ඇතුලු ආණ්ඩුවේ ආයුෂ කෙටි වේවා!
    එක සිතින්ම මමත් පත්න්නේ ඒකම තමයි.:yes:
     
    • Like
    Reactions: lasa.lasa

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,222
    113
    රාජ්‍ය සේවකයින්ගේ පඩි වැඩි වීමේ % කීයක් වගේද මචන්..?
     
    • Like
    Reactions: lasa.lasa