ඔහු සිය අමාත්‍ය මණ්ඩල සංදේශයෙන් ඉල්ලා සිටින්නේ අවසන් වරට 2020. 11. 04 දින ඉදිරිපත් කළ සහල් තොග මිල වෙනස් කළ යුතු බවයි. ඊට හේතුව ලෙස ඔහු දක්වා ඇත්තේවෙළඳ පොළේ සහල් මිල ඉහල ගොස් තිබීම සහ නිෂ්පාදන වියදම ‘යම් පමණකට’ ඉහල ගොස් ඇති බවයි.
ඒ අනුව සහල් සඳහා වන උපරිම තොග මිල ඉහල දැමීමට අමාත්‍ය මණ්ඩල සංදේශයෙන් අමාත්‍යවරයා ඉල්ලා සිටිනවා. කිලෝ ග්‍රෑම් එකක් වන සුදු/ රතු කැකුළු රු. 6කින්, සුදු/ රතු නාඩු (තම්බන ලද) රු. 6කින්, සුදු/ රතු සම්බා (තැම්බූ) රු. 11කින් සහ සුදු/ රතු කැකුළු සම්බා රු. 11කින්තොග මිල ඉහල දැමීමටයි අමාත්‍යවරයා සිය අමාත්‍ය මණ්ඩල සංදේශයෙන් ඉල්ලා සිටින්නේ. මේ අතර 2020. 11. 04 දින ඉදිරිපත් කළ සහල් තොග මිලෙහි උපරිම මිල සටහන් කර නොතිබුණු කීරි සම්බා 1kg ක මිල රු. 130ක් කරන ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ.

