සහල් මිල තවත් ඉහළ යයි
ඉදිරි මාස කිහිපය ඇතුළත සහල් කිලෝවක මිල රුපියල් 100 දක්වා ඉහළ යා හැකි බව වී මෝල් හිමියන් පවසනවා. ඔවුන් පෙන්වා දෙන්නේ අස්වනු නෙළීමේ කාලය එළඹිය ද වී මිලදී ගැනීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් මෙතෙක් ආරම්භ වී නොමැති බවයි.
වී කිලෝවක් සඳහා රුපියල් 50ක සහතික මිලක් නියම කර තිබුණ ද සෙසු වියදම් හා සැසඳීමේදී සහල් කිලෝවක මිල මෙලෙස ඉහළ යා හැකි බවයි පොළොන්නරුව සුළු හා මධ්‍ය පරිමාණ වී මෝල් හිිමියන්ගේ සංගමයේ සම සභාපති ගාමිණී කුමාරසිංහ මහතා ප්‍රකාශ කළේ.
වී මිලදී ගැනීම සඳහා ආණ්ඩුව මෙතෙක් නිසි ක්‍රමවේදයක් සකස් කර නොතිබීම ද බරපතළ ගැටලූවක් බවයි ගාමිණී කුමාරසිංහ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේ.