සහෝදර තුන් කට්ටුව

hansa1018

Member
Sep 9, 2008
13,509
1,621
0
Colombo
සහෝදර තුන් කට්ටුව

සහෝදර තුන් කට්ටුව

බැලූ යනු වලසෙකි, ලියෝ සිංහයෙකි, ශේරා කාන් කොටියෙකි.
එකිනෙකාට අසමාන තුන් කට්ටුවක් වුවද
මොවුන් ඉතා සුවිශේෂී ශක්තිමත් සහෝදර බැඳීමකින් එකට දිවි ගෙවති.
සියල්ල සලකා බලන කල මොවුන් කැළයේදි ඉතා මත් දරුණු ලෙස සටන් වදිනා මාරාන්තික සතුරන් වේ.
නමුත් මෙම සමීප ඡායාරූප වලින් දිස්වන්නේ
මෙම අද්විතීය, අව්‍යාජ මිතුදමේ ඉතාමත් චමත්කාර අවස්ථාවන්ය.

මීට වසර අටකට පෙර ජෝජියාවේ ඇට්ලන්ටා හී
මද්‍රව්‍ය ජාවාරම් කාරයින්ගෙන් මුදවා ගත් මෙම සතුන් එම අවස්ථාවෙහි යන්තම්
මාස දෙක සම්පූර්ණකරමින් සිටි ඉතා කුඩා පැටවුන් විය.
ඔවුන් මෙම සතුන් තම සත්ව සංකේතයන් ලෙස භාවිතා කිරීම උදෙසා ඇති දැඩි කර ඇත.




ජෝජියාවේ ලොක්ටස් ග්‍රෝව් හි
නෝහ්ස් ආර්ක් සත්වයින් ගලවාගැනීමේ ආයතනයට බාරදීමෙන් අනතුරුව
ඔවුන් තීරණය කලේ මෙම යහළුවන් තුන්දෙනා එකට ඇති දැඩි කිරීමටය.

“අපට හැකියා තිබුනා ඔවුන් වෙන් වෙන් වශයෙන් ඇති දැඩි කරන්න.
නමුත් මේ දක්වා ඔවුන් එක් පවුලක් ලෙස කාලය ගක කරනවා.
එම නිසා අපි තීරණය කලා ඔවුන් එකට ඇති දැඩි කිරීමට”
නෝහ්ස් ආර්ක් හි සහකාර අධ්‍යක්ෂ ‍ඩෑන් ස්මිත් එසේ පවසනවා.

“අපේ දැනීමේ හැටියට මෙවැනි සත්ව සබඳතාවක් ඔබට දැක ගත ‍හැකි
ලොව ඇති එකම ස්ථානය මෙයයි”

සත්වෝද්‍යානයේ ප්‍රාරම්භකයන් සමගින් වසර අටක් කල් ගත කල ලියෝ, ශේරා සහ බැලූ
දැන් අවශ්‍යතාවයන් අනුව සැකසූ ස්වාභාවික වාස භූමියක වාසය කරන අයුරු
තම සියැසින්ම දැක ගැනීමට දැන් මහජනතාවට හැකියාව ලැබී ඇත.




“මුලදි අපට ප්‍රමාණවත් තරම් මුදලක් තිබුනෙ නැහැ
මොවුන් එහා මෙයා ගෙනයාමට” ඩෑන් පවසයි.

“දැන් ඔවුන්ගේ ස්වාභාවික වාස භූමිය මොවුන්ගේ ගැටළුව විසඳා ඇති අතර
කුඩා සතුන්ගේ ප්‍රදේශයෙන් ඔබ්බට ඔවුන්ට ගමන් කිරීමට හැකිවීමෙන්
මහජනයාට ඔවුන්ව හොඳින් නිරීක්ෂණය කල හැකිවේ”

“බැලූ රාත්තල් 1000ක් පමණ බරැති වලසෙකි,
ශේරා රාත්තල් රාත්තල් 350ක් පමණ බරැති කොටියෙකි.
ලියෝ ද රාත්තල් 350ක් පමණ බරැති සිංහයෙකි”

“මොවුන්ට යහළුවන් වීමට නොහැකි සියළු කරුණූ ඔවුන් සම්පූර්ණයෙන්ම අමකත කොට ඇත”
සත්වෝද්‍යානයේ හිමිකරුවන් සහ ප්‍රාරම්භකයින් වන චාර්ල්ස් සහ ජාමා විසින් හසුරවනු ලබන
මෙම මිත්‍ර යෝධයින් තුන්කට්ටුව වෙතින් පෙන්වන්නේ
ඔවුන්ගේ සත්ව අසමානතාවයන් කිසිසේත්ම අවබෝධ නොකරගත් ලෙසින්ය.

“බැලූ සහ ශේරා ඉතාමත් සමීපයි” ඩෑන් පවසයි.

“මොකද ඔවුන් දෙදෙනා උදෙන්ම අවදිවන අතර සිංහයෙකු වන ලියෝ
දවසෙන් වැඩි කාලයක් නිදාගෙන සිටීමට කැමතියි”

“යෝධ ඇමරිකානු කළු වලසා ඔහුගේ අතක් ‍ශේරාගේ කර වටේ දමාගෙන සිටින දර්ශනය
ඉතාමත් අපූර්ව සහ විශ්මයජනක දර්ශනයක් වනවා,
මොකද එම අවස්තාවේ නාසය අතුල්ලමින් සිටින කොටියා පෙනෙන්නේ හීලෑ පූසෙකු මෙනි”



“මොවුන් කන්නේ, නිදාගන්නේ, සෙල්ලම්කරන්නේ එකට” ජාමා පවසයි.

“මොවුන් එකිනෙකාට සලකන්නේ එකම අම්මගේ දරුවො වගේමයි.
එකිනෙකාගේ පිට වැතිරී සිටින්නේ ඉතාමත් සෙනෙහසකිනි”

“මේ දිනවල ඔවුන් ඔවුන්ගේ ස්වාභාවික වාස භූමියට හුරුවෙමින් පවතිනවා.
ශේරා නිහඬව කාලය ගත කරන අතර බැලූ තම නව වාසස්ථානයට ඉතාමත් ඇළුම් කරනවා”

මෙම අද්විතීය සහෝදර බැම්ම ගැන විස්තර කරමින් චාර්ල්ස් පවසන්නේ
“නෝහ් ආර්ක් යනු මොවුන්ගේ නිවහනයි,
මොවුන් කිසිදින එකිනෙකා වෙන් නොවෙයි”



මගේ 6000 වෙනි පෝස්ට් එකට කරන්න දෙයක් හිත හිත ඉන්නකොට
මේක අපේ අයියා මේල් එකකින් එවලා තියෙනවා දැක්කා.
ඉංග්‍රීසියෙන් තිබුනේ. මම සිංහලට පරිවර්ථනය කලා.
මට හිතුනා එළකිරියේ දාන්න හොඳම ලිපියක් කියලා.
මොකද මිත්‍රත්වය ගැන මේ ලිපියේ හොඳින්ම සටහන් වෙලා තියෙනවා.
වර්ග භේද, වර්ණ භේද, ජාති භේද මේ කිසිම දෙයක් නැතිව
අපිට සාමයෙන් සැහැල්ලුවෙන් ඉන්න පුළුවං තැනත් මේක.
අපි ඒ විදිහට ඉන්න උත්සාහ කරමු.
මාත් එක්ක හැමදාම ඉන්න අවංක යාළුවොපිරිසට
මගෙන් දෙන තෑග්ගක් විදිහට මේ ත්‍රෙඩ් එක පිලිගන්න.



© [email protected]
_________________________
Hansa1018/EK/15.07.2011

 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    බොහෝමත්ම ස්තූතියි යාලුවා මේක අපිත් එක්ක බෙදා ගත්තට..... :yes: සත්ව ලෝකයේ අපූරුව.... :)
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    බොහෝමත්ම ස්තූතියි යාලුවා මේක අපිත් එක්ක බෙදා ගත්තට..... :yes: සත්ව ලෝකයේ අපූරුව.... :)

    Rep ඉල්ලලා නැති නිසාම Rep+ :D Congratz for your 6000 posts bro :D



    මම කවද්ද රෙප් ඉල්ලුවේ බන්.............
    තෑන්ක්ස්............
     

    naleema

    Member
    Oct 31, 2007
    1,946
    3
    0
    verona
    halima shoi,,,satthunta wagema apitath mehema inna puluwan nam kochcra watinawada neda.. subapathum saho..lassanai magenuth rep 1
     

    ashavithanage

    Member
    Apr 29, 2008
    2,423
    114
    0
    Moratuwa
    වර්ග භේද, වර්ණ භේද, ජාති භේද මේ කිසිම දෙයක් නැතිව
    අපිට සාමයෙන් සැහැල්ලුවෙන් ඉන්න පුළුවං තැනත් මේක.
    අපි ඒ විදිහට ඉන්න උත්සාහ කරමු.

    Aththa namuth meka therum karanna tikak kal yai...
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    වර්ග භේද, වර්ණ භේද, ජාති භේද මේ කිසිම දෙයක් නැතිව
    අපිට සාමයෙන් සැහැල්ලුවෙන් ඉන්න පුළුවං තැනත් මේක.
    අපි ඒ විදිහට ඉන්න උත්සාහ කරමු.

    Aththa namuth meka therum karanna tikak kal yai...

    කල් ගිහින් හරි තේරුංගන්නවනං හොඳයි............