~~සහෝදර ප්‍රේමය ~~

Arrow11

Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ~~සහෝදර ප්‍රේමය ~~

    "අයියේ සුගන්ධිලාගෙ ගෙට ගොඩ වෙලා යන්ද..?"
    "ඒ ඇයි...?"
    "අද එයා ඉස්කොලෙ ආවේ නැහැ.. මොකක් හරි ලෙඩක් වත්ද දන් නැහැනෙ..."
    "තමුසෙ ලෙඩ වෙලා ඉස්කොලෙ යන් නැතුව ගෙදර හිටියාම එයා ආවද තමුසෙ බලන්න..."
    "ඉතින් මට තාම ගෙදර ඉන්න ලෙඩක් හැදුණේ නැහැනේ..."
    "හරි හරි බලමුකෝ..."
    නංගී යමු යමුම කියා නාහෙන් අඬන්න ගත්ත නිසා මට නංගීව ආරච්චි ගෙට එක්ක යන්න වුණා ... ආරච්චි දූ උන්නෙත් නංගීගෙ පන්තියෙමයි... එයයි මෙයයි හොඳ යාලුවෝද කියන්න මම දන් නැහැ දැනගෙන හිටියෙත් නැහැ...
    අපි ආරච්චි ගෙයි මායිමට ලංවෙද්දි වෛවර්ණ ඇඳුම් පැළඳුම් වලින් සැරසිච්ච ගොඩක් අය ආරච්චි ගෙයිත් ගෙයින් පිට මිදුලෙත් හැමතැනම... ගෙයි මායිමෙ මම නැවැතුණා...
    "තමුසෙටනෙ යන්න ඕන කීවේ... ගිහින් බලලා එනව මහ ලොකු ලෙඩා දුකාව..."
    "අනෙ අයියෙ ගොඩාක් අය ඉන්නවානෙ ඔයත් එන්නකෝ..."
    "මට බෑ කීවනෙ තමුසෙ ගිහින් එනවා..."
    හැමදාම වගෙ කඳුලු පෙන්වා මාව රවට්ටන මේකි අදත් ආරච්චි ගෙයි මායිමෙ ඉදන් මට කඳුලු පෙන්වන්න විය.. වාවන්න බැරි මට...
    "ආ යමන් අද විතරයි තමුසෙ අඬලා දිනන අන්තිම දවස කියලා මතක තියාගන්නවා..."
    එදා ඒ වෙලාවෙ නංගීගෙ මූණේ හිනාව හරි ලස්සන හිනාවක් කියලා හිතුණත් මම ඒක ඒකිට කියන්න ගියෙ නැහැ...
    ආරච්චි ගෙට එකතු වෙලා හිටපු ඒ අමුතු සත්තු අපි දිහා බැලුවේ කවදාවත් දැකලා නැති සත්තු දෙන්නෙක් දිහා බලනවා වගෙ අපි දෙන්නා දිහා කන්න වගෙ බලාගෙන....
    නංගීට ඉස්සර වෙලා යන්න දීලා මම පස්සෙන් ගියා... ආරච්චි ගෙයි දොර කඩ පඩියෙ ඉදන් නංගී
    "සුගන්ධි සුගන්ධි "
    කියල සුගන්ධිට කතා කරා...
    ඒ එක්කම සුගන්ධිගෙ අම්මා.. ආරච්චි නෝනා ගෙයින් එළියට ආවා...
    "ආරච්චි නෝනෙ සුගන්ධි නැද්ද.. ඇයි එයා අද ඉස්කොලෙ ආවේ නැත්තෙ..."
    "පිටිපස්සෙන් වරෙන්කෝ..."
    මම නංගීගෙ කන කොනිත්තුවා...
    "තොට කිව්වා මම.."
    ආරච්චි ගෙයි කුස්සියට ගිය අපිට බිම වාඩිවෙන්න කිව්ව ආරච්චි නෝනා අපි දෙන්නටම කන්න කේක් කෑල්ල ගානෙයි බොන්න බීම වීදුරව ගානෙයි දුන්නා...
    "අම්මේ මේවගෙ රහ ඕයි..."
    "දැක්කනෙ ආව නිසානෙ..."
    "අනෙ කට වහගෙන හිටපිය..."
    ඒ එක්කම සුගන්ධි ලස්සන රෝස ගවුමක් ඇදගෙන නංගී ලඟට ඇවිත් හිට ගත්තා...
    "ඇයි ඔයා අද ඉස්කොලෙ ආවේ නැත්තෙ..."
    "අද මගෙ උපන් දිනේනෙ..."
    "ඉතින් එදාට ඉස්කොලෙ එන්න බැරිද... හොඳ නැද්ද .."
    "නෑ නෑ කුමාරී අද මගෙ උපන් දිනේ නිසා අප්පච්චි මට උපන් දින සාදයක් ලෑස්ති කරලනෙ... හෙට එනවා මම ඉස්කොලෙ ..."
    "මම හිතුවෙ ඔයා ආවේ නැත්තෙ ලෙඩක් වෙන්න ඇති කියලා.."
    "මොන ලෙඩද අනෙ... ඉතින් ඔයාලා මට සුබ පතන් නැද්ද මගෙ උපන් දිනේට..."
    "එහෙම ඒකට සුබ පතන්න ඕනද"
    "ඔව්... සුබ උපන් දිනයක් වේවා... කියලා සුබ පතන්න.."
    ආරච්චි ගෙදර ඉදලා අපි අපෙ ගෙදර එන ගමන්... මම නංගීට ඉස්සර වෙලා යන්න දීලා නංගීගෙ පස්සෙන් ආවා... ඒ අපෙ නංගීට නැති සුගන්ධිට තියෙන දේවල් හිත හිත...
    ගෙට ගොඩ වෙච්ච ගමන් මම අම්මගෙන් ඇහුවේ
    "අම්මෙ නංගීගෙ උපන් දිනෙ කවද්ද.."
    "අද දිනේ කවද්ද..."
    කියලා කල්පනා කරපු අම්මා
    "දෙයියෝ සාක්කී හෙට යකෝ... උබ වෙලාවට ඇහුවේ... කිරි බත් ටිකක් වත් උදේට හදලා අනලා කවන්න ඔන ඕකිට"
    "එහෙනම් හෙට ඉස්කොලෙ යන්න ඕන නෑනෙ.."
    "ආ ඒ මොකද බොල ඒ..."
    "ඇයි අර ආරච්චි දූ සුගන්ධි.. අද ඒකිගෙ උපන් දිනේ.. ඒකි ආවෙත් නැහැ අද ඉස්කොලෙ..."
    "පැහෙන් නැතුව හිටපන්... ගුටි නොකා හෙට ඉස්කොලෙ පලයන්... දැන්ම කීවා ඔන්න හෙට උදේට මගෙ යකා අවුස්සන් එපා..."
    අම්මා නම් කිරි බත් හදයි ඒ වුණාට ඒව කිරි බත් යෑ.. හිතින් හිතලා කන්න ඕන මේවා කිරි බත් කියලා..
    ඔහොම කල්පනා කර කර ඉද්දීයි මට පැපොල් ගහ පෙනුණේ... මම හෙමින් ගෙයි පොල් අතු වහලට ගොඩ වෙලා ගෙයි පිළිකන්නෙ ගෙයි වහල එක්ක යාලුවෙන් ඉන්න පැපොල් ගහ අල්ලන්න පුලුවන්ද බැලුවා...

    ඔව් පුලුවන් මට ඒක අල්ලන්න පුලුවන්... මම ආය පොල් අතු වහලෙන් බැහැලා... දිග නූල් ටිකක් හදා ගත්තා කෙහෙල් පට්ට වලින්...
    තව ඕන කියල හිතුණ බඩු ඔක්කොම ලෑස්ති කරගත්තා මට පුලුවන් විදිහට හදාගත්තා...

    පහුවදා උදේම මම නැඟිට්ටා... අම්මටත් කලින්... නැඟිට්ට ගමන් දැක්කෙ මගෙ ලඟ ගුලි වෙලා නිදාගෙන හිටපු නංගීව... මට ඒ එක්කම සුගන්ධිව මතක් වුණා... දුකක් එක්ක පුදුම ආදරයක් මගෙ පපුවෙ පිරෙන්න ගත්තා ඒකි ගුලි වෙලා හිටපු විදියටත් එක්ක...
    මම කවදාවත් නැතුව එදා පැදුරෙන් ඇහැරුණේ නංගීගෙ ඔලුවත් අත ගාලා.. අම්ම තාම ඇහැරලා නැහැ..
    මන් ඉක්මනින් කුස්සියෙන් පිහිය‍යි ඊයේ ලෑස්ති කරගත්ත බඩු ටිකයි අරන් ගෙයි පොල් අතු වහලට නැග්ගා...

    එහෙම වහලට නැඟලා ගෙයි වහල එක්ක යාළු පැපොල් ගහෙ තිබ්බ පැපොල් ගෙඩි ඔක්කොගෙම පැපොල් පොත්ත පිහියෙන් හූරලා දැම්මා... ඔක්කොම හීරුවාට පස්සෙයි මතක් වුණේ අපරාදේ එකක් කොල පාටින්ම තියන්න තිබ්බෙ කියලා... දැන් හරියට පැපොල් ගහෙ පිපිඤ්ඤා ගෙඩි හැදිලා වගෙ...
    තාම හරියට එළිය වැටිලත් නැහැ තාම හිමිදිරි කලුවර... මම ඊයෙ හදාගත්ත පාට ටික අරන් එහෙම හූරපු පැපොල් ගෙඩිවල ඇතිල්ලුව එක ගෙඩියකට එක පාටක් දීලා හීරුවාට පස්සෙ තිබ්බ සුද මැකිලම යන්න...
    රතු තැඹිලි කහ කොල කලු මේ පාට තමයි මට හදාගන්න පුලුවන් වුණේ.. ඒ තිබ්බ ගෙඩි වලට මම මේ පාට ඉලුවා... එහෙම උලලා හදාගත්ත දිග නූල් ඔක්කොම පැපොල් ගහෙ උඩින්ම බැඳලා නූල් වල අනෙක් පොට බිමට අත හැරියා...
    දැන් ටික ටික එළිය වැටෙන්න ගත්තා... පැපොල් ගෙඩි වල උලපු පාටත් හොඳට පේන්න ගත්තා... මම අරම බිම දාපු කෙහෙල් පට්ට නූල් පුලුවන් හැම තැනටම ඇදලා බැන්දා.. ඒ ඇදිච්ච හැම නූලකම මම එක එක මල් එල්ලුවා...
    එහෙම එල්ලනකොටයි දැක්කෙ පැපොල් ගහ යට කොල පාටට වැටිල තිබ්බ පැපොල් පොතු... පැපොල් ගෙඩි වලින් මම හූරලා දාපුවා... ටක් ගාල එවා ඔක්කොම ඇහිඳලා ගිහින් වත්ත පහළට විසි කරා...
    අම්මා ඇහැරිලා කියලා මට තේරුණා කුස්සියෙන් ආව එක එක සද්ද වලින්...
    "නැඟිටපල්ලා ඉස්කොලෙ යන්න.."
    අම්මට උදේ වෙද්දි අමතක වෙලා වගෙ නංගීගෙ උපන් දිනෙ.. මම හෙමින් ගිහින් නංගීව ඇහැරුවා..
    "නංගී සුබ උපන් දිනයක් වේවා.."
    නංගී පුදුමෙන් වගෙ මන් දිහා බැලුවා...
    "ආහ් අදද මගෙ උපන් දිනෙ..."
    "එනවකො පොඩි බඩුවක් පෙන්වන්න..."
    නංගීගෙ ඇස් දෙක මගෙ අත් දෙකින්ම වහගෙනම මම නංගීව ගෙයි පිළිකන්නට එක්ක ගියා අම්මට හොරෙන්... එහෙම එයාව එක්ක ගිහින් මම මගෙ අත් දෙක එයාගෙ ඇස් වලින් අත හැරියා...
    ඒ වෙද්දි ඉර එළිය හොඳට වැටිලා තිබ්බෙ... පැපොල් ගහෙ මම පාට කරපු පැපොල් ගෙඩි හරියට ඊයේ සුගන්ධිගෙ උපන්දිනෙට ආරච්චි ගෙයි මැද සාලෙ එල්ලලා තිබ්බ බැලූන් බෝල වගෙමයි කියලා මට හිතුණා....
    එයා පුදුමෙන් වගෙ බලන් හිටියා... නංගීගෙ ඇස් ගෙඩි දෙක හතර වටේටම කැරකිලා මගෙ ඇස් ගෙඩි දෙක හොයද්දියි මගෙ ඇස් ගෙඩි දෙකට පෙනුණේ ඒ ඇස් ගෙඩි දෙකෙ පැපොල් ගෙඩි වගෙ කඳුලු වැටෙනවා කියලා..
    ඉකි ගහගෙන නංගී දුවන් ගියේ
    "අම්මේ..... "
    කියාගෙන
    ආයෙත් මම මමම පිම්බුව බැලුන් බෝල ටික බලන්නම් කියලා ඇස් ගෙඩි දෙක උඩට විසි කරද්දියි මට තේරුණේ මගෙ ඇස් ගෙඩි දෙකත් බොඳ වෙලා කියලා .. ඇස් ගෙඩි දෙක මම අත් දෙකෙන් පිහදාන් අත් දෙක බිමට දාද්දීම... නංගී අම්මාව ඇදන් එනවා පෙනුණා...
    නංගී අතක් දික් කරල අම්මට පෙන්නුවා පැපොල් ගහෙ පැපොල් බැලුන් බෝල... අම්මගෙ මූණ රතුවෙන්න ගත්තා...
    "මොන අපරාදේද යකො තෝ මේ කරේ... කීයක් හරි හොයාගන්න තිබ්බ එක නේද.. හිටු තොට..."
    තනි අතින් මාව හයියෙන් අල්ලගත්ත අම්මා අනිත් අතින් පිළිකන්නෙ රෙදි වැල කැඩුවේ වැලෙ රෙදිත් තියෙද්දීම...
    පිළිකන්නෙ ඒ ලඟම හිටන් හිටපු කොස් ගහට අම්ම මාව හේත්තු කරලා ගස් බදින්න කියලා ලණුව අනිත් පැත්තෙන් කරකලා ගන්න කලින් නංගි ගහෙ අනෙක් පැත්තට හේත්තු වුණා...

    උපුටා ගත්තේ මුහුණු පොතේ රුකාන්ත් සුබසිංහගේ පොස්ට් එකකින් .පොස්ට් එකේ සියලුම අයිතීන් ඔහු සතුය .මෙය මට එවූ පන්චි වෙත විශේෂ ස්තුතිය :baffled:



     
    Last edited:
    • Like
    Reactions: Fox C2

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    Umba liyapu kiyala hithala kiyewwe.
    Points keeypayakm note kala tag daanna. Ko antimta wena kaudo liypu ekakkne...

    Katawa feel nowenna hetuwak umba daapu smileys thama...
    මගේ රෙප් කැපෙන ජාතියේ එකක් අද දාන්නම් ..උබ කිව විදියට එඩිට් කළා .ස්මයිලීස් අයින් කළා :baffled:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    නංගීගෙ ඇස් ගෙඩි දෙක හතර වටේටම කැරකිලා මගෙ ඇස් ගෙඩි දෙක හොයද්දියි මගෙ ඇස් ගෙඩි දෙකට පෙනුණේ ඒ ඇස් ගෙඩි දෙකෙ පැපොල් ගෙඩි වගෙ කඳුලු වැටෙනවා කියලා..
     

    Randima3000

    Well-known member
  • Feb 2, 2010
    1,166
    237
    83
    අදාල නෑනේ
    crying-man.gif
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    ලස්සනයි සහෝ..!
    .
    .
    .
    .
    .
    පලි: කව්ද බොල පන්චි..? :rofl::oo::D

    "මෙය මට එවූ පන්චි වෙත විශේෂ ස්තුතිය":P:confused: