සහ ජීවන කාරයෝ

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113

    පෙට් ස්කෑනරය අරන් දෙන්න

    :yes: දෙරණ එක දාගත්ත කතාව :yes:


    රජයට හෝ වෛද්‍ය සංගම් වලට කිසිදු ඕනෑකමක් නොතිබියදී පුද්ගලයෙකුට ආ සංකල්පනාවකින් ඇරඹී මහජන අරමුදලකින් මහජනතාව වෙනුවෙන් මහරගම පිළිකා රෝහලට පෙට් ස්කෑනරයක් මිලට ගැනීමේ කතාව පසුපස ලංකාවේ අයට සුපුරුදු විවේචනයන්ද මේ වනවිට සමාජ මාධ්‍ය හා වෙබ් අඩවි අතර කරළියට පැමිණ තිබේ.
    ඒ වූ කලි මෙයට zඑක දා ගැනීමZ පිළිබඳ විවේචනයයි.
    මෙම අරමුදලේ සංකපල්පය ගෙනා
    කළුතර පදිංචි ධනවතෙකු වූ එම්එස්එච් මොහොමඩ් මහතාට දියණියන් 7 දෙනෙකු හා එකම පුතෙකු සිටින බව කියැවුණා. ඔහුගේ එකම පුතුට වයස 15 දී අස්ථී පිළිකා රෝගය වැළඳීම කෙතරම් දරාගැනීමට අපහසු දෙයක් වන්නට ඇතිද? ඔහු මිලියන ගණන් දෙස් විදෙස් රෝහල් වලට වැයකරත් පලක් නැති බව තේරුම් ගෙන මහරගම පිළිකා රෝහලට පැමිණි පසු එහි රෝහල් කාර්ය මණ්ඩලයේ දක්ෂතා දැක ඇති අතර අඩුපාඩු ලෙස පවතින භෞතික පහසුකම් සපුරන්නට කල්පණා කර තිබුනේ සියල්ලන්ගේ යහපත වෙනුවෙනි.
    ඔහුට අයත් කඩිජා පදනම පසුගිය 2015 සැප්තැම්බර් මාසයේ මේ අරමුදල අරඹන්නේ ඒ ආකාරයටයි. ඔහු දන්නා
    කියන ව්‍යාපාරිකයින්ට ඇමතුම් ලබාදී මෙය තරකරන්නට උදව් කරන ලෙස ඉල්ලූවත් එතරම් සාර්ථකවී නැත. 2016 මාර්තු මාසය වනවිට එම අරමුදල අරඹා මාස 6 ක් ගතවී තිඛෙන අතර ඒ වනවිට එකතුවී ඇත්තේ ලක්ෂ 70 ක් පමණ මුදලකි. එතැන එක් කෝටියක්වත් තිබී නැත.

    මාධ්‍ය වෙත ආරාධනා කර මෙයට ප්‍රචාරය ලබාගන්නට ඔහු කටයුතු කර ඇත්තේ පසුගිය මාර්තු 18 වනදාය. එදින සිට ගතවූ මාස දෙකයි සතිතුනක කාලය තුළ පමණක් කෝටි 23 කට ආසන්න මුදලක් රැස්කර අරමුදල සපුරන්නට මාධ්‍ය දායකත්වය නිසා ඔහුට හැකිවිය. මාධ්‍ය මෙහෙවරට මුල්වූ ප්‍රමුඛයා දෙරණ නාලිකාවයි.

    ඔවුන්ගේ මනුසත් දෙරණ වැඩසටහන මින් ඉහත විවිධ ස්වාභාවික විපත් සඳහා ජනතා ආධාර ව්‍යාපෘති කර කීර්තියක් දිනා සිටින අතරම වකුගඩු රෝගය ගැන ජනතාව දැනුවත් කර නිවාරණය වෙනුවෙන් මෙහෙයක් කිරීම නිසා හොඳම සමාජසේවා ව්‍යාපෘතිය වෙනුවෙන් ජයිකා සම්මාන දිනාගන්නට පවා මනුසත් දෙරණට හැකියාව ලැබී ඇත.

    දෙරණ සිය ප්‍රවෘත්ති විකාශය තුළ පවා කෝටි ගණන් දැන්වීම් පළකරන වේලාව මේ වෙනුවෙන් කැප කර zපෙට් ස්කෑනරZ සිහිනය මල්ඵල ගන්වන්නට මූලිකවී ක්‍රියා කර තිබුණි.
    තවත් විද්‍යුත්
    මාධ්‍ය මෙන්ම ලේක් හවුස් විජය වැනි පුවත්පත් ආයතනද මේ වෙනුවෙන් ලක්ෂ ගණන් දැන්වීම් නොමිලේ ලබාදුන් බව මොහොමඩ් මහතා විස්තර කර ඇත.
    මේ සද්කාර්යයට මුදල් පරිත්‍යාග කළ 15000 කට ආසන්න පිරිස අතර වැඩි දෙනෙකු තම නම් ගම් පවා හෙළි නොකරන ලෙස ඉල්ලා ඇත.
    අරමුදල අවසන් කරන්නට ඔන්න මෙන්න කියා තිබියදී කෝටි 18 ක් වූ අවස්ථාවේ තව දෙකයි අඩු යයි කියූ ප්‍රචාරයට ජනතාව තවත් සංවේදී වු බවත් අනතුරුව අරමුදල පිරී අවසන් වූ පසුව පවා මුදල් ගලා එන්නට වූ බවත් අවසානයේ 2 ක් වෙනුවට කෝටි 5.3 ක්ම ලැබුණ බවත් මොහොමඩ් මහතා දන්වා ඇත.
    මනුසත් දෙරණ මෙම කාර්යයට ප්‍රබල ලෙස ප්‍රචාරයක් නොදෙන්නට මෙය මාස 1 කට ලක්ෂයකට ආසන්න මුදලක් පමණක් රැස්කරන මන්දගාමී අරමුදලක්ව තවමත් පවතින්නට ඉඩ කඩ තිබුන බවද ඔහු දන්වා ඇත.
    මේ අරමුදලේ සියලූ ප්‍රචාරණයන්හිදී මුදල් බැර කරන ස්ථානය ලෙස දන්වා තිබුනේ පිළිකා රෝහලේ නමට ලංකා බැංකු ගිණුම් අංකයයි.
    මුදල් රැස්කිරීම සිදුවූ ආකාරය සියලූ අයට විනිවිදභාවයකින් යුතුව සිදු කර තිබුණ අතර ඒ සඳහා ප්‍රබල ලෙස උදව් කළ සියල්ලන්ටම පින් සිදුවනු ඇත.

    මොහොමඩ් මහතා පසුගියදා පැවැත්වූ කතාවේදී තමා කළුතර ප්‍රදේශයේ බෞද්ධ පාසලක ඉගෙනුම ලැබූ බවත් වැඩිපුරම සිංහල බෞද්ධ මිතුරන් ඇසුරු කළ බවත් ආගම විෂය ලෙස බුද්ධාගමද හැදෑරූ බවත් කියා ඇත. ඔහුගේ ජාතිය ආගම මතක් කරමින් ඇතැමුන් දක්වා තිඛෙන විවේචනද අපුලය.

    මේ ආකාරයට විමසද්දී මොහොමඩ් මහතා මෙන්ම දෙරණද මෙම සත් ක්‍රියාවේදී එකදාගත්තාට කිසිදු වරදක් නැත.
    මුදල් දුන් සැමට හා එම දේ අගයන අයට පින් සිදුවන අතරම මුදල්ද නොදී විවේචන පමණක් කරන අයට පව් සිදුවනු ඇත.

    අරමුදල සපිරීම ගැන පැවති රැස්වීමේදී මොහොමඩ් මහතා පැවැත්වූ සංවේදී කතාව



     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අන්තිමට වැඩේ කෙරුණ නං එච්චරයි. පටන් ගත්තේ කවුද ඉවර කරේ කවුද එක දාගත්තේ කවුද කියල වාද කරල වැඩක් නෑ.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,500
    16,257
    113
    අන්තිමට වැඩේ කෙරුණ නං එච්චරයි. පටන් ගත්තේ කවුද ඉවර කරේ කවුද එක දාගත්තේ කවුද කියල වාද කරල වැඩක් නෑ.

    :yes:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    wade unata passe samahara aya deranata banala thibba
    eth derna naththan ochchara ikmanata oya gana ekathu wewi kiyala hithaganna baha
    kohomahari anthimata wade unane
     

    sp4chamara

    Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    wade unata passe samahara aya deranata banala thibba
    eth derna naththan ochchara ikmanata oya gana ekathu wewi kiyala hithaganna baha
    kohomahari anthimata wade unane

    අනිවා..දෙරණ දුන්න ප්‍රචාරණය නැත්තන් මේක එකතු වෙන්නේ නැ ..උන් දවසට කී පාරක් මේක දැම්මද...මුලදී දැන්වීම විතරයි..ඊට පස්සේ දවස ගානේ එකතු වෙලා තියෙන ගැනත් එක්කම දැම්මා....මේක ආරම්භ කරපු මුස්ලිම් සහෝදරයා හොද මිනිහෙක්..එකට ආගම , ජාතිය ගාවා ගත්තේ නෑ .හුදෙක් යහපත් අරමුණක් වෙනුවෙන් වැඩ කළා..මුස්ලිම් අය කි දෙනාද ඔහොම සමාජ සත්කාර කරන්නේ..අනිවාර්යෙන් දෙරණ දුන්න ප්‍රචාරණය නිසා තමයි මේක ඉක්මනටම කරගන්න පුළුවන් උනේ.....

    අපේ මිනිසුන්ගේ තියෙන කැතම වැඩේ කවුරුහරි යමක් කරන්න පටන් ගත්තම එකේ අඩුපාඩු , වැරදි කියන්න...අධෛර්යමත් කරන්න උපරිමයෙන් වැඩ කරනවා...එත් අවසානයේ එකේ අරමුණ ඉටු උනාම ලකුණු දාගන්න හදනවා....

    මේකට ආරම්භක උන මුස්ලිම් සහෝදරයා සහ සියලුම ආයතන මේකේ හිමිකරුවෝ..මගේ මතය නම් දෙරණ දුන්න ප්‍රචාරණය නැත්තන් මේක තාම එකතු වෙනවා..පත්තරෙන් උනත් ලොකු ආවේගයක් ඇතිවෙන්න ප්‍රචාරණයක් දෙන්න බෑ ...ඒ නිසයි දෙරණ මේකට සම්බන්ධ උන එකේ වාසිය තියෙන්නේ...
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    අන්තිමට වැඩේ කෙරුණ නං එච්චරයි. පටන් ගත්තේ කවුද ඉවර කරේ කවුද එක දාගත්තේ කවුද කියල වාද කරල වැඩක් නෑ.

    මේ ආකාරයට විමසද්දී මොහොමඩ් මහතා මෙන්ම දෙරණද මෙම සත් ක්‍රියාවේදී එකදාගත්තාට කිසිදු වරදක් නැත.
    මුදල් දුන් සැමට හා එම දේ අගයන අයට පින් සිදුවන අතරම මුදල්ද නොදී විවේචන පමණක් කරන අයට පව් සිදුවනු ඇත.
    :yes::yes::yes: