ස්කූටරයක් ගන්න කලින් මේ ටික කියවලා ඉන්න....
ස්කූටරය කියන්නේ මීට දශක ගණනාවකට කලින් ඉඳන් ලංකාවේ බොහොම ප්‍රචලිත වෙන්න පටන් ගත්ත යතුරු පැදියක් තමයි. ඔබට ඉස්සර මතකනම් පිටිපස්සේ ටයර් එකක් සවිකරලා තියන ස්කූටරය කොච්චරනම් ජනප්‍රිය යතුරු පැදියක්ද.
අද තත්වය ඊට වෙනස් කාන්තාවෝ බොහෝ දෙනෙක් අතරේ තමයි දැන් ස්කූටරය ජනප්‍රිය වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් යොවුන් වයසට එළඹෙනකොට වගේම දැන් තරුණියෝ ස්කූරටයක් ගන්න හීන මවනවා, ඒ හීනෙ ගොඩක් ලස්සනයි. ඒ වගේම ඔබේ ජීවිතේ බොහොම වැදගත් සන්ධිස්ථානයකුත් වෙයි. ඒ හැමදේටම කලින් ස්කූටරයක් ගන්නට පෙර මේ කියන දේවල් ටික ගැනත් අවධානය යොමු කරන්න.
1.සාමාන්‍යයෙන් ලංකාවේ මේ ස්කූටරයක් අලුතෙන්ම ගන්න රුපියල් ලක්ෂ එකහමාරකට වැඩි මුදලක් වැය වෙනවා. මේක ලීසිං ක්‍රමයට ගන්න උත්සහ කරනවනම් මුලින් රුපියල් 30,000ක වගේ මුදලක් ගෙවීම් කරලා ඉතිරිය වාරික වශයෙන් අවුරුදු 5 ක වගේ කාලයක් පුරා ගෙවන්නට ලබාගන්න පුළුවන්. ඒත් ගෙවලා ඉවරවෙද්දි සම්පූර්ණ මුදල ලක්ෂ දෙකත් ඉක්මවනවා සහතිකයි. ඒ නිසා හැකියාවක් තියනම් මුළු මුදලම ගෙවලා ස්කූටියක් ගන්න උත්සහ කරන්න, මොකද නැත්නම් බයික් එකේ වටිනාකමට ආසන්න වටිනාකමක් පොලිය සහ සේවා ගාස්තු විදිහට ඔබට ගෙවන්න වෙයි.
2.අනිත් කාරණය තමයි පාවිච්චි කරපු බයික් එකක් එහෙම ගන්න යනවනම් යතුරු පැදි ගැන හොඳ දැනුම් තේරුම් ඇති කාර්මික ඥානයක් ඇති කෙනෙක් එක්ක ගිහින් හොඳට බලලා ගන්න. පිට පෙනුමෙන් සෑහීමකට පත්වෙන්නේ නැතිව ඇතුලේ තියන එන්ජිම ගැනත් බලලා මිලට ගන්න. මොකද ස්කූටි වර්ගයේ යතුරු පැදි සාමාන්‍යයෙන් ටික කාලයක් පදිනකොට එක එක ලෙඩ එන්න පටන් ගන්නවා, මේ ලෙඩත් ලොකු ලොකු වියදම් යන විදිහේ ලෙඩ. ඒ වගේ ලෙඩ ආවම සමහරු මේ බයිසිකල් විකුණලා දානවා. එහෙම ලෙඩ ගොඩවල් වලටනම් අහුවෙන්න එපා.
3.ලංකාවේ යතුරු පැදියක් මාර්ගයේ ධාවනය කරන්න නම් නීතිමය වශයෙන් ලේඛන කිහිපයක් අවශ්‍ය වෙනවා. එකක් තමයි බයික් එකේ ආදායම් බලපත්‍රය, මේක වාර්ෂිකව අලුත් කරන්න ඕන එකක්. ඒ වගේම බයික් එකේ වලංගු රක්ෂණ සහතික පත්‍රය, මේක අවම තෙවන පාර්ශව හෝ පූර්ණ රක්ෂණාවරණයකට අදාල එකක් වෙන්න පුළුවන්. ඒ වගේම තමයි බයික් එක පදවන ඔබේ රියඳුරු බලපත්‍රය. ඒ නිසා බයික් එක ගනිද්දි බයික් එකේ හිමිකම ඔබේ නමට හරවාගන්නවා වගේම බයික් එකට අදාල ලේඛනත් නිවැරදිව පරික්ෂා කරලා බලලා බාරගන්න. අලුත් බයික් එකක්නම් මේ දේවල් හදාගන්න සමාගම උදව් කරාවි. ඒ වගේම ඔබේ රියඳුරු බලපත්‍රය තියනවනම් ප්‍රශ්නයක් නෑ, නැත්නම් ඉතින් ඒක හදාගන්න වෙනවා ඉක්මණට.
4.තවත් දෙයක් තමයි රියඳුරු බලපත්‍රයක් තිබුණත් ඇතැම් අයට තියෙන්නේ එක්කෝ සැහැල්ලු වාහන විතරයි. යතුරු පැදි පන්තිය සඳහා බලපත්‍රය ලබාගෙන නැතිවෙන්න පුළුවන්. ඒක ගැනත් කල්පනාවෙන්. ඒ වගේම තමයි බලපත්‍රය අරගෙන තිබුණත් කාලයක් බයික් පැදලා නැත්නම් එකපාරටම ස්කුටිය අරන් පාරට දාන එක ටිකක් අවදානම්, හොඳම දේ තමයි පහසු වාහන නැති තැනක ටිකක් පුරුදු වෙන එක.
5.සාමාන්‍යයෙන් කාන්තාවක් ස්කූටි බයික් එකක ගමන් කරද්දි වාඩිවෙන්නේ සීට් එකේ මුල්ම කෙළවර අඟල් තුනක හතරක සීමාවේ විතරයි. එතකොට සීට් එකේ තවත් අඩි දෙකක්, දෙකහමාරක විතර ඉඩක් නිරපරාදේ ඉතිරිවෙනවා. ඒකනම් ප්‍රශ්නයක් නෑ කියමුකෝ, මෙහෙම සීට් එකේ මුල්ලේ යන්තම් වාඩිවෙලා බයික් එක පදින එක සෑහෙන්න අපහසුයි වගේම අවදානම්, ඒක නිසා බයික් එකේ යද්දි ඒ සඳහා සුදුසු ඇඳුමක් ඇඳගෙන නියමිත විදිහට වාඩිවෙලා අවදානයෙන් ධාවනය කරන්න. මේක විහිලුවක් වත් හිනාවෙන්න කාරණයක්වත් නෙවෙයි.
බයික් එකක් ගන්න කලින් හිතන්න ඕන කාරණා ගණනාවක් අතරින් කීපයක් විතරයි මේ කිව්වේ. කොහොම වුනත් මේ දේවල් ටික වැදගත් වෙයි කියලා හිතනවා ඔබේ ස්කූටි හීනය හැබෑ කරගන්න යන ගමනෙදි.
උපුටා ගැනීම - www.her.lk