ස්ටෙල්ත් තාක්ෂණය සහිත පොඩි මදුරුවො ජාතියක් ඉන්නව. උන්ව මරන්ඩ හෙන අමාරුයි 
මම උන්ව මරන්නෙ දැං මෙතනින් ඉගිලෙයි කියල පුරෝකතනය කරල

මම උන්ව මරන්නෙ දැං මෙතනින් ඉගිලෙයි කියල පුරෝකතනය කරල

ඔබට මීටර් 10 ක් දුරින් පියාඹන සමනලයෙක් දකිනවා යැයි සිතන්න.ඔබේ ඇස්වලින් සමනලයා දැකීම හෝ ඇස්වලින් ඌගේ ගමන් මග ලුහුබැඳීම අවහිරයක් නැත.දැන් එම දුරින්ම මැස්සෙක් පියාඹනවා යැයි සිතුව හොත් ඌ දැක ගැනීම බොහෝ අසීරු වන්නේ මැස්සෙක් තරම් කුඩා සතෙක් ඒ තරම් දුරකදී දැක ගැනීමට තරම් මිනිස් ඇසේ දෘෂ්ඨිය ප්‍රමාණවත් නොවීමයි.එම මැස්සා ඔබට මීටරයක් දුරින් පියාඹන්නේ නම් ඌව ඇස්වලින් දැක ගැනීමට හැකි වුවද ඌගේ ගමන් මග ලුහුබැදීම සහ දෘෂ්‍ය අගුල් දැමීමක් කිරීම අසීරු වන්නේ ඌ ප්‍රමාණයෙන් කුඩා නිසාය.ඒ නිසා මැස්සා අල්ලාගැනීම හෝ මරාදැමීමද පහසු නැත.නමුත් අපගේ කන් යොදාගෙන මැස්සා පියාඹා යද්දී නිකුත් කරන ශබ්දය ග්‍රහණය කරගෙන ඌ සිටින දිශාව නිර්ණය කර ඇස්වලින් ඌ සිටින ස්ථානය නිවැරදිව සොයාගත හැකිය.කෙසේවෙතත් බොහෝ අවස්ථාවලදී ඌ සිටින දිශාව නිවැරදිව අනාවරණය කරගත් වහාම ඌ අතුරුදහන් වීමටද හැකිය.