ස්ටෙල්ත් ප්‍රහාරකයන්ගේ තරඟය

HarshaLulzSec

Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    ස්ටෙල්ත් ප්‍රහාරකයන්ගේ තරඟය

    e5Oc1bk.png

    පසුගියදා තේරීපත්වූ එක්සත් ජනපදයේ ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගිය සදුදා ප්‍රකාශ කර තිබුනේ තම රට නිපදවන ඊළඟ පරම්පරාවේ ප්‍රහාරක ජෙට් යානය එනම් එෆ්-35 ජොයින්ට් ස්ට්‍රයික් ෆයිටර් යානය දරන වියදම පාලනයෙන් තොර බවයි.ඔහු සිය ට්විටර් ගිණුමේ ඒ සම්බන්ධව මෙසේ සඳහන් කර තිබූ බව වාර්තාවේ.

    "එෆ්-35 වැඩසටහන සහ එහි වියදම පාලනයෙන් තොරයි.ජනවාරි 20 පසුව හමුදාවට ඇ.ඩො. බිලියන ගණනක මුදලක් ඉතිරි කරගත හැකිය." ඔහු මෙලෙස එෆ්-35 වැඩසටහන විවේචනය කරන්නේ ජනපති ධූරයේ දිවුරුම්දීමටත් පෙරය.කෙසේවෙතත් මෙම වැඩසටහන දැන් නවතා දැමිය නොහැකිබවට අදහස් පළවේ.ලෝක ඉතිහාසය තුල වැඩිම මුදලක් වියදම් කල අවි ව්‍යාපෘතිය ලෙසද මෙය සලකනු ලැබේ.මෙහිදී ලොක් හීඩ් මාර්ටීන් සමාගම ට්‍රම්ප්ගේ දෝෂදර්ශනයට ලක්විය.ඔහුගේ ට්විටර් පණිවුඩයෙන් පසුව සමාගමේ කොටස් වෙළදපොල අගයද පහත වැටුනු බව වාර්තා වේ.චීනයේ පළමු ස්ටෙල්ත් ප්‍රහාරක යානය වන ජේ-20 සමග සංසන්දනය කරද්දී එක්සත් ජනපදයේ එෆ්-35 යානය මිලෙන් අධිකය.පහත දැක්වෙන්නේ මෙම යානා දෙකෙහි සංසන්දනයකි.

    එක්සත් ජනපදයේ එෆ්-35 සහ චීනයේ ජේ-20 යානය එළිදරවු කලේ කවදාද?

    එෆ්-35(F-35) යානය එහි පළමු ගුවන් ගමන 2006 වර්ෂයේ දෙසැම්බර් මස 15 වෙනිදා සිදුකර තිබේ.ඉන් දශකයකට පමණ පසුව 2016 අගෝස්තු 2දා සිය පළමු එෆ්-35ඒ(F-35A) ප්‍රහාරක යානා කණ්ඩායම මෙහෙයුම් සඳහා සූදානම් බව ඇමෙරිකානු ගුවන් හමුදාව නිවේදනය කරන ලදි.මෙම පස්වන පරම්පරාවේ ප්‍රහාරක යානය සැලැසුම් කරන ලද්දේ ගොඩබිම් ප්‍රහාරක සහ ගුවන් ආරක්ෂක මෙහෙයුම් සඳහාය.

    ජේ-20(J-20) ස්ටෙල්ත් ප්‍රහාරක යානය එළිදරවු කරන ලද්දේ 2011 වර්ෂයේදීය.එය සිය පළමු ප්‍රසිද්ධ ගුවන් ගමන 2016 නොවැම්බර් මාසයේදී දකුණුදිග චීනයේ සුහායි නගරයේ සිදුකලේ ගුවන් සංදර්ශනයකදීය.චීනය සතු ඔවුන් විසින්ම සංවර්ධනය කරන ලද ස්ටෙල්ත් ගුවන් යානයක් ලෙස මෙය හැඳින්වේ.

    ඒවායේ පෙනුම සහ විශේෂතා

    එෆ්-35 යනු තනි අසුනේ ,තනි එන්ජිමක් සහිත ඕනෑම කාලගුණික තත්ත්වයක් යටතේ මෙහෙයුම්වල යෙදිය හැකි බහුකාර්යය ප්‍රහාරක යානයකි.එය සැලසුම් කර තිබෙන්නේ ගොඩබිම සිට ගුවනට එල්ල කරන මිසයිලනාශකයෙක් ලෙස ක්‍රියාකිරීමට අවශ්‍ය synthetic aperture radar රේඩාර් ශිල්පක්‍රමය සහ ඉලක්ක හඳුනාගැනීමේ දියුණුතම තාක්ෂණයෙන් සමන්විතය.
    ලොක් හීඩ් මාර්ටීන් සමාගමට අනුව එෆ්-35 යානය සතුව ගුවනේ සිට ගුවනට එල්ල කරන කෙටි දුර සහ දිගු දුර මිසයිලද සුනම්‍යතාවය සහ දියුණු සංවේදක සහ Data fusion(දත්ත මූලාශ්‍ර දෙකකින් හෝ වැඩිගණනකින් ලැබෙන තොරතුරු එකතුකර වඩාත් නිවැරදි විස්තරයක් ලබාදීම) යන ක්‍රියාවලිය යටතේ එෆ්-22 යානයට වඩා වාසියක් එෆ්-35 යානයට තිබේ.

    rsALnvD.jpg
    F-35 යානය​

    ජේ-20 යනු චීනය සතු අලුත්ම පරම්පරාවේ ජෙට් ප්‍රහාරක යානයයි.එය තනි අසුනේ ද්විත්ව එන්ජින් ස්ටෙල්ත් ගුවන් යානයකි.එහි රාමුව අභ්‍යන්තර අවි සහ ඉන්ධන ගබඩාව සඳහා ප්‍රමාණයෙන් විශාලව නිර්මාණය කර තිබේ.ජේ-20 යානය අභ්‍යන්තර අවි ගබඩා තුනකින් සමන්විතය.කුඩා ගබඩා දෙකේ කෙටි දුර මිසයිල ද විශාල ගබඩාවේ ගුවනේ සිට ගුවනට එල්ල කරන දිගු දුර මිසයිල සහ ගුවනේ සිට හෙළන බෝම්බ ආදිය රැදවීමට හැකිය.

    YygNwCR.png
    J-20 යානය​

    යානා දෙක සංසන්දනයේදී චීනයේ ජේ-20 යානයට දිගු දුරක් පියාසර කිරීමේ හැකියාව,අභ්‍යන්තරයේ වැඩි ඉන්ධන ප්‍රමාණයක් රැගෙන යෑම සහ අභ්‍යන්තර අවි ගබඩාවල වැඩි අවි ප්‍රමාණයක් ගෙන යෑම වැනි වාසි හිමිය.එය සතු නවතම අවි සම්බන්ධව චීන හමුදාව තවමත් හෙළිකර නොමැත.

    QlVH2ig.jpg
    F-35 යානයේ බාහිර සහ අභ්‍යන්තර අවි/මිසයිල සහ බෝම්බ​

    යානාවල ස්ටෙල්ත් තාක්ෂණය සහ අනෙකුත් අංග

    එක්සත් ජනපදයේ අනෙක් පරම්පරාවල ප්‍රහාරක ජෙට් යානා මෙන් නොව එෆ්-35 යානය රේඩාර් පද්ධතිවලට අනාවරණය වීම ඉතා අවම පරිදි නිපදවා තිබේ.එහි හැඩය සහ නිර්මාණය කිරීමට භාවිතා කර ඇති අමුද්‍රව්‍ය රේඩාර් තරංග මඟහැරීම සහ උරාගැනීමට හැකිය.තවද එම අමුද්‍රව්‍ය කල්පැවැත්ම අතින් ඉහළ අනෙක් පූර්වජයන්ට වඩා නඩත්තු කිරීමේ අවශ්‍යතාවය අවමය.
    නමුත් අනෙක් ස්ටෙල්ත් ප්‍රහාරක යානා මෙන්ම එෆ්-35 යානයත් පහළ සංඛ්‍යාත රේඩාර් වලට එනම් සිවිල් ගුවන් සේවා පාලන අංශ භාවිතා කරන රේඩාර්වලට හසුවන බව කියවේ.කෙසේවෙතත් එමගින් ගුවන් යානය ඉලක්ක කර මිසයිල ප්‍රහාරයක් එල්ල කිරීමට ප්‍රමාණවත් ඛණ්ඩාංක සපයාදීම කලනොහැකි බව විශේෂඥ මතයයි.

    UVjOaha.jpg

    ජේ-20 යානයේ නාසය සහ වියන සතු හැඩය ඇමෙරිකාවේ එෆ්-22 යානයට සමානය.යානයේ ස්ටෙල්ත් හැකියාව එහි ඉදිරිපසදී සාර්ථක වුවද දෙපස සහ එන්ජින්වල නැසින්න රේඩාර්වලට නිරාවරණය වීමේ හැකියාව වැඩි බව කියවේ.2016 නොවැම්බර් මාසයේදී ජේ-20 යානය ප්‍රථම වරට මහජන ප්‍රදර්ශන ගුවන් ගමන සිදුකරන විට එය නිරීක්ෂණය කල අයෙකුට අනුව යානය පියාසර කරද්දී අධික ශබ්දයක් උත්පාදනය වන බව සඳහන් කර තිබේ.

    np5rQGu.jpg

    එක් එක් ගුවන් යානයේ මිල

    එෆ්-35 වැඩසටහන යටතේ ගුවන් යානා මොඩල තුනක් නිපදවන ලදි.ඉන් එෆ්-35ඒ යානය මිලෙන් අඩුම යානය ලෙස හැඳින්වේ.එන්ජිම රහිතව එෆ්-35ඒ යානයක් ඇ.ඩො.මිලියන 98ක් ද සම්පූර්ණ නිෂ්පාදනයේදී මිල ඇ.ඩො.මිලියන 85ක් වනු ඇතැයි එෆ්-35 ලයිට්නින් 2 වැඩසටහනේ නිල වෙබ් අඩවියේ සඳහන් වේ.2014 වර්ෂයේදී පෙන්ටගනයේ ඉහළ නිලධාරියෙක් ප්‍රකාශ කලේ එෆ්-35 වැඩසටහන සඳහා වියදම ඇ.ඩො.බිලියන 163ක් ඉක්මවා ගොස් කාලසටහනේ වසර 7ක් ප්‍රමාද වී තිබෙන බවයි.මෑතකදී පෙන්ටගනයේ නිලධාරීන් කියා සිටියේ වැඩසටහන ඉදිරියට කරගෙන යෑමට අමතර ඇ.ඩො. මිලියන 500ක් අවශ්‍ය වන බවයි.සියලුම එෆ්-35 යානා බාරදීම 2037 දක්වා කාලසටහනක් යටතේ සිදුවේ.මෙම යානාවල සේවා කාලය 2070 තෙක් පවතින බව සඳහන් වේ.

    zrINdsz.jpg

    චීනයේ නිපදවන ලද අවියක් ඇමෙරිකානු අවියක මිලෙන් 1/5 හෝ 1/3ක් තරම් වේ.නමුත් එවැනි අවියක් මිලදී ගැනීමේදී නියම මිලට වඩා 5%ක් වැඩිපුර ගෙවීමට සිදුවන බව යුද නිරීක්ෂකයෙන් වන සවු චෙන්මින් කියා සිටියි.ඔහුගේ අදහස නම් චීනයේ ජේ-20 යානය ඇමෙරිකානු එෆ්-22 යානයේ චීන ආදේශකයයි.එෆ්-22 යානයක මිල 2011 වර්ෂයේදී ඇ.ඩො.මිලියන 150ක් විය.චීනයේ ජේ-20 යානයක් මිල ඇ.ඩො. මිලියන 30-50 අතර වනු ඇතැයි චෙන්මින් පවසයි.

    uiFtjHq.jpg

    මෙම ජෙට් යානා නිපදවීමේ අරමුණ කුමක්ද?

    එෆ්-35 වැඩසටහන එක්සත් ජනපදයේ ආරක්ෂක ජාලය වැඩි දියුණු කිරීමේ රාජ්‍යතාන්ත්‍රික උපාංගයක් ලෙස යොදාගන්නා බව පෙනේ.උදාහරණයක් ලෙස ඊශ්‍රායලය ඇ.ඩො.බිලියන 5.5ක් වටිනා එෆ්-35 යානා 33ක් ඇණවුම් කර තිබේ.පසුව එම ගණන 50ක් දක්වා වැඩිකිරීමට ඊශ්‍රායල කැබිනට් මණ්ඩලය තීරණය කල බව වාර්තා වේ.ලොක් හීඩ් මාර්ටින් සමාගමේ උප සභාපති ඕර්ලන්ඩෝ කාර්වැලෝට අනුව මෙම ජෙට් යානය එක්සත් ජනපදයේ ආර්ථිකය වර්ධනයට හේතුවක් වේ.

    6X4ejW7.jpg
    F-35 යානය​

    ජේ-20 යානය අපනයනය නොකරනු ඇත.ඒ නිසා මෙම යානය ගෝලීය අවි වෙළඳපොලට පැමිණිනෙන්නේ නැතිවේවි.තවද එය චීනසහ අනෙකුත් රටවල් අතර ආරක්ෂාව ඉහළ නැංවීමටද හේතුවක් නොවේවි.නමුත් මෙම අවිය චීන අවි නිෂ්පාදනයේ එක් සැතපුම් කණුවකි.ස්ටෙල්ත් තාක්ෂණය සම්බන්ධව චීනය සතු හැකියාව ප්‍රදර්ශනය කිරීමට මෙය හොඳ අවස්ථාවකි.තවද මේ හරහා කලාපයේ ගුවන් ආරක්ෂක පද්ධති කල් ඉකුත්ව යනු ඇත.විශේෂයෙන්ම ජේ-20 යානය චීනයේ තරඟකරුවා වන ඉන්දියාවට දැඩි තර්ජනය වනු නොවනුමානය.

    N4IhbEW.jpg
    J-20 යානය​

    Source:businessinsider.com

    -HarshaLulzSec-
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ට්‍රම්ප් නම් අනේ මන්දා බන්.. මූට ෆුට්බොල් එක දුන්නම මූ මොනා කරයිද මන්දා.
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    china unge ස්ටෙල්ත් jabba gathiyak thiyenne
    වැඩත් තියෙන්නේ ඕනේ ඒ වගේම නැත්නම් ස්ටෙල්ත් නමට විතරයි

    ට්‍රම්ප් නම් අනේ මන්දා බන්.. මූට ෆුට්බොල් එක දුන්නම මූ මොනා කරයිද මන්දා.

    ඔය මිල අධික හමුදා ව්‍යාපෘති හුගක් මිනිහා ආවාම නවත්තලා දායිද දන්නෑ.අලුත් එයාර් ෆෝස් වන් ප්ලේන් එකක් හදන්න එකත් මිනිහා නවත්තන්න ලු හදන්නේ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    වැඩත් තියෙන්නේ ඕනේ ඒ වගේම නැත්නම් ස්ටෙල්ත් නමට විතරයි

    ඔය මිල අධික හමුදා ව්‍යාපෘති හුගක් මිනිහා ආවාම නවත්තලා දායිද දන්නෑ.අලුත් එයාර් ෆෝස් වන් ප්ලේන් එකක් හදන්න එකත් මිනිහා නවත්තන්න ලු හදන්නේ.
    මේකා රට පාලනය කරන්න හදන්නේ ටුවිටර් එකෙන් බන්. වෙලාවකට මල පනිනවා. බොයින් එකේ ශෙයාස් බැස්සා බන් පොර ටුවිටර් එකේ කිව්වම ඒ ප්‍රොජෙක්ට් එක කැන්සල් කරනවා කියලා. මිනිහා සරල වෙන්ඩ වගේ යන්නේ. මිනිහා සරල උනාට මිනිහා පත්කරන පොරවල් නම් සරලා නැ. එක්සොන් ඔයිල් එකේ රෙක්ස් කාරයට රාජ්ය ලේකම් කම දුන්නම මිනිහා ඉස්සෙල්ලාම කරන්නේ පුටින් එක්ක ඔයිල් ඩීල් එකක් ගහන එක.
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    මේකා රට පාලනය කරන්න හදන්නේ ටුවිටර් එකෙන් බන්. වෙලාවකට මල පනිනවා. බොයින් එකේ ශෙයාස් බැස්සා බන් පොර ටුවිටර් එකේ කිව්වම ඒ ප්‍රොජෙක්ට් එක කැන්සල් කරනවා කියලා. මිනිහා සරල වෙන්ඩ වගේ යන්නේ. මිනිහා සරල උනාට මිනිහා පත්කරන පොරවල් නම් සරලා නැ. එක්සොන් ඔයිල් එකේ රෙක්ස් කාරයට රාජ්ය ලේකම් කම දුන්නම මිනිහා ඉස්සෙල්ලාම කරන්නේ පුටින් එක්ක ඔයිල් ඩීල් එකක් ගහන එක.

    අපේ සරල ජනපති ආදර්ශයට අරන් වත්ද?:P

    and Lockheed Martin
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    stealth plane identify karala, track karanna barida missiles walin?

    e.g. Sunflower (russia)
    F-22 එකනම් චයිනීස් උන් කියනව උන්ට ඩිටෙක්ට් කරන්න පුලුවන් කියලා රේඩාර් වලින්. හැබැයි ඩෙමොස්ට්‍රේශන් එකක් කරලා ඔප්පු කලාද දන්නේ නැ. උන්ගේ සමහර ක්ලේම්ස් බොරු. ස්ක්‍රැබල් කරන්න පුලුවන් මිසයිල නමුත් ඇකියුරේට් නැ ඒක හරියනවමයි කියලා.
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,106
    5,910
    113
    canada
    චීනේ global hacking campaign එක නිසා ඔච්චර ඉක්මනට ඕක හදන්න ඇත්තේ.;)

    I dont think so. may be they copied outer design. the aircrft internal designs are kept secret

    may be this is just a start. They will produce better and better shealth aircrafts and the technology gap between usa, rassia and china will decrease
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    stealth plane identify karala, track karanna barida missiles walin?

    e.g. Sunflower (russia)

    සර්බි හමුදාව 90 ගණන්වල F-117 එකක් බිම දැම්මේ මතකද? බෝම්බ දාන්න දොරවල් අරිද්දී රේඩාර් එකට අහුවෙලා ,සෝවියට් මිසයිල දෙකක් ගහලා බිම පත බෑවේ.ඒකත් මොඩිෆයි කරපු සෝවියට් රේඩාර් පද්ධතියක්ලුනේ..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,106
    5,910
    113
    canada
    සර්බි හමුදාව 90 ගණන්වල F-117 එකක් බිම දැම්මේ මතකද? බෝම්බ දාන්න දොරවල් අරිද්දී රේඩාර් එකට අහුවෙලා ,සෝවියට් මිසයිල දෙකක් ගහලා බිම පත බෑවේ.ඒකත් මොඩිෆයි කරපු සෝවියට් රේඩාර් පද්ධතියක්ලුනේ..

    එහෙමත් එකක්ද?
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,106
    5,910
    113
    canada
    අපි හිතනවට වඩා Hacking power චීනෙට තියෙනවා .නැත්නම් 2015(?) දී ඇමෙරිකාව උන් එක්ක ගිවිසුමක් ගැහුවේ ඇයි?

    උන් නම් ඕවට කප්පිත්තෝ
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    එහෙමත් එකක්ද?

    ස්ටෙල්ත් ගුවන් යානයක් බිම දාපු පළමු වතාව ඕකලු.ඒ සිද්ධිය වගේම එකක් ෆිල්ම් එකකත් තියෙනවා ,නම මතක නෑ.සර්බි-බොස්නියන් යුද්ධෙදී නේටෝ(ඇමෙරිකන්)ෆයිටර් ජෙට් එකක් සර්බි මිසයිල ප්‍රහාරයකින් බිම දාලා ,එක නියමුවෙක් සර්බි හමුදාවට කොටු වෙලා,එකෙක් අන්තිමට බේරිලා යන සිද්ධියක් තියෙන්නේ.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    සර්බි හමුදාව 90 ගණන්වල F-117 එකක් බිම දැම්මේ මතකද? බෝම්බ දාන්න දොරවල් අරිද්දී රේඩාර් එකට අහුවෙලා ,සෝවියට් මිසයිල දෙකක් ගහලා බිම පත බෑවේ.ඒකත් මොඩිෆයි කරපු සෝවියට් රේඩාර් පද්ධතියක්ලුනේ..
    නූල් බොලේ කොන අල්ලගන්නවා වගේ තමා මචන්. මම දන්න විදියට, ස්ටෙල්ත් ක්‍රාෆ්ට් එකක් ට්‍රැක් කරන්න පුලුවන් හීට් සිග්නේචර් එකෙන්. කොච්චර වැහුවත් පොඩ්ඩක් හරි හීට් එකෙන් හීවැකි ඉන්ෆරෙඩ් වලින්. චයිනීස් උනුත් ඔක කරනව ඇත්තේ එහෙම. ඉන්ෆරෙඩ් හීට් සිග්නේචර් එකෙන් ට්‍රැක් කරලා ගයිඩ් කරන්න පුලුවන් රේඩාර් එක. උබ කිව්වා වගේ බොම්බා දාන්න ස්ට්‍රක්චර් එක වෙනස් වෙච්ච ගමන් රේඩාර් ලොක් කරන්න පුලුවන්. ඔය විදියට තමයි ලෙසිම මම අහලා තියන විදියට. හීට් එක තමා එකම සොලුශන් එක. ග්ලයිඩ් උනත් හීට් එකෙන් හෙව්වැකි.
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    ස්ටෙල්ත් ගුවන් යානයක් බිම දාපු පළමු වතාව ඕකලු.ඒ සිද්ධිය වගේම එකක් ෆිල්ම් එකකත් තියෙනවා ,නම මතක නෑ.සර්බි-බොස්නියන් යුද්ධෙදී නේටෝ(ඇමෙරිකන්)ෆයිටර් ජෙට් එකක් සර්බි මිසයිල ප්‍රහාරයකින් බිම දාලා ,එක නියමුවෙක් සර්බි හමුදාවට කොටු වෙලා,එකෙක් අන්තිමට බේරිලා යන සිද්ධියක් තියෙන්නේ.
    _63938802_daleandzoltanhandshake.jpg

    ඔය ඉන්නේ මචන් ඩබල. ස්ටේල්ත් එකේ පයිලටුයි, ඒක බිම දැම්ම එකයි. උන් දෙන්න දැන් යාලුවොලු.

    Dale Zelko flew the F117 "stealth fighter"

    Zoltan Dani - Yugoslav anti-aircraft rocket unit
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    නූල් බොලේ කොන අල්ලගන්නවා වගේ තමා මචන්. මම දන්න විදියට, ස්ටෙල්ත් ක්‍රාෆ්ට් එකක් ට්‍රැක් කරන්න පුලුවන් හීට් සිග්නේචර් එකෙන්. කොච්චර වැහුවත් පොඩ්ඩක් හරි හීට් එකෙන් හීවැකි ඉන්ෆරෙඩ් වලින්. චයිනීස් උනුත් ඔක කරනව ඇත්තේ එහෙම. ඉන්ෆරෙඩ් හීට් සිග්නේචර් එකෙන් ට්‍රැක් කරලා ගයිඩ් කරන්න පුලුවන් රේඩාර් එක. උබ කිව්වා වගේ බොම්බා දාන්න ස්ට්‍රක්චර් එක වෙනස් වෙච්ච ගමන් රේඩාර් ලොක් කරන්න පුලුවන්. ඔය විදියට තමයි ලෙසිම මම අහලා තියන විදියට. හීට් එක තමා එකම සොලුශන් එක. ග්ලයිඩ් උනත් හීට් එකෙන් හෙව්වැකි.

    ට්‍රම්ප් ආපු ගමන් චීනේ එක්ක ඇවිලෙයි වගේ.දකුණු චීන මුහුදෙදී චීන නාවික හමුදාව ඇමෙරිකාවේ අන්ඩර්වෝටර් ඩ්‍රෝන් එකක් උස්සලාලු නේද
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    _63938802_daleandzoltanhandshake.jpg

    ඔය ඉන්නේ මචන් ඩබල. ස්ටේල්ත් එකේ පයිලටුයි, ඒක බිම දැම්ම එකයි. උන් දෙන්න දැන් යාලුවොලු.

    Dale Zelko flew the F117 "stealth fighter"

    Zoltan Dani - Yugoslav anti-aircraft rocket unit

    ෆිල්ම් එකෙත් ඉන්නේ වම් පැත්තේ එකා වගේම පොරක් :eek:

    Behind_Enemy_Lines_movie.jpg
     
    Last edited: