ස්ටෝන්හෙන්ජ් අභිරහස

Dark M

Well-known member
  • Mar 4, 2016
    656
    326
    63
    35
    Italy
    ස්ටෝන්හෙන්ජ් අභිරහස

    1029_stonehenge.jpg


    දකුණු එංගලන්තයේ එන්ගලන්තයේ විල්ට්ෂයර්හි පිහිටි යෝධ ශෛලමය ඉදිකිරීම Stonehenge නමින් හැඳින්වෙන අතර එහි තේරුම ‘‘එල්ලෙන ගල්‘‘ යන්නයි. මෙම අසාමාන්‍ය ඉදිකිරීමේ කුමන අරමුණක් සඳහා ඉදිකලාද යන්න තවමත් නොවිසදුනු අභිරහසක්ව පවතී. කෙසේ වෙතත් බොහෝ පුරාවිද්‍යාඥයින්ගේ මතය වන්නේ මෙය පුදපූජා පැවැත්වූ ස්ථානයක් හා සොල්ස්ටිස් හෙවත් සූර්යනිවෘත්තිය යන තාරකා විද්‍යාත්මක සිදුවීම ඇතිවන වකවානු නිවැරදිව දැන ගැනීම සඳහා ශිලායුගයේ ජෝතිශ්‍යවේදීන් භාවිතාකල යම් ආකරයක යෝධ සූර්ය කැලැන්ඩරයක් හෙවත් දින දර්ශණයක් බවයි.

    සොල්ස්ටිස් හෙවත් සූර්යනිවෘත්තිය යන සංසිද්ධිය වසරකට දෙවතාවක් ජූනි හා දෙසැම්බර් සිදුවන අතර ජූනි මාසයේදී එය ග්‍රීස්ම සූර්යනිවෘත්තිය වන අතර එදින වසරේ වැඩිම කාලයක් සූර්යාලෝකය වැටෙන දිනය වනවා. දෙසැම්බරයේ සිසිර සූර්යනිවෘත්තිය සිදුවන අතර එය වසරේ අඩුම කාළයක් සූර්යාලෝකය වැටෙන දිනය වනවා.

    සමකය ආසන්නයේ ඝර්ම කලාපීය රටක් වන ලංකාවට මේ දින එතරම් වැදගත් නැතත් උතුරු අර්ධගෝලයේ සෘතු වෙනස්වල දේශගුණ පවතින රටවල මෙය ඉතා වැදගත් දිනයන් වනවා. ග්‍රීස්ම සූර්යනිවෘත්තියෙන් පසු සූර්යාලෝකය වැටෙන පැය ගණන අඩුවෙමින් නැවතත් ශීත සෘතුව කරා එළඹෙන අතර සිසිර සූර්යනිවෘත්තියෙන් පසු ශීත කාළයේ දරුණුම අවස්ථාව පසුවූ බව සනිටුහන් වනවා. වසර 5000ක් පමණ පැරණි යැයි අනුමාන කෙරෙන, නවශිලා යුගයේ නිර්මාණයක් වන මෙය අදියර කිහිපයකින්, වසර ගණනාවක් පුරාවට ඉදිකෙරෙමින් පවතින්නට ඇතිබව පුරාවිද්‍යාඥයින් විශ්වාස කරනවා.


    bf1a0daa84a6a663aa9d6ceb3f943844.jpg


    62650-004-0E22EF00.jpg


    මෙම ඉදිකිරීම වටා කවාකාර යාර සීයක් පමණ විශ්කම්භයකින් යුත් අගලක් වේ. ගල් කුළුණ සිටුවා ඇත්තේ ඒ ඇතුළත, හතර බැගින් ළං ළංව සිටිනා සේය. එහි පිටත ගල්කණු පේලි දෙක වක්‍රාකාරය. අතුළත පේලිය අශ්වලාඩමක හැඩය ගනී. ඒ මැද ඇතතේ අඩි 16x4 ප්‍රමාණයෙන් යුත්, කිරිගරුඬ ගල් පුවරුවකි. එහි හැඩය අණ්ඩාකාරය. මෙය පුරාවිද්‍යාඥයින් හඳුන්වන්නේ අල්තාර ගල ලෙසිනි.

    බාහිර ගල් කුළුණු පෙළ අඩි 18ක් උසැතිය. එම යෝධ ගල්කුළුණු හිස්, එකිනෙකට යාකර ඇත්තේ ගල් පුවරුවලිනි. එම පුවරුවල හාරා ඇති රවුම් සිදුරු, කුලුණු හිස්වලින් නෙරා සිටින සේ කොටා ඇති කොටස්වලට මනාව වද්දා තිබේ. මෙම හරස් ගල්පුවරු සුළු වශයෙන් හෝ නොසෙල්වෙන ලෙස සම්බන්ධ කර ඇත. කිසිදු උපකරණයක සහාය නොමැතිව මේවා අඩි 12 ක් උසට එසවීමටත්, එක මට්ටමට නිවැරදිව තැබීමටත් සමත්වූවෝ කවුරුන්ද? මෙම ඉදිකිරීමෙහි ඇති උසම කුළුණු, අඩි 20ක් උසය. ඉන් දෙකක් අශ්වලාඩම මැද සිටුවා ඇත. ඒ මත අඩි 15ක් දිග හරස් ගල පුවරුවක් වේ. වසරකට වරක් යෙදෙන එක් දිනයකදී අල්තාර පුවරුවේ සිට රවුම් කුළුණු පේලි යුගලයෙහි කුළුණු හා බාහිර කුළුණ දෙක අතරින් එබී බලා, සුවිශාල ගල් පුවරුව මතින් සූර්යයා නැගෙන අයුරු දැකිය හැකිය.

    ස්ටෝන්හෙන්ජ් සිහිවටනය නිර්මාණය කරන්නට සිදුවූ නිවැරදිම හේතුව තවමත් හෙලිවී නැතත් සූර්යනිවෘත්ති මතයට අමතරව ස්ටෝන්හෙන්ජ් පිලිබඳව තවත් මතයන් තිබෙනවා. ඉන් එකක් නම් ස්ටෝන්හෙන්ජ් යනු නවශිලා යුගයේ හා ලෝකඩ යුගයේ බ්‍රිතාන්‍ය උසස් කුළවල ප්‍රභූන්ගේ භූමදාන ප්‍රදේශයක් වූ බවයි. එම ප්‍රදේශය අවටින් සියගණනක් මිනිස් අස්ථි හමුවී තිබේ. එමෙන්ම ස්ටෝන්හෙන්ජ් ස්මාරකය දක්ශ ආයුර්වේද වෛද්‍යවරුන් හා ලෙඩ සුවකරන්නන් විසූ ස්ථානයක් බවටද විශ්වාස කෙරෙන අතර මෙම ස්ථානයට ඉතා දුරබැහැර ප්‍රදේශවලින් විවිධ රෝගීන් පැමිණි බව අවට වළදමා ඇති මිනිස් ඇටසැකිලි පරීක්ශාවෙන් තහවුරුවී තිබෙනවා.


    සලකල යන්න.....:D