ස්ත්‍රීන්_සමග_යහන්ගත

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
ස්ත්‍රීන්_සමග_යහන්ගත

දෙසතියකට වරක් සියයකට අධික ස්ත්‍රීන් පිරිසක් සමග යහන්ගත විය හැකි පුරාණ කාල සටහන



_105492029_gettyimages-1061112226.jpg



සිය ස්ත්‍රීන් සමග යහන්ගත වීම සඳහා කාල සටහනක් විය

ඈත අතීතයේ සෑම පුරාණ ශිෂ්ටාචාරයක ම පාහේ බොහෝ වැදගත් දේ තීරණය වී ඇත්තේ ගණිත ශාස්ත්‍රය කේන්ද්‍ර කොටගෙනය. එය, සමුදුර තරණයට ගත වන කාලය සෙවීමේ පටන්, එදිනෙදා ජීවිතයේ සාමාන්‍ය වැඩ කටයුතු තීරණය කිරීම දක්වා විශාල පරාසයකට විහිදී තිබිණ. මානව ඉතිහාසය පිරික්සීමේදී ගණිත ශාස්ත්‍රයේ ආරම්භය හමුවන්නේ ඊජිප්තු, මෙසපොටේමියානු සහ ග්‍රීක ශිෂ්ටාචාර තුළය. මෙම ශිෂ්ටාචාර පරිහානියට පත් වෙමින් තිබියදී ගණිත ශාස්ත්‍රයේ ප්‍රගමනය සිදු වූයේ බටහිරය. එය එසේ වී නමුදු, ගණිතය උපයෝගී කර ගනිමින් අපරදිග ද විස්මිත ඵල නෙළා ඇත. චීන මහා ප්‍රාකාරය එක් නිදසුනකි. එවන් මහා ප්‍රාකාරයක් සැතපුම් දහස් ගණනක් ඈතට ඉදි වූයේ ද ගණිතය කේන්ද්‍ර කොට ගෙනය. එමෙන් ම චීන අධිරාජ්‍යයාගේ මාලිගාවේ සිදුවන බොහෝ දේ තීරණය වී තිබුණේ ද ඉලක්කම් පදනම් කරගෙනය.


අන්තඃපුරයේ ගණිතය



_105479242_gettyimages-629555131.jpg



ස්ත්‍රීන් සියලු දෙනාට ම යහන්ගත වීමට අවස්ථාවක් සැලසෙන පරිදි පුරාණ උපදේශකවරුන් විසින් එම කාලසටහන නිර්මාණය කරනු ලැබ තිබිණි.

චීන අධිරාජ්‍යයා විසින් ගනු ලබන තීරණවලට දින දර්ශනය සහ ග්‍රහ ලෝකවල ගමන විශාල බලපෑමක් කර තිබේ. ඔහු දිවා කාලය සහ රාත්‍රිය ගෙවිය යුතු ආකාරය පවා සැලසුම් කර ඇත්තේ ඒ අනුව ය. චීන අධිරාජ්‍යයාට සිය අන්තඃපුර ස්ත්‍රීන් සමග යහන්ගත වීම සඳහා ද කාල සටහනක් විය.
අන්තඃපුරයේ ස්ත්‍රීන් සියලු දෙනාට ම අධිරාජ්‍යයා සමග යහන්ගත වීමට අවස්ථාවක් සැලසෙන පරිදි පුරාණ උපදේශකවරුන් විසින් එම කාලසටහන නිර්මාණය කරනු ලැබ තිබිණි. එය පදනම් වී තිබුණේ, ගණිතයේ ඉගැන්වෙන ගුණෝත්තර ශ්‍රේණිය පදනම් කර ගනිමිනි. මෙම කාල සටහනට අනුව චීන අධිරාජ්‍යයා රාත්‍රී 15ක් ඇතුළත ස්ත්‍රීන් 121 දෙනෙකු සමග යහන්ගත විය යුතුය.


එය සිදුවිය යුත්තේ පහත දැක්වෙන පිළිවෙල අනුව ය.



_105476499_gettyimages-141867520.jpg



ලැයිස්තුවේ පහළට යද්දී ස්ත්‍රීන්ගේ සංඛ්‍යාව හැම විට ම තුන් ගුණයකින් වැඩි වේ


  • 1 - අධිරාජිණිය
  • 3 - අගමෙහෙසියන් තිදෙනෙකු
  • 9 - භාර්යාවන් නව දෙනෙකු
  • 27 - උප භාර්යාවන් 27 දෙනෙකු
  • 81 - වහල් ස්ත්‍රීන් 81 දෙනෙකු


අධිරාජිණියගෙන් ඇරඹෙන මෙම ලැයිස්තුවේ පහළට යද්දී ස්ත්‍රීන්ගේ සංඛ්‍යාව හැම විට ම තුන් ගුණයකින් වැඩි වේ. (ගුණෝත්තර ශ්‍රේණි ක්‍රමය.) මේ අනුව අන්තඃපුර ස්ත්‍රීන් සියලු දෙනා ම රාත්‍රී 15ක් තුළ අධිරාජ්‍යයා සමග යහන්ගත වනු ඇත. එය සිදුවන්නේ පහත සඳහන් පිළිවෙළට ය.


අධිරාජ්‍යයාගේ පුරුෂ ශක්තිය

පළමු රාත්‍රිය වෙන් වන්නේ අධිරාජිණිය වෙනුවෙනි. දෙවන රාත්‍රිය අග මෙහෙසියන් තිදෙනා වෙනුවෙන් වෙන් කර තිබේ. භාර්යාවන් 9 දෙනා තුන් වන රාත්‍රියේදී අධිරාජ්‍යයා සමග යහන්ගත වනු ඇත. උප භාර්යාවන් 27 දෙනා කණ්ඩායම් තුනකට බෙදී 4 වන 5 වන සහ 6 වන රාත්‍රිය අධිරාජ්‍යයා සමග ගත කරති. එක් රාත්‍රියකට භාර්යාවන් 9 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඇතුළත් වේ. අවසාන රාත්‍රී නවය ගත කරන්නේ වහල් ස්ත්‍රීන් සමගය. වහල් ස්ත්‍රීන් 81 දෙනා එක් කණ්ඩායමකට 9 දෙනෙකු බැගින් කණ්ඩායම් නවයකට බෙදෙනු ඇත.චීන අධිරාජ්‍යයාගේ පහළොස් රාත්‍රිය ගෙවී යන්නේ මේ ආකාරයට ය.
අධිරාජිණිය වෙනුවෙන් මාසයේ පසළොස්වක පොහෝ දිනයට ආසන්නතම රාත්‍රිය වෙන් කෙරෙන ආකාරයට මෙම වගුව සැකසෙනු ඇත. සඳ මුදුන් වන කාලයට පුරුෂ ශක්තිය ඉහළින් පවතිනු ඇති බවට පවතින විශ්වාසය මත එය නිර්ණය වී තිබේ. එහි අරමුණ වී ඇත්තේ, ඔටුන්න හිමි කුමරා හෝ කුමරිය අධිරජිණියගේ හෝ ඊට ආසන්නතම ශ්‍රේණියේ ස්ත්‍රියකගේ කුසින් උපද්දවා ගැනීමය. ගණිත ශාස්ත්‍රය කේන්ද්‍ර කොට ගනිමින් නිර්ණය වූයේ අධිරාජ්‍යයාගේ යහන්ගත වීම පමණක් නොවේ. අධිරාජ්‍යය පාලනය කෙරුණේ ද ගණිතය පදනම් වූ ක්‍රමවේද මගිනි.


සුබ සහ අසුබ අංක



_105492026_gettyimages-501337209.jpg



ඔත්තේ සංඛ්‍යා පුරුෂ ලිංගික ඉලක්කම් ලෙසත් ඉරට්ටේ සංඛ්‍යා ස්ත්‍රී ලිංගික ඉලක්කම් ලෙසත් ඔවුහු සැලකූහ.

විශාල ප්‍රදේශයක් පුරා ව්‍යාප්ත වෙමින් පැවති පුරාණ චීන අධිරාජ්‍යය පාලනය වූයේ දැඩි නීති රීති මධ්‍යයේය. බදු පැනවීමේ ක්‍රමවේදය සැකසී තිබුණේ ද දිග පළල, බර සහ මුදල වැනි ගණිතමය සාධක මතය. බටහිර රාජ්‍යයන් අනුගමනය කළ බදු ක්‍රමය චීන අධිරාජ්‍යයේ ක්‍රියාත්මක වූයේ ඊට වසර 1,000කට පමණ පෙර ය. බටහිරට එය පැමිණියේ 19 වන ශතවර්ෂය ආරම්භයේ දී ය. චීනයේ මුල් ම පාලකයා ලෙස සැලකෙන 'කහ අධිරාජ්‍යයාගේ' දේවතාවෙකු ක්‍රිස්තු පූර්ව 2800දී ගණිත ශාස්ත්‍රය මවා ඇති බව චීන ජනප්‍රවාදයේ පවතී. විශ්වයේ පැවැත්මට ඉලක්කම්වලින් සිදුකෙරෙන බලපෑම අතිමහත් බව ඔවුහු විශ්වාස කළහ. ඉලක්කම් සතුව අදෘශ්‍යමාන බලයක් පවතින බව චීන ජාතිකයෝ අදටත් විශ්වාස කරති. ඔත්තේ සංඛ්‍යා පුරුෂ ලිංගික ඉලක්කම් ලෙසත් ඉරට්ටේ සංඛ්‍යා ස්ත්‍රී ලිංගික ඉලක්කම් ලෙසත් ඔවුහු සලකති. කිසිදු කාර්යයකදී හතරේ ඉලක්කම යොදා නොගැනීමට චීන ජාතිකයෝ වග බලා ගනිති. එය අශුභ ඵල ගෙන දෙන බව ඔවුන්ගේ විශ්වාසය යි. අංක 8 අතිශය ශුභ ඵල ගෙන දෙන ඉලක්කමක් ලෙස චීන ජාතිකයෝ සලකති.

BBC News
 
Last edited:

Jim_Moriarty

Well-known member
  • Jan 28, 2019
    9,119
    14,199
    113
    යකෝ උට තියෙන සැප,වෙලාවකට එපවෙනවත් ඇති
     

    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    එක බිසවකට විනාඩි 20 ගානෙ දුන්නත් පැය තුනක් දවසට. රට පාලනය කරන්න වෙලාවක් නැතුව ඇති.
     

    Mewan_Rose

    Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    එක බිසවකට විනාඩි 20 ගානෙ දුන්නත් පැය තුනක් දවසට. රට පාලනය කරන්න වෙලාවක් නැතුව ඇති.

    එතකොට අනිත් උන්ට තමන්ට ඕන විදියට පාලනය කරන්න පුළුවන්නෙ.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    man raja unanam adirajniyai agamehesiyai arunama anith bisowarunta ganne Bisexual kello. ethkota eyalatath prashnayak nane:yes: