රුපියල් 5

ishan_s

Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    319385_273645442734965_1305607129_n.jpg


    සිංහල ටිකක් එහෙම දන්න ඇමරිකානුවෙක් ගියාලු ලංකාවේ දුෂ්කර ගමකට. එහෙදි පොරට ලංකාවෙ වයසක සීය කෙනෙක් හමු වුනාලු. ඉතින් මේ පොර ලඟ තියන ගැජට් දැකල ඒ වයසක උන්දැට හෙන පුදුමයි ලු.:rolleyes:



    දවසක් මේ ඇමරිකානුවා තමන්ගෙ ලොකුව පෙන්නන්නත් එක්ක මේ වයසක උන්දැට චැලේන්ජ් එකක් දුන්නලු...:frown:



    මං උඹෙන් සාමන්‍ය දැනීම ප්‍රශ්නයක් අහනවා උඹට උත්තර දෙන්න බැරි උනොත් මට රුපියල්5 ක් දීපන් උඹ අහන එක මට බැරි උනොත් උඹට මං රුපියල්500 ක් දෙනවා කියලා.:D

    වයසක උන්දැත් දෙසැරයක් කල්පනා කරන් නැතුව මේකට කැමති උනාලු..:yes:



    අමෙරිකානුවා :

    පෘථිවිය ඉදන් හඳට දුර කීයද?:rolleyes:



    වයසක උන්දැ කල්පනා කරල බැරිම තැන රුපියල්5 ක් අරං ඇමරිකන් පොරට දුන්නලු..ඇමරිකන් කාරය කින්ඩි හිනාවක් දැම්මලු..:oo:



    දැන් වයසක උන්දැගෙ වාරෙලු:P



    වයසක උන්දැ :

    කකුල් තුනෙන් කන්දක් නැගලා කකුල් හතරෙන් කන්ද බහින සතා කවුද?:rofl:



    ඇමෙරිකානුවා, තමන්ගෙ ලැප් එකෙන් නෙට් සර්ෆ් කරලා, යාළුවො එක්ක ප්‍රශ්නෙ ගැන චැට් කරල, පැයකට විතර පස්සෙ බැරිම තැන පර්ස් එකෙන් රුපියල්500 ක් අරං වයසක උන්දැට දුන්නලු..:D



    ඇමෙරිකානුවා :

    ඇත්තටම ඒ සතා මොකාද සීයෙ?:rolleyes:



    ඒක අහපු වයසක උන්දැ සාක්කුවෙන් රුපියල්5 ක් අරං ඇමරිකානුවට දුන්නලු.:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::D


    fb eken isuwe
     
    • Like
    Reactions: Mr.Truth