ස්ථුලතාවය අවම කරන ආහාර වට්ටෝරු

Kevita

Well-known member
  • Feb 18, 2017
    1,384
    972
    113
    ඇයි එන්නද...?
    ස්ථුලතාවය අවම කරන ආහාර වට්ටෝරු

    [FONT=&quot]ස්ථුලතාවය වූ කලි වෙනත් සියලුම රෝගවලට ඍජුවම[/FONT][FONT=&quot]බලපාන සාධකයකි. කිසියම් රෝගයක් සුව වී දැනෙන සතුටට වඩා සුවයක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පී‍්‍රතියක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ස්ථුලත්වය නැති කිරීමෙන් ඔබට ලැබෙනු ඇත. ඇතැම්විට කොපමණ ආහාර[/FONT][FONT=&quot]අඩු කළත් මහත් වෙන එක අඩු නොවන බව පවසමින් මැසිවිලි නැඟීම බාල මහළු තරුණ යන[/FONT][FONT=&quot]ඕනෑම වයස් කණ්ඩයකට පොදුය. ස්ථුලතාවය හිසරදයක් නම් ඒ පිළිබඳව සොයා බැලීම[/FONT][FONT=&quot]අතිශයින්ම වැදගත් නිසා අද ඔබ වෙනුවෙන්ම මේ ස්ථුලත්වය ගැන විශේෂ අවධානයක්[/FONT][FONT=&quot]යොමු කිරීම සිදු වේ.[/FONT]
    [FONT=&quot]ස්ථුලතාවය කියන්නේ කුමක්ද[/FONT][FONT=&quot]?[/FONT]
    [FONT=&quot]ආයුර්වේදයට අනුව ස්ථුලතාවය බොහෝ රෝග ඇති කරවන්නෙකි. රෝග ගණනාවකට තුඩු[/FONT][FONT=&quot]දෙන හේතු කාරකයෙක්ද වේ. බඩ ස්තන හා නිතඹ යන ශරීරාංග ඇවිදින විට ලෙලදෙන[/FONT][FONT=&quot]අයුරින් සැලෙයි නම් එය ස්ථුලත්වයේ බාහිරින් පෙනෙන ලක්ෂණයයි. උසට සරිලන බර[/FONT][FONT=&quot]සමාන නැති[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කොතරම් ක්‍රියාශීලීව වැඩ කළත් නිසිඵලක් ගැනීමට නොහැකි ලෙස[/FONT][FONT=&quot]ස්ථුලත්වය අර්ථ ගැන්විය හැකියි. ඔබගේ සිරුර මෙතරම් මාංශයෙන් පූර්ණව පවතී[/FONT][FONT=&quot]නම් ඔබ වඩාත් සැලකිලිමත් වීම වැදගත් බව සිතට ගන්න.[/FONT]
    [FONT=&quot]ස්ථුල වීමට බලපාන හේතු – ආහාර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]විහරණ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දීර්ඝකාලීනව ගන්නා ඖෂධ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ජානමය බලපෑම[/FONT]
    [FONT=&quot]ආහාර[/FONT]
    [FONT=&quot]ස්ථුලත්වය වැඩි කිරීමට අවශ්‍ය සංඝටක ලබාදෙන පිටි සහිත ආහාර ගැනීම බොහෝ[/FONT][FONT=&quot]සෙයින් අඩු කිරීම වඩාත් වැදගත්ය. සෙම වඩන ආහාර ගැනීම නිසාද සිරුර මහත් වීම[/FONT][FONT=&quot]ඇති වේ. රුධිර නාලවල තෙල් තැන්පත් වීම සිදුවන්නේ තෙල් අධික ආහාර ගැනීම හේතු[/FONT][FONT=&quot]කොට ගෙනයි. එසේම අධික පැණි රස සහිත ආහාර මෙන්ම කෘත්‍රිම ආහාර වර්ග ද ගැනීම[/FONT][FONT=&quot]නුසුදුසුයි. ක්ෂණික ආහාර හා රස කාරක යෙදූ ආහාර ගැනීම ද මේ ස්ථුලත්වය ඇති[/FONT][FONT=&quot]වීමට බලපානු ලැබේ. එසේම ස්වභාවික රස කාරක නොයෙදීම ද සිරුරේ මෙවැනිම තත්ත්ව[/FONT][FONT=&quot]ඇති වීමට බලපාන තවත් කරුණකි. පමණ දැන ආහාර ගැනීම හා එක් ආහාරයක් දිරවීමට[/FONT][FONT=&quot]පෙර නැවත ආහාරයක් ගැනීම නිසාද ස්ථුලතාවය උග්‍ර වනු ඇත.[/FONT]
    [FONT=&quot]ව්‍යායාමය අවම වීම[/FONT]
    [FONT=&quot]ව්‍යායාම නොකිරීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දිවා නින්ද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රාත්‍රී නිදි වැරීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වේග ධාරණය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එක දිගට[/FONT][FONT=&quot]රූපවාහිනිය නැරඹීමට හුරු වීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පරිගණකය හෝ වෙනත් වැඩකට එක දිගට වාඩි වී[/FONT][FONT=&quot]සිටීම ලැබෙන විවේකය නිසි පරිදි ගත නොකිරීම හා මානසික ආතතිය ද ස්ථුලත්වයට[/FONT][FONT=&quot]බලපායි.[/FONT]
    [FONT=&quot]දීර්ඝකාලීනව ඖෂධ ගැනීම[/FONT]
    [FONT=&quot]තයිරොයිඩ් ග්‍රන්ථිය ක්‍රියාකාරීත්වය අඩු වීම නිසා ගන්නා ඖෂධ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]උපත් පාලන[/FONT][FONT=&quot]පෙති ගැනීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අධික රුධිර පීඩනය නිසා ගන්නා ඖෂධ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කාන්තාවන්ගේ ඩිම්බ කෝෂවල[/FONT][FONT=&quot]ඇතිවන රෝග තත්ත්ව නිසාද අධික ස්ථුලත්වයට ලක්විය හැකියි.[/FONT]
    [FONT=&quot]මෙහිදී පංචකර්මයේ එන ශෝධන කර්ම (විරේක කිරීම) ද අත්‍යවශ්‍ය වුවත් එය[/FONT][FONT=&quot]නොකිරීම නිසාද සිරුර තුළ අනවශ්‍ය මේදය හෝ වෙනත් අපද්‍රව්‍ය තැන්පත් වීම මත[/FONT][FONT=&quot]මෙම තත්ත්වයට පත්විය හැකියි.[/FONT]
    [FONT=&quot]ස්ථුලතාවය අඩුකර ගන්නේ කොහොමද[/FONT][FONT=&quot]?[/FONT]
    [FONT=&quot]තෙල් සහිත ආහාර[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සෙම වඩන ආහාර වලින් වැළකීම. මෙහි ඇති ආහාරමය වටිනාකමයි.[/FONT][FONT=&quot]වරින් වර බිස්කට් කෑමෙන් වළකින්න. ක්ෂණික ආහාරවලට මුල්තැන දෙන මේ යුගයේ[/FONT][FONT=&quot]ආහාර මඟින් ප්‍රතිකර්මයක් ලබා ගැනීම ස්ථුලත්වය අඩු කර ගැනීමට මනා රුකුලකි.[/FONT][FONT=&quot]එබැවින් නිසි ආහාර වේල් ලබා ගැනීමහට වෛද්‍ය උපදෙස් ලබාගත යුතුයි.[/FONT]
    [FONT=&quot]හැකි සෑමවිටම මද උණු වතුර වීදුරුවක් පානය කරන්න.[/FONT]
    [FONT=&quot]ආහාර දිරවීම යථා තත්ත්වයට පත් කිරීම කළ යුතුයි.[/FONT]
    [FONT=&quot]සිරුරේ පවතින තෙල් කොටස් දියවීමට අභ්‍යන්තර ඖෂධ ලබා දෙයි. ඒ සමඟම පිටතින් ආලේපන ගල්වයි. මෙලෙස ආලේපන කරනුයේ විශේෂ ආකාරයටයි.[/FONT]
    [FONT=&quot]බර අඩු වීමට නම් මේ ආකාරයෙන් සති [/FONT][FONT=&quot]2 3[/FONT][FONT=&quot]ක් කළ යුතුයි. නේවාසිකව ප්‍රතිකාර[/FONT][FONT=&quot]ගැනීමට මින් පසු උනන්දු විය යුතුයි. නොඑසේ නම් ඉහත ප්‍රතිකර්මය දිගටම කරගෙන[/FONT][FONT=&quot]යා හැක්කේ රෝගය පවතින කම් පමණි[/FONT]
    [FONT=&quot]නේවාසිකව ප්‍රතිකාර[/FONT]
    [FONT=&quot]මෙහිදී වාෂ්ප ස්වේද සිදු කරයි. රූක්ෂ තෙල් හෝ චූර්ණ (කුඩු) වර්ග භාවිතා[/FONT][FONT=&quot]කර ඩහ ගැන්වීම සිදු කරයි. මෙහිදී සිදුවන්නේ අනවශ්‍ය මේද කොටස් ඉවත් කරයි.[/FONT][FONT=&quot]සිරුරේ විශේෂ ප්‍රතිකාරයක් ලෙස කුඩු හෝ තෙල් උඩු අතට ගැම සිදු කරයි. මෙය[/FONT][FONT=&quot]විශේෂ සම්භාහන ක්‍රමයකි. ඊට අමතරව තවදුරටත් විෂ කොටස් මෙහි රැඳී ඇත්නම්[/FONT][FONT=&quot]වස්තියක් සිදු කෙරේ. ගුද මාර්ගයෙන් ඖෂධ දමා මෙය සිදු කෙරේ. රෝග තත්ත්වය[/FONT][FONT=&quot]තවදුරටත් ඇත්නම් බර අඩු නොවේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අලස බව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නිදිමත ගතිය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මහන්සිය ඇති වේ.[/FONT]
    [FONT=&quot]ස්ථුලත්වයේ ලක්ෂණ[/FONT]
    [FONT=&quot]ක්‍රියාශීලි බවින් තොරවීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පොඩි දුරක් ගමන් කිරීමේදී ඇතිවන මහන්සි බව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අල්ප ආයුෂ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ලිංගික දුබලතාවය[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පෞරුෂත්වය හීන වීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ආකර්ශණය අඩු බව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සමේ පැහැය[/FONT][FONT=&quot]අඩු වීම[/FONT]
    [FONT=&quot]ඇතිවිය හැකි රෝග ලක්ෂණ[/FONT]
    [FONT=&quot]හෘද රෝග[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දියවැඩියාව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]රුධිරගත කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අක්මා රෝග[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වකුගඩු රෝග[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මොළයේ ලේ කැටි හිරවීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නහර ගැට ගැසීම[/FONT]
    [FONT=&quot]ජීවන රටාවේ වෙනස්කම්[/FONT]
    [FONT=&quot]නිසි ආහාර රටාවකට යොමුවීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කෘතිම රසකාරක[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තෙල් සහිත ආහාර නොගැනීම[/FONT][FONT=&quot], Fast Food [/FONT][FONT=&quot]නොගෙන සිටීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පැණි බීම නොගෙන සිටීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]උෂ්ණාධික ආහාර නොගනීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වේග[/FONT][FONT=&quot]ධාරණයෙන් මිදීම[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]මානසික ව්‍යායාම (භාවනා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]යෝග)[/FONT]
    [FONT=&quot]ස්ථුලතාවයෙන් සිටින රෝගීන් සඳහා ආහාර වට්ටෝරුව[/FONT]
    [FONT=&quot]උදෑසන පානය කිරිමට – (පෙ.ව [/FONT][FONT=&quot]5.30[/FONT][FONT=&quot]ට පමණ) – කොළ කැඳ වීදුරුවක් (හීන්[/FONT][FONT=&quot]බෝවිටියා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]යකිනාරං[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කරපිංචා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පිටවක්කා විශේෂයි) හෝ පලතුරු යුෂ වීදුරුවක්[/FONT][FONT=&quot] ([/FONT][FONT=&quot]කොමඩු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගස්ලබු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දොඩම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ලෙමන් විශේෂයි.)[/FONT]
    [FONT=&quot]උදෑසන ආහාරවේල පෙ.ව. [/FONT][FONT=&quot]7.00 [/FONT][FONT=&quot]පමණ – තැම්බු කඩල/රතු කවුපි/කොල්ලු යන එක්[/FONT][FONT=&quot]වර්ගයකින් පීරිසියක් හෝ කුරක්කන් ඉඳිආප්ප [/FONT][FONT=&quot]5[/FONT][FONT=&quot]ක් හෝ රොටී මධ්‍යම ප්‍රමාණයේ[/FONT][FONT=&quot] 2[/FONT][FONT=&quot]ක්. මේවා සමඟ මාළු හෝ එළවළු හෝ සම්බෝලයක් ගත හැකියි.[/FONT]
    [FONT=&quot]පෙ.ව. [/FONT][FONT=&quot]10.00 [/FONT][FONT=&quot]පමණ – බෙලි කොළ තේ කෝප්පයක් හෝ ඉහතින් සඳහන් පලතුරු යුෂ වීදුරුවක්[/FONT]
    [FONT=&quot]දිවා ආහාරය ප.ව. [/FONT][FONT=&quot]12.30[/FONT][FONT=&quot]ට පමණ – තැම්බූ නිවුඩු හාල් බත් පීරිසි [/FONT][FONT=&quot]1 -2 [/FONT][FONT=&quot]දක්වා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එළවළු [/FONT][FONT=&quot]2[/FONT][FONT=&quot]ක් පලා වර්ගයක් (වැඩිපුර) මාළු[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වියළි කරවල වැනි දේ සමඟ[/FONT][FONT=&quot]අතුරුපස ලෙස පලතුරු සලාදයක් (වැඩිපුර)[/FONT]
    [FONT=&quot]සවස [/FONT][FONT=&quot]3.00[/FONT][FONT=&quot]ට පමණ – බාර්ලි තැම්බූ වතුර වීදුරුවක්[/FONT]
    [FONT=&quot]රාත්‍රී ආහාර වේල ප.ව. [/FONT][FONT=&quot]8.00[/FONT][FONT=&quot]ට පමණ – තැම්බූ එළවළු වැඩි ප්‍රමාණයක් හා[/FONT][FONT=&quot]සුප් වර්ග ආහාරයට එකතු කර ගත හැකියි. උදෑසන ආහාර වේලට ප්‍රමාණයෙන් මදක්[/FONT][FONT=&quot]අඩුව නම් වඩාත් යෝග්‍යයි.[/FONT]



    දිනමිණ පුවත්පත