ස්නෝඩ්න්ට රැකවරණ දුන් ලාංකිකයන් පසුපස CID ප
ලෝකප්‍රකට අමෙරිකානු ඔත්තු නිලධාරියෙකු වන එඩ්වඩ් ස්නෝඩ්න් හට හොංකොං හිදී රැකවරණය දුන් ශ්‍රී ලාංකිකයින් පිටුපස මෙරට ආරක්ෂක අංශ ලූහුබඳින බවට පළ වන වාර්තාවල කිසිදු සත්‍යතාවක් නැතැයි පොලිසිය පවසනවා.
බී.බී.සී. ලෝක සේවය වාර්තා කර තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හොංකොං වෙත පැමිණ ඔවුන් පිළිබඳ තොරතුරු සොයා ඇති බවට සැක කරන බවයි.
එම නිලධාරීන් ඉකුත් දෙසැම්බර් මාසයේ හොංකොං වෙත පැමිණ ඇති බවද එහි සඳහන්.නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් විමසීමක් කළා.එහි ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සදහන් කළේ එවැනි කිසිදු පරීක්ෂණයක් සිදුනොවන බවයි.මේ සම්බන්ධයෙන් පළ වූ වාර්තා සම්පූර්ණයෙන් අසත්‍ය බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියා සිටියා.
එඩ්වඩ් ස්නෝඩ්න් යනු අමෙරිකාවේ බුද්ධි අංශ රහස් තොරතුරු ලොවට හෙළි කිරීම හේතුවෙන් දැඩි ලෙස කතාබහට ලක්වූ චරිතයක්.
අමෙරිකාවේ ජාතික ආරක්ෂක ඒජන්සිය සතු ලිපි ගොනු දහස් ගණනක් ඔහු ලොවට අනාවරණ කළා.
පසුව 2013දී ස්නෝඩ්න් අමෙරිකාවෙන් පලාගොස් හොංකොංහි සැඟ වී සිටියා.එම කාලය තුළ ඔහුට අවශ්‍ය නවාතැන් සහ ආහාර ලබා දී ඇත්තේ මෙම ශ්‍රී ලාංකිකයින් දෙදෙනායි.ඔවුන් දෙදෙනා ද සරණාගතයින් බවයි විදෙස් මාධ්‍යයන් හි දැක්වෙන්නේ.
NETHFM/ejinsight HK